IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නීති ශිෂ්‍යාවගේ අතක් කපයි

ගෙදරදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නීති ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනීගේ අතක් වැලමිට ළගින් කපා ඉවත්කිරීමට සිදුවූ බව කොළඹ ජාතික රෝහල කියයි. ඇට බිදීමකට ලක්ව මාතර රෝහලට ඇතුළත්කළ  මෙම ශිෂ්‍යාව කොළඹට එවා තිබූ බවත් අත කැපීම හැර කළ යුතු අන් දෙයක් නොවූ බවත් වෛද්‍යවරු කියති. මාතර රෝහලේදී කිසියම් ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් සිදුවී දැයි සොයා බැලීම සදහා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අණින් පරීක්ෂණයක්ද පැවැත්වේ.

 



අදහස් (0)

නීති ශිෂ්‍යාවගේ අතක් කපයි

බණ්ඩාර Sunday, 27 January 2013 03:43 PM

මේකට නීතිමය පියවර ගත යුතුමයි (දී)

:       0       0

ඩයස් Sunday, 27 January 2013 03:27 AM

විශේෂයෙන්ම් කිවයුතු දෙයක් ඇත. මා පූද්ගලිකවම ලෑබූ අත්දැකීමකි. දිනක් මා ලංකාවට ආ දිනක රෝගියෙක් බෑලීමට ආරෝග්‍ය ශාලාවකට ගියෙමි. රෝගියාගේ ඇද ඉහළ වාර්තව අතට ගෙන බැලුවෙමි. නමුත් මම එම වාර්තාව අතට ගත්තා පමණි. හෙදියක් එක්වරම පැමිණ ඕක තියන්න, ඔයාලා දොස්තරලා නෙමෙයිනෙ කියා මට තර්ජනය කළේය. මම වහා තෑබුවෙමි. නමුත් කිවයුතු එක් දෙයක් ඈත. යුරෝපයේ කිසිම ආරෝග්‍ය ශාලාවක එසේ කරන්නේ නැත. ලෙඩාගේ තොරතුරු ඈසීමට දොස්තර මහතා නිතරම සැදී පැහැදී සිටී. ලෙඩාගේ නියම තත්වය පැහැදිලි කරයි. හෙදියන් හරිම කාරුණීකය. නමුත් අපේ හෙදියන් දොස්තරලාටත් වඩා ඉහළය. ලෙඩ්ඩුන්ට සළකන්න දන්නේම නැත. නමුත් වැඩවර්ජන වලට දක්ෂය. මේ දරුවාට වෙලුම් පටිය ඔතපු කෙනා අත තමයි වරද. එයාව වසන් කරන්න ඉඩ දෙන්න එපා. එයාව නීතිය ඉදිරියට ගේන්න . බේත් ගෙන්නුවාට ,ඉස්පිරිතාල හැදුවාට වැඩක් නැත. ගුණාත්මක සුව සේවයක් රටට අවශ්‍යයි. අනෙක නිහතමානිකම හෙද සේවය තුල ඇති කළ යුතුයි. අඩුම ගානෙ ලෙඩ්ඩු බලන්න එන වෙලාවට මහජන සම්බන්ධතාවයට දොස්තර කෙනෙක් වාට්ටුවක සිටිය යුතුයි. මේවා ලියන්නෙ විවේචනයට නොවේ. අපේ රටේ සුව සේවය අනෙකුත් දියුණු රටවල සුව සේවයට සමාන වෙනවාට ශ්‍රී ලාංකිකයන් හටියට අපත් කැමති නිසාවෙනි (නි)

:       0       0

පෙරේරා Sunday, 27 January 2013 04:47 AM

බොහෝ දෙනෙකුගෙ නොදන්නාකම පෙනේ. මගෙ පුතාට මෙවැනිම අනතුරක් වුණා ඕස්ට්‍රේලියාවෙදි. වැලමිට ඉතා භයානක තැනක්. ඊට හේතුව අස්ථි බිදීමකදී කැඩුනු අස්ථි කැබලි පිහි වැනි නිසා ඒවා මගින් වැලමිට අසල ඇති ධමනියට හානි වීම. මෙහේ අය පළමුව බැලුවෙ එතෙනට හානියක් වී ඇද්ද කියායි. එසේ වී නම් වහාම ශල්‍යකර්මයක් කොට ධමනිය නැවත සකස් කිරීම හැර වෙන කළ හැකි දෙයක් නැත. සිංහල වෙදකමේ තෙල් වලින් මෙය කළ නොහැක. (නි)

:       0       0

උද්ධික Sunday, 27 January 2013 06:40 AM

ලෙඩේ ඔඩු දුවනවා නෙමෙයි, අපේ බොහෝ වෛද්‍යවරුන් අද දුවන්නේ සල්ලි පස්සේ. (නි)

:       0       0

සමරසිංහ Sunday, 27 January 2013 04:15 PM

කරාපිටියේ නව හදිසි ඒකකයට ලෙඩ්ඩු ගැන කිසි හදිසියක් නැහැ. ගමගේ ඉස්සෙල්ලා කියලා තියෙන කතාවට සමාන දේවල් මමත් ඔතනදි දැකලා තියෙනවා. ස්ටාෆ් එකේ මා දන්නා අය නම් කියන්නේ හදිසි ලෙඩෙක් ගෙනාවම සිදුවන දේවල් නිසා දැන් මේ රෝහලේ වැඩකරනවා කියා පිට තැනකදී කියන්නත් ලැජ්ජයි කියලා. (නි)

:       0       0

ගමගේ Sunday, 27 January 2013 07:35 AM

ගාල්ලේ රෝහල ගැන විශ්වාසයෙන් අදහස් පළ කළ අයට ගාලු වැසියෙක් හැටියට ස්තුති කරන ගමන් අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. කරාපිටියේ නව හදිසි ප්‍රතිකාර ඒකකය හදපු දවසේ ඉඳන් රෝගීන් ඉන්නේ ලොකු අවදානමක. මෙතන කිසිම කෙනෙක් ලෙඩුන්ගේ ජීවිත ගැන වගකියන්නේ නැහැ. මම හොඳටම ඒ ගැන දන්නා කෙනෙක්. කීප වරක්ම මෙතනට රෝගීන් ගෙන ආ රියදුරෙක් මම. එක වතාවක් ගෙනාවේ වහළයකින් වැටුන මහලු මනුස්සයෙක්. තුනටියට අනතුරක් වෙලා කියලා සෙළවීම වළක්වන උපකරණයක් ගෙනෙන කල් එක්ස්රේ ගන්න ගෙනියන්න එපා කිවූ නිසා පැයකට වඩා කෙඳිරිගාමින් සිට, අවසානයේ සේවකයින් කීපදෙනෙක් බෝඩ් එකක් වගේ දෙයක් ගෙනාවා. එක හරි නැහැ කියූ නිසා ඒ අය වැඩේ අතහැරලා වෙන වැඩ වලට ගියා. ඔය අතරේ මිසීලා ඕෆ් වෙන වෙලාව ආවා. සේරම ගියා යන්න. අලුත් කට්ටිය ඇවිත් කිසිවක් නොසොයා ලෙඩා ඔසවලා ට්‍රොලියක දමා ඇරියා. වරද කාගේ වුණත් අද ඒ මනුස්සයා එකතැන් වෙලා. වෛද්‍යවරු කිසි දෙයක් ලෙඩාට කියන්නෙත් නැහැ. කාටවත් ඒවා අසන්න ළඟ ඉන්න දෙන්නෙත් නැහැ. මිස්ලා මොනවත්ම දන්නෙත් නැහැ. සතියක්ම හිටියට පස්සේ මොනවා හරි ඇහුවාම 'ආ...ඔය අර ඊයේ ආපු ලෙඩා ද?..' කියලා කොළ පෙරළමින් සොයනවා. අන්තිමේදී බාරකාරයෝ ලෙඩා අරන් ගියේ දෙස් දෙවොල් තියමින්. මෙය මා දන්නා එක සිදුවීමක් පමණයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 08:11 AM

මරදන්කඩවල වෙද මහත්තයා ඉතා හොද කෙනෙක්. බොහෝ දුර පළාත් වල අය මෙතැනට එනවා. (නි)

:       0       0

දිල්ශානි Sunday, 27 January 2013 09:13 AM

මරදන්කඩවල වෙද මහත්මයා ලෙඩුන් පරීක්ෂා කරන්නේ කොහේද අජිත්? (නි)

:       0       0

දිල්ශානි Sunday, 27 January 2013 09:14 AM

සියලු දෙනාගේම දැනගැනීම පිණිස මරදන්කඩවල වෙද මහත්මයාගේ ලිපිනය දන්වන්න. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 27 January 2013 09:32 AM

ගමගේ මහත්මයා කියන කතාව ලංකාවේ ගොඩක් රෝහල් වලට අදාලයි. විශේෂයෙන්ම සේවාමුර මාරුවන හවස 6.00-7.00 කාලයේදී මෙවන් සිදුවීම් දැකගන්න පුළුවන්. (නි)

:       0       0

ලයාන් Sunday, 27 January 2013 10:01 AM

දැන් ඉතින් වෙච්ච දේ වුණා. අපි මෙයාට අතක් දාගන්න උදවු කරමු. (නි)

:       0       0

අමල් Sunday, 27 January 2013 11:18 AM

ගාල්ලයි මාතරයි කියලා වෙනසක් නෑ වගේ (ස)

:       0       0

යොහාන් Saturday, 26 January 2013 06:38 PM

ගෙදර අයගේ අනුමැතිය අවශ්‍යයි නේද මෙහෙම දේවල වලදී? (නි)

:       0       0

චන්දිම Sunday, 27 January 2013 11:35 AM

පෙරේරා උන්නැහැ, මොනවද මේ කියන කතා ? මෙතන බරපතල වැරැද්දක් වෙලා කියන එක පෙනෙන්නෙ නැද්ද? සමහර රෝහල් වල හෝ වාට්ටු වශයෙන් ගත්තත් වැඩ ඉතා හොඳ මෙන්ම ඉතා නරක තත්වයන්ද තියෙනවා. මතකනේ අර අලුත උපන් ගෑනු දරුවෙකුගෙ ඇගිල්ලක් කපා දාලා මදිවට ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා සමහර හෙදියො කියන්නත් හැදුවා. (නි)

:       0       0

දම්මි Saturday, 26 January 2013 06:51 PM

මම දන්න නිසයි කියන්නේ. ඔය රෝහල ඔහොම්මමයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 26 January 2013 07:37 PM

අපේ නංගිටත් මෙහෙම දෙයක් වෙලා අපි සිංහල වෙදකම් කරලා අත සනීප කරගත්තා. (නි)

:       0       0

අමිල Sunday, 27 January 2013 12:42 PM

අසාධාරණය වෙනුවෙන් අපි නැගී සිටිය යුතුයි (දී)

:       0       0

භානුක Sunday, 27 January 2013 12:56 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 09:06 PM

පූරුවේ පිනකට ඇති ඔයින් බේරුණා. බෙල්ල නොකපා (ස)

:       0       0

එච්.ඩබ්.සංජීව Saturday, 26 January 2013 09:42 PM

මාතර ඉස්පිරිතාලෙ වෛද්‍යවරියන් ලෙඩ්ඩු දිහා බලන්නේ කතාරකන්නේ තරහා කරුවන් දිහා බලනවා වගේ.. ලෙඩුන් ගැන තැකීමක් නැහැ.. (නු)

:       0       0

ඩෑම් දෝහා Saturday, 26 January 2013 09:43 PM

ඇත්තෙන්ම සිංහල වෙදකමක් කරලා බැලුවානම් මොකද අත කපන්න කලිං..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:45 PM

ගොඩක් ලෙඩ බටහිර වෙදකමට වැඩිය සිංහල වෙදකම නිසා සුව වෙලා තියෙනවා..!(නු)

:       0       0

බණ්ඩාර Saturday, 26 January 2013 09:45 PM

.මෙම අනතුර සිද්දවුන දවස 17... ග්‍රාමීය රෝහලට රෝගියා අරගෙනයනව.. එතනින් මාතර මහා රෝහලට යවනවා. 18 වැනිදා මාතර රෝහලේදී අතට බැන්ඩේජ දමනවා... රෝගියා බැන්ඩේජය හිර වැඩි කියල වේදනාවෙන් කෑගසනවා. වේදනාව කියන්නේ මෙම රෝගියාට තිබුන හොඳ අනතුරු හැඟවීමේ රෝගලක්ෂණයක්.. වේදනාවට හේතුව හොයන්නේ නැතුව, එම වේදනාව පලනයකිරීම සඳහා බෙහෙත් විදීමනිසා මෙම රෝගියාට නින්ද ගියා.වේදනාවෙන් පෙන්නුම් කලේ ශරීරයේ එම කොටසට අවශ්‍ය තරමට රුධිර සංසරණයක් නොමැතිබව..ඉක්මනට රෝගියාට ඇහුම්කන්දී සැලකිලිමත් වුනානම් වේදනාවට හේතුව අත ඉදිමීම නිසා ස්නායු සහ රුධිර වාහිනී වලට අවහිරවීමක් වෙලා කියල හොයාගන්න තිබුන.අවශ්‍ය වෙලාවට බැන්ඩේජය ඉවත් කලානම් ප්‍රතිපලය මෙයට වඩා වෙනස්වීමට ඉඩතිබ්බ කියල මට හිතෙනවා...මෙවනිදේවල් වලට සාපරාධී නොසැලකිල්ල කියල කියන්න පුලුවන්ද ??(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:47 PM

මොනවා උනත් සිංහල වෙද මහතකුට පෙන්නුවානම් අත නොකපන්නත් තිබුණා..!(නු)

:       0       0

ඩෑම් දෝහා Saturday, 26 January 2013 09:51 PM

අයියෝ අත කපලා ඉවරද? මම හිතුවෙ සිංහල බෙහෙතක් කරලා බලලාම කපන්න කියලා කියන්න..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:52 PM

අයියෝ අත කපලා ඉවරයිනේ..!(නු)

:       0       0

සිල්වා Saturday, 26 January 2013 09:54 PM

මෙම සිසුවියට සිදුවූ දෙය ගැන ඉතාම කණගාටුයි.. (නු)

:       0       0

ප්‍රසන්න Sunday, 27 January 2013 01:48 PM

මේවා ඇස් අදහා ගන්න බැරි වැඩ (දී)

:       0       0

චාමර Saturday, 26 January 2013 10:37 PM

මාතර රෝහලේ වැඩ ඔහොමමයි. දන්න අය ලෙඩේ ටිකක් බරපතල නම් ගාල්ලෙ ඉස්පිරිතාලෙට යනවා.මගේ අදහසනම් දන්න කියන අය දැනුවත් කරන්න ඕනි ගාල්ලට යන්න. මොකද ඔය ඉස්පිරිතාලෙ කවදාවත් හැදෙන එකක් නෙමෙයි.(නු)

:       0       0

පාරා Saturday, 26 January 2013 11:15 PM

ඕකට හොදම තැන මරදන්කඩවල, හොරිවිල, වෙදගම, පල්ලෙවෙල, මේ කවුරුත් දැනගත යුතු කරුණක්.. අපරාදෙ තරුණ ජීවිතයක්.. වැඩිහිටියන් මීට වඩා දැනුවත් විය යුතුයි.. අස්ථි බිදුන අතක් ඇදෙන්නට දෙන්න එපා ඒකයි කැපීමට මූලික හේතුව..(නු)

:       0       0

රණසිංහ Saturday, 26 January 2013 11:23 PM

අපරාදෙ තරුණ ජීවිතය.!(නු)

:       0       0

රත්නායක Saturday, 26 January 2013 11:23 PM

ලෙඩේ ඔඩු දුවලා ඒකයි මේ දේ වෙලා තියෙන්නේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 209 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1233 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2424 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2686 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6960 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site