(තිළිණි ද සිල්වා)
කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කිතුණු බැතිමතුන්ගෙන් අද (17) ඉල්ලා සිටියහ.
වසංගත තත්ත්වය හමුවේ දැනට හුදකලා කර නොමැති ප්‍රදේශවල කතෝලික දේවස්ථාන වල නත්තල් දේව මෙහෙය නිරෝධායන නිතිරීති වලට අනුව 50ගේ පමණ සහභාගීත්වයෙන් සිදුකරන බවත් , 24 වැනිදා සවස 6.00 සිට දිව්‍ය පූජාවන් පවත්වන්නැයි පියතුමන්ලාට උපදෙස් දී තිබෙන බවද කාදිනල් තුමන් මෙහිදී වැඩිදුරටත් පැවසූහ.
මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් භාෂා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් හා අනිකුත් රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සජීවිව, විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කරන අතර බැතිමතුන්ට නිවෙස්වල සිට එයට සම්බන්ධ විය හැකි බවද කාදිනල්තුමන් කියා සිටියහ.
කොළඹ අගරදගුරු මැදුරේදී අද (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළහ.
ඥාතීන් හමුවීම්, විනෝද ගමන්, පිරිස් එකතු වී සාද පැවැත්වීම සිදු නොකරන ලෙසත්, පවුලක් ලෙස නිවසේ සාමාජිකයින් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන ලෙසත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කිහ.
බස්නාහිර පළාතේ කොවිඩ් අවධානම ඉතා නරක අතට හැරී ඇති නමුත් සෙසු පළාත්වලට ද වෛරසය පැතිරයෑමේ තර්ජනය පැහැදිලිව පෙනෙන්නට ඇති බැවින් , පසුගිය වතාවන්වල මෙන්ම නත්තල සැමරීමට විවිධ දෑ සිදුකිරීමට මෙවර කිසිදු ඉඩකඩක් නොමැති බව පැවසූ උන්වහන්සේ කියා සිටියේ කොළඹ සිට වෙන වෙන වෙන පළාත්වලට ගමන් කිරීම හැකිතාක් දුර සීමා කරන්නැයි බැතිමතුන් ගෙන් ඉල්ලා සිටින බවද කාදිනල්තුමන් පැවසූහ.
ව්‍යාජ වෙළද අරමුණුවලට හසුනොවී නත්තලේ ආධ්‍යාත්මික සතුට දිළිඳුන් සමඟ බෙදාගැනීමට කටයුතු කළ යුතු බවත් , විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය නිසා පීඩාවට පත්වී සිටින විශාල පිරිසක් අපේ රට තුළද සිටින බවත් එවැනි පවුල් වෙනුවෙන් උදව් කිරීමට පියවර ගත යුතු බවද කාදිනල්තුමන් මෙහිදී පෙන්වා දුන්හ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නත්තලට නිවසේම සිටින්නයි අගරදගුරුතුමෝ ඉල්ලති
Demuni Uduwara Thursday, 17 December 2020 02:08 PM
නුවණට හුරු අවවාදයක්..