( බන්ධුල ඉලේපෙරුම)
රජය මගින් කොවිඩ් 19 වැළැක්වීමේ අරමුණින් ගැසට් කර ඇති සෞඛ්‍ය නීති රීති රටටම අදාළ වුවද පාර්ලිමේන්තුවට අදාළ නැත්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයාගෙන් විමසීමක් කළේය.
“මේ නීති හදන තැන. එතනම නීති කඩ කරනවානම් වැඩක් නෑ. දැන් ඔබතුමාත් මාස්ක් එකක් දාලා නෑ. අපි කථාකරද්දී මාස්ක් දාන්න ඕනද නැද්ද?, මේ ගැන තීරණයක් දෙන්න” යනුවෙන් විපක්ෂ නායකවරයා විමසීය.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට පිළීතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී සියලු දෙනාගේ එකඟත්වයෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ බවයි. එසේම පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියේ ගැසට් නිවේදනය හරියට කියවන ලෙසයි. එහි පොදු ස්ථාන ලෙස සඳහන් වන අතර ඊට පාර්ලිමේන්තුව අයත් නොවන බවයි.
“මුුළු ලොවටම ඇසෙන්න ඇමතිතුමිය කියන්නේ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් බවයි” යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී චෝදනා කළේය. මේ හේතුවෙන් සභාව උණුසුම් ස්වභාවයක් ගෙන ඇත.
මේ අතර තමන්ගේ ප්‍රශ්න කිරීමෙන් පසු කථානායකවරයාත් මුව ආවරණ පැළඳීම ගැන ස්තූතිවන්ත වන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීති හදන තැනදීම නීති කඩනවා යයි සජිත් පාර්ලිමේන්තුවේදී කියයි
kamal Tuesday, 20 October 2020 06:44 AM
ඔබතුමා සීට් බෙල්ට් නොදා මහජන පැජරෝ එකෙන් එනවා අපි දැකලා තියෙනවා...
RaveendraTuesday, 20 October 2020 10:14 AM
තුමා.. කොහේ ඉන්න තුමෙක්ද? කරුණාකර මහජන නියෝජිතයින්ට ආමන්ත්‍රණය කිරීමේදී "අපගේ මව්බසට අපහාස කිරීමට හෝ නිගා කිරීමෙන් වැලකී සිටීමට" අප සියල්ලන්ම අදිටන් කරගනිමු. තමන්ගේ මව්බසට නිගා කරමින් මහජන නියෝජිතයින්ට ආමන්ත්‍රණය කරන උගත්, බුද්ධිමත් ඡන්ද දායකයන් ඉන්න ලෝකයේ එකම එක රට අපගේ මව්බිම වීම කණගාටුවකි.
BanbaraTuesday, 20 October 2020 11:45 PM
මෙතුමාලා තමයි. රට පාලනය කරන්න ඉපදුණු අයියා දෙව්ලොවින් ගෙනත් තියෙන්නේ අපේ රටේ පිනෙන්. වෙන රස්සාවක් කරන්න බැහැ. අර කළින් කැලණියේ හිටපු තුමෙක් දුටුගැමුණු පරම්පරාවෙන් ඇවිත් තියෙන්නේ.. මෙතුමාලා, හාමිනේලා, ආර්යාවෝ... අපිත් අපේ අයත් ... නිකන්ම නිකන් පොදු ජනතාව.
KooralageWednesday, 21 October 2020 05:43 AM
රවීන්ද්‍ර මයා... ඔය හොරුන්ට කහින ගමන්. හොරකම් නැති, දූෂණ නැති විපක්ෂ නායක තුමා. හරි දෙයක් කියපුවාම ඒකෙ කොන් අල්ලන් පිස්සු දොඩවන්න එපා. ලැජ්ජයි.. හොරු වෙනුවෙන් පෙනී හිටින එක ගැන.
CHARITH Tuesday, 20 October 2020 06:47 AM
ආණ්ඩු පක්ෂයේ ඉද්දී ඕක තේරෙන්නේ නෑ. විපක්ෂයට යන්නම ඕනෑ ඕවා තේරෙන්න...
Raveendra Tuesday, 20 October 2020 06:48 AM
මොනතරම් "කවට කතා" කිව්වත් අද නම් අපේ සජි මලයා කියල තියෙන දෙය නම් 500%ක් නිවැරදිය. අප එය ඉහළින්ම අගයන්නෙමු. එලෙසම මේ අපේ සජි මලය දැන් දශක කීයක් විතර ඔය දියවන්නාව පට්ටියේ ලැගලා හිටියද කියලා සජී මලයාම ගණන් හිලව් හදලා බලන්නකෝ... මේ අද සජි මලයාගේ කටින් පිටවුණු සත්‍ය තේරුම් ගන්න අවුරුදු කීයක් ගියාද කියලා..? පිළිතුර අපේ මේ අවංක සජි මලයම කිව්වොත් හොඳයි මේ එකඑක, කැස්වටුවෝ, ගොට්ටෝ, පක්කලියෝ පිළිතුරු දෙනවට වඩා... එතකොටවත් අපේ මේ සත්ගුණවත් සජි පුතාට තේරෙන්න ඕනේ අනේ මමත් කොච්චරකල් නීති කැඩුවද, බොරු කරාද, බොරු කිව්වද, හොරකම් කරාද ආදී වශයෙන්... කෙසේවෙතත් "රොකට් සයන්ස් න්‍යායන්" නොවන "ඉතාම සරල දෙයක් තේරුම් ගැනීමට දශක කීපයක් වැනි කෙටිම කෙටි කාලයක් තුළදීම තේරුම් ගැනුමට තරම් හසල බුද්ධියක් මෙන්ම ඥාණයක් තිබීම" පිළිබඳව ලක්වැසියන් වන අප මේ අපේ සජි මලයා ගැන ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි. පට්ටියේ ඉන්න අනෙකුත් සියලුම අම්බරුවන්ටත් සජී මලයට පහළවුණු ඥාණය පහළ වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.
මුණසිංහ Tuesday, 20 October 2020 06:56 AM
කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ද ඔය කියන්නේ...?
badrani Tuesday, 20 October 2020 10:31 AM
නීතියටම වඩා කරනවා නම් උසනම් සෙකියුරිටි.., මිටි නම් කම්කරු.. කැලේ නීතිය එහෙමයිනේ.
kalpani Tuesday, 20 October 2020 10:53 AM
මේ තරම් කාලයක් නොවැරදීම පාර්ලිමේන්තු විහිළු තහළු සැපයීම ගැන අපේ ස්තුතිය.
siri Tuesday, 20 October 2020 11:47 AM
නැවත වතාවක් "ඔය දෙසිය ගාණම හැඳිගෑවිලා පලයන්" කියලා කියන්න පටන්ගන්න තව වැඩි කාලයක් යන එකක් නැහැ මහත්තයෝ. බොහෝ දෙනෙක් "ඔය මුඛවාඩම නැති එකමයි හොඳ" කියලත් කියාවි.
L.G.P.Jathunarachchy Tuesday, 20 October 2020 03:54 PM
නීති සම්පාදකයන් ලැහැස්ති නැහැ ඔවුන්ගේ නීති අනුගමනය කරන්න.
Gihan Tuesday, 20 October 2020 04:41 PM
ඇඟේ දුවන ලේ බින්දුවක් ගානේ තියෙන්නේ නීතිගරුක කම...
bandara Wednesday, 21 October 2020 02:25 AM
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තුනම ත්‍රී ඉන් වන්.