IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


‘‘නීති කඩන උද්ඝෝෂකයන්ට සමාවක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

නිරෝධායන නීති කඩකරමින්  උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත්  එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ  ලංකා ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස  නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාව පළ කරමින්  අදහස් දැක්වූ අවස්ථාවේදීය .

මේ එහිදී ඇති ඇතිවූ සංවාදයයි .

සරත් වීරසේකර මහතා :

නීතිය කඩ කරනවා නම් තරාතිරම කුමක් වුවත් ක්‍රියා කරනවා . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රැස්වීම් උද්ඝෝෂණ තියන්න අවසර දෙන්න එපා කියලා පොලිස්පතිතුමාට කියලා  තියෙනවා.

එජාප පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා :

ජනතාවට රැස්වීමට අයිතියක් තියෙනවා. ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන පනත යටතේ මුලතිව් ගෙනියන්න බැහැ.  නිරෝධායන පනත  මානව  අයිතිවාසිකම් අනුව සැකසිය යුතුයි. මෙයාලා කොරෝනා  පරීක්ෂණවලට යොමු කරලත් නැහැ


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

මේ රෙගුලාසි ක්‍රියාත්මක කළ හැක්කේ නිසි බලධාරියාට පමණයි. නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා .පොදු ස්ථානවල හැසිරීමේදී  ක්‍රියාදාමයක් හඳුන්වා දී තිබෙනවා . මෙතනදි ක්‍රියාත්මක විය හැක්කේ පොලිසියට නොවේ. මෙතනදි නිරෝධායන පනත උල්ලංඝණය  වුණා . නිරෝධායනය ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් .ඒක පොලිසියට අතට ගන්න බැහැ . මෙය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් . ඒ වගේම සෞඛ්‍ය  රෙගුලාසි උල්ලංඝනය කර තිබෙනවා.  සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීම පොලිසිය උදුරාගෙන තිබෙනවා . කොරෝනා  පරීක්ෂණ නොකර ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස  නිරෝධායනයට යොමු කළේ කොහොමද."

"මම පොලීසියට චෝදනා කරන්න කැමති නැහැ. මොකද පොලිසියේ බහුතරයක් හොඳින් රාජකාරි කරන අය  .
මේ රටේ අද තියෙන්නෙ කැලෑ නීතිය."

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා :

බැසිල් දිවුරුම් දීමෙන් පසු ඔහුට  සුබ පතන්න නගර ගණනාවක තෙරපි තෙරපි ජනහමු පැවැත්වුණා. එතනදී ඒ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ . මෙතනදි ක්‍රියාත්මක වුණා. මෙය දේශපාලන දඩයමක් .තවත් විදියකින් කියනවා නම් පැහැර ගැනීමක්.මේ අය යළි කැඳවන්නයි ඔබතුමා නියෝගයක් ලබා දෙන්න .

සරත් වීරසේකර මහතා

උද්ඝෝෂණ කරන අය අප මීට පස්සෙත් අත්අඩංගුවට ගන්නවා . නිරෝධායන කළ යුතු බව කියන්නේ සෞඛ්ය නිලධාරීන්.අපි ඒ අය මුලතිව් අරන් ගියේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව . මම කාන්තාවන්ට ඇඳුම් අරන් ගියේ නෑ . ඒ අය භාණ්ඩ නැහැ කියලා මට කිව්වා .මම ඒ ගැන පොලිස්පතිතුමාට කිව්වා පමණයි . මෙතනදිත් මම ඒක කළා නම් ඔබතුමාලා ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා කියාවි . කවුරු කිව්වත් අපි නිරෝධායනය නවත්වන්නේ නෑ .නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගැනීමත් අපි නවත්වන්නේ නැහැ .

විපක්ෂ නායක :

කිසිම සෞඛ්‍ය නිලධාරියෙක් උසාවිය ඇතුලළේවත් උසාවියේ පිටතවත් හිටියේ නැහැ . ඒක තමයි තිත්ත ඇත්ත . ඔය කොරෝනා නීති දිවුරුම් දීමෙන් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණවලට අදාළ  නැද්ද . ඒ වගේ තැන්වලදි රතිඤ්ඤා පත්තු කර කර දඟලන්න පුලුවන්ද .

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා

මේ යන්නේ සභාවේ න්‍යාය පත්‍රයද .  මේවා න්‍යාය පත්‍රයට  අදාළ  නෑ .මේක කෝලම් මඩුවක් කරන්න එපා .පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දු මෙතන ක්‍රියාත්මක කරන්න . න්‍යාය පත්‍රයට දැන් අවධානය යොමු කරන්න .

(සභාවේ ඝෝෂා )

කතානායක:
මොකක්ද රීති ප්‍රශ්නය . මේ රැස්වීම කඩාකප්පල් කරන්න උත්සාහ කරන්න එපා . ඒක අශෝභනයි .ඔබතුමාලගේ නායකයෝ මේ සභාව ගෙනියන්න උදව් කරනවා කිව්වා .

(සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කෑ ගසති.)

අනුර දිසානායක මහතා :

නීතිය කියන්නේ  ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගාත නොවේ.

කතානායක :
පෙත්සම ඉදිරිපත් කරන්න

අනුර දිසානායක මහතා :

මේක තමයි රටේම පෙත්සම .සරත් වීරසේකර මහතා රටටම ඉදිරිපත් කළ පෙත්සම ගැන අපි ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .

නලීන් බණ්ඩාර මහතා:

මෙතුමා ජෝශප් ස්ටාලින් ඇරියේ මුලතිව්වලට .නමුත් පියුමි හන්සමාලි බණ්ඩාරවලට ඇරියා .



අදහස් (21)

‘‘නීති කඩන උද්ඝෝෂකයන්ට සමාවක් නෑ‘‘

Naleen Friday, 09 July 2021 12:35 PM

මෙවන් අවදානම් අවස්ථාවක සීමා පැනවිය යුතුයි. එසේම පාරවල්වල කිරිබත් කන, පෙළපාලි යන අයටත් නීතිය ක්‍රියාත්මක වුණා නම් හොඳයි..

:       5       165

හංසමාලී Friday, 09 July 2021 12:54 PM

සරත් සර්, සමහරුන්ට දරණු විදියට කතා කළාට වෙලාවකට පොඩි ළමයෙක් වගේ...

:       5       172

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 July 2021 01:22 PM

අධිකරණයෙන් ඇප දුන්නු අයට කිසිඳු පීසීආර් පරීක්ෂා කිරීමක් නොකොට මෙසේ හිතු මනාපෙට නිරෝධායනය සඳහා ගෙනයාම නීතියට පටහැණි බවයි පෙනී යන්නේ... මේ දේවල් මෙසේ වුණාට, දිගට හරහට රංචු ගැසී ප්‍රීතිඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තුකරන කට්ටිය ගැන මේ පොලිස් ඇමැතිට පේන්නේ නැහැ. හමුදාවේ සේවය කරපු අය හරිහැටි පොලිස් රාජකාරි ගැන දන්නේ නැතුවා වගෙයි පේන්නේ.

:       2       253

sugathFriday, 09 July 2021 03:52 PM

ඔය රංචු ගැසී ප්‍රීතිඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තු "කරාලු"... කියන කට්ටියට මොලේ නැහැයි කියමුකෝ...! එතකොට මේ අයත් එකතුවෙලා උද්ඝෝෂණය කරලා... ඒ වගේම දෙයක් කළාම, ඔය කියන වැරදි දේ නිවැරදි වෙනවාද..?

:       144       1

බමුණු.Friday, 09 July 2021 10:40 PM

සුගත් මොළේ උඩ ඉඳගෙන ඉන්නා නිසා ඔහුට සත්‍යය අවබෝධ නොවන බව පෙනේ...

:       119       20

Kasun Chameera Friday, 09 July 2021 01:22 PM

එතකොට දන්සල් දීපු මිනිස්සුන්ට, පාරවල් වල ජයඝෝෂා පවත්තපු අයට මොකද්ද නීතිය...?

:       2       121

sachithFriday, 09 July 2021 02:11 PM

ඒ කිරිබත් හදලා තියෙන්නේ ධම්මික පැණිය දාලා. ඒක නිසා ඒ කට්ටියට කොරොනා නෙමෙයි මොන වසංගතයක් ආවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..

:       0       133

RawanaFriday, 09 July 2021 04:08 PM

රිටිගල පැණියත් දැම්මා නම් කට්ටිය හඳේ...!!!

:       0       176

සනත් Friday, 09 July 2021 02:22 PM

එතකොට රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවට කමක් නැද්ද හන්දිවල..? එක රටක්, එක නීතියක් කියන්නේ එහෙමද? තමන්ට එක නීතියක්, විරුද්ධ අයට තව නීතියක්... මෙහෙම රටවල් වලට ලෝකෙ හිනාවෙනවා.

:       1       86

Ranjit Friday, 09 July 2021 02:27 PM

එතකොට අර නුවරඑළියේ තිබුණු සැණකෙළියට, සුප්‍රකට දේශපාලන තාත්තාගේ මරණ ගෙදරට ඔය නීතිය ක්‍රියාත්මක වුනේ නැත්තේ මොකද මහත්තයෝ...? අලුතෙන් ආපු විශ්වකර්මයා පිළිබඳ ප්‍රවෘත්තිවලට වැටිලා තියෙන ප්‍රතිචාර ගැන පොඩි සමීක්ෂණයක් කරලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි සේරම දැන් "පුස්වෙඩි" බවට පත්වෙලා කියලා.

:       1       166

pradeepa Friday, 09 July 2021 02:39 PM

නිරෝධායනයට යන හැම කෙනාටම සරත්ගෙන් රෙදි පාර්සලයක් නොමිලේ දෙනු ලැබේ...

:       0       36

Neela Friday, 09 July 2021 02:39 PM

හිතු මනාපෙට නිරෝධායනය = කැලෑ නීතිය

:       1       61

Chris Friday, 09 July 2021 02:45 PM

ආණ්ඩුවේ එක අතක් කරන දෙය අනෙක් අත නොදන්නා බව. හෙමින් හෙමින් රට ඉතාමත් නරක තත්වයකට යන බව මගේ වැටහීමයි..

:       1       78

sampath Friday, 09 July 2021 03:20 PM

කාලයක් ආණ්ඩු කාලේ හදිසි නීතියෙන්, දැන් කොරෝනා පිහිටෙන් බලමු මිනිස්සු උද්ඝෝෂණය කරනවා නම් ඒවට හරියට උත්තර දුන්නා නම් ඉවරයි. මිනිස්සු කුදලන් ගියාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. වර්ජකයන්, තර්ජකයන් නිරෝධායනය කිරීම නෙවෙයි, සහමුලින්ම නෙරපන්න.. නමුත් මේක තේරුමක් නැති වැඩක්..

:       0       24

Nuwan Friday, 09 July 2021 03:25 PM

ඔතන අත්අඩංගුවට ගත් කිසිම කාන්තාවක් ළඟ මෙතුමගේ අංකය තිබුණේ නැද්ද?

:       0       70

K.wipula anandasiri Friday, 09 July 2021 03:30 PM

මේ දිනවල වසංගතයෙන් බේරෙන්න ඕනේ..

:       112       2

asanka Friday, 09 July 2021 03:44 PM

මිනිසුන් ඒකරාශි වීමෙන් වසංගතය ව්‍යාප්ත වීම පසුගිය සිංහල අවුරුදු සමයේ සිදුවුණා. වසංගතය ව්‍යාප්ත වී රට වැසීමට සිදුවූ විට, මිනිසුන් දොස් පවරන්නේ රජයටයි. අද රටේ මිනිසුන් තමන්ගේ වගකීමක් ලෙස රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කටයුතු කළ යුතුයි. එසේ නොකරන්නන්ට නීතිය මගින් ක්‍රියා කිරීම කළ යුතුයි.

:       172       1

සමන්ත Friday, 09 July 2021 05:40 PM

රටේ ජනතාව සහ ව්‍යවස්තාව පත් කරගන්නා ලද දේශපාලකයින්ට වඩා පවතින්නක් බව දැනගැනීමට තරම් මොළ කළඳක් හෝ මේ වීරසේකර නැමැති ජාතිවාදී, ආගම්වාදී, වන්දිභට්ටයාට නැති බව පැහැදිලිය. ඔහු හිතාගෙන ඉන්නේ රටේ නීතිය ඔහු යැයි කියාය. මෙම භයානක රෝගය ඔහුගේ සහෝදරයා වන ආනන්ද වීරසේකර නම් පුද්ගලයාටද එකල තිබුණි. කෙසේවෙතත් තමන් වපුරන දේ නිසි කළ පැමිණි විට නෙලා ගැනීමට සරත් වීරසේකර සූදානම්ව සිටිය යුතුයි​.

:       1       55

Bamunuarachchi Sunday, 11 July 2021 11:10 AM

නීති කඩන උද්ඝෝෂකයින් රටට හෙනයක්.... ඔවුන්ගේ අඬු කැඩුවට අපේ කිසිම අමනාපයක් නැහැ.

:       3       0

වලව් ඩෝබිSunday, 11 July 2021 01:34 PM

හිමිකරුවන් නොමැති මල්වානේ දේපළ භුක්ති විඳින අය රටේ මුදල් ඇමති වුණාටද අපේ අමනාපයක් නැත. කෙනෙක් කුලියට කැස්සාටද අපේ අමනාපයක් නැත...

:       0       2

BamunuarachchiSunday, 11 July 2021 05:19 PM

අදාළ විෂට කතා කොරන්න පුරුදු වෙන්න. මල්වානේ ඉඩම් මේවා සම්බන්ද නැහැ. වැඩ අනා ගන්නවා කියන්නේ ඔවට. සමහරු මල්වානේ ඉඩම් ගත්තා තවත් සමහරු ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 651 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 313 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 268 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1096 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1452 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1622 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site