IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නොදැන කළ වැරදිවලට සමාව ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් මරණ දඬුවම ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත.

පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්‍රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ නඩු තීන්දුවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් අධිකරණ නඩු තීන්දුවකට අනුව ජනාධිපති බලය ක්‍රියාවේ යෙදවීම සිරකරුවන්ගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්‍රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් හඳුන්වා දී ඇත.

අභියාචනාධිකරණය විසින් පසුගිය ඔක්තෝම්බර් මාසසේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයකට අනුව අපරාධය කරන අවස්ථාව වන විට වයස 16 නොයික්මවන ළමුන්ට මරණ දඬුවම පැනවීමක් නොකරන අතරම එවැනි අයකු කළ වරදක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන විට වයස අවුරුදු 18 පසු වී ඇතත් ඔවුන්ටද මරණ දඬුවම පැනවීම වළක්වා ඇතැයි යන සඳහන පිළිබඳව අවධානය යොමු කරවමින්

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මියට පිටපත් සහිතව නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කොට ඇත.

අභියාචනාධිකරණයේ එම තීන්දුව අනාගතයට බලපාන නමුත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙරම බාලවයස්කරුවන්ව සිටියදී සිදුකළ අපරාධයන් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින බොහෝ පිරිසක් ලංකාවේ විවිධ බන්ධනාගාරවල රඳවා ඇතැයි අවධාරණය කරන නීතිඥවරයා අධිකරණ තීන්දුවේ සහනය ඔවුන්ට නොලැබෙන බවද අවධාරණය කොට ඇත.

සිරකරුවන්ට සමාව ලබාදීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය හිටපු ජනාධිපතිවරුන් විසින් අත්තනෝමතිකව පාවිච්චි කොට ඇතැයිද ජනාධිපති සමාව නොලැබිය යුතු ධනය සහ බලය ඇති ඇතැම් පුද්ගලයින් බරපතළ අපරාධ කොට අධිකරණයන් විසින් නියම කරන ලද දඬුවමින් ගැලවීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය අත්තනෝමතික ආකාරයෙන් පාවිච්චි කළ බවටද සමාජයේ ආන්දෝලනයන් අති කළ අවස්ථා ඇති බවද අවධාරණය කොට ඇත.

අවුරුදු 18ට අඩු ළමයකුව සිටියදී කරන ලද වැරදි වලට මරණ දඬුවම ලැබූ බොහෝ පිරිසක් මේ වනන විටත් බන්ධනාගාරවල රඳවා ඇති පසුබිමක් තුළ ඔවුන් සම්බන්ධයෙන් පසුබිම් වාර්තා කැඳවා අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති සමාව ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලා සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා එය සමාව දීමට ඇති ජනාධිපති බලය සිරකරුවන්ගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්‍රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.



අදහස් (19)

නොදැන කළ වැරදිවලට සමාව ඉල්ලයි

AB Monday, 02 January 2023 05:52 PM

කුඩාකල කළ වැරදිවලට මරණ දඬුවම ලද්දන්ට ජනපති සමාව ලබාදෙන්නේ නම් නිදහස් කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුවේ .

:       3       79

Perera Monday, 02 January 2023 06:19 PM

පොළඟා කුඩාද ලොකුද කියලා අදාලා නැහැ. විස තියෙනවා. දුටු තැන මරා දැමිය යුතුයි.

:       36       34

BamunuarachchiTuesday, 03 January 2023 11:01 AM

මේ මැට්ටා මිනිස්ජීවිත පොලන්ගුන්ට සමාන කරන්න ගංජා වත් ගහල නිසාද? ක්ෂණික කෝපය නිසාත් තවත් හේතුන් නිසාත් බුද්ධිය මුහුකුරා ගිය වැඩිහිටි මිනිස්සු වැරදි කරනවානම් බුද්ධිය මුහුකුරා නොගිය බාල වයස්කාර පොඩිහිටි අය ගැන කියනුම කවරේද? ඒ නිසා කොන්දේසි සහිතව හෝ සමාවක් ලබාදී යහපත් මිනිස්සු කරනවානම් හොඳයි.

:       4       9

PereraTuesday, 03 January 2023 07:41 PM

බමුණට පොළගෙක් ගහපු දවසට කතන්දර වෙනස් වෙයි.

:       3       3

BamunuarachchiWednesday, 04 January 2023 07:26 AM

දැන් පෙරේරාට පොළගෙක් ගහලද? අනේ පව් පොළඟාට අමාරු ඇති,

:       2       1

Kumara Monday, 02 January 2023 06:32 PM

මෙයාලාට නම් කිසිම සමාවක් නැහැ... ගැලවෙන කලිසමට ලණුවක් දාලා බැඳලා පාරදිගේ ඇදගෙන යාම තමයි කරන්නේ...!

:       12       25

sanu Monday, 02 January 2023 06:52 PM

සමාව නොදිය යුතුයි. වැරද වරදමයි.

:       22       29

ganegoda Monday, 02 January 2023 07:27 PM

බැංකු මංකොල්ලකෑම්, තරුණයින්ට පොලිසිය හමුදාව දාලා අඩන්තේට්ටම් කිරීම? මේවා නොදැනුවත්කමින් සිදුවුණු දේවල්ද?

:       26       30

Asela Monday, 02 January 2023 07:59 PM

අපේ නීතිරීතිවල යම් වරදක් ඇත්නම් එය නිවැරදි කරන්න. ඒක තමයි උත්තරේ. ප්ලාස්ටර් දාන්න එපා.

:       0       18

Lakmal Monday, 02 January 2023 08:45 PM

බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනි .. දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරන දිනේ... මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ.. මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ... අනේ සුවාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා . ගෙල වැලලුවත් මගෙ කද අම්මට පෙන්නන්න එපා ... ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එප.. නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා මරනයෙ දොරකඩ සිට ඔබ පා යුග වැද සමු ගනිමි මෙමා.. කෙලි ලොල් කම් කල මා සතු දිවියම දැන් දැන් වේවි නිමා.. මරන බයක් නෑ අම්මා සිහි වෙයි මාගේ මරන දිනේ... බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනි දුක හිතිලයි හිර ගෙදරට ආවේ පුතුගේ මරන දිනේ. දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගේ පුතුය අනේ මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ... ගායනය :-විශාරද සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි

:       1       21

Jagath Monday, 02 January 2023 08:56 PM

මේකව පුනුරුත්ථාපනය කරන්නවත් කාලයක් නැහැ.වලකජ්ජ ගහන්නත් ළඟයි.මේක මේ රටට කරපු අපරාධවලට වන්දිය අනිවාර්යෙන්ම ගෙවන්න ඕනා.

:       19       17

athuraTuesday, 03 January 2023 10:35 AM

නැතුව නැතුව පෝලිමේ ඉදලා ගෑස් එක ගන්න ඒකයි දවස් ගණං පෝලිමේ ඉදල තෙල් ටික ගන්න එකයි නවත්වපු එකම කොච්චර ලොකු අපරාධයක්ද.තුහ් මේවගේ වහල්ලු.

:       8       5

අබිලින් Tuesday, 03 January 2023 12:50 PM

තමන්ගෙ ඇස වසාගෙන තියෙන පක්ෂ කඩතුරාවට මුවාවී අනුන්ට ශාප කිරීම කල්ප ගණනක් අපාගතවීමට හේතුවක් වෙනවා කියලා හිතෙනවා සැමවිටම අනුන්ට මෙත්වැඩුවොත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙනවා කියන්න පුළුවන් ජගත් ඔබට කිසිවකු අපහාස කලොත් ඔබ ඉවසන්නේ නැතුව වගේ අන් අය අතරින් සමහර කෙනෙක් එහෙම වෙන්න පුළුවන් එනිසා තමන් උපමාවට ගෙන (තමා හැම අතින්ම නිවැරදි නම් පමණක් ) මෙහෙම අදහස් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න (එයා පමණක් නොවෙයි ඔබතුමන්ටත් යම් දිනක වල කජ්ජ ගහන්න වෙනවා .නියතයි ඒකට වයසක් නැහැ එනිසා නාකිත් තරිකිට තෙයි කාටත් ඔයටික වෙයි කියලා හිතට ගන්න )

:       1       5

Ruhunu Monday, 02 January 2023 09:26 PM

හැමදේටම සමාව දෙන්න නම් රටකට නීතියක් කුමටද?රටේ වැඩි හරියක් අපරාධ කරන්නේ ඇප මත නිදහස් වෙච්ච අය තමයි .ඉල්ලීම කරන කෙනාගේ පවුලේත් ඉන්නවද දන්නේ නෑ ඒ වගේ කෙනෙක්

:       4       13

Don Monday, 02 January 2023 10:39 PM

හොඳ තීරණයක් .නමුත් පරිස්සමෙන් කල යුතු දෙයක්

:       5       31

Sunil Tuesday, 03 January 2023 07:52 AM

දහ නව හැවිරිදි තරුනියකගෙ හිස තරප්පු පේලියක ගසා හිස් කබල කෑලි ගනනාවකට කුඩු පට්ටම් කර ඇය ම්ලෙච්ච ලෙස ඝාතනය කල දාමරිකයන්ටත් ජනදිපති සමාව දීඑමට තරම් ගොන් ජනදිපතිවරු සිටින අප රටෙ මෙවන් දේවල් අසන්නට ලැබීම පුදුමයට කරුනක් නොවෙ.

:       3       16

Hafeel Tuesday, 03 January 2023 02:15 PM

වැඩ බැරි ජනාධිපතිට ලකුණු දාගන්න යෝජනාවක්.

:       7       9

කුසල් මෙන්ඩිස් Tuesday, 03 January 2023 03:55 PM

මම දන්න සිදුවීමක් තියෙනවා..ක්‍රිකට් ගහ ගහ ඉන්නකොට රණ්ඩුවක් වෙලා එකෙක් එකෙකුට බැට් එකෙන් ගැහුවා...ඇහෙන් දැකපු එකා කියන එකා පොලිසියට වැරදිලා නම කියලා තියෙන්නේ ක්‍රිකට් ගහපු එකෙකුගේ මිසක්, ඇත්තටම බැට් එකෙන් ගහපු එකා නෙම්යි.. අන්තිමට මොකුත්ම කරපු නැති එකා එල්ලුම් ගස් ගියා..ඌ පන්තියේ පළවෙනියා හැමදාම...බණා කියලා ඌට කියන්නේ..හැමෝටම ඉගෙන ගනින්..හොදට හිටපන් කියලා නිතරම්ම බණ කියනවා

:       1       1

ranjith Wednesday, 04 January 2023 08:03 AM

රට බන්කොලොත් කරල මිලියන 22 පාරට ඇදල දාපු එක, මහ බැන්කු, සුදු ලුනු, සීනි වංන්ච මෙවට දඩුවම් නැත්තම් ඔය බනදනාගාර වහල ඔකෝම එලියයට දැම්ම නම් හරි. මෙ මිනිස්සු කරපු අපරාද වලින් අගතිය පත්වෙලා තියෙන්නෙ සීමිත පිරිසක්. රටම අගතියට පත්කරපු අය සනීපෙට ඉන්නව

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1014 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2141 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1633 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1584 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1050 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 778 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25703 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site