(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති හා එහි නියෝජ්‍ය සභාපති ගොනු කළ රිට් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට සහ එහි මූල්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය අද (15) අවසර දෙන ලදී.
එම විරෝධතා ලබන ජනවාරි මස 05 වැනිදා හෝ ඊට පෙර ද , ප්‍රති විරෝධතා ජනවාරි මස 07 හෝ ඊට පෙර ගොනු කරන ලෙසද අදිකරණය ලෙස නියම කෙරිණ.
පෙත්සම ජනවාරි මස 10වැනිදා කැඳවීමට තීරණය විය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවූ අතර එහිදී මෙම නියෝග ලබා දෙන ලදී.
පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කළේ පෙත්සම සම්බන්ධ නොතීසි තමන් ට නොලැබුණු බව ය.
එහෙත් එම වගඋත්තරකරුවන් වෙනුවෙන් නොතීසි බාර ගන්නා බවත් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සදහා කල් ලබා දෙන ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සමෙන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගයට විරෝධය පළ කරන බවද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
වගඋත්තරකාර මුදල් ඇමැති වරයා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම නිසා පෙත්සම සම්බන්ධ නොතීසි ඔහු වෙත යැවීමට කටයුතු කරන ලෙසද අධිකරණය නියම කෙරිණ.
බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ එම සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ කේ . කනග්ඊශ්වරන් මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සහ නීතීඥ නිරාන් ඇන්කටෙල් මහතා වගඋත්තරකාර මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියහ.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිඥ සංගමයේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර
gunarathna Wednesday, 15 December 2021 06:23 PM
NRFC ගිණුමක් නැති පුද්ගලයෙකුට කොහොමද විදේශ මුදල් තමුන්ගේ ගිණුමකට එවන්නේ?