IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නීති විරෝධිව ගත් ලක්‍ෂ 19 නොගෙවා දුම්රිය නිළැදුම් ලොක්කෝ විශ්‍රාම යති

(යොහාන් භාසුර)

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ආයතන සංග්‍රයේ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව මාසිකව ලබාගත් රුපියල් ලක්‍ෂ 19 කට අධික මුදලක් නැවත අයකරන්නා ලෙස අභ්‍යන්තර පරීක්‍ෂණයකින් නිර්දේශ කර තිබියදී මුදල් අයකර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමේ අවස්ථාව ඔවුන්ට දී ඇතැයි දුම්රිය සේවකයෝ චෝදනා කරති.

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ හිටපු ලේකම් හා භාණ්ඩාගාරිකවරයා සහ හිටපු වැඩබලන සභාපතිවරයා 2021 වසරේ අගෝස්තු මස සිට නීති විරෝධීව මාසිකව ගත් රුපියල් 80,000 කට ආසන්න සමස්ත මුදල අය කරගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන ඒකකය සහ එම දෙපාර්තමේන්තුවේ නීති අංශය නිර්දේශ කර තිබියදී උසස් නිලධාරීන් එය මඟහරින බව ද සේවකයෝ චෝදනා කරති.

චෝදනා එල්ල වී සිටින අදාල නිලධාරීන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් මස වයස 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගොස් ඇති බවත් ඔවුන් විශ්‍රාම යන විට අදාල මුදල් අයකරගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කටයුතු කර නොමැති බවත් දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ සාමාජික දුම්රිය සේවකයෝ පවසති.

එම දෙපාර්තමේන්තුවේ විනය ශාඛාව අදාල මුදල අයකරගැනීමට එහි ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇතත් එය ලැබී නොමැති බව කියන දුම්රිය සේවකයෝ අදාල චෝදනාලාභී නිලධාරීන් සේවය කළ ඒකකවල ප්‍රධානීන් වෙත අදාල ලිපිගොනු යොමු කරමින් මුදල් ගෙවීම යටගැසීමට උත්සහ කරන බව ද සඳහන් කළහ.

චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සකස් කරන තෙක් අදාල ලිපිගොනු සගවා තැබීම අදාල අංශ ප්‍රධානීන්ගේ අරමුණ බවත් එම ලිපිගොනු භාරගනෙ ඇති ඇතැම් ප්‍රධානීන් ද චෝදනා මත දුම්රියට මුදල් ගෙවීමට තිබුණ ඒවා මඟහැර සිටින අය බවත් දුම්රිය සේවකයෝ වැඩි දුරටත් චෝදනා කරති.

 



අදහස් (0)

නීති විරෝධිව ගත් ලක්‍ෂ 19 නොගෙවා දුම්රිය නිළැදුම් ලොක්කෝ විශ්‍රාම යති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 408 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1837 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1880 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 111 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 1073 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 442 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39500 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25734 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site