IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නීතීඥ සංගමය කනස්සල්ල පළකරයි

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් මතුවෙමින් පවත්නා කරණය ගැන කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කතානායක චමල් රාජපක්ෂ මහතා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට තීරණය කරයි. එහි විධායක සභාව ලබන බදාදා විශේෂ රැස්වීමක් පවත්වා කතානායක සමග සාකච්ඡාවේ ප්‍රතිඵලය ගැන සාකච්ඡා කර ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය ගැන තීරණයක් ගන්නා බව ද, සංගමයේ මහා සභා රැස්වීමක් ලබන 10වැනිදා පැවැත්වීමට තීරණය වූ බව ද එහි සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ලේකම් නීතීඥ සංජය ගමගේ නීවේදනයක් නිකුත් කරමින් කියයි.



අදහස් (0)

නීතීඥ සංගමය කනස්සල්ල පළකරයි

චමත් Sunday, 04 November 2012 04:55 PM

අපි මේ ගෙවන්නේ තුනෙන් දෙකක් දීමේ පව. (ත)

:       0       0

ඔසන් සලාම් - දෝහා Sunday, 04 November 2012 05:16 PM

නීතිය යනු විශේෂයෙන් අප රටේ නීතිය දෙපැත්ත කැපෙන මුවහත්වූ කඩුවකට සමාන කළ හැකියි. මෙ‍ය හසුරුවන අයගේ තරාතිරම අනුව කොයි පැත්තවුනත් කැපෙන්න ඉඩ තිබෙනවා......

:       0       0

ප්‍රසාද් Sunday, 04 November 2012 05:35 PM

චමත්, කවුද ආණ්ඩුවට තුනෙන් දෙක දුන්නේ? මේක බිලී බාලා හදපු තුනෙන් දෙකක්. ලංකාවේ නිල්, කොල, රතු කන්නඩිවලින් බලන අය ඉන්නකම් මේ රට ගොඩ එන්නේ නෑ. (ත)

:       0       0

පද්මා Monday, 05 November 2012 04:56 PM

අයියෝ සල්ලි

:       0       0

නන්දන Sunday, 04 November 2012 05:48 PM

ඕක කරලා නම් හරි යන්නේ නෑ. නීතිය අතට ගන්න කාටවත් ඉඩ දෙන්න එපා. (ත)

:       0       0

ඩෙන්සිල් Sunday, 04 November 2012 05:49 PM

නීතියක් යුක්තියක් තියෙන රටක්. හරිම අපූරුයි. (නි)

:       0       0

අනුර Monday, 05 November 2012 11:25 AM

මේ විදියට තව ටික කලක් ගියොත් නඩු ඇසීමත්, දඩුවම් දීමත් යන දෙකම දේශපාලඥයින් විසින්ම කරයි. (නි)

:       0       0

සිසිර Sunday, 04 November 2012 06:17 PM

ජනතාව තුනෙන් දෙකක් දීමෙන්, තමන්ගේ ජීවිත අනතුරේ දාගෙන ඇත. (ත)

:       0       0

ද සිල්වා Sunday, 04 November 2012 06:25 PM

ලංකාවේ උසාවිවල රස්තියාදු වෙන ජනයා කොපමණ කනස්සල්ලට පත් වෙනවාද? කොහොම වුණත් අගවිනිසුරුවරියට විරුද්ධව දේශපාලන බලය යොදා ගැනීම වැරදී. (ත)

:       0       0

ලලිත් - කටාර් Sunday, 04 November 2012 06:27 PM

ඔහොම යං... ඔයාලාගේ වාරෙත් ළගම එනවා.

:       0       0

යොහාන් Sunday, 04 November 2012 06:40 PM

චමත්, අපි මේ ගෙවන්නේ 2/3ක් දීපු පින නෙමෙයි. 77දී 5/6ක් දීපු පව. (නි)

:       0       0

එරංග Monday, 05 November 2012 11:42 AM

රටේ නීතිය හෑල්ලුවට ලක්වෙනවා තමයි. ඒත් ඉතිං කළකම් පළදෙනවාලුනේ. (නි)

:       0       0

දයා - සෞදි Sunday, 04 November 2012 06:30 PM

අපේ රටේ දැන් නීතියක් තියනවාද? (ත)

:       0       0

සිල්වා Sunday, 04 November 2012 06:56 PM

මොනවා කොරන්නද දැන්

:       0       0

ලලිත් - සෞදි Sunday, 04 November 2012 06:43 PM

අපේ ජනතාවට දැන් තේරෙනවාද? විධායක බලතල දීපු එකේ වැරැද්ධ. (ත)

:       0       0

රනේශ් Sunday, 04 November 2012 07:45 PM

චමත් ඔබ හරයටම හරි. (ත)

:       0       0

පද්මි Monday, 05 November 2012 12:12 PM

මට පේන්නෙ මේ සිද්ධිය“ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියල කපනව වගෙයි“ (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Sunday, 04 November 2012 08:40 PM

රටක ශක්තිමත් විපක්ෂයක් නැති වුනාම ඔහොම තමයි. (ත)

:       0       0

තුවාන් Sunday, 04 November 2012 09:18 PM

ඔසාම් සලාම් , කඩුවේ උල් පැත්තනම් ටිකක් භයානකයි (ස)

:       0       0

කීර්ති - ඩුබායි Sunday, 04 November 2012 10:34 PM

නීතියේ ආදිපත්‍ය විනාශ වීම රටකට බොහොම බයානක දෙයක්. නීතියේ ආදිපත්‍ය විනාශ වුණා කියන්නේ රටක් ඉවර වුණා වගේ තමයි.

:       0       0

රුවන් Sunday, 04 November 2012 11:25 PM

නිතිය රකින ඉහළම අයට මෙහෙම‍ වෙද්දි අපට කාගේ සරණක්ද? (නි)

:       0       0

බර්නාඩ් Monday, 05 November 2012 02:17 PM

යොහාන් ඔබේ කටේ මසුරන් දාන්න ඕනි (ස)

:       0       0

ජගත් Monday, 05 November 2012 01:00 AM

නිතිඥ සංගමයට පුලුවන් වෙන්න එපැයි මේවට විරුද්ධ වෙන්න. (නි)

:       0       0

චිරස්ස්‍රී Monday, 05 November 2012 02:04 AM

බොරු වැඩ නොකර, පලක් ඇති දේ කරන්න​. (නි)

:       0       0

ලලිත් Monday, 05 November 2012 04:03 AM

රටේ නීතිඥවරු බොහොමයක් දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි. ඒ උදවිය නීතිඥවරු විදියට තම රාජකාරිය කරන ගමන් දේශපාලනයේ කටයුතු කරනකොට කොහොමද මේ අය ස්වාධීන වෙන්නේ? වෙනත් රාජකාරි කරන උදවියත් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ බව ඇත්ත. නමුත් නීතිඥ තනතුර ස්වාධීන වීමට නම් ඔවුන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී සිටිය යුතුයි. එවිට ඔවුන්ට තම රාජකාරිය ස්වාධීන ලෙස කළ හැක. නමුත් නීතිඥ තනතුර දේශපාලකයකු වීමට ලංකාවේ ඇති ලොකුම සුදුසුකම නිසා හැම දේශපලකයකුම නීතිඥයකු වීමට බලන කල අපේ රටේ නීතිය කිසිදා ස්වාධීන වේ යයි කිව හැකිද?කනස්සල්ලට පත්වීම හැර ඔවුනටද කළ හැක්කක් නැත. (නි)

:       0       0

ගාමිණි Monday, 05 November 2012 03:08 PM

අයියෝ සල්ලි

:       0       0

විපුල Monday, 05 November 2012 04:17 AM

අපිටත් කනගාටුයි මහත්තයෝ

:       0       0

ලුම්බිණි Monday, 05 November 2012 04:18 AM

නීතීඥ සංගමය මොකද මෙච්චරම සැහැල්ලු පිළිවෙතක් අනුගමනය කරන්නේ? මේ ගොල්ලත් දෙබිඩි පිළිවෙතක් ගෙනියනවද? අධිකරණය මෙච්චර අවාසනාවන්ත තත්වයකට වැටෙමින් යද්දී මෙහෙමද වැඩ කරන්නේ? (නි)

:       0       0

නාලක Monday, 05 November 2012 05:34 AM

ජනතාව තුනෙන් දෙකක් දුන්නේ නෑත. (නි)

:       0       0

සුසන්ත Monday, 05 November 2012 06:09 AM

දැන් වැඩක් නැහැ

:       0       0

හරීන් Monday, 05 November 2012 07:11 AM

මෙතන ඔයිට වඩා දේවල් තියෙනවා (ස)

:       0       0

කැතී Monday, 05 November 2012 07:33 AM

ලලිත්. අනෙකුත් බහුතර ලාංකිකයන්ට මෙන් ඔබටත් මේගැන අවබෝදයක් නෙතිබව පේනවා. අදිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියල ටිකක් හොයල බලන්න. නීතිඥවරු ස්වාධීන වෙමක් ගැන ඔබ කතකරනවා. කිසිම තේරුමක් නැති කතාවක්. (ස)

:       0       0

යොහාන් Monday, 05 November 2012 07:27 AM

ජනතාව 3/2 දුන්නේ නෑ. නමුත් 77 6/5 ක් දුන්න. ඒ හොඳටම ඇති (ස)

:       0       0

මර්වින් Monday, 05 November 2012 08:28 AM

රටකට ගිය කල

:       0       0

වරුණ Monday, 05 November 2012 09:03 AM

ඕවා ඉතින් කාගෙ කාගෙත් උවමනාවට වෙන දේවල්. (ස)

:       0       0

ජයත් Monday, 05 November 2012 09:26 AM

මෙයාව අයින් කරන්න ඕනෑ 13ත් එක්ක. දිවිනැගුම‍ට පලාත් සභා වලින් අවසර ගන්න කියපු එක වැරදි තීරණයක් කියලා මට හිතෙන්නේ. රටේ අනාගතය ගැන හිතලා තීරණ ගන්න ඕනෑ.

:       0       0

රවි Monday, 05 November 2012 09:35 AM

මම නමි කියන්ෙන් පත්කරන හැම අගවිනිසුරැවරෙයක්ම විධායකයට සහ විවස්ථාධායකයට යට ෙනාවී අදිකරණයේ ස්වාධීනත්වය රකිනවනමි විවස්ථාධායකයට වෙන්නේ හැමදාම ෙදා්සාභිෙයා්ග ෙග්න්න ඊට පස්ෙස් ජනතාව කරයි කරනෙද් ඔය නටන අයට බිවු කිරි මතක් ෙවන්න හිතං ඉන්ෙන් ඔින ෙදයක් කරද්දි මිනිස්සු වැදෙගන ඉදියි කියල මතක තියාගන්න චන්දදායකයින්ෙගන් 50% ක් තවම බලන් ඉන්නව කිසිම පැත්තකට චන්දය ෙනාදී ඒයාලා නැගිටිෙටාත් 3/2 ෙනෙමයි 3/1 නැතිෙවයි දුප්ලතා ෙවනුෙවන් ෙපනී සිටින අධිකරණයට අත ෙනාතබන ෙමන් ඉල්ලමි

:       0       0

එන්.පි Monday, 05 November 2012 04:19 PM

තම තමන්ගේ වාසියට තමා ගොඩක් අය අත්සන් කරලා තියෙන්නේ..... රටකට ගිය කලක්. (ස)

:       0       0

රත්න Sunday, 04 November 2012 04:15 PM

"කනස්සල්ලෙන්" ම ඉවරකරයි වගේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 790 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 693 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 927 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1009 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 321 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 694 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site