නීතියේ ආධිපත්‍ය උල්ලංඝණයවීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතියේ ආධිපත්‍ය පිළිබඳ ස්ථාවර කාරක සභාවක් පත්කර ඇත.
එම කමිටුවට හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 153, මිහිඳු මාවත, කොළඹ 12 යන ලිපිනයට ලිඛිතව හෝ සංගමයේ ඕනෑම ශාඛාවකට තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ”ලංකාදීප”යට පැවැසීය.
නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා කැඳවුම්කරුය, මෙම කමිටුවේ චන්ද්‍රා කුමාරගේ, ජේ.සී. වැලිඅමුණ, ඇන්ටන් පන්තියනායගම්, කමල් නිශ්ශංක, කේ.එස්. රත්නවේල්, සුනිල් ජයරත්න, සුනිල් වටගල, විජය නිරංජන් පෙරේරා යන නීතිඥවරු ද නාලිනී මනතුංග, නාලිනී ජයතිලක හා හරිෂ්කා සරමනායක යන නීතිඥවරියෝ ද සාමාජිකයෝය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතිය සුරකින්න කමිටුවක්
රොහාන් Wednesday, 15 May 2013 03:29 PM
මේ සංගමෙයේ ඉන්නේ ඇත්තටම මේක කරන්න උවමනා අය නෙමේයි.(නදී)
පෙරේරා Thursday, 16 May 2013 09:01 AM
මාලක, නීතිඥවරයෙක් ඔය කියන විදිහේ නඩුවකට හිටියොත් නිදහසට කරුණු කියල පෙර වැරදි නැත්නම් ඒ බවත් කියලා දඬුවම ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලාවී. තමුන්ටත් තමුන්ගේ නඩුවේදී එහෙම කළහැකියි හැබැයි හුඟක් අය වැරදි කරු කියල නිකන් ඉන්නවා එතකොට දඬුවම ඊට වඩා වැඩියි.(නදී)
කමල් Wednesday, 15 May 2013 03:31 PM
මේක විපක්ෂයේ තවත් එක සංගමයක්.(නදී)
නෙතුමිණි Wednesday, 15 May 2013 08:32 PM
නීතිය සුරකින්න නම් උසාවියේදී මේ නීතිඥවන්ට සත්‍ය පැත්තට විතරයි කතා කරන්න වෙන්නේ. එයා ඔබලාට කළ හැකිනම් ඉතාමත් හොඳයි. නීතිය පොත පතට විතරක් නොරැක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවානම් ගත් පියවර අගෙයි.(නදී)
මාදව Wednesday, 15 May 2013 04:35 PM
නාලන්දා විදුහලේ විදුහල්පති අකටයුතුකමක් සම්බන්ධයෙන් ඔහුටත් චෝදනා ඇති නිසා ඔහුටත් මෙමගින් යම් නීති විරෝදී යමක් කර ඇත් නම් නිතිය ඉදිරියට ගෙන එනු ඇති බව අපි විශ්වාස කරනවා. මන්ද ඔහු නිසා ලොකු අසාධාරණයක් විදුහලට වී ඇති බැවිනි.(නදී)
නුවන් Wednesday, 15 May 2013 10:41 PM
මොහොමඩ් සලාම්, කලබල නොකරන සේනාව ගැනත් අපි හොදට දන්නවා (නි)
මෙතුජ Wednesday, 15 May 2013 11:47 PM
ලන්කාවෙ සමස්ත නිති පද්ධතියම දුර්වලයි. ඔය මොනවා කළත් වෑඩක් නැහැ. මුල ඉදන්ම හදන්න ඕනෑ. ඒ වැඩේ කරන්න පුලුවන් කාටද කියලා දන්නවා ඇතිනෙ.. (නි)
ඩෙන්සිල් Wednesday, 15 May 2013 01:33 PM
මේ විදියටවත් නීතිය රැකගන්න පුලුවන් නම් ලොකු දෙයක්. (නි)
සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:41 PM
මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන්නේ නීතිය සුරකින්න නෙමේ. කාගේ හෝ පටු දේශපාලන අරමුණු වලට සහය දෙන්න. මේ අය තමා ඕනෙම ජරා වැඩත් මිනි මරණ අය වෙනුවෙන් බොරු කියන්නේ සල්ලි වලට. නම් වලින් නොකිව්වට පසුගිය වකවානුවේ වුන සිද්දීන් දිහා බලන්න. අහිංසක මිනිස්සු හිරේ. සල්ලි තියෙන මිනි මරුවෝ එළියේ. මේ නීතිය සුරකින අයගේ පිහිටෙන්.(නදී)
චතුල වෙරෝනා Wednesday, 15 May 2013 01:40 PM
මේවට ගිහිල්ල අන්තිමට සුදු වෑන් වලින් ගෙදර එනවට වඩා හොඳයි මේ විදිහටම ඔලුව පාත් කරගෙන මැරිලා යනවා (නි)
උපාලි Thursday, 16 May 2013 02:31 AM
නීතිඥයින් කරන්නේ තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමයි. ඒක පැමිණිල්ල වෙනුවෙනුත් විත්තිය වෙනුවෙනුත් කරනවා. නීතිඥයෙක් බොරු කියනවා නම් අනික් පැත්තේ නීතිඥයන්ට හෝ පොලිසියට හෝ ඒ බව විනිසුරුට කිව හැකියි. ඇත්ත නැත්ත තෝරා බේරාගෙන තීන්දුවක් දෙන්නයි උගත් විනිසුරුවරයෙක් ඉන්නේ. දැකලා නැද්ද බොරු පැමිණිලිවලට පොලිසියෙන් අහිංසකයෝ පටලවපු අවස්ථා? ඒ මිනිස්සු බේරා ගන්න කතා කරන්නේ කවුද? දැන් මෙතනදී නීතිඥ සංගමය කරන්න යන්නේ බලධාරීන් නීතිය වැරදි ලෙස යොදල බැට දෙන මිනිස්සු වෙනුවෙන් පිහිටක් වෙන්නයි. හැම දෙයක්ම පාට කන්නාඩියෙන් බලන නිසා අපට හොඳ හොඳක් හැටියට දකින්න බැහැ. (නි)
තිලක් Wednesday, 15 May 2013 06:14 PM
අන්තිමේදී ජේ.වී.පිය යු.ඇන්.පියත් එක්ක එකතු වෙන්න හේතුවක් හොයා ගත්තා. එල්ලෙන්න වැල් නැතිව හිටපු ජේ.වී.පියට යන්තම් ආණ්ඩුවෙන් විදුලි බිල වැඩි කරලා හේතුවක් හදලා දුන්නා. විලි ලජ්ජා නැනේ හැබැටම. ජේවීපිය 70 වේ සිරිමා දිනෙව්වා 71 සිරිමගෙන් ගුටිකෑවා. 94 චන්ද්‍රිකා දිනෙව්වා චන්ද්‍රිකාත් ගැහුවා. 2005 මහින්ද දිනෙව්වා ඒ පාර නැති බංග කළා. දැන් රනිල්ට කඩේ යනවා. දිනුවට පස්සේ කොරන දේ බලන්න පුළුවන්.(නදී)
සුනිල් Thursday, 16 May 2013 04:24 AM
තිසල්, ඔයා හරි.මමත් ඉඩම් නඩුවක 20 අවුරුද්දක් ඉන්න කෙනෙක්. නීතිඥයින් දෙපැත්තම නඩුව කල්දමා දමා මුදල් හම්බකරනවා.නීති සංගමය මුලින්ම තම සාමාජිකයන්ගේ මේ ක්‍රියාකලාපය හදන්න. එසේම නඩු වලට අය කිරීම් සඳහා ක්‍රියාපටිපාටියක් හදන්න.සමහර අය ගෝලයකුත් ගෙනල්ලා දෙන්නටම රුපියල් 45000 වගේ විශාල මුදලක් අය කරනවා. මේවා පව් වැඩ නේද? (නි)
තිසල් Wednesday, 15 May 2013 02:33 PM
මිනිස්සු වැඩියම අසාධාරණයට ලක්වන්නේ නීතිඥවරු නිසා.මුදල් ගරාගැනීම සඳහා නඩු වාර කල් දැමීමෙන්, සාධාරණය ඉටුවීමට බොහෝ කල් ගත වෙනවා. දුර බැහැර පළාත්වල මිනිස්සු වැඩිපුරම බස් වල නැගලා නගරයට එන්නේ රෝහලටයි උසාවියටයි.එක නඩුවකට පැටලුනොත් සේසතම විනාශයි. පැමිනිලිකාරයත්, විත්තිකාරයත්,සාක්ෂිකාරයත් කියන පාර්ශව තුනම මැරෙනතුරුම උසාවියේ. මේ නිසා මිනිස්සු අපරාධයක් දැක්කත් අහකබලාගෙන යනවා. පැටෙලෙන්න වෙයි කියලා.සමහරු කඩුවක් පිහියක් අරන් තමන්ම විසඳගන්න යනවා. මිනිස්සුන්ට උදව්කරන්න අවශ්‍යනම් කරුණාකර තම සාමාජිකයන් හරි මගට ගන්න. එය මුළු සමාජයටම කරන සේවයක්. (නි)
පෙරේරා Wednesday, 15 May 2013 06:34 PM
කමල්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 11000ක සම්පුර්ණ සාමාජිකයෝ ඔක්කොම විපක්ෂේ අයද? හරි හැටි කරුණු දන්නේ නැතිව අඥාන කතා කියන්න එපා. (නි)
මොහමඩ් සලමි Wednesday, 15 May 2013 02:39 PM
වැඩියෙන්ම චෝදනා තියෙන්නේ අර කලබල සේනාවට විරුද්ධව වෙන්න ඕනෑ
දි මෙල් Wednesday, 15 May 2013 02:47 PM
බොහොම හොඳියි. මෙමගින් ඔහු කල අත්තනෝමතික නීති විරෝදී වැඩ සොයා බලා නිතිය ඉදිරියට ගෙන එනු ඇති බව අපි විස්වාස කරනවා. මන්ද ඔහු නිසා ලොකු අසාධාරණයක් විදුහලට වී ඇති බැවිනි.(නදී)
පෙරේරා Thursday, 16 May 2013 07:50 AM
සුනිල්, නඩුවකට නීතිඥවරයෙක් තියන්න අනිවාර්යයි කියලා නීතියක් නැති නිසා ඔයාට ඔයාගේ නඩුවට පෙනිසිටින්න පුළුවන් නේ. මොකටද නිකන් සල්ලි පුදන්නේ නීතිඥවරුන්ට? (නි)
පෙරේරා Wednesday, 15 May 2013 07:10 PM
සේරම්, මේ රටේ වැස්සටත් බනින අව්වටත් බනින අයනේ ඉන්නේ. හොඳ දේ අගේ කරන්න හුඟක් අය දන්නේ නැහැ. සමහර මිනිමරුවන්ව බොරු කියලා බේරගන්න හදන සමහර නීතිඥවරුන්ට ඉහළම වරප්‍රසාද ලැබෙනවා කියලත් දන්නවද? (නි)
මාලක Thursday, 16 May 2013 08:18 AM
සමහර නඩුකාරතුමන්ලාත් නීති සහය නැත්නම් දඩය දෙගුණ තෙගුණ කරනවා. රිය පැදවීමේ නඩු වලදී වැරදිකාරයා කිව්වම නීති සහය ගත්තද කියලා අහලා නැහැ කිව්වොත් දඩය දෙගුනයයි. (නි)