IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


"නදිනි සහ ගයනි"

නදිනි සහ ගයනි යන මේ දෙදෙනා රූපවාහිනී රසිකයින් අතරට පැමිණියේ සුපර් ස්ටාර් සංකල්පය යටතේය. එලෙස පැමිණියද ජනප්‍රිය රුල්ලට වඩා තම තමන්ට ආවේණික වූ රිද්මයක් සොයා සංගීත ලෝකයේ ගමනක යෙදෙන තරුණ ශිල්පිනියන් දෙදෙනෙකි. එදා එකම වේදිකාවේදී එකිනෙකා පරයමින් ඉදිරියට ගියද, එදා සිටම මේ දෙදෙනා හොඳ යෙහෙළියෝය. ඒ සුන්දර යෙහෙළියන් දෙදෙනා එකට එකතු වූ මොහොතක කියූ කතා මේ අහන්න. නදිනි, ඔය දෙන්නා හොඳ යාළුවෝ දෙන්නෙක් කියලා ආරංචියි? ඔව් අපි දෙන්නා හොඳ යාළුවෝ.   කොහොමද ඒ මිත්‍රත්වය ඇති වුණේ? සුපර් ස්ටාර් අන්තිම සිය දෙනා අතරට තේරුණාම වැඩමුළුවක් පැවැත්වුණා. එදා ඇති වූ මිත්‍රත්වය එන්න එන්නම වැඩිදියුණු වුණා.   ගයනි, නදිනි කිව්ව ඒ කතාව ඇත්තද? ඇත්තටම ඔව්. අවුරුදු පහකට ආසන්න කාලයක් පුරාවට ඒ මිත්‍රත්වය පැවතීගෙන එනවා. සමහර අවස්ථාවල අපේ මිත්‍රත්වයට ඊර්ෂ්‍යා කරන අය මිත්‍රත්වය පළුදු කරන්න යම් යම් දේ කළා. ඒත් ඒ නිසා අපේ මිත්‍රත්වය බිඳුණෙ නැහැ. ඒ මිතුරු බැම්ම තවත් ශක්තිමත් වුණා. අපි නිතර මුණ නොගැසුණත් ඒ මිත්‍රත්වය සැමදාටම තියේවි.   ඔය දෙන්නගෙන් වැඩිපුර ආඩම්බර කවුද? ඔය දෙන්නා හරි ආඩම්බරයි කියලා සමහරු කියනවා නේද? මම නම් ආඩම්බර නැහැ. නදිනිත් ආඩම්බර නැහැ කියලා මම හිතනවා. (ගයනි)   නදිනි ඇත්තද? සමහරවිට. මගේ රූපය දිහා බලලා එහෙම කියනවා ඇති.   ගයනි, ඔබ නදිනිගේ දකින හොඳම ගුණාංගය මොකක්ද? නදිනි එයා කරන ඕනෑම වැඩක් බොහොම හොදට කරන කෙනෙක්. හොඳ සැලසුමක් ඇතිව කලබල නොවී ගමනක් යන කෙනෙක්.   නදිනි ගයනිගෙන් දකින හොඳම දේ ? ගයනි අක්කට සුවිශේෂී හඬක් තිබීම මම දකින විශේෂත්වයක්. අද හෙමින් ගමනක් ගියත්ලිහෙට දින එයා ගායන ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් වේවි.   අද වනවිට ගයනිගේ ස්ථාවරය ඔබ දකින්නේ කොහොමද? හොඳ ස්ථාවරයක් එයා ගොඩ නගාගෙන තිබෙන බව පෙනෙනවා. ස්ථාවරත්වය කියන දේ එකිනෙකාගේ ස්වරූපය අනුව වෙනස්.   ඔබ දෙදෙනාගේ ශෛලිය වෙනස් කියලද කියන්නෙ? අනිවාර්යයෙන්ම ඔව්. ඒ නිසා දෙන්නගෙ ගමනත් වෙනස්.   නදිනි ඔබ ගයනිගේ දකින නරකම දේ? මම කාගෙවත් නරක දකින්න කැමැති නැහැ. හැමෝම හොඳ වෙනවා නම් සහ ඒ හොඳ ගැන කතා කරන්න තමයි කැමති.   දෙන්නාගෙන් වැඩිපුර ලස්සන කවුරු කියලද හිතන්නෙ? ගයනි ඒකට උත්තර ඔබ දුන්නොත්? මම හිතන්නේ අපි දෙන්නම ලස්සන ඇති. නදිනි නංගාගේ තියෙන්නේ අමුතුම ලස්සනක්. ඇය ගොඩක් ලස්සන කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. ඇගේ සංගීත ශෛලිය සහ රටාව අනුවත් රූපය ඒ විදියටම සැකසිලා තියෙන බව කියන්න පුළුවනි.   දෙන්නටම රඟපාන්න ලැබුණොත් නදිනි ඔබ ඊට එක් වෙනවාද? ඇත්තටම රඟපෑම සඳහා මට වගේම ගයනිටත් ආරාධනා ලැබුණා. පුද්ගලිකව මම හිතන්නෙ අපි කරන එක් දෙයක් හරි හරියට කරන්න ඕන. රඟපෑම වුණත් හදාරාලා කරනවා නම් හොඳයි. රූපය තිබුණු නිසාම රඟපෑමට වඩා සංගීත අංශයෙන් රසිකයන්ට එපා නොවී ගමනක් යාම තමයි අරමුණ.   ගයනි මොකද කියන්නෙ? ඇත්තටම නදිනි නංගා කිව්වා හරි. මටත් රඟපාන්න ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් මාත් හිතන්නෙ ලැබෙන නිසාම එය කරන්න ගියොත් අපිට එක දෙයක්වත් කරන් බැරිව යනවා. අනෙක මම විශ්වාස කරන විදියට රගපෑම කියන්නෙ ලෙහෙසි දෙයක් නෙවෙයි. අපට එතැන අඩුව පුරවන්න අවශ්‍ය නොවන තරමට දක්ෂ අය සිටිනවා.   හරි, නදිනිට චරිතයක් රඟපාන්න ලැබුණොත් මොනවගේ චරිතයක් ඇයට සුදුසුයි කියලද ඔබ යෝජනා කරන්නෙ? මම හිතන්නෙ නදිනි නංගාට ධනවත් පංතියේ චරිතයක් හොඳයි කියල. හැබැයි නිකම්ම සරල චරිතයක් නොවේ. වගකීම් බාරගත් ගැහැනියකගේ චරිතයක් ඇය හොඳට කරාවි.   නදිනි ඔබ මොනවගේ චරිතයක්ද ගයනිට යෝජනා කරන්නෙ? ගයනි අක්කා හොඳ ප්‍රේමවන්තියකගේ චරිතයක් සුන්දරව කරාවි.   ගයනි තවමත් විවාහ වෙලා නැහැ. නදිනි නම් විවාහ වෙලා. ගයනිට මොනවගේ සහකරුවෙක් ගැලපේවිද? මම හිතන්නේ ගයනි අක්කගෙ කලා කටයුතුවලට සහයෝගය දෙන හොඳ වැටහීමක් ඇති කෙනෙක් තමයි ගැළපෙන්නෙ.   ගයනි නදිනිට මොන වගේ විලාසිතාවක්ද ඔබ තෝරන්නේ? ඇත්තටම නදිනි නංගා තරම් පිළිවෙළට ගැලපීමක් ඇතිව අඳින කෙනෙක්. එයා හොඳට ගලපා ගැනීම් ගැන දන්නවා. විලාසිතා කියන දේ උපරිමයෙන් කරන කෙනෙක්. නදිනිගේ ඒ ලස්සන රිද්මයට මම ආසයි.   දෙන්නටම දේශපාලනයට එන්න කියලා ආරාධනා ලැබුණොත්? එක හෙළාම යන්න එපා කියලා මම නදිනිට කියනවා.   නදිනි ඔබ මොකද කියන්නෙ? මාත් ඒ උත්තරයම තමයි දෙන්නෙ.   දෙන්නගෙ ලග්න ගැනත් සදහන් කරමුද? ගයනි - මිථුන නදිනි - වෘශ්චික   ගයනි ජීවිතේ ගැන අර්ථ දක්වන්නේ කොහොමද? විවාහයෙන් පස්සෙ මං හිතන්නේ මේ තරමටම සැහැල්ලුවෙන් ගත කරන්න බැහැ. ඒ හැරත් ජීවිතේ හිතන තරමටම සැහැල්ලුත් නැහැ. වගකීම් කියනදේ අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕනෑ. සංගීත ක්ෂේත්‍රය සහ පවුල් ජීවිතය කියන්නෙ දෙකක්. ඒ දෙකම සමබරව ගෙවන්න ඕනෑ. පවුලට, පවුල් ජීවිතේට ප්‍රධාන තැනදී යා යුතු ගමනක්.   නදිනි ඔබ විවාහවෙලා ඔබ අපේක්ෂා කළ සියල්ල ඔබට ජීවිතයේ ලැබුණා කියලා හිතනවාද? සත්තකින්ම ඔව්. ජීවිතේ නිසි වයසේදී මම අපේක්ෂා කළ සියල්ල මට ලැබුණා. විශේෂයෙන්ම මධුර වගේ හොඳ සැමියෙක් ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. විවාහයට පෙර මං බයෙන් හිටියෙ. නමුත් සැමියා වගේම මගේ නැන්දම්මාවත් ආදරයෙන් සිහිපත් කරන්න ඕනෑ. එයා මගේ අම්මට පස්සෙ මට ලැබුණු හොඳම අම්මා. මේ සියලු දේ අතරේ ජීවිතය සමබරව, සමාජයට අර්ථවත්ව ගත කිරීම තමයි මගේ අරමුණ.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

"නදිනි සහ ගයනි"

බහිරවයා. Tuesday, 27 March 2012 10:23 PM

සුරාජ් ඔබ නිවැරදියි.

:       0       0

තුෂානි කරුණාරත්න Wednesday, 28 March 2012 01:23 PM

හොදයි.

:       0       0

දනංන්ජය Tuesday, 27 March 2012 02:09 PM

නියමයි. ඔබ දෙදෙනාට සුබ අනාගතයක් නංගියෝ.................

:       0       0

ඩිලානි. Wednesday, 28 March 2012 02:01 PM

ඔබේ ජීවිතයට මම සුබ පතනවා.

:       0       0

දයා, සෞදියේ සිට Monday, 26 March 2012 04:20 PM

සිතන පතන දේ සිතූ ලෙස වේවා ! තබන තබන පා දියුණට යේවා ............... //

:       0       0

හිරාන් Tuesday, 27 March 2012 03:36 PM

ලංකාවේ මනුස්සයන්ගේ හැටි කිසිම දෙයක් ගැන හොද ඇහැකින් නොබැලීම. මේ අපරටේ අය අපි සතුටු වෙන්න ඕන මේ අය ගැන.

:       0       0

pinpon Saturday, 31 March 2012 09:44 AM

ගීතමාලි - කෙනෙහිලි විදිහට හැමදේම දකින්න එපා - ඒක තමන්ගෙ අඩුවක් මිසක් වෙන අයගේ වැරැද්දක් නෙවෙයි. ඕක හදාගන්න බලන්න.

:       0       0

සුරාජ් Monday, 26 March 2012 07:06 PM

මඩ හෝදලා ගත්තම ගොවියත් රජකමට හොදයි වගේ දැන් කොහොමද දෙන්නගේ ලස්සන.

:       0       0

චන්දන Tuesday, 27 March 2012 05:25 PM

අපේ දෙන්නෙක් ද දන්නේ නැහැ නේද ?

:       0       0

ගීතමාලී Thursday, 29 March 2012 07:42 AM

අලු ගසා දාලා ඇවිත්. රටේ වෙන නැත්නම් හොදයි.

:       0       0

ජී.ඩී.හෙට්ටිආරච්චි Tuesday, 27 March 2012 06:33 PM

දිගු ගමනකට සුබ පැතුම්............ ගයානි නංගි ගොඩක් ලස්සනයි.

:       0       0

ක්‍රිෂ් Wednesday, 09 January 2013 11:59 AM

ඉදිරියටම යන්න වාසනාව උදාවේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5109 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 730 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1250 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1658 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3480 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 233 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16141 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site