IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නීතිවේදියෙක් ගොකරැල්ල පොලිසියෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි

අසත්‍ය චෝදනාවක් මත  ගොකරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමෙන් තම කිර්තිනාමයට සිදුවු   හානිය වෙනුවෙන්  රුපියල්  මිලියන 500 ක වන්දි   ඉල්ලා  කුරුණෑගල අධිකරණයේ නීතිඥ  වසන්ත ධම්මික ගමආරච්චි  මහතා  ගොකරැල්ල පොලිස්  ස්ථානාධිපති  ඇතුළු විසිදෙනෙකුට  එරෙහිව කුරුණෑගල දිසා අධීකරණයෙහි නඩුවක්  ගොනු කර  ඇත.

ගොකරැල්ල පොලිස්  ස්ථානාධිපති ආනන්ද අබේරත්න සුළු පැමිණිලි අංශයේ  ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සොයිසා , පොලිස් කොස්තාපල් (44353) බණ්ඩාර, පොලිස්පති   සහ නිතිපති   මෙම නඩුවේ  වගඋත්තරකරුවන් ලෙස නම්කර  ඇත.

තම පෞද්ගලික වත්තක සේවය කළ අඹුසැමි යුවළක්  ඔවුන්ගේ  කල් ක්‍රියාව යහපත් නොවිම හේතුවෙන් වත්තේ සේවයෙන්  ඉවත් කළ බවද, ඔවුන් පසුදින තමන්ට එරෙහිව ගොකරැල්ල පොලිසියට  අසත්‍ය  චෝදනාවක් කර  තිබු  බවද පවසන පැමිණිලිකරු තමන් ඔවුන්  දෙදෙනාට  පහරදි  තුවක්කුවකින් සහ පිස්තෝලයකින් අහසට වෙඩි තබා තර්ජනය කොට  එම යුවළේ කාන්තාව ඇදගෙන ගොස් කරදරකර  පසුව ඇයට  පහරදි එළවා  දැමු  බව එම පැමිණිල්ලේහි  සඳහන් කර තිබු  බවද පැමිණිලිකරු තම පෙත්සමෙන් වැඩිදුරටත්  සඳහන් කර  තිබේ.

වසර  විස්සකට  අධික කාලයක් විවිධ අධිකරණවල නිතිඥවරයකු  ලෙස කටයුතු  කරමින්  දැනට  කුරුණෑගල නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ  උපසභාපතිවරයා  ලෙස කටයුතු  කරමින් ඉතා විශිෂ්ට කිර්තියක් සමඟ උසස් 

සමාජ තත්ත්වයක්  දරන තමන් හට  බලවත්  අපකීර්තියක්  අපහාසයක්  බරපතල ශාරිරික හා  මානසික පිඩාවක්  ගෙන දුන් බවද පැමිණිලිකරු ප්‍රකාශ කර සිටියි.

මෙම පුවත මුද්‍රිත හා  විද්‍යුත් මාධ්‍යවල පළවීම හේතුවෙන් සිදුවු කිර්තිනාමය, අපහාසය සහ මානසික පිඩාව වඩාත්  තීව්‍ර වු බවත්  කියා සිටින පැමිණිලිකරු ඉහත කී පැමිණිලිකරුවන් ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12 සහ 13 වන වගන්තියේද සහ අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සම්මුතිය ප්‍රකාරව පැමිණිලිකරුට ඇති අයිතිවාසිකම්  උල්ලංඝණය කරමින් පිඩාවට පත්කර  ඇති බවද පෙත්සමෙහි සඳහන්ය.



අදහස් (0)

නීතිවේදියෙක් ගොකරැල්ල පොලිසියෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි

අනුර Wednesday, 14 October 2015 05:29 AM

නීතීඥයන් ගැන නොදන්න අය එක එක අදහස් පළ කරල තියනව. නීතීඥයන් කියා පිරිසක් සිටියෙ නැත්නම් වෙන දේ සිතන්නට බැරි තරම් භයානකයි. කෙනෙක් මිනියක් මරල ඔබේ වත්තට පිහිය විසිකරනව. පොලීසියෙන් ඔබව අල්ලගෙන ගිහින බාල්කෙක එල්ලල වාරද පිළෛගන්න කියල ගහනව. ඔබ වරද පිලිගන්නව. මාධ්‍ය මගින් ඔබව සමාජය ඉදිරියෙ වැරදිකාරය කරනව. ඔබව එල්ලා මරන තුරු ඔබවත් දන්නෙ නෑ. නීතීඥයන් ඇත්ත බොරු කරන්නෙ නෑ. පොලීසියෙන් දාන බොරු නඩු නීතීඥයන් විසින් හෙළිදරවු කරනවා . ඒකෙනුයි ඔය ඇත්ත බොරු කරන කතාව එන්නෙ. (අ)

:       0       0

අනුර Wednesday, 14 October 2015 05:29 AM

නීතීඥයන් ගැන නොදන්න අය එක එක අදහස් පළ කරලා තියනවා. නීතීඥයන් කියා පිරිසක් සිටියෙ නැත්නම් වෙන දේ සිතන්නට බැරි තරම් භයානකයි. (ර)

:       0       0

ලංකා Tuesday, 13 October 2015 05:54 PM

කාගේ කාගේත් හැටි අපි දන්නවා (නි)

:       0       0

ජාලිය Wednesday, 14 October 2015 05:52 AM

දෙවිවරුවන් හොඳ සාධාරණ නීතීඥයන්ද සිටිනවා. නමුත් බහුතර අය මින්ස්සුන්ව ගසා කනවා. කල්මරනවා බොරුවට. ඒවාට කවුරුන් හො මනුස්සයෙක් වන්දි ගෙවන්නේ තම ජීවිතයෙන්. සමහර ඉඩම් නඩු නිසා ඇත්ත අයිතිකාරයො මැරෙන්නෙත් දුකෙන්. මේක බොරුයි කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ. (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 14 October 2015 06:05 AM

දෙන්න පුළුවන් ගානක් ඉල්ලන්නකෝ !! අන්තිමේදී ආදායම් බදු දෙපාර්තමේන්තුව දෙන්නම අල්ලාගෙන යනවනේ !! (බ)

:       0       0

කාන්ති Wednesday, 14 October 2015 06:11 AM

චන්ද්‍ර වීරසිංහ, මේ වන්දිය ඉල්ලන්නේ නීතිඥතුමෙක්.? ඒකයි ගාන සැර. (ර)

:       0       0

අරුණ Wednesday, 14 October 2015 01:36 PM

මේකට හැබෑට මොනවා වෙයිද? (නි)

:       0       0

වෙදගේ Tuesday, 13 October 2015 11:56 AM

පොලිසියේ ඉන්නේ බබ්බු නේ (බ)

:       0       0

කපිල Tuesday, 13 October 2015 06:37 PM

පොලිසියට මේ ගණන ගෙවන්න පුලුවන්ද? (නි)

:       0       0

රූපවතී Tuesday, 13 October 2015 12:04 PM

මේ නීතිය සාධාරණව ඉටුකිරීමේ භාර දුර ක්‍රියාවට දිවුරුම් පිට දිවුරුම් දී ඒ රාජකාරියේ ගරුත්වය රකින්න ඉන්නා මේ අය.. සදහටම අසරණයට යුක්තිය ඉටුනොකර අයුක්තියට කත් ඇද මහා ධනස්කන්දයක් අසාධාරණ මුදල්වලින් ගොඩගසාගෙන විදින සුර සැපයෙන්..ඒ අයට සිදුවුණු කළු පැල්ලම..ගැන ගොඩාක් කම්පාවෙලා ...කීර්තිනාමයට සිදු වුණු කැළල වෙනුවෙන් මිලියන 500ක් නම් මේ මිනිස්සු ඇත්ත බොරු කරලා අසරණයන්ගේ රීරීමාංශ ගිල දමපුවාට කවුද වන්දි ගෙවන්නේ ...? ස්වභාව ධර්මය දඩුවම් දෙන්නේ ඒකයි ...මේ මිනිසුන්ට ..? අනික මේ මිනිසුන්ට අලුතින් නීතිය උගන්වන්න ඕනේ දියුණු රටවල වගේ, වෙනස් වෙන රටේ අලුත් පනත් සහ නීති ක්‍රම සම්පාදනයන් මේ මිනිසුන් මොකවත් දන්නේ නැහැ ..දැන් පොලිසියද මෙයාට විරුද්ධව පැමිණිලි කළේ (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 13 October 2015 08:01 PM

ගොකරැල්ල පොලිසියේ එතරම් මුදලක් කොයින්ද? කරුණාකර ඉවසන්න!! (නි)

:       0       0

ජීවන්ත Wednesday, 14 October 2015 02:37 AM

ඇත්ත නැත්ත කරලා, තියෙන ගේ ඉඩම උගස් කරලා ගාස්තුව අයකරගන්න තැනට වැඩ සිද්ධකරන සහ නඩු අවුරුදු ගණන් ඇදගෙන ගිහිල්ලා අසරණ මිනිසුන්ගේ ජීවිත වලට ගෙවන්න බැරි විදියේ පාඩුකරන සමහර අයට මිනිස්සු පොල් ගහනවා. ශාප කරනවා. (නි)

:       0       0

මාධව Tuesday, 13 October 2015 02:22 PM

රුපවති, ඔබ නීතිය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් ඇති අයෙකු නොවන බව ඉතා පැහැදිලිය. (ර)

:       0       0

සෑම් Tuesday, 13 October 2015 09:00 AM

වන්දි ඉල්ලිය යුත්තේ පොලිසියට පැමිණිලි කල අයගෙන් මිසක් පැමිණිල්ල විභාග කල පොලිසියෙන් නොවෙයි. (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 10:13 AM

අසත්‍යය පැමිණිල්ලක් කළ පැමිණිලිකරුගෙන් වන්දි ලබා ගැනීම මිස පොලිසිය චුදිතයා කිරීම කැකිල්ලේ රාජ සභාව සිහිගන්වයි. (බ)

:       0       0

මනෝරි Wednesday, 14 October 2015 04:37 AM

මෙයාගේ බල පුළුවන් කාර කමට ඒ වගේ දෙයක් කළාද කව්ද දන්නේ? ඇත්තටම එහෙම කළානම් ඒ අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන්නේ කව්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 639 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1661 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 403 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 177 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1508 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site