IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නීතිඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩිපුර අමාත්‍යවරුන් පත් කිරීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට මාර්තු15 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) නියෝග කළේය.

මේ සම්බන්ධ හැන්සාඞ් වාර්තා 8ක් ඉදිරිපත් කිරීමටද අධිකරණයෙන් අවසර ලැබිණි. ඊවා වනසුන්දර, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳැවිණි.

හඳපාන්ගොඩ නීතීඥ අරුණ ලක්සිරි මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

ජනාධිපති ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා හැටියට පත්වී ඇති නමුත් විධිමත් ලෙස ජාතික ආණ්ඩුව ස්ථාපිත වී නොමැති බව පෙත්සම්කරු කියා සිටී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46.1(අ) වගන්තිය අනුව ජාතික ආණුඩවක අමාත්‍ය මණ්ඩලයක සිටිය යුතු අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු බව දැක්වේ.

නමුත් ඊට පටහැනිව අමාත්‍යවරුන් පත් කර ඇතැයිද එයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරු කියා සිටී. මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ව්‍යවස්ථාවට පටහැනිව අමාත්‍යවරුන් පත්කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ,ජනාධිපති තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද සිය පෙත්සමින් ඉල්ලා සිටී.

පෙත්සම්කරුම සිය පෙත්සම වෙනුවෙන්ම පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සමඟ නියෝජය සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

නීතිඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි

දිලුම් Wednesday, 18 November 2015 03:26 AM

කපිලට හරි අමාරුයි වගේ. කෙසේ වෙතත් මෙම නීතිඥමහතාට මාගේ ප්‍රණාමය. ඔබ වැනි එඩිතර මිනිසුන් දැන් මේ රටට ඉතා අවශ්‍යයි. මිනිසුන් රටේ පාලකයනගේ අඩුපාඩු වලට එරෙහිව නැගී සිටීනම් ඔවුන්ගේ වැරදි බොහෝමයක් පාලනය කල හැකි. (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 November 2015 04:13 PM

කපිල, මොකද කලබලවෙලා? (නි)

:       0       0

ලංකා Wednesday, 18 November 2015 03:57 AM

තවමත් ලංකාවේ වහල්ලු ටිකක් ඉන්නවා වගේ ගැතිකන් කරන (බ)

:       0       0

ගිහාන් Tuesday, 17 November 2015 04:23 PM

මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

සුමාල් පෙරේරා Tuesday, 17 November 2015 05:47 PM

කපිල මහත්මාගේ අදහස වැරදියි. මහින්ද ජනපති ඉන්න කාලේ ජාතික ආණ්ඩුවක් තිබුනේ නැහැ. ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක අමාත්‍ය සංඛ්‍යාව 30 ට වැඩිකරන්න නීති ප්‍රතිපාදන නැති නිසයි මේ නඩුව. (නි)

:       0       0

කපිල Tuesday, 17 November 2015 12:47 PM

හිටපු ජනාධිපතිගෙ කාලෙ එතුමා කොහෙද හිටියෙ? මේ රටේ නීතිය, නිදහස දැන් තිබෙනවා කියලා ඔප්පු වෙන්න මේ වගේ දේවල්ම හොඳටම ඇති. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 17 November 2015 06:08 PM

කොන්ද පණ ඇති තවත් එක ශ්‍රී ලාංකිකයෙක්. ඔබට ජය පතමි! (නි)

:       0       0

දම්මි Tuesday, 17 November 2015 12:59 PM

නීතිය සහ නිදහසෙහි තත්ත්වය මේ තීන්දුවෙන් බලාගන්න පුලුවන් අපිට (නි)

:       0       0

නිශාන්ත Tuesday, 17 November 2015 12:57 PM

කපිල, මිනිස්සු ඡන්දය දුන්නේ යහපාලනයට. එහෙම නැතුව එදා දේවල් කරන්න නෙමෙයි (නි)

:       0       0

සඳරුවන් Tuesday, 17 November 2015 01:02 PM

රටේ නීතිය, නිදහස තිබෙන බව දැන්නම් හොඳටම ඔප්පුවෙනවා (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 18 November 2015 04:49 AM

මේකත් හරියට අර බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා සපත්තු දෙක ගන්න තනියෙන් කඩේ ගියා වගේ තමයි. මේවටත් හුරේ දාන කට්ටියක් ඉන්නවනේ .. (ස)

:       0       0

රවි බණ්ඩාර Tuesday, 17 November 2015 11:37 PM

කපිල, හිටපු ජනාධිපතිගෙ කාලයේ ව්‍යවස්ථාවෙ ඇමතිවරු ගණනෙහි සීමාවක් දක්වා තිබුණෙ නැහැ. ඇමතිවරු ගණන අඩුකරනවා කියලත් ඡන්ද කාලෙ වර්තමාන ආණ්ඩුව කිව්වනෙ. ඒ අනුව ව්‍යවස්ථාවත් වෙනස් කළානෙ. දැන් ඉතින් නීතියේ විදියට කරන්න ඕනෑ. (නි)

:       0       0

රතන Tuesday, 17 November 2015 01:10 PM

කපිල නීතිය කාටත් පොදුයි නේද? ඇයි එහෙනම් බය නීතිය කියනදෙය ජනපතිතුමාටත් පොඩි මිනිසාටත් එක සමානව තිබිය යුතුයි නේද (බ)

:       0       0

දහම් Tuesday, 17 November 2015 01:29 PM

මට නම් මේ ආණ්ඩුව තිබුණ ආණ්ඩුවට වඩා ගොඩක් නරකයි. රටට කරන කිසිම යහපතක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 17 November 2015 01:29 PM

මොනවා වුණත් මගෙ නම් ඡන්දය ආයෙත් දෙන්නෙ නැහැ (නි)

:       0       0

සහන් Tuesday, 17 November 2015 01:42 PM

මේ නිතිඥයා සිරිසේන මහතාට විරුද්දව නඩුව දාපු නිසා හොදයි ,ඉස්සර කාලේ දැම්ම නම් එතුමා අද හදේ (අ)

:       0       0

බාලසූරිය Wednesday, 18 November 2015 12:58 AM

ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

සුරංග Tuesday, 17 November 2015 01:46 PM

එඩිතර මිනිසෙක්. (අ)

:       0       0

පතිරණ Tuesday, 17 November 2015 02:01 PM

කපිල, ඒක නිසා තමයි ආණ්ඩුව වෙනස්කළේ ජනතාව. දැන් හිතෙනවා තිබුන ආණ්ඩුව කොයිතරම් හොඳද කියලා (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 17 November 2015 02:25 PM

මෙන්න මහත්තුරුනේ යහපාලනය බලාගන්න.ඕනෑම පුරවැසියෙක් නීතියට යටත් විය යුතුය, මහින්ද සහ මෛත්‍රීගේ වෙනස (බ)

:       0       0

රෝහණ Wednesday, 18 November 2015 02:24 AM

සහන්, ඔබ හරි. දැන් හැමෝටම තමන් කැමති විදියට කැමති දෙයක් කරන්න නිදහස තිබෙනවා. ඉස්සර මේ අය මේ වගේ කරයිද? (නි)

:       0       0

අජිත් Wednesday, 18 November 2015 02:51 AM

රවී බණ්ඩාර හරි. (නි)

:       0       0

සම්පත් Wednesday, 18 November 2015 03:16 AM

අපිට මේවා තේරෙන්නේ නැහැනේ. ඉතින් ඒකට මොකද කරන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 12:20 PM

මේ නීතිඥ මහතාගේ සහයෝගයට එයාගේ හිතවතුන් නම් කවුරුත් නැති හැඩයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 207 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1670 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2089 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5654 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1639 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6139 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18041 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site