IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නිතර දකින චරිතයක් වෙන්න මම කැමැති නෑ

රශ්මි රූත් යාලගල වන ඇයගේ වයස අවුරුදු 20 කි. ඒ ගෙවී ගිය විසි වසරක ජීවිත කාලයේදී ඇය කළ කී දේ දිහා බැලූවිට කළ දේ නම් බොහෝ යැයි හැෙඟ්. එතරම්ම දක්ෂතා ඇති අපූරු තරුණියකි. ඇය ගැන කලා ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය ලද නිසාය. එතැනින් එහාට ඇය ගැන කතා කිරීමට හේතුව වී ඇත්තේ, ලන්ඩන් ඒ ලෙවල් (London A/L) විභාගයේ ගණකාධිකරණ (Accounting)අංශයෙන් ලෝකයෙන්ම පළවෙනියා වී ඇති නිසාය. මීට අමතරව ඇය ගැන කතා කිරීමට ඇති තවත් දේ බොහෝය. රුව මෙන්ම හරයෙන්ද පොහොසත් රශ්මි රූත් සමග අද අපි ඒ සියල්ල කතා කරමු. පවුලේ විස්තර : අම්මා කුමුදු, තාත්තා ජනිත් අබේසේකර සහ මගේ අයියා.


රශ්මි ගැන කෙටියෙන්

සම්පූර්ණ නම :- රශ්මි රූත් යාලගල ගම :- බොරලැස්ගමුව පාසල :- කොළඹ දකුණ ජාත්‍යන්තර පාසල වයස :- අවුරුදු 20 යි ලග්නය :- මේෂ


රශ්මි ඔබගෙ හැකියාවන් සමග කලා ක්ෂේත‍්‍රයට ආ හැටි මුලින්ම කතා කරමු. කුඩා කාලයේ සිටම පාසල් ජීවිතය පටන් ගත්තේ. කොළඹ දකුණ ජාත්‍යන්තර පාසලෙන්. පාසලේ ඉගෙනීම් වැඩ කටයුතුවලට අමතරව බාහිර අංශයේ බොහෝ දේවලට කුඩා කාලයේ සිටම සහභාගි වුණා. ක‍්‍රීඩා කටයුතුවලටත් උපරිම ලෙස දායක වුණා. දිවීමේ ඉසව් වගේම උස පැනීම සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කළා. කණ්ඩායම් නායිකාව සහ නිවාස නායිකාව ලෙසත් කටයුතු කළා. ඒ අතරේ කලාශූරී කුලසිරි බුදවත්ත ගුරුතුමා යටතේ නර්තනය ප‍්‍රගුණ කළා. නර්තනයට අමතරව චිත‍්‍ර අඳින්න සහ ගායනයටත් හැකියාව තිබෙනවා. පියානෝ වාදනයටත් හැකියාව තිබෙනවා. මේ සියල්ලට අමතරව ආත්මාරක්ෂක සටන්ක‍්‍රම හදරා කළු පටි ලබා තිබෙනවා. කරාතේ ක‍්‍රීඩාව ඉගෙන ගත්තේ රුවන් සතරසිංහ සර් යටතේ. මේ සියල්ල අතරේ 2010 ලන්ඩන් ඒ ලෙවල් විභාගයට මුහුණ දුන්නා. එහිදී එකවුන්ටින්, ගණකාධිකරණ අංශයෙන් ලෝකයේම පළවෙනියා වුණා. ලකුණු 600 න් 600 ම ඒ විෂයට ගත්තා. ඒ වෙනුවෙන් පාසලෙන් සහ ලන්ඩනයේ මේ විභාගය පවත්වන ”එඩෙක්සෙල්” වෙතින් ත්‍යාග සහ සම්මාන ලැබුණා.   දැන් ඊළඟ අරමුණ කුමක්ද? සිමා (Cima) විභාගය සමත්වී ගණකාධිකරණ අංශයෙන් ඉහළටම ඉගෙන ගැනීම.   කලා අංශයට ආවේ කොහොමද? බුදවත්ත සර් යටතේ නර්තනය හදාරණ විට ගයාන් ශ්‍රීමාල් අයියා සර්ගේ ශිෂ්‍යයෙක්. ඒ හඳුනා ගැනීම මත ගයාන් අයියා සිරසට මාව හඳුන්වලා දුන්නා. නිවේදනයෙන් ආ ගමනේදී අරුණ ජයවර්ධන අයියා සිරසට කළ ”සුළඟට එන්න කියන්න” ඒකාංගික ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන හොඳම නිළිය ලෙස තේරුණේ එහි රඟපෑ චරිතයටයි.   එතැනින් එහාට රඟපාලා නැද්ද? ඊට පෙර චින්තක අයියා කළ ”මාමා හා මා” කියන නාට්‍යයේ රඟපෑවා. එය තවම විකාශය වෙලා නැහැ.   දිගටම රඟපෑමේ උනන්දුවක් නැද්ද? මම කැමති නිතර දකින චරිතවලට වඩා එහාට ගිය වෙනස් චරිත රඟපාන්නයි. ඒ නිසා චරිත පසුපස හඹායාමේ ආසාවක් නැහැ. හොඳ චරිත විතරක් ලැබුණොත් කරන්නම්.   මේ සියලූ හැකියාවන් ඔබ හඳුනාගත්තෙ කොහොමද? දෙමාපියන් මාව ගොඩක් උනන්දු කළා. විශේෂයෙන්ම සියලූ දේ පිටුපස සිටින්නෙ අම්මායි. අයියත් මාව හරියට ආරක්ෂා කරනවා. එයා ඉංජිනේරු අංශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ සිට වැඩිදුර හදාරනවා. ඇත්තටම ගෙදර අයගෙ උදව් මත නිසා තමයි මේ තරම් දේ කරන්න ලැබුණේ.   ඇත්තටම ඔබ රඟපෑමට ආවේ ලස්සනයි කියලා හිතන නිසාද? රඟපෑමට ලස්සන විතරක් තිබිලා බැහැ. දක්ෂතාවය තමයි ප‍්‍රමුඛවෙන්නෙ. නමුත් බොහෝ විට චරිතයක ආකර්ශනය සඳහා මේ දෙකම බලපාන්න පුළුවනි.  

රයිගම් උළෙලේ නැගී එන හොඳම නිළිය රශ්මි රූත්


  හැකියාවන් හඳුනාගෙන ඒ සියල්ල ප‍්‍රායෝගික කරගන්න ඔබ කාලය යොදා ගත්තෙ කොහොමද? මම හිතන්නෙ අපි කම්මැලි විය යුතු නැහැ. කරන දේ ආසාවෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සියල්ල ජය ගන්න පුළුවනි. මම කරන සියල්ල කැමැත්තෙන් ආදරෙන් කළේ. මේ සියල්ල අතරේ කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. ලතින් බෝල්රූම් ඩාන්ස් පවා (චන්ද්‍රතිලක සර් යටතේ) ඉගෙන ගත්තා.   සමහරු ඔබට ලෝකල් කරීනා කියලා කියනවා නේද? ගොඩාක් අය එහෙම කියනවා තමයි.   මේ සියල්ල අතරේ අනාගත සහකරු ගැන හිතන්නෙ කොහොමද? මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ.   ජීවිතේ අරමුණ මොකක්ද? මේ ඔක්කෝටමත් වඩා යහපත් පුරවැසියෙක් වීම අරමුණයි. නැත්නම් ඉගෙන ගත්දේ යථාර්ථයක් වෙන්නෙ නැහැ. රටට වඩාත් යහපත්ම පුරවැසියකුවීම එකම බලාපොරොත්තුවයි.

ඡායාරූප/සටහන - සඳුන් ගමගේ



අදහස් (0)

නිතර දකින චරිතයක් වෙන්න මම කැමැති නෑ

හේවගේ Monday, 13 August 2012 11:53 PM

හොඳයි..සුභ පතනවා‍....(ස)

:       0       0

අනුර Sunday, 12 August 2012 07:36 PM

ඇත්තටම ලස්සනයි සුභ පැතුම් නංගී (අ)

:       0       0

මංගල Monday, 13 August 2012 10:09 AM

න‍ගේ, දැන් කසාදයක් කර ගත්තොත් නරකද? (නි)

:       0       0

අජිත් Monday, 13 August 2012 10:14 AM

සුභපතනවා මම ඔබට

:       0       0

ඩඩ් Friday, 24 August 2012 09:21 AM

බුද්ධිමත්කම ලස්සනට තවත් ආභරණයක් වේවි (නි)

:       0       0

රම්සි Wednesday, 15 August 2012 10:42 AM

ඔය මේකප් නැත්නම් ඇත්තටම ලස්සනයි...සුභ පැතුම්‍‍....(ස)

:       0       0

නදී Sunday, 12 August 2012 08:59 PM

ඇත්තටම ගොඩක් ලස්සනයි. අපගේ සුභ පැතුම් ඔයාට අක්කා... (ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 12 August 2012 09:19 PM

"මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ." එච්චර කල් අපට නම් බලාගෙන ඉන්න අමාරුයි නංගියේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 12 August 2012 09:16 PM

"මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ." එච්චර කල්? සොරිම තමයි. (නි)

:       0       0

කනිෂ්ක Monday, 13 August 2012 11:40 AM

රගපාන්න එන්න එපා එහෙනම්

:       0       0

රජිකාන් Sunday, 12 August 2012 10:08 PM

මීටරයක් වගේ..... (ස)

:       0       0

භවනි Wednesday, 15 August 2012 07:49 PM

ඔබට සුභ අනාගතයක්! කොණ්ඩය නම් කපන්න එපා. (නි)

:       0       0

නිශ්ශංක Sunday, 12 August 2012 10:33 PM

ඔබගේ ලස්සන කොණ්ඩය ඔබට ආභරණයකි. (නි)

:       0       0

ලියනගේ Sunday, 19 August 2012 09:18 AM

ඔබගේ කතාව බුද්ධිමත්. නිතර දකින චරිතයක් වෙන්න එපා. දැන් ටෙලි නාට්‍ය වල දැකලා දැකලම අපිට සමහරු එපාවෙලා තියෙන්නේ. (නි)

:       0       0

නව්යා Monday, 13 August 2012 05:53 PM

අයියෙ මමත් ලස්සනයි.මගේ ‍කොණ්ඩෙත් ගොඩක් දිගයි. මේ අක්කා හරිම ලස්සනයි මම වගේම. (ස)

:       0       0

රුවන් Sunday, 12 August 2012 10:49 PM

ඇය බුද්ධිමත්. අපේ සුභ පැතුම්! (නි)

:       0       0

නවීන් Monday, 13 August 2012 05:52 PM

අක්කේ, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

දිල්ෂානි Monday, 13 August 2012 05:55 PM

අක්කේ ඔයාට සුභ පතුම් (අ)

:       0       0

දමයන්ති Tuesday, 14 August 2012 03:12 PM

විශිෂ්ටයි. (නි)

:       0       0

චරිඳු ඉෂාර Monday, 13 August 2012 06:29 PM

මම හිතන්නේ ඇගේ බුද්ධිමත්. හොඳ ලිපියක්. ඔබේ අනාගතයට සුභ පතමි. (අ)

:       0       0

මාතර Sunday, 12 August 2012 11:15 PM

නිතර නොදකින තරමට හොදයි

:       0       0

ජනක Friday, 17 August 2012 08:59 PM

ඉතා හොදයි. මම ඔබට කැමතියි. (නි)

:       0       0

නිශාන් Monday, 13 August 2012 12:51 AM

හොඳ උත්සාහවන්ත චරිතයක්. ඔබට මම හදවතින්ම සුභ පතනවා. (ස)

:       0       0

රංජිත් Thursday, 23 August 2012 04:02 PM

ඇත්තටම නංගි ඔයා ලස්සනයි..සුභ පැතුම්..(ස)

:       0       0

ලක්මාල් Saturday, 18 August 2012 04:57 PM

තව ටික කාලෙකින් පබා වගේ වෙයි.. එනකොට ඔහොම තමයි කවුරුත්..! (නු)

:       0       0

අනුර Monday, 13 August 2012 02:57 AM

ඔබේ අදහස මම අනුමත කරනවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 24 August 2012 01:37 PM

හරි ශෝක් සූටි කෙල්ල නේද? (ස)

:       0       0

සුදත් Monday, 13 August 2012 04:05 AM

ලස්සනයි වගේම ඇය දක්ෂයි, සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 15 August 2012 11:51 PM

ඔබ කියලා තිබෙන දේවල් ටික තුළින් ඔබ ගොඩක් බුද්ධිමත්ව හිතන කෙනෙක් කියල හැමෝටම තේරෙනවා නංගියේ. ඒත් ඔබගේ ෆොටෝ වල තියන තියන මේක්අප් වලදී ඔයාට වැරදිලා. ඔයාගේ නියම ලස්සන තියෙන්නේ ඇස් වලට ලෙන්ස් නොදා, ඕනවට වැඩිය මේක්අප් නොකර තිබුණා නම් කියලයි මට හිතුණේ. කොහොම වෙතත් ඔයාට ලස්සන අනාගතයක් සහ වාසනාවන්ත ජීවිතයක් ලැබේවා! (නි)

:       0       0

මංගල Monday, 13 August 2012 06:38 AM

සුභ පැතුම්! (නි)

:       0       0

සුභාෂි Thursday, 16 August 2012 01:57 AM

තවත් එක් විශිෂ්ට කලාකරුවෙක්. සුභ අනාගතයක්! (නි)

:       0       0

ලලිත් අරුණ Sunday, 19 August 2012 01:17 PM

මම නම් හිතන්නේ හැංගිලා ඉදලා ඉදලා කලාතුරකින් මුහුණ පෙන්නුවයි කියලා විශිෂ්ටයින් බිහිවන්නේ නැති බවයි. (නි)

:       0       0

ගයාන් Friday, 07 September 2012 09:17 AM

ඔයා ඇත්තටම ලස්සනයි...(ස)

:       0       0

දිසානායක Monday, 13 August 2012 08:28 AM

නගේ, බොරු සෝබන වැඩක් නැහැ. රටට වැඩදායක කාන්තාවක් වෙන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

යශෝධා Monday, 13 August 2012 08:33 AM

ඉතා විශිෂ්ටයි. සුභ පැතුම්! (නි)

:       0       0

සම්පත් Sunday, 12 August 2012 05:42 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සම්පත් Sunday, 12 August 2012 05:44 PM

අනාගතයට සුභ පැතුම්! (නි)

:       0       0

උපාලි Wednesday, 15 August 2012 03:49 PM

සුභපැතුම් ඔබට

:       0       0

සඳා Sunday, 12 August 2012 06:30 PM

සුභපැතුම්

:       0       0

ජයරත්න Friday, 24 August 2012 08:01 AM

නෝනා ඔහොම යන්කෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 587 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4374 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1992 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8751 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site