IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘නීතීඥ සංගම් සභාපතිට තර්ජන නෑ‘

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට ජීවිත තර්ජන නැතැයි බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු වන නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු පෞද්ගලික ආරක්ෂාවට දීමේ අවශ්‍යතාවක් නැති බවට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි, පොලිස්පතිට දැන්වීයැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

පොලිස් ජංගම රථ යෙදවීම ඇතුළු දැනට දී තිබෙන ආරක්ෂාව එලෙසම පවත්වාගෙන යන බවත්, ජයසූරිය මහතාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගුණරත්න වන්නි නායක මහතා කීවේ කොළඹ පාතාල නායනයකුටත් පොලිස් නිලධාරීන් හය දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබිය දී නීතීඥ සංගම් සභාපතිට නොදීම ගැන ශ්‍රී ලංකා පොලිසිය ගැන කනගාටු වන බවයි.

කුමරන් පද්මනාදන්ට හෝ එම පාතාල නායකයාට ආරක්ෂාව දෙද්දී බුද්ධි වාර්තා සැලකිල්ලට ගත්තාදැයි වන්නිනායක මහතා ප්‍රශ්න කළේය.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කර ඔක්තෝබර 20 වැනි දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

‘නීතීඥ සංගම් සභාපතිට තර්ජන නෑ‘

ජයනාත් වර්ණකුල Monday, 25 August 2014 06:07 PM

මේකේ අදහස් දමා ඇති සමහර ළිං මැඩියෝ දන්නේ ළිඳේ දිග පළල විතරයි. (නි)

:       0       0

ලකිශානි Monday, 25 August 2014 10:19 AM

මට පිස්සු (දී)

:       0       0

ශාන්ත Monday, 25 August 2014 10:31 PM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

ලියනගේ Tuesday, 26 August 2014 09:56 AM

අද අපේ රටේ උගත් උසස් නිල දරන කොන්ද පන තියන වැරද්දක් දැක්කම ඒ ගැන කෙලින් කතා කරන ..හැම දෙනාගේම ජිවිත අනතුරේ නේද ..ඒ ගැන අපේ සමාජය උනත් හරි වැටහීමක් නැති එක ගැන කණගාටුවක් .....අද බලන්න උෟවේ ඡන්දෙ .......මොකද වෙලා තියෙන්නේ කියල ...තාමත් මැර බලය නේද (නදී)

:       0       0

අපොන්සු Tuesday, 26 August 2014 10:02 AM

එක නේන්නම්. මොකද මේ පොලිසියේ මහත්තුරු බොරුකියනව නෙමෙයිනේ.(දී)

:       0       0

සත්‍යපාල Monday, 25 August 2014 06:13 AM

මට පෙනෙන හැටියට මෙතුමා කරලා තියෙන්නේ බැරෑරුම් ප්‍රකාශයක් (නි)

:       0       0

සේරම් Tuesday, 26 August 2014 03:04 AM

පොලිසිය මෙතෙක් කල් ආරක්ෂාව දුන්නෙත් දෙන්නෙත් කාටද කියලා මහජනතාව දන්නවා. (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 August 2014 03:21 AM

මට මේ මොකුත් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

කුලතිලක එච්.එන් Tuesday, 26 August 2014 03:55 AM

මේ වගේ වටිනා මිනිස්සුන් ඇයි ආරකෂා නොකරන්නේ.......ආන්ඩුපතෂ හේන්චයියන් නොවන නිසාද...(නදී)

:       0       0

හිරාන් Monday, 25 August 2014 07:16 AM

ඒ වුණාට ‍එහෙම කියන්න එපා මහත්තයෝ. හේතුවක් නැතුව කවුරුවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නෙ නැහැනේ (නි)

:       0       0

අපොන්සු Monday, 25 August 2014 07:41 AM

නැතුව, නැතුව, හනේද කියන්නේ. (දී)

:       0       0

ධම්ම Monday, 25 August 2014 07:45 AM

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෘත්තීය සමිතියක් නේද? (නි)

:       0       0

ජොහාන් Monday, 25 August 2014 08:05 AM

කව්ද අප්පේ ඔය වාසනාවන්ත පාතාල නායකයා. (නදී0

:       0       0

බන්දුල ‍ Monday, 25 August 2014 08:31 AM

එහෙම තර්ජන නැහැ කිවුවේ කොහොමද මහත්තයෝ? (නි)

:       0       0

තිලක් Monday, 25 August 2014 03:47 PM

කව්ද අනේ ඔය ගිනි කන අයට මොනවත් කරන්නේ. (අ)

:       0       0

සෑම් Monday, 25 August 2014 08:37 AM

මේ වගේ පොලිස් නිලධාරියෙක් යමක් කියන්නේ හොඳින් හිතලා බලලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1061 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1137 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 501 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 907 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site