IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නීතීඥවරු පොලිසියට දොස් කියති

‘මම උසාවිය මගින් සාක්කිකරුට ප්‍රශ්න යොමු  කරනවිට පොලිසිය කොඳුර කොඳුරා   සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වනවා. මෙම පොලිස් නිලධාරියා ඉතාම කැත විදියට හැසිරෙන්නේ‘ යැයි පානීය ජලය ඉල්ලා  රතුපස්වල ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක යෙදුනු අවස්ථාවේ ඇතිවූ තත්ත්වයන් මත සිදුවූ වෙඩි තැබීමකින්  තරුණයන් තිදෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ඉදිරියේ අද (17) පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ උපුල් දේශප්‍රිය මහතා කීය. .

නීතිඥ උපුල් දේශප්‍රිය මහතා එසේ කීවේ   කොළඹ අපරාධ කොට්ඨාසයේ   ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර චතුරංග මහතා සාක්කි දෙමින් සිටියදීය.

‘මේ සාක්කිකරුගෙන් ප්‍රශ්න අහන විදිය බැලූවිට පෙනී යන්නේ සාක්කි මෙහෙයවන පොලිස් නිලධාරීන් සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වන අන්දමයි.‘ යනුවෙන් නීතීඥවරයා කීවේය.

  ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා මහතා තමන් එසේ කළේ නැතැයිද තමන්ට සාක්කිකරුවන්ට කිසි දෙයක් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නැතැයිද කීය.

   මේ අවස්ථාවේදී  පොලිස් නිලධාරීන් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර වෙනත් නඩු සදහා පෙනී සිටීමේ අරමුණෙන් නිතීඥ මේසයේ අසුන් ගෙන සිටි නීතිඥවරු කිහිප දෙනෙකුද නැගිට පොලිස් නිලධාරීන්ගේ හැසිරීම පිළිබදව සිය විරුද්ධවය හා අප්‍රසාදය පල කළහ.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම නිහ`ඩවන ලෙස දැනුම් දුන්නේය.

මෙම සිදධියේදී කදුළු ගෑස් උණ්ඩ 94 ක් ද, කඳුළු බෝම්බ 13 ක්ද එල්ල කළ බව  කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර චතුරංග මහතා සාක්කි දෙමින් කීය.

මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. සමන් බණ්ඩාර මගලේගොඩ සාක්කි දෙමින්  යුද හමුදා බ්‍රිගේඩියර්වරයා නිලධාරීන්ද සමග උද්ඝෝෂකයන් අතරට ගිය පසු විශාල හූ හඩක් ද සමග ගල්, පොලූ, බෝතල් ප්‍රහාරයක් එල්ලවු බවත්  ඉන් ටිකකට පසු වෙඩි හඩවල් ඇහෙන්න පටන් ගත්තේ යැයිද  ඒ අවස්ථාවේදී උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කදුළු  ගෑස් ප්‍රහාර එල්ල කරන ලදැයි කීය.     

හාර දහසක් පමණ උද්ඝෝෂකයින්ගේ පිටුපසින්ම සිටි පිරිස බීමතින් සිටි බව මා හදුනා ගත්තත් වැලිවේරිය නගරයේ තිබූ විදුලි ලාම්පුවලට හා වයර්වලට සිදුවුනේ කුමක්ද කියා නොදන්නා බවත් වැලිවේරිය නගරයට විදුලි ආලෝකය තිබුණාද කියා තමාට මතකයක් තැනි බවද ප්‍රධාන පොලිස් පරීකෂක මගලේගොඩ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ජයලත් හේවා පතිරණලාගේ සුජීව සම්පත් කුමාර මහතා ද සාක්කි දුන් නේය.

වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝබර 9 වැනි දින දක්වා කල් තැබිණි. සාක්කි ඉදිරිපත් කිඍීමෙන් හා ස්ව කැමත්තෙන් සාක්කි දීමට ඉදිරිපත් වන අයගේ සාක්කි සටහන් කර ගැනීමෙන් පසු වෙනත් සාක්කිකරුවන්ගේ සාක්කි ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් පමණක් සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.

 පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, පොලිස් පරීක්ෂක කෝරළේ මහත්වරුන් සමග සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා පෙනී සිටියේය.

අතෘප්තියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ හේමමාලි පෙරේරා හා පද්මා අමරතුංග මහත්මීන් සමග නීතිඥ උපුල් දේශපි්‍රය මහතා පෙනී සිටියේය.



අදහස් (0)

නීතීඥවරු පොලිසියට දොස් කියති

ලින්ටන් Wednesday, 18 September 2013 10:21 AM

බන්දුල පෙරේරා මහතා වැඩ කරන්නේ ආරක්ෂක අංශ වලට අනුයුක්තව කියලා මම කලිනුත් කියලා තියනවා. ඒකයි මේ මහත්තයා දුප්පත් අගතියට පත් පාර්ශව වෙනුවෙන් කතා නොකරන්නේ! (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 18 September 2013 10:23 AM

වරුණ, කොහොමද උරුලෑවා? සනීපෙන්ද? මේ දවස්වල නම් වරුණගේ මොලේ හොඳට පෙගිලා ඇති නොවැ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 September 2013 09:57 PM

රුපියල් තුන් හාරසීයටත් මරා ගන්න අහිංසකයින්ගේ රීරි මාන්සේම නඩු වලින් හුරලා ගන්න කළු කොට් සංගමේ සත්ව කරුණාව දෝර ගලා පීටාර යනවා. සරත් පොන්සේකාගේ නඩු තීන්දුවේදී උසාවියේ පුටු පොළොවේ ගහලා මේස උඩ නැගලා යකා නටපු මෙයාලා අනෙක් අයගේ හැසිරීම් විවේචනය කරන්නේ කොහොමද? රජයට විරුද්දනම් මෙයාලා ප්‍රබාකරන්ගේ නඩුවකට උනත් ප්‍රබාකරන්ගේ පැත්තට පෙනී ඉදිවී නොමිලේම.(නදී)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 11:26 AM

අන්න හරි ලින්ටන් බන්දුල පෙරේරලා ,බණ්ඩාරලා වගේ අපතයෝ,එහෙයියෝ මෙ රටේ ඉන්නකම් ඔක්කොටම දෙයියන්ගේම පිහිට තමා. (ස)

:       0       0

කුමුදිනි පෙරේරා Wednesday, 18 September 2013 11:45 AM

මේ බන්දුල කියන දේවලට උත්තර නොදී ඊට වඩා වැදගත් තමන්ගෙ මතය කියන එක.නැතිනම් අපිත් මානසික අමාරු කාරයො ගනයට වැටෙනවා. හුඟක් දුරට අවනීතිය හරි කතා කරලා ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක්.එයා අනිත් අයවත් ඒ තැනට ඇඳගෙන යන්න හදනවා.ඒ පස්සෙ යනවද නැද්ද ඔබලා තීරණය කරන්න. (ස)

:       0       0

අචිනි Wednesday, 18 September 2013 11:57 AM

මේකත් ඉතින් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කියල නිම වෙයි.(නදී)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 September 2013 11:59 AM

ඉතින් ඔය විදියට අපිට පොලිසිය සතේකට විස්වාස කරන්න බැහැනේ. (ස)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 18 September 2013 12:01 PM

බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්.උපතින්ම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක්.මේ මනුස්සයා ඇත්ත බොරුව කරලා, අසාධාරණය සාධාරණය කරනවට සහ සපත්තු ලෙව කනවට මාසේ අන්තිමට හොඳ වැටුපක් ලැබෙනවා.ඒ විතරක් නෙමෙයි සති අන්තයේ ඩවුන් සවුත් වල හොඳ හොටෙල් එකකින් කන්න බොන්නත් ලැබෙනවා.ඔය ඔක්කොම ලැබෙන්නේ මහජන මුලින්ම නිසා ප්‍රශ්නයක් නැහැ.ඔයිට වඩා හොඳ නැද්ද කොලයක් අලලා මහා පාරේ හිඟා කෑවා නම්.ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද. (ස)

:       0       0

මරදා Wednesday, 18 September 2013 12:04 PM

බංදුවෝ උඹ පහුගිය ආණ්ඩුව කාලෙ කතාකලේ ඒ පැත්තට නේ. දැන් මේ පැත්තට පැනල වගේ. උඹ නම් මාර ගෙම්ඹෙක්. (නදී) .

:       0       0

සරීන් Wednesday, 18 September 2013 06:10 PM

ඔය දෙගොල්ලොම එකයි. මිනිස්සුන්ව හූරාගෙන කනවා. (නි)

:       0       0

සත්‍යා Wednesday, 18 September 2013 01:02 AM

තව ඒක හරි කියලත් කියනවනේ? (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 18 September 2013 12:47 PM

මගේ උපන් භූමිය ගම්පහය . මට ලැබෙන ආරංචි අනුව බොහෝ දෙනෙක් කියන්නේ මෙම රතුපස්වල සිද්ධිය මුල් කරගෙන සමහර ජරාපත්වූ බංකොලොත් වූ දේශපාලන පක්ෂයක් පසු පස සිටි වගය . ඔවුන් පැමිණ ඇත්තේද . මිනිස් ජිවිත බිල්ලට දී තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනිමටය . මොවුන් 1971 දශකයේත් අහිංසක මිනිස් ජිවිත නැති කරපු කොටසක්ලු. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 12:49 PM

"මට දක්‌නට ලැබුණා යම් කලහකාරි පිරිසක්‌ විශාල ඝෝෂාවක්‌ කරමින් පොලිස්‌ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන්ට ගල් සහ බෝතල්වලින් ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් එල්ල කළ යම් ද්‍රව්‍යයක්‌ හේතුවෙන් ඒවා පොළොව මත පතිත වී ගිනි ගැනීම්ද සිදු වුණා. මා ඉදිරියට ගොස්‌ කලහකාරි ලෙස හැසිරෙන අයවලුන්ට ජල ප්‍රහාරයක්‌ එල්ල කළා". .........මහත්තුරුනේ මේ තියෙන්නෙත් සාක්කි තමයි..කළු කෝට්කාරයෝ හදවපු රූකඩ සාක්කි නෙමෙයි ..අපිත් මාධ්‍ය වල දැක්ක සත්‍යය එළිපිටම පේන සාක්කි.. වෙඩි නොතියා තුවක්කු දාලා දුවන්නද කියන්නේ.. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 04:36 AM

හාරදහසක් සෙනග හිටපු තැන පිටිපස්සෙම හිටපු අය බීල හිටිය එක අදුන ගත්තලු. සෙනග හාරදහසක් කියන්නේ අඩුම තරමේ කිලෝමීටර බාගයක් දුර කියල ගත්තත් මේ මහත්තයට පුදුම ඇස් දෙකක්නේ තිබිලි තියෙන්නේ. කරුමේ කියන්නේ මෙච්චර හොඳ ඇස් දෙකක් තිබිලත් හමුදාව ගහපු වෙඩි තියපු කුණුහරුපෙන් බැනපුවා කව්රුවත් දැකලත් නැහැ ඇහිලත් නැහැ. මාරම මාරයි නේද ?(නදී)

:       0       0

චාන් Wednesday, 18 September 2013 05:50 AM

මුදලට කන්ද කෙන්ද කරලා කෙන්ද කන්ද කරන පෙරකදෝරුවෝ.(නදී)

:       0       0

සද පහන් Wednesday, 18 September 2013 01:23 PM

සේරම් පැරිස්, අනේ සේරම් මහත්තයෝ ඔය මහත්තයා ගම්පහ වෙන්න ඇති. ඒත් පැරිස් ඉදන් නෙවෙයි පුලුවන්නම් ඇත්තටම රතුපස්වලට ගිහින් ඇත්ත දැනගෙනම කතා කරනවානම් තමා හොද ? තුවාලේ වේදනාව දැනෙන්නේ තුවාලේ තියන අයට විතරයි මහත්තයෝ. පැරිස් වලවත්, සෞදි වලවත් ඉදන් ප්‍රතිචාර දාන අයට නෙවෙයි. ඒ ගමේ ඉන්න එදා වේල හොයන්න මහන්සි වෙන අහිංසකයන්ට ඉන්ටෙර්නෙට් නෑ, ඔයාල මේ දමන අසාදාරන අදහස් වලට උත්තර දෙන්න.(නදී)

:       0       0

රනිල් Wednesday, 18 September 2013 07:00 AM

පෙරකදෝරුවෝ නඩු කතා කරන්නේ නැහැ. (නදී)

:       0       0

සද පහන් Wednesday, 18 September 2013 01:36 PM

හොඳ හොඳමමයි කවුරු කෙරුවත් .. හොඳ දැකීමෙන් සතුටු වේවා ... වරද වරදයි කාට වුවත් .. සියලු දන නෙත් කන් ඇරේවා.. භෞතිකකව දියුණුව වගේමත්.. අපේ සරු දම් සුරැකි වේවා.. මිනිස්කම ළඟ පාට , පක්ෂය .. පයෙහි දුහුවිල්ලක්ම වේවා.. (නදී)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 07:52 AM

ඕවා පොලිසියේ අතේ රෝල් පොලිසිය ගොරක දඩමස් කරන්න හරි දස්සයි නේ?දැක්කනේ ඊයේ පෙරේදා අතුරුගිරිය පොලිසියට භාර දීල තිබුණු හෙරොයි ග්‍රෑම් 700 රස පරීක්ෂක ගාවට යනකොට පාන්පිටි වෙලා තිබුන හැටි?(අ)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 18 September 2013 08:49 AM

නිතිඥ උපුල් දේශප්‍රිය මහතා ඉතා දක්ෂ ලෙස අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම ගැන අගය කළයුතුයි. (නි)

:       0       0

අමිළ කටුනායක Wednesday, 18 September 2013 09:19 AM

උසාවියට අපහාස කළා කියලා කූඩුවට දාන්න තිබුනේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 18 September 2013 02:42 PM

සේරම් මහතයෝ, පැරිසියේ උද්ඝෝෂණය කරන මිනිස්සුන්වත් හමුදාවෙන් වෙඩි තියලා මරනවද ? මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් පහර දෙනවද ? ඔබතුමා එම ක්‍රියාව සාධාරණිකරණය කරනවද? ඔය නරකයි කියලා කියන දේසපාලන පක්ෂය සමඟ එකතුවෙලා තමයි අපේ ජනාධිපතිතුමා බලයට ආවේ. (ස)

:       0       0

උපාලි Wednesday, 18 September 2013 09:25 AM

පැමිණිල්ලෙන් දෙන සාක්කිය කොහොමත් පොලිස් පොතේ ලියවිලානේ තියෙන්නේ. පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා ඒක බලාගෙනනේ සාක්කි මෙයෙහවන්නේ. සාක්කිරු එන්නෙත් තමන් දුන් මුලික කට උත්තරය හොඳට බලලයි. ඉතින් මෙතැනදී පැමිණිල්ල මෙහෙයවන නිලධාරියට සාක්කි දෙන හැටි තමන්ගේ සාක්කිකාර පොලිස් නිලධාරියාට කියාදෙන්න තිබුන උවමනාව මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. අනික, විනිසුරුතුමා ඉදිරිපිට ඒකට ඉඩකුත් නැහැනේ. මේක වෙන පටලැවිල්ලක් වෙන්න ඇති. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 02:48 PM

ඩුබායි තිලක් මහත්තයා අර අසත්‍යයි පුංචි ටිකිරියි එක්ක උතුරට පා කරවපු වැලිවේරියෙන් අතුරුදන් වුනු අයගේ මිනී ගැන කවුරුවත් සාක්කි දෙන්නේ නැහැනේ..මොකද තිලක් මහත්තයෝ එහෙම දෙයක් වෙලා නැද්ද..ඔබතුමා ඩුබයි ඉඳන් ඇහින් දැක්කා වගේ කියලා තිබුනේ..ඔය වගේ චේතියලගේ සාක්කි තමයි පහුගිය දවස් වල ඔය කළු කෝට් කාරයෝ තියාගෙන පට්ට ගැහුවේ..ඔබතුමා වගේ චෙතියලට ඕන ඕන හැටියට මේක පාළු ගෙදරක් කරගෙන වලන් බිදින්න බැරි වෙනකොට අපි ගැන හරියට තරහ යනවා නේද..? (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 18 September 2013 10:00 AM

බන්දුල, ඔයාගේ රැකියාව මොකක්ද කියලා කියනවද? ඔය වැටුප් නොගෙනද වැඩ කරන්නේ? නිදිමරාගෙන අවුරුදු ගානක් පාඩම් කරලා ඊට පස්සේ නීතිඥයෙක් ගාව කටුකාලා නීතිඥ කෙනෙක් වුණාට පස්සේ එයා සපයන සේවයට වටිනාකම ගෙවන්න ඕනෑ. (නි)

:       0       0

සේරම් Wednesday, 18 September 2013 03:45 PM

ඔය කලු කෝට් කාරයෝ කියල පතුරු ඇරියට ඕන කෙනෙක් නීතියේ පිළිසරණ පතන කොට එයාලව බුදු මහත්තුරු වෙනවා අපි නොදන්නා ලංකාව.(නදී)

:       0       0

චන්ද්‍ර කුමාර Wednesday, 18 September 2013 10:02 AM

පොලිසිය කියන්නේ රාජකාරියක් කරන පිරිසක්.නිතිඥ මහත්වරු කියන්නේ මුදලට ඕනෑම වරදකරුවෙක් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් (නි)

:       0       0

නිශාන් Wednesday, 18 September 2013 10:07 PM

එතකොට නඩුකාර තුමා කොහෙද හිටියේ ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 998 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6151 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3434 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 292 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1485 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28515 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site