IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නත්තලට හැදුණු අලූත් සිංදු

උඳුවප් මහේ සීතල අපට කියාපාන්නේ නත්තලේ අසිරියයි.

ඈත සේද අහසේ සිට සුර දුතිකාවන්ගේ ගී ගායනා රැව් නැගෙද්්දී අළුපැහැ මිහිදුම් සේළ අතරින් අමුතු තරුවක දීප්තිය පොළවට පතිත වුණා. ඒ තරු එළිය බෙත්ලෙහෙම් පුංචි ගවළෙනක් පුරා විහිදී ගිහින් මුලූ ලොවම ආලෝකමත් කළා. සාමයේ සුරදුතයාණන් වූ ජේසු බිළින්දා මිනිස් ලොවට ආලෝකය රැගෙන ආවේ එදා.

ඒ බිහිවීමත් සමගම සීතල කැටි කොට ආරම්භ වූ නත්තල් සමයේ මුලින්ම අපේ සිහියට නැගෙන්නේ සුදු පුළුන් වලාවලින් මුව වැසුණු නත්තල් සීයාව. පිනිමුවන් රැුගත් වාහනයෙන් එන නත්තල් සීයා සමග අපි ද එක්රොක් වෙලා නත්තල සමරනවා. ඒ සමගම අපේ මතකෙට එන්නේ අලංකාර වූ නත්තල් ගස් ආදිය.

නත්තල් ගීත එයට තවත් විශේෂත්වයක් එකතු කරනවා. මේ සියල්ලක්ම එකතු වූ නවතම නත්තල් ගීත සෑම නත්තලකම පාහේ බිහිවීම දක්නට ලැබෙනවා.

ඇතැම් නත්තල් ගීත වසර ගණනකට පෙර කළ එළි බැස්ස ද තවමත් ඒවායේ රසය අඩු වී නැහැ. ඒ ගීත ශ‍්‍රවනය වෙද්දී අපිවත් නත්තලේ අසිරිය කරා රැුගෙන යන්නේ නිතැතින්.

මේ වසරේදීත් නත්තලේ අසිරිය කියාපාන ගීත කිහිපයක්ම බිහි වුණා. අසිරිමත් නත්තල සමරන අද දවසෙ ඒ ගීත ගැන කතා කරන්න හිතුවෙත් ඒ නිසාමයි.

 

2016-12-24-ent-42

 

පළමුවෙන්ම අපි අලූත් නත්තල් ගී ගැන කතා කරන්න එක් කරගත්තෙ ගායන ශිල්පිනී චිත්රූ පාඨලී...

 

2016-12-24-ent-43සීත රෑ තරුවක් දිලිසුනා

පාළු රෑ ගොපලූන් පිබිදුනා

දෙව් දුතයන් ගායනා පැසසුම් ගීත නද ඇසුණා

ගැලවීමේ කුමාරයා ඉපදුනා//

 

සාමයේ ගීතිකා නෑසෙන මේ කාලයේ

පේ‍්‍රමයේ ප‍්‍රාර්ථනා පතුරාලමු ලෝකයේ

ජේසුනි ඔබේ උපන් දිනේ..

 

වෛරයේ චේතනා හැර දා ජීවිතේ

සාමයේ මාවතේ එක්වෙමු සොයුරන් ලෙසේ

ජේසුනි ඔබේ උපන් දිනේ...

 

ඇත්තටම මට නත්තල වෙනුවෙන් ගීතයක් කරන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒත් මට වෙලාවක් තිබුණෙ නෑ. මේ ගීතයත් අවුරුදු දෙකක් තිස්සේ ලියවිලා තිබුණු ගීතයක්. මෙහි පද රචනය සහ සංගීතය මනරම් ගුණතිලකගෙ. ඔහුගෙ සංකල්පනාවක් අනුව තමයි මේ ගීතයත් බිහිවුණේ. මේ ගීතයේ මෙලඩි එකටයි අර්ථයටයි මම ගොඩක්ම කැමතියි. සාමාන්‍යයෙන් නත්තල් ගීතයක් ගත්තම ටිකක් සෞම්‍ය විදියටනෙ දිවෙන්නෙ. ඒත් මේ ගීතය ටිකක් වේග රිද්ම ගීතයක්.

මෙලඩි එකත් සාමාන්‍යයෙන් ඇහෙන්න නැති වෙනස්ම ආකාරයේ මෙලඩියක්. ඒ වගේම එහි වචන වලිනුත් ජෙසුතුමාගෙ උපතත් එක්කම හොඳ පණිවිඩයක් ලබාදෙනවා.

දැන් තනිකරම නත්තල වෙළෙඳකරණය වෙලා තියෙනවනේ. හැමදේටම මිලක් නියම වෙලා. නත්තල් සීයාගෙ පටන්ම ගවලෙන, ජේසුතුමාගේ පිළිරුවට ඒ හැමදේටම මිලක් නියම වෙලා. නත්තල තියෙන්නෙ වෙළෙන්දන්ට වාසිදායක කාලයක් විදියට. නත්තලේ සැබෑ අර්ථය සාමය, ජේසුතුමා ඉපදුනාම පවුල්වලට ගැලවීම ලැබුණා. ඒත් ඒ අර්ථය දැන් අමතක වෙලා තියෙනවා. ඒ ගැන තමයි මේ ගීතයෙ කියවෙන්නේ.

තරහව, වෛරය අත ඇරලා හැමෝම එකා මෙන් එක මවකගෙ දරුවන් මෙන් ජීවත් වෙමු කියන දේ.

 

2016-12-24-ent-42

 

ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු ද නත්තල වෙනුවෙන් ගීත නිර්මාණය කර තිබුණා. ඒ ගීත පිළිබඳ ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

 

2016-12-24-ent-44ලොව සනසා සිරිය ගේන උඳුවප් මාසේ

පුංචි අපිත් කල් බලමින් මොහොතක් ගානේ

නිදිවරමින් රැුය ගත වන මැදියම් යාමේ

නත්තල් රෑ එන අමුත්තා කවුරුද දන්නේ//

 

නත්තල් සීයා මම නත්තල් සීයා

පුංචි නංගි මල්ලිලාට තෑගි ගෙනාවා

එන්න එන්න මෙන්න ගන්න තෑගි ගෙනාවා

පුංචි බබාලාට තෑගි ගොඩක් ගෙනාවා

 

රතු කබාය දිගු තොප්පිය හැඩට අඳින්නේ

සුදට සුදේ වැඩුණු රැුවුල සිරිය මවන්නේ

මුව පුරාම දසන් විදා සිනා නගන්නේ

කවුද කියමු තෑගි භෝග අපිට ගෙනෙන්නේ

 

නත්තල් සීයා මම නත්තල් සීයා...//

අවුරුද්දක් පුරා පෙරුම් පුරා දෑඟිලි ගැන්නේ

ගවලෙනක් සදා ජේසු තියා හැඩවැඩ ලන්නේ

නත්තල් ගහ සැර සිළි කර හැඩට තියන්නේ

මග බලමින් ඉන්නේ අපි ඔබ එනකන්නේ

 

සිරස ත්‍ප නාලිකාවෙ යෝජනාවක් අනුව තමයි නත්තල වෙනුවෙන් ගීත දෙකක් කළේ. විශේෂ නත්තල් ගීත විදියට.

නත්තලෙ තියෙන අසිරිය, නත්තල් සැමරීම ගැන තමයි කෙටියෙන් වූවත් ගැඹුරින් කතා කරලා තියෙන්නේ. ඒ නත්තලේ සෞන්දර්යාත්මක බව.

නත්තල් සීයා ගැන කතා කරන ගීත ලංකාවෙ මීට වසර ගණනකට පෙර සී.ටී. ෆොන්සේකා ගායනා කරපු පුළුන් වගේ සුදු රැුවුල දිගයි ගීතය තමයි තිබුණේ ජනප‍්‍රිය ගීතයක් විදියට. ඉන්පසුව නත්තල් සීයා ගැන ගීත මෑතකදී නිර්මාණය වුණේ නෑ. ඒ නිසාම තමයි මම සහ මෙහි සංගීත අධ්‍යක්ෂණය කරපු ප‍්‍රියන්ත නාවලගේ ඇතුලූ සිරස ආයතනයෙ නිහාල් වික‍්‍රම මහතාත් කිංස්ලි රත්නායක මහතාත් මේ ගීතය කරමු කියලා යෝජනා කළේ. නත්තල් සීයා අර්ථවත් වෙන්නේ පොඩි ළමයි එක්ක ඉන්න කෙනෙක් විදියටනෙ. ඒ නිසා මේ ගීතයට පොඩි ළමයි දායක කරගත්තා. ඒ අනුව මේ ගීතයේ මූලික පද ටික ගැයෙන්නේ පොඩි ළමයි. නත්තල් සීයා කියන වචන ටිකට පමණක් ප‍්‍රියන්ත විජේසිංහත්, ගාමිණී සුසිරිවර්ධනත් දායක වුණා.

 

2016-12-24-ent-42

 

2016-12-24-ent-46අහසේ තරු කැට මිණි කැට වූ දා

පොළොවේ වැලි ඇට මුතු ඇට වූ දා

මිනිස් වගට දෙව් බව යා වූ දා

මෙදා එදා ඒ නත්තල දා//

 

සුර ගී මිහිමත රසට ගැයුණු දා

පිදුරු වළල්ලම රනින් වෙළනු දා

රජවරු සිටුවරු සිරස නැමූ දා

මෙදා එදා ඒ නත්තල් දා//

 

සඳ දිය ගඟ දිය විලස ගැලූ දා

සාමය සමගිය අතිනත ගත් දා

තරු මැද තරුවක් රුවට දිළුණු දා

මෙදා එදා ඒ නත්තලේ දා//

 

පවට නැමුණු සිත පෙමට ඇරුණු දා

ලොවේ දිළිඳු දන ඔටුනු පැළඳු දා

කුරුස තරුවකට අරුත ලැබුණු දා

මෙදා එදා ඒ නත්තල් දා...//

 

මේ අසිරිමත් නත්තල පිළිබඳ ගණිත ගුරුවරයකු වන ජෝයි මැල්කම් විසින් ද ගීතයක් නිර්මාණය කර තිබුණා. ඒ ගීතය ගැන ඔහු පැවසුවෙ මෙවන් අදහසක්.

මගේ විනෝදාංශයක් තමයි මම දකින ලෝකය, එහි සුන්දරත්වය ගීත වලට පෙරළීම. ඒ නිසාම තමයි මම වෙනස්ම විදියට දකින නත්තල ලෝකයට ඉදිරිපත් කරන්න හිතුවෙ.

ඇත්තටම අද නත්තල භෞතික දේවල් වලින් පිරුණු දෙයක් විදියට බොහෝ දෙනෙක්ට සන්නිවේදනය වෙලා තියෙන්නෙ. ඒ දේ නැතිව මම එහි අභෞතික දේ ගැන තමයි කතා කරන්නේ.

නත්තලේදී බයිබලේ කියනවා අහසත් පොළොවත් අදාල දෙවියන් වහන්සේට කියලා. මම මෙහිදී කියනවා.

2016-12-24-ent-45”අහසේ තරු කැට මිණි කැට වූදා” යනුවෙන් ඒ කියන්නේ අහසෙ වස්තුන් ඔක්කොම මැණික් බවට පත් වුණා කියලා. විශ්වයට ආලෝකයක් ලැබුණා කියන එක. ඒ වගේම ”මිනිස් වගට දෙවි බව යා වූ දා” කියලා කියනවා. මොකද එහෙම වුණේ. මේ හැම දේටම වඩා වටිනවා මිනිස් බව දෙවි බවට යාවීම. මිනිසාට දෙවියන් වහන්සේට නෑකම් කියන්න පුලූවන් වූදා දෙවියන් වහන්සේ මිනිසෙක් වෙලා ඉපදෙන්නත් පුලූවන්. ඒ දවසෙ තමයි නත්තල් දවස කියලා අදහන්නෙ.

අන්ධතාවයේ ඇවිද්දෝ මහත් අලෝකයක් දුටුවෝය කියලා බයිබලයේ කියනවා. එය පදනම් කරගෙන තමයි මම මේ ආලෝකය ගැන කතා කළේ. එලෙසින් මේ මුලූ ගීතය පුරාවටම අර්ථ දෙන විදියට තමයි ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. මිනිස්සු අද සමාජයේ මොන පාපය කර කර හිටියත් කතෝලික ජනතාව නත්තල ආවම තමන්ගේ පව් සමාකරගෙන දිලින්දන්ට, නෑදෑ හිත මිත‍්‍රාදින්ට තෑගි භෝග දෙන්න ලෑස්ති වෙනවා. ඒවා හොඳ ක‍්‍රියාවන්. මෙහිදී එක් තැනක මම කියනවා. ලොවේ දිළිඳු දන ඔටුනු පැළඳු දා කියලා. ඒ කියන්න උත්සාහ කළේ ක‍්‍රිස්තුන් වහන්සේ ගවළෙනේ ඉපදුණා කියලා. ඒ කියන්නෙ අන්ත දුගී තත්ත්වයක්. අන්ත දුගී තත්ත්වයක ක‍්‍රිස්තුන් වහන්සේ ඉපදීම නිසා දුප්පත් ජනතාවට තැනක් ලැබෙනවා. උන්වහන්සේ දිළින්දෙක් වෙලා දුප්පත් ජනතාවට පෙන්නනවා දුප්පත්කම ශාපයක් නෙමෙයි කියලා. දුප්පත්කම අගය කරනවා.

මම මෙහිදී අවධාරණයෙන් කියන්නෙම ”මෙදා එදා ඒ නත්තල් දා” කියලා මේ නත්තල එදා තිබුණු නත්තලම තමයි කියලා. මම ඇත්තටම නත්තල ගැන ගීත ගොඩක් කරලා තියෙනවා. මම කවි වශයෙන් ලියපු සංකල්පනා මේ. නමුත් පීටර් වෙදමුනි සංගීතඥයා තමයි මගේ මේ ගීත වලට තනු දාන්නම් කියලා මේ ගීත ටික නිර්මාණය කරලා දුන්නේ.

මේ ගීතය ගයන්නේ මගේ දියණියකගෙ දියණිය. ඇය ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙ 4 වෙනි වසරෙ ඉගෙන ගන්නේ. ඇය මිතායා කුරුකුලසූරිය.

 

ධනු විජේරත්න



අදහස් (0)

නත්තලට හැදුණු අලූත් සිංදු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 153 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 410 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 301 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 871 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 95 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 199 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site