IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නීතිඥ සංගමය ඉහළ බලපෑම් හෙළා දකියි

අධිකරණ සේවා කොමිසමට රජයේ ඉහළ තැන්වලින් එල්ල වෙතියි කියන බලපෑම් ද රජයට සම්බන්ධ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් අධිකණ  තීරණ විවේචනයට ලක් කිරීම ද හෙළා දකින බවට ලංකා නීතිඥ සංගමය යෝජනා දෙකක් සම්මත කැර ගත්තේය. මෙහි මුල් පියවර ලෙස ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය හමුවන බව ලේකම් සංජය ගමගේ මහතා කියයි. උසාවියට අපහාස වන පුවත් පළ කළැයි කියන ආයතන වලින් එරෙහිව උසාවියට අපහාස කිරීමේ නඩු පැවැරීමේ ඉඩ කඩ සොයා බැලීම සඳහා නීතිඥවරුන් දස දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කැර ඇත. එම නීතිඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතාය.



අදහස් (0)

නීතිඥ සංගමය ඉහළ බලපෑම් හෙළා දකියි

වරුණ Monday, 24 September 2012 08:15 AM

නීතියේ හැටි තේරුම්ගන්න පුළුවන් හොද අවස්ථාවක් (නි)

:       0       0

සරත් Monday, 24 September 2012 08:39 AM

දේශපාලන දුරස්ථ පාලකය තිබෙන තුරු අපේ රටේ කිසිවක් කළ ‍නොහැක. (නි)

:       0       0

පබෝධා Monday, 24 September 2012 08:43 AM

අධිකරණයට දේශපාලන අතපෙවීම් වහා නතර කළ යුතුයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 24 September 2012 09:01 AM

හාමුදුරුවනි, අධිකරණයේ සරණ වුනත් ඉක්මනින් ලැබෙන්නේ නැහැ.එකටත් දිගු කලක් ඉන්න වෙනවා, (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 24 September 2012 09:02 AM

මා හිතන්නේ අරය මෙහෙටත් බලපෑම් කරලා වගේ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 23 September 2012 03:58 PM

සංගමය ඇතුළෙත් දේශපාලනය... (නි)

:       0       0

ලුම්බිණි Sunday, 23 September 2012 04:28 PM

මේක හොඳ දෙයක්. ඒත් වෙන හැම දෙයකදීම වගේ පටන් ගන්න විදියටම යහපත් ප්‍රතිපලයක් නොලැබෙන විදියට ඉවර වුණොත් තමයි වැඩක් වෙන්නේ නැත්තේ. පහුගිය කාලේ වුණ හැමදෙයකම අන්තිමට දිනුවේ වැරදි කරපු මිනිස්සු විනා වැරැද්දට විරුද්ධව සටන් කරපු අය නොවෙයි. (නි)

:       0       0

ශාන් Sunday, 23 September 2012 05:16 PM

අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. (නි)

:       0       0

අරුණ Sunday, 23 September 2012 05:11 PM

පලක් නැති වැඩ

:       0       0

රොහාන් Monday, 24 September 2012 09:44 AM

වැඩේ නම් හොදයි. ඒත් මේකෙත් ඉන්නේ දේශපාලඥයොනේ. (නි)

:       0       0

කුසුම් Monday, 24 September 2012 09:49 AM

මොන තරමට රටක් පිරිහුණත් රටක නීතිය පිරිහෙනවයි කියලා කියන්නේ රටක ජනතාවට කිසිම පිළිසරණක් නැති වෙනවයි කියන එක. ඒ නිසා සැබැවින්ම ඔය තීරණය අරන් ජනතාව සුරක්ෂිත කිරීම, නීතිය ගැන වගකීමක් තියෙනවාය කියලා අපි හිතන පිරිස ගන්නා ලද හොද තීරණයක්. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන පිළිවෙළ පිළිබදව ජනතාව බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

වාසල Sunday, 23 September 2012 06:00 PM

ක්‍රියාත්මක වුණොතින් නම් මසුරන්. (නි)

:       0       0

වසන්ති Monday, 24 September 2012 09:59 AM

අයියෝ සල්ලි

:       0       0

මනෝජ් Sunday, 23 September 2012 08:45 PM

රටේ නීතිය ගෑන දෑන් ජනතාවට එතරම් විශ්වාසයක් නෑතිතරම්. ඇතැම් ගුවන්විදුලි වැඩසටහන් මාධ්‍ය සදාචාරය පමණක් නොවේ, රටේ නීතියද අභියෝගයට ලක්කරන අවස්ථා අපි දෑක ඇත. මේ සම්බන්ධව පියවරක් ගෑනීම රටේ අනගතයට යහපතකි. (නි)

:       0       0

රූපවතී Sunday, 23 September 2012 08:43 PM

මාධ්‍ය තුළින් සත්‍ය හෙළිකිරීම අපහාසයක් වන්නේ කෙසේද? (නි)

:       0       0

රූපවතී Sunday, 23 September 2012 08:56 PM

මාධ්‍ය නිදහස පිළිබදව පැහැදිලිව ලියැවී ඇති තැන කොතනද? (නි)

:       0       0

රූපවතී Sunday, 23 September 2012 09:08 PM

අපේ රට යන අත කොයිබද? (නි)

:       0       0

රූපවතී Sunday, 23 September 2012 09:05 PM

හොද නීතිඥවරුත් ඉන්නවා (නි)

:       0       0

රූපා Sunday, 23 September 2012 09:12 PM

නැතුවට වැඩ

:       0       0

අමිල කටුනායක Sunday, 23 September 2012 09:42 PM

අපහාස නොවෙන ආතකාරයෙන් කටයුතු කළොත් එහෙම වෙන්නේ නැහැනේ. ඉක්මණින් නඩුව අවසන් කරලා දමන්න. (නි)

:       0       0

කිත්සිරි Sunday, 23 September 2012 10:53 PM

රජයේ දේශපාලන බලවතුන්ට එක් නීතියකුත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙන්නේ ඇයි? (නි)

:       0       0

පූජ්‍ය ගම්මැදගම චන්දාජෝති හිමි Sunday, 23 September 2012 10:53 PM

වර්තමානයේ ලංකාවට තෙරුවන් සරණ අභිබවා අධිකරණයේ සරණ වැදගත් වෙමින් පවතී. (නි)

:       0       0

සුභා Monday, 24 September 2012 01:03 AM

වගකිවයුත්තන් අල්ලලා දාන්න ඇතුළට. (නි)

:       0       0

දෙල්පගේ Monday, 24 September 2012 07:56 AM

සද්දේ තරමට වැඩ තියෙයිද කියලා බලමුකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2032 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1585 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site