කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයයේ විදුහල්පතිනියට හදිසියේ ලබා දී ඇති නීති විරෝධී ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් පී එස් කොඩිකාර මහතාට ලිඛිතව දන්වා ඇත.
ඉකුත් හය වැනි ලිපියකින් පළාත් අධ්‍යාපන ලේකම් පී එස් කොඩිකාර මහතාගේ අත්සනින් නිකුත් කළ ස්ථාන මාරු ලිපියේ සදහන් වන්නේ ඩඩ්ලි සේනානායක විද්‍යාලයයේ විදුහල්පතිනි පී ඒ ඩබ්ලිව් සමරසිංහ මහත්මිය වහා ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පත් කර ඇති බවයි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන සමරසිංහ මහත්මිය එලෙස ස්ථාන මාරු කිරීම නීති විරෝධී බවත්, දේශපාලන හේතුවක් මත මේ මාරු කිරීම කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සදහන්ය.
දේශපාලනඥයන්ටද ආරාධනා කර ඇති නමුත් ඔවුන් පැමිණ නැති බවත් ස්ටාලින් මහතා කියයි.
වහාම ක්‍රියාත්මක විය යුතු බව දන්වමින් විදුහල්පතිනිට ලබා දුන් අසාධාරණ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ලංකා ගුරු සංගමය එම ලිපියේ අත්සන් තබා ඇති පළාත් අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.
මේ ගැන කළ විමසීමකදී පළාත් අධ්‍යාපන ලේකම් පී එස් කොඩිකාර මහතා පැවසුවේ එම වරද නිවැරදි කළ බවයි. විදුහල්පතිනයට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කළ බව ද කොඩිකාර මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘නීතී විරෝධි ස්ථාන මාරුව අවලංගු කරනු’
අජිත් Thursday, 14 November 2013 07:58 PM
මේ දේශපාළුවොත් එක්ක කිසිම දෙයක් කරන්න බැහැනේ. ඕක තමයි අපේ රටට ඇතිවෙලා තියෙන විපත. ජනාධිපතිතුමනි, කරුණාකර දැන්වත් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. (නි)