(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බව නීතීඥ සංගමය කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා හමුවී දැනුම් දුන්නේය.
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජියෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවී මෙම දැනුම් දීම කළහ.
දැනට සේවයේ නිරත විනිසුරුවරයන් නම් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කිරීම දක්නට ලැබුණු බවත් මෙවැනි තත්ත්වයක් ඇති වීම කනගාටුවක් බවත් නීතිඥ සංගමය කතානායකවරයාට පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවෙි විනිසුරුවරුන් ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට තමා නිරතුරුව පෙනී සිටින බවයි. මේ සම්බන්ධව ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරන බවද කථානායකවරයා පැවසීය.
නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි, භාණ්ඩාගාරික නීතිඥ චමත් ජයසේකර, සහකාර ලේකම් නීතිඥ මෙහෙරාන් කරීම් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නීතීඥ සංගමයෙන් කතානායකට පැමිණිල්ලක්
මොට්ටපාල Tuesday, 12 September 2023 06:11 PM
ඔය ඉල්ලීම ගැන ජනමතය විමසා බලන්න හැකි නම් හොඳයි...