IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නැතිවූ උදයංග ඉරානයෙන් මතුවේ

ලංකාවට නොපැමිණ මාස කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් භාණ්ඩ තොගයක් ඉරානයේ සිට කොළඹ වරායට එවීමටත්, එම භාණ්ඩ වෙනත් පුද්ගලයකු වෙත පැවරීමටත් ඇටර්නි බලපත‍්‍රයක් සහතික කර දෙන ලෙස කළ ඉල්ලීම ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ප‍්‍රතික්ෂේප කළ බව විදේශ අමාත්‍යාංශය කියයි.

හිටපු තානාපතිවරයා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට ගොස් මෙම ඉල්ලීම කර ඇති බවත්, එවැන්නක් සහතික කළ නොහැකි බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා උදයංග වීරතුංගට දැනුම් දී ඇති බවත් විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහීෂනි කොළොන්නේ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළාය.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම අවස්ථාවේදී උදයංග වීරතුංග මහතා සතුව තිබූ රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රය ඉල්ලූ නමුත් එය නොදෙන බවට වීරතුංග ප‍්‍රකාශ කර තිබෙන බව ද විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව කියා සිටියාය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත‍්‍රය අවලංගු කළ බවත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ඒ රටවලට දැනුම් දී තිබෙන බවත් අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව කියා සිටියාය.

යුක්රේන කැරලිකරුවනට අවි විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කිරීමට සොයද්දී ඔහු ඉරානයට ගොස් ඇතැයි කියති. ඔහු සමග රුසියාවේ සිටි සහායකයකුගේ හදිසි මරණය ගැනද පොලිසිය සැකකරයි. ඔහුගේ සිරුර ගිය මාසයේදී ගොඩගත් පොලිසිය එහි කොටස් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට යැවීය.



අදහස් (0)

නැතිවූ උදයංග ඉරානයෙන් මතුවේ

විරාජ් Wednesday, 03 June 2015 02:36 PM

මෙවැනි අයට පත්වීම් දුන්නු අයගෙන් ප්‍රශ්න කල යුතුයි. (ර)

:       0       0

පද්මිණී Thursday, 04 June 2015 05:50 AM

ඉරානයේ සිට එවන භාණ්ඩ තොගය කුමක් විය හැකිද? පාවෙන අවිද? මේ මගෝඩි අල්ලන්ට කල්ප ගානක් යයි. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 03 June 2015 03:58 PM

කට උත්තර දෙන්න කතාකළාම මගේ මව සහෝදරයා දේශපාලනයට ගාවගන්න එපා කියන අය ගැන කියන්න ඕනමයි. අපි තරයේ විශ්වාස කරනවා වගේම පැහැදිලි සාක්ෂි තිබෙනවා අර හදීසියේ මියගිය පුද්ගලයා මෙම අයථා ගනුදෙනු වල ප්‍රතිපලයක් කියා ....කරුණාකර බලන්න මොවුන් බලය තියාගෙන රටේ කර තිබෙන අපරාධ ගොන්න ..මේ දුෂණ වලට සම්බන්ද මහා එකාගේ ඉඳලා පොඩිඑකා දක්වාම ජම්පරයයි නොම්මරයයි අයිති වනතුරු ලොව කොහේ සිට හෝ සටන් කරමි (බ)

:       0       0

බටන්ගල Thursday, 04 June 2015 06:52 AM

මේ අය තනතුරු වලට පත් කරපු මිනිස්සු අයෙමත් බලයට එන්න කෑ මොර දෙනවා. ඇයි මේ? වාසුට ,ගම්මන්පිලට, විමල්ට මේ යතාර්ථය තේරුම් ගන්න අවශ්‍ය නැහැ. බලයේ රැදෙන්නයි ඕනේ (ම)

:       0       0

අචිනි Wednesday, 03 June 2015 04:38 PM

චානක, අපිත් ඔබ සමඟයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 03 June 2015 05:05 PM

ලංකාවේ තිබෙනවා නේද එක්තරා නීතියක් සැකකරු හොයාගන්න බැරිනම් ඔහුව සොයාදෙනතුරු ඔහුගේ ළඟම සම්බන්ධ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න ක්‍රමයක්...එසේ නම් ඉන්නවා නේද ඒකට ඕනෑතරම් පුද්ගලයන් ? (නි)

:       0       0

රත්නායක Wednesday, 03 June 2015 06:22 PM

ජම්පරයටයි නොම්මරයටයි කැමති චානක ලොස් ඇන්ජලිස්ට ඒ අවස්ථාව ඉන්න තැනකදීම ලැබේවා කියලා ‍ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ජෝර්ජ් Wednesday, 03 June 2015 07:47 PM

මේ හොරුන්ව පත්කළ අය කසාය බීපු ගොළුවෝ වගේ ඔහේ නොදන්නා ගානට ඉන්නවා. මේ තමා විලි ලැජ්ජා නැති වැඩ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 03 June 2015 08:43 PM

චෝදනා නම් දැන් සාක්ෂි ඇතුවම ඔප්පුවෙලා තියෙනවා. (නි)

:       0       0

සුදෙල්මි Wednesday, 03 June 2015 09:03 PM

මෙවැනි හොරු රකින අය ඊළඟ මැතිවරණයේදී ගෙදර යවලා හොද බුද්ධිමත් තරුණ පිරිසක් මොන පක්ෂෙන් හරි කමක් නැහැ පත්කරගන්න. තානාපති කාර්යාලට ආවා නම් මොහුව ඉරාන පොලිසියට බාරදෙන්න තිබුනා නේද? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 09:10 PM

කවදත් එඩිතරව ඉදිරියට එන ලොස් ඇන්ජලිස් චානකට අපගෙන් මල් මිටක්! (නි)

:       0       0

සඳුන් Wednesday, 03 June 2015 09:21 PM

දැන් අපේ කට්ටිය කියයි "තවත් කෙනෙක්ගෙන් පළිගන්නවා. කෝ මේකට කලින් අරක කරන්න ඕනෑ" කියලා. (නි)

:       0       0

නිහාල් Wednesday, 03 June 2015 11:51 PM

මේ පරීක්ෂණය අවසානයේ ඇත්ත හෙළිවේවි (නි)

:       0       0

විජිත් Thursday, 04 June 2015 12:17 AM

මෙතරම් විශාල වරදක් කරලත්,බය නැතුව වෙනත් තානාපති කාර්යලයකට ගිහිල්ලා තියෙන්නේ කිසිම බයක් සැකක් නැතුවනේ. හිතාගෙන ඇති ජනවාරි 8 වෙනිදාට කලින් තිබුන පාලනයයි තවම තියෙන්නේ කියලා. (නි)

:       0       0

බර්ටි Thursday, 04 June 2015 12:27 AM

හිටපු තානාපතිවරයෙක් කියන්නේ මොනතරම් උසස්, නීතිය ගැන රටතොට ගැන දන්නා කෙනකේ වියයුතුද? තානාපතිවරු ලෙස ඉන්න කාලේ කොහොම වැඩ කළාද කියලා හිතාගන්න පුළුවන් මේවා දැක්කහම. මේ වගේ අය පත්කළ අයටයි පළමුව දඩුවම් දියයුත්තේ (නි)

:       0       0

ලසිත Thursday, 04 June 2015 12:29 AM

අනේ! මෙන්න අපේ රටේ සිටි නල්ලමලේ තානාපතිලා. (නි)

:       0       0

දිල්රුක් Thursday, 04 June 2015 12:59 AM

ලොකු ලොකු තැන් වල සහ රාජ්‍ය ආයතන වල ලොකු පුටුවල ඉඳලා තියෙන්නේ මෙන්න මේ වගේ අය තමයි පහුගිය කාලේ. අදටත් ඒ බහුතරය ඒ පුටු වලම යෙහෙන් වැජඹෙනවා. ඒකයි දුක. (නි)

:       0       0

සමන්ති Thursday, 04 June 2015 01:01 AM

මේවා මඩ වෙන්න බැරිද? (නි)

:       0       0

යටවත්ත Thursday, 04 June 2015 01:00 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)

:       0       0

ජගත් Thursday, 04 June 2015 01:02 AM

විජිත්, මේ කට්ට්ය බය නැහැ. ඒ කාලේ කරපුවැ හැටියට මේවා මොනවද කියලා හිතෙනවා ඇති. ප්‍රසිද්ධියේ පසුගිය ආණ්ඩුවට කඩේ ගිය නිලධාරින් අදටත් එහෙමම තමයි. කට පොඩ්ඩක් වහගෙන එච්චරයි. රට කනවා අදටත්. (නි)

:       0       0

කපිල Thursday, 04 June 2015 01:05 AM

හිටපු තානාපති, හිටපු ජාත්‍යන්තර උපදේශකලා, හිටපු මහලොකු නිලධාරින් ඔක්කොම එකයි වගේ නේද? (නි)

:       0       0

දිල්හානි Thursday, 04 June 2015 01:08 AM

සමන්ති , එතකොට හිටපු තානාපතිවරයෙක් හැංගිලා ඉන්න එකත් මඩක්ද? ‍ (නි)

:       0       0

සාගර Thursday, 04 June 2015 01:11 AM

අපි ජාත්‍යන්තරය එක්ක සම්බන්ධ වෙන්නේ විදේශ සේවය හරහා. එහි සිටි ඉහළම නිලදරුවන් මෙහෙම නම් අන් අය ගැන කවර කතාද? අපේ රටේ විදේශ කියන නමට ඈඳුනු ආයතන වල තව තව මරු මරු කට්ටිය ඉන්නවා. (නි)

:       0       0

සේකර Thursday, 04 June 2015 01:14 AM

කවුද මේ පුද්ගලයාව තානාපති කෙනෙක් විදියට පත්කළේ? (නි)

:       0       0

නිමල් Thursday, 04 June 2015 01:19 AM

"ලංකාවට නොපැමිණ මාස කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති" මේකම මොනතරම් ලැජ්ජා වියයුතු තත්වයක්ද රටට? (නි)

:       0       0

දුමින්ද Thursday, 04 June 2015 02:23 AM

ඇමරිකාවත් යුක්රේනයේ යුද්දයට අවි සපයා ඇත......(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1784 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1128 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2053 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 512 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2944 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site