IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නෙත් වගේ පොත් සිත් පුරා පෙරළන නෞකාව කොළඹ ඇවිත්

ජාත්‍යන්තර පොත් රැසක් සමග ලෝක ප්‍රසිද්ධ ‘ලෝගෝස් හෝප්‘ නෞකාව මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවට ගොස් ශ්‍රී ලාංකිකයෝද එහි ඇති පොත් බලමින් හා නැවේද සංචාරය කරමින් අපූරු අත්දැකීම් ලබති.

ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝගෝස් හෝප් නැව නොවැම්බර් 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ නවතා තිබේ. 2013 වසරේදී අවසන් වරට මෙරටට පැමිණි මෙම නැව ඉදිරි වසර 8 තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන අවසාන වතාව මෙය බව සංවිධායකයෝ කියති.

රුපියල් 100 ක් වැනි මුදලකට නැවට ඇතුළුවී හිතේ හැටියට පොත්පත් තෝරා ගැනීමට මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීමටද අවස්ථාව ලබාදී ඇත.

මෙම නැව මෙරට රසිකයන් වෙනුවෙන් ඉරිදා අඟහරුවාදා දිනවල පස්වරු 1 සිට පස්වරු 7 දක්වාත් බදාදා හා සෙනසුරාදා දිනවල පෙරවරු 10 සිට පස්වරු 7 දක්වාත් විවෘතව තැබේ.

ලෝක ප්‍රසිද්ධ නවකතා, අධ්‍යාපනික, ආගමික, සූපවේදී, ළමා ග්‍රන්ථ රැසක් එහි දැකිය හැකිය. අඩු මුදලකට එම කෘතීන් මිලට ගැනීමේ හැකියාවද ලබාදී ඇතැයි සංවිධායකයෝ කියති.

යන එන්නන්ට සුව පහසු සේවාවක් සපයා ඇති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලොව පුරා විවිධ රටවල් 65 කට අයත් සාමාජිකයෝ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් තම සේවය ලබාදීමට කැපවී සිටිති. ආපන ශාලාවක්ද මෙහි ඇති අතර වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ට හා අවුරුදු 65 ට වැඩි පිරිසට නොමිලේ ඇතුළුවීමේ අවසරයද ලබාදී ඇත.

Logoshope_2015113 Logoshope_2015113-2 Logoshope_2015113-3 Logoshope_2015113-4 Logoshope_2015113-5 Logoshope_2015113-6 Logoshope_20151137



අදහස් (0)

නෙත් වගේ පොත් සිත් පුරා පෙරළන නෞකාව කොළඹ ඇවිත්

නොයෙල් Tuesday, 03 November 2015 08:00 PM

තවත් ආකර්ෂණීය ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 November 2015 08:11 AM

පාසල් දරුවන්ව මේ වගේ තැන්වලට එක්ක ගිහින් පෙන්වන්න ගුරුභවතුන් කටයුතු යොදන්න..අඩුම තරමේ ඒ දරුවන් නැවකට ගොඩවෙන්න තියෙන අශාවවත් සංසිදවා ගනිවිනේ.(ම)

:       0       0

සුනිල් Wednesday, 04 November 2015 08:31 AM

ලංකාදීපයට ස්තුති මේ වාර්තාවට. (ම)

:       0       0

සේන Wednesday, 04 November 2015 03:19 AM

මනසට බුද්ධියට කතා කරන මෙවන් වැදගත් පුවතකට ප්‍රතිචාරයක් නැති වීම නම් කනගාටුවට කරුණක්. සමාජය ඒ තරමටම අනවශ්‍ය ඕපාදුප ( ගොසිප්) මානසිකත්වයකට යොමුවීම තමයි අනෙකුත් ප්‍රවෘත්ති වලට තියන ප්‍රතිචාර දිහා බැලුවම පෙන්නේ. වරද කාගේද? කොහෙද?(ම)

:       0       0

චන්දික Wednesday, 04 November 2015 04:33 AM

ඉතාම හොද වැඩක්. (බ)

:       0       0

වත්තේගෙදර කුෂාන් Wednesday, 04 November 2015 04:45 AM

මේ නැවේන් ආගමක් ප්‍රචාරණය කිරීම මුලික අරමුණක්. (ම)

:       0       0

නිලන්ත Wednesday, 04 November 2015 05:58 AM

මම මේ බලාගෙන හිටියේ වත්තේගෙදර කුෂාන් වගේ බුද්ධිමත් විශ්ලේෂකයෙක් ඇයි ප්‍රතිචාර දක්වන්න මෙච්චර ප්‍රමාද කියලා. මෙච්චර ළිං මැඩියෝ ඉන්න රටේ, මුලින් නැවට ගිහින් අදහස් දැම්මා නම් තමයි හොඳ. පොත් කියවන මිනිස්සු ඔය වගේ පටු විදියට ලෝකය දිහා බලන්නේ නැහැ කියලා මම දන්නවා. (නි)

:       0       0

සොපි Wednesday, 04 November 2015 05:59 AM

මමත් මේ නැවට එක පාරක් ගියා. ආයෙත් යන්න ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 139 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1210 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1508 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 181 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1120 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1233 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26237 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23472 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site