IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නීතිපතිගෙන් ඇපෑලක් : කුමාරපුරම් නඩුවටයි

ත්‍රිකුණාමලය කුමාරපුරම් කිලිවෙඩ්ඩි ගම්මානයේ සාමාන්‍ය වැසියන් 24 දෙනකු මරා දැමීයැයි චොදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරුන් හය දෙනා ජූරි සභාවක් මගින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ඇපෑල ලබන 22 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා අභියාචනාධිකරණයට ඇපෑල ඉදිරිපත් කළේය.

ඔහු දැනුම් දුන්නේ සිවිල් වැසියන් 24 දෙනකු මරා දමා තවත් 25 දෙනකුට තුවාල සිදු කළැයි යුද හමුදාවේ පිරිසට එරෙහි  පැමිණිල්ල සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පු කර ඇති නිසා ඔවුන් නිදහස් කිරීමට ජූරි සභාව ගත් තීරණය නීතියට පටහැනි බවයි.

ඔවුනට එරෙහිව චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි. සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවිණි. උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයෙන් විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන වාර්තා වූයේද මේ සිද්ධියේදීය.

නඩු භාණ්ඩ ලෙස ගිනි අවි, උණ්ඩ, යුද හමුදා පිරිසට අවි නිනුක් කර ඇති ලේඛණය, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25ක් සහ රජයේ රස පරීක්ෂකගේ වාර්තාව  ඉදිරිපත් කර තිබිණි.

 නඩුවේ සාක්කිකරුවන් ලෙස 107 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.

නඩුව විභාග වූයේ අනුරාධපුර මහාධිකරණයේ ය.



අදහස් (0)

නීතිපතිගෙන් ඇපෑලක් : කුමාරපුරම් නඩුවටයි

හෆීල් Tuesday, 01 November 2016 10:02 PM

එහෙනම් අර ලක්ෂ 20ක දඩ නියමකළ හමුදා නිලධාරියා වෙනුවෙනුත් ඇපෑලක් දෙන්න බැරිවුණේ ඇයි? (නි)

:       0       0

දේව් Tuesday, 01 November 2016 10:21 PM

රණවිරු ලේබලයට මුවාවී අපරාධ කරන්නට නීතියෙන් ඉඩක් නැහැ. දැන් රටේ නීතිය ක්‍රියාත්මකයි. කලින් තිබු නීතියට අනුව නම් රණවිරු නමින් අපරාධ වලට අවසර තිබුනා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 01 November 2016 10:36 PM

රටක් දියුණුවීමට නම් සෑම අංශයක්ම නීතිගරුකව හැසිරිය යුතුයි. ගිය ආණ්ඩුව අපේ රට සෝමාලියාවක් කරන්නට උත්සාහ කළා. ජනතාව ම්ලේච්චයන් පිරිසක් කරන්නට උත්සාහ කළා. (නි)

:       0       0

සුසන්ත Wednesday, 02 November 2016 01:17 AM

ඒ කියන්නේ කොහොමහරි කරලා රණවිරුවන්ට දඬුවම් දෙන්නමයි හදන්නේ (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 02 November 2016 02:36 AM

මේ සිද්ධි 2010 ට පෙර වූ දේවල්. හිටපු ලොක්කගෙ කාලේ තමන්ගෙ පාක්ෂීක මන්ත්‍රීලට තිබුන චෝදනා නම් ඉල්ලා අස්කර ගත්තා. ඇයි දන්නෙ නැහැ මේවට එහෙම කරන්න බැරි? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 02 November 2016 02:36 AM

දැන් අපිට වෙන්නේ අනික් වැඩ පැත්තක තියලා මේ අයට නීතිය කියලා දෙන්න. නඩු විභාගයකට ජූරියක් පත්කරන්නේ දෙපාර්ශයේම අදහස් විමසලා. සැකයේ වාසිය විත්තියට ලැබීමේ මානුෂික ආකල්පයට අමතරව හුදු නීතිමය පැත්තෙන් පමණක් සළකා බලනවිට විත්තියට අසාධාරණයක් සිදුවෙන්න ඇති ඉඩකඩ අවම කරගැනීම සඳහාත් ජූරියේ තීරණය ඉතා වැදගත්කොට සළකනවා. එය එසේනම් ජූරියේ තීරණයට විරුද්ධව රජයේ නිලධාරියෙක්ම ඇපෑලක් ඉදිරිපත් කරනවා කියන්නේ සදාචාරවිරෝධී දෙයක්. (නි)

:       0       0

චාමර Wednesday, 02 November 2016 03:09 AM

නිරායුද සිවිල් වැසියන් මරාදමන්න කාටවත් අයිතියක් නැහැ. යුද හමුදාව හෝ කොටි වේවා. සියල්ල සොයා බලා කවදා හෝ දඩුවම් දෙන්න. නැත්නම් දෙවියෝ බලා ගනී. (ම)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 01 November 2016 12:09 PM

ඇයි දෙයියනේ රණවිරුවන්ට මෙච්චර වද දෙන්නේ . (අ)

:       0       0

ලංකාපුත Tuesday, 01 November 2016 12:12 PM

මර දැමූ සිංහලයන් ගැන හොයන්නේ නැද්ද (අ)

:       0       0

ප්‍රසාද් Wednesday, 02 November 2016 07:33 AM

චාමර දේවි දන්නා මගුල (බ)

:       0       0

ප්‍රසාද් Wednesday, 02 November 2016 07:37 AM

දවල්ට අයුධ නැති අහිංසකයෝ තම රෑට කොටි වෙන්නේ (බ)

:       0       0

සංජීව Tuesday, 01 November 2016 01:40 PM

මටනම් පෙනෙන්නේ ඔවුන්ගේ අරමුණ සියලු හමුදා භටයින්ගේ මනස කඩා දමා අරමුණ ඉටුකරගැනීමට තමා මේ සැරසෙන්නේ . (හේ)

:       0       0

සමන් Tuesday, 01 November 2016 02:01 PM

උසාවියෙන් නිදහස් කරපු අයටත් මෙයාලා ආයේ නඩු දානවනේ (නි)

:       0       0

දහම් Tuesday, 01 November 2016 02:31 PM

රණවිරුවන්ට කරන මේ අපරාධයට කාට කාටත් ළඟදීම ප්‍රතිඵල ලැබෙයි. (නි)

:       0       0

වික්ටර් Tuesday, 01 November 2016 04:05 PM

රටක යුද හමුදාවක් ඉන්නේ දේසපාලකයන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටු කිරීමට නොවේ .රට ආරක්ෂා කිරීමටයි. හමුදාව සිවිල් ජනතාව ආරක්ෂා කළ යුතුයි .එම ජනතාව මොන ජාතියට අයත් උවත් හමුදාව ඔවුන් ආරක්ෂා කළ යුතුයි. එසේ නැතිව තුවක්කු අතේ තිබුණු පලියට මිනුසුන් මරා දැම්ම නම් දඩුවන් විදිය යුතුයි .හමුදාව පොලිසිය පවත්වාගන යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් .රණවිරුවන් කියන්නේ හමුදා නීතියට සහ සිවිල් නීතියට අනුව සටන් කළ සෙබළුන්ට මිස අවනිතියට ක්‍රියා කළ අය‍ට නොවේ .(අ)

:       0       0

සෙනෙවි Tuesday, 01 November 2016 04:14 PM

යුද්ධ කාලෙ මේ නීතිපතිතුමා හිටිය නං ප්‍රභාකරන් මැරෙන්නෙ නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2025 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1584 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site