IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නිදන් හොයන්න නිවසේ වළක් කපලා

දඹුල්ල හීන්මොරගොල්ලේ නිවෙසක් තුළ නිදන් හෑරු එකම පවුලේ හතර දෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි.  නිවසේ කාමරයක් තුළ අඩි හයක් පමණ වළක් හාරා ඇතැයි ද පොලිසිය පවසයි.



අදහස් (0)

නිදන් හොයන්න නිවසේ වළක් කපලා

ලක්ෂපාන Sunday, 08 June 2014 12:57 PM

ගිහාන් ඔයා කියන්නේ රටේ නීතියනේ.ඉතින් රටේ ප්‍රදාන මහා සල්ලි කාරයෝ මේවා ජයටම කරනවනේ එයාලට ඔයා ඔය කියන නීතිය නැද්ද ? නිතිය වල්වැදිලා කියන්නේ ඕකට තමා ගිහන්ලා වගේ අය රටේ නීති කියද්දී ලොකු ලොක්කෝ වටේ තියෙන නිදන් ඔක්කොම සුද්ද කරන් යනවා .. (දී)

:       0       0

ලලිත් Saturday, 07 June 2014 07:20 PM

තමන්ගේ ඉඩමේ වලක් කපන්න අවසර නැති නිදහස් නිවහල් ස්වෛරී ලංකාව. (ස)

:       0       0

විකල්ප Saturday, 07 June 2014 07:24 PM

තැප්‍රොබේන්,සිලොනිකා,ඉන්දීය සාගරයේ මුතු ඇටය,සිලෝන්,යනාදී නම් වලින් අතීතයේ හැඳින්වූවා වූද​, වත්මන ශ්‍රී ලංකාව ලෙස ලෝකයා පිළිගත් ඉන්දීය උප මහාද්වීපයට පහලින් ඇති රමණීය දූපත මෙතැන් පටන් නිධන් දූපත ලෙස නම් කරන බව සකල ලෝක වාසීන්ට දන්වා සිටිමු. (ස)

:       0       0

චන්දි Saturday, 07 June 2014 07:55 PM

ජීවත් වෙන්න අමාරුවට කරන වැඩ. (ස)

:       0       0

විනිල් Sunday, 08 June 2014 03:26 PM

බොහෝ අයට රටක සාමාන්‍ය නීතිය පිලිබඳ වැටහීමක් හෝ දැනුවත් කමක් නැහැ.රටක සාමාන්‍ය නීතිය නොදැන සිටීමත් වරදක්.භූමියේ අයිතිකරු කවරෙකු වුවත් ඒ භූමිය අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු හෝ මැණික් ඇතුළු සියලු සම්පත් අයිති වන්නේ රජයට.අවසරයකින් තොරව ඒවා අත්පත් කර ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්.ඒ නිසා තමයි මෙවැන්නන් අත් අඩංගුවට ගන්නේ.එය තමයි සාමාන්‍ය නීතිය​.(ස)

:       0       0

අහිංසක Saturday, 07 June 2014 08:38 PM

දුප්පත් මනුස්සයෙකුට ලංකාවේ ඔලුව උස්සන්න කිසිම ආකාරයකවත් උපකාරයක් නැති අපේ රටේ තමන්ගේ වත්තේ නිධානයක් තියෙනවා නම් ඒක ඔවුන්ට ගන්න දෙන ඒක සාධාරණයි කියලයි මම හිතන්නේ. පන්සල් බුදුපිළිම පුරාවස්තු විනාස නොකර තමන්ගේ වත්තේ ගලක් යට හරි ගේ මැද හරි හාරලා ගත්තම මොකද අප්පා වෙන්නේ. ලොකු ලොක්කෝ පුදුමාකාර විදිහට ඕව අරගන්නේ එයාලට ලයිසන් රජයෙන්ම ලැබිල. එයාලට කිසි හෙනයක් නෑ. (ස)

:       0       0

චින්තා Sunday, 08 June 2014 01:43 AM

තමන්ගේ ගේ ඇතුලේ වැලක් කපන්න කාගෙන් වත් අවසර ගන්න ඕනෙද (දී)

:       0       0

චමිලා Sunday, 08 June 2014 01:43 AM

තමන්ට හිමි බුමියේ තියෙන වස්තුව අරගන ජිවිතේ ගොඩ දාගන්න යන එක වරදක්ක්ද අනුන්ගේ දෙයක් නෙමෙඉනෙ එයාල ගන්න ගියේ අනෙක ලොකු ලොක්කන්ට විතරද ඒවාට ලයිෂන් තියෙන්නේ (දී)

:       0       0

ශ්‍රීනාත් Sunday, 08 June 2014 01:50 AM

ශ්‍රිලංකාවේ උපන් මම ලකාවේ නිතිය ගැන දන්නෑ. කරුණාකරලා නිතිය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් අපට කියන්න තමන්ගේ ඉඩමේ තමන්ට කැමති දෙයක් කරන්න බැරිද ? (දී)

:       0       0

ශ්‍රීලාල් Sunday, 08 June 2014 02:05 AM

මේ වගේ සිද්ධීන් ගොඩක් පත්තර වල පල වුනා. නියම නීතිය කුමක්ද යන්න පැහැදිලි නැහැ. ඉඩම තමන්ගේ නම් වලක් කපන්න බැරිද? ඇත්තටම නිධානයක් තිබුනත් එය අයිති වෙන්නේ අයිතිකාරයට කියලයි අපට හිතෙන්නේ. පූජා භූමි වල කැනීම් කරන්න අවසර නැතිව තහනම්. ඒක පැහැදිලියි. නියම නීතිය මහජනයාට පැහැදිලි කිරීම වගකිවයුත්තන්ගේ වගකීමක්. කරුණාකරලා කවුරු හරි අපට පැහැදිලි කරලා දෙන්න. (දී)

:       0       0

සුජාන් Sunday, 08 June 2014 02:55 AM

ගේ ඇතුලේ වෙන වැඩ අපිට මොකටද (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 June 2014 06:52 AM

පෙර රජ දරුවන් මේවා මහා පොළොවේ තැන්පත් කලේ අද ඉන්න මහා කෙරුම් කාරයන්ට තනියම බුක්ති විඳින්න නෙවෙයි, නැති බැරි මිනිහෙක් හරුවොත් ඉතින් පොලොසිය්ත් නිතිය හරියටම ක්‍රියාත්මක කරනවා , ලොක්කන්ට කරන කොට සැලියුට් ගහනවා (දී)

:       0       0

අප්පුහාමි Sunday, 08 June 2014 07:13 AM

පහල තැනින්නේ ජලය ගලාගෙන යන්නේ දුප්පත් පොඩි මිනිහට හැමතැනින්ම බාදක තම තියෙන්නේ (දී)

:       0       0

ලුම්බිණි Sunday, 08 June 2014 08:10 AM

නිවසේ කාමරයක් තුළ අඩි හයක් පමණ වළක් හාරපු පමණින් පොලිසිය කොහොමද ඔප්පු කරන්නේ නිධන් හාරපු බවක්. (දී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 08 June 2014 09:42 AM

ඈත්තෙන්ම අසාධාරණයි...දුප්පත් මිනිසෙක් අවට පරිසරයට හානියක් නොවෙන විදියට නිධානයක් ගත්තාම මොකද? තමන්ටම හිමිකමක් තිබෙන තෑනක. එදාට ගලපුනාට පතල්කෑනීම කාර්‍යශයේ නීති කෙටුම්පත් අදට ගැලපෙන්නේ නෑ...කෑලෑ පාලුවන්ට,වෙහෙරවිහාර බිදින නිදන් හොයපු දේශපාලුවොත් අදටත් යහතින් වෑජබෙනවා.මහජන්යාගේ අයිතිය නිදහසේ බුක්තිවිදින්න ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් වගේම මානව හිමිකමක් ඒ මහජනයාට තිබිය යුතුයි.මානවහිතවාදී නීතිකෙටුම්පත් මේරටට අලුතෙන් සෑදියයුතු කාලය දෑන් එලඹ ඈත. (දී)

:       0       0

ගිහාන් Sunday, 08 June 2014 10:56 AM

හොඳට මතක තබා ගන්න. ඔයාලා තාප්ප ගහලා, වැටවල් බැඳලා මායිම් හදාගෙන හිටියත් භූමිය කිසිකෙනෙකුට බෙදලා නැහැ. ඔප්පු තිරප්පු යන මේවා තාවකාලික ලියවිලි පමණයි. පුරා වස්තු සහ නිදන් මෙන්ම නිදන් වස්තු හාරන්න හෝ ළඟ තබා ගන්නට කිසිවෙකුට අයිතියකුත් නැහැ. තමගේ ඉඩම්ය කියලා නිදන් හැරීමේ අයිතියක් නැහැ. ඒවා වෙනම පනත් සහ ප්‍රතිපත්ති යටතේ තහනම් කරලා තිබෙනවා. දුප්පත් මිනිස්සුන්ට ජීවත්වෙන්න නිසා කාටවත් කරදරයක් නොවන ආකාරයෙන් නිදා ගන්නටත් බැහැ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1141 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 329 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2086 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 492 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 970 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 595 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site