IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නෙදියවන් ලංකාවට ඉල්ලයි

කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු හැටියට සැළකෙන පෙරියබනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් ශ්‍රි ලංකාවට භාර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය  වෙත ලිපියක් යැවීමට ජාතික හෙළ උරුමය කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ සිදුව ඇති ත්‍රස්ත කටයුතු වලට නෙදියවන් සහය දක්වා ඇතැයි ලිපියේ දැක්වෙන අතර ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව කර ඇති අපරාධ සම්බන්ධයෙන් ඔහුට නැගී ඇති චෝදනා විභාග කිරීමට නෙදියවන් ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ලිපියේ සදහන් වේ.

ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියන ආකාරයට නෙදිවන් නෝර්වෙහි ඔස්ලෝ නුවර නිදහස් පුරවැසියකු ලෙස ජීවත් වෙයි. ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කර තිබියදී පවා ඔහු  ශ්‍රී ලංකාවේ  ත්‍රස්ත කටයුතු සිදුකිරීම සදහා සහය දක්වමින් සිටින්නේදැයි පසුගිය මාසයේ එල්.ටී.ටී.යේ නැවත නැගිටීමක් සම්බන්ධයෙන් වුණු සිදුවීම් දාමය පසුපස සිටින්නේත් නෙදියවන් යැයි පරික්ෂණ වලින් තහවුරු වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා රජය පසුගිය මාසයේදී විවිධ සංවිධාන 16 පුද්ගලයින් 422 දෙනෙක් අසාදු ලේඛන ගතකිරීමට කටයුතු කළ අතර මෙම සංවිධාන හා කිහිප දෙනෙක් නෝර්වේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙයි.

තහනම් කරනු ලැබූ සංවිධාන හා පුද්ගලයින්ගේ තොරතුරු විදෙස් රටවලට ලබා දීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කියයි.



අදහස් (0)

නෙදියවන් ලංකාවට ඉල්ලයි

සිල්වා Sunday, 25 May 2014 11:21 PM

ඒ අයගෙන් යුධ සමයේ ලබාදුන් තොරතුරු පිටටදීමේ තේරුමක් නැහැ. (ස)

:       0       0

ශාන් Monday, 26 May 2014 03:47 PM

නෙදියවන් ඔබ එන්න ලංකාවට ඔබ මොන වැරදි කර තිබුනත් ඔබට සමාව දෙන්න තරම් සිංහල මිනිසා සහ ලංකාවේ සිටින අප කාරුණික වෙමු. රණ්ඩු වේවි යාලු වේවි ඉමු අපි එකට. (නදී)

:       0       0

සරසි Monday, 26 May 2014 03:53 PM

නෙදියවන් නොර්වේ ඉදන් දුක් විදිනවා බලන් ඉන්න බැරුව ඔය ඉල්ලන්නේ මෙහෙට ගෙනත් ඇමති පට්ටමක් දීල සැප දෙන්නයි. (නදී)

:       0       0

නාත් රණසිංහ Monday, 26 May 2014 01:57 AM

ආයුධ පෙන්නන්න එක්ක යන්නද, ඇමතිකමක් දෙන්නද? (ස)

:       0       0

මේනකා Monday, 26 May 2014 04:37 PM

ඔය නොර්වේ රට නම් විස්වාශ කරන්න බැහැ. නෙදියවන් පෙන්න පෙන්න මොන ගැටයක් ගහවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සහන් Monday, 26 May 2014 03:21 AM

හා හා සුනිල් එහෙම කියන්නත් එපා මම හිතන්නේ කේ පි ට සලකපු විදිය දැකල සතුරාටත් මෛත්‍රි කරන පක්ෂයක් ඉතාම සද් භාවයෙන් කරපු ඉල්ලීමක්. (අ)

:       0       0

අනුර ශාන්ත Tuesday, 27 May 2014 09:20 AM

නෙදියවන් ලංකාවට ගෙනත් දඩුවම් කිරීම හොදයි. ඒ වගේම කේපීට, කරුණට, පිල්ලෙයාන්ටත් දඩුවම් දීම වඩාත් හොදයි. (නදී)

:       0       0

නඩරාජා Monday, 26 May 2014 05:03 AM

නොර්වෙකාරයා දෙපිටකාට්ටුවෝ, තවමත් දෙමල සිංහල අය කෙටවීමේ දෙබිඩි පිළිවෙතේ ඔහුන් ඉන්නේ (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 26 May 2014 07:59 AM

ආණ්ඩුව නේද නොර්වේ රටින් නෙදියන්ව ඉල්ලන්න ඕනා. අනේ මන්දා.(නදී)

:       0       0

අශෝක Monday, 26 May 2014 09:34 AM

මොකද ගෙනල්ලා ඇමති කමක් වත් දෙන්නද අනිත් කොටියන්ට වගේ.(නදී)

:       0       0

ශාන් Monday, 26 May 2014 08:03 PM

සරසි නෙදියවන් මෙහෙට ගෙනත් ඇමති පට්ටමක් දීල සැප දුන්නහම මොකද? (නදී)

:       0       0

සනත් Tuesday, 27 May 2014 01:10 PM

දැන් මෙයා ගෙන්නලා කේ.පී. ගෙ උදව්වට දාන්නද යන්නෙ?(දිල්)

:       0       0

ෆ්රංක්, පැරිස් Monday, 26 May 2014 08:26 PM

මොන මෝඩ කතාද? නොර්වේ රටේ තියෙන්නේ යහපාලනයක් පවතින ඉතාමත් අපක්ෂපාති අධිකරණයක්. ඔය නෙදියවන් කියන ත්‍රස්තවාදියා නොර්වේ පුරවැසියෙක්. කවමදාකවත් ලංකාවට නම් භාරදෙන්නෙම නැහැ. කියන ඕනෑම වරදකට නොර්වේ රටේම නඩු අහල වරද කරුවෙක් නම් නිසි දඬුවම් දෙන්න වුනොත් දෙනවාමයි. හැබැයි නොර්වේ වල....! මේ බව අපේ අයත් දන්නවා. ඔය කරන්නේ ප්‍රචාරක කටයුතු. පක්ෂය ජනප්‍රිය කරවගන්න. (අ)

:       0       0

සරත් බංඩාර Monday, 26 May 2014 08:58 PM

හෙළ උරුමයෙන් ඔහුව ගෙන්වා ගැනීමට උත්සහ කරන්න අවශ්‍ය නැහැ. ඇයි ආරක්ෂක අංශ ඉන්නේ? (නදී)

:       0       0

ශාන් Monday, 26 May 2014 09:05 PM

සරසි" ඔබ දන්නේ නැද්ද ඇමති සැප විඳින අය ගැන. මගේ නම් අදහස නෙදියවන් නොර්වේ ඉදන් දුක් විඳින්න අවශ්‍ය නැහැ ඔය නොර්වේ රට නම් විස්වාශ කරන්න බැහැ ඔබ එන්න ලංකාවට ගන්න සැප අපි තරහ නැහැ. (අ)

:       0       0

අබේ Tuesday, 27 May 2014 02:36 PM

මෙයාට දඬුවම් දිය යුතුයි. (ස)

:       0       0

සමරනායක Monday, 26 May 2014 01:22 PM

හෙළ උරුමෙට බඳවගන්න වෙන්න ඇති. (නදී)

:       0       0

නාලක Sunday, 25 May 2014 09:22 PM

දැන් ඉතින්ම් ඉල්ලගෙන මොනවා කරන්නද? (දී)

:       0       0

සදුනි Sunday, 25 May 2014 09:43 PM

කවදාවත් දෙන්නේ නෑ..නෝවේ අපේ හැමදාම හතුරෙක්. (දී)

:       0       0

ඉන්දික Monday, 26 May 2014 01:52 PM

දුටුගැමුණු, කරුණාගෙන් යුද්දේ අවසන් කාලයේ ගොඩක් වැඩ ගත්තා. කේ.පී ගෙන් ඉස්සරහට වැඩ ගන්න තියෙනවා. කොහොමත් කලින් කරපුවට දඬුවම් දෙනවනම් 88-90 කරපුවට ජේ.වී.පී එකටත් දඬුවම් දෙන්න වෙනවනේ.(නදී)

:       0       0

ප්‍රියාන් Sunday, 25 May 2014 09:52 PM

ගෙන්වා ගෙන ආයුධ පෙන්නෙන්න එක්කගෙන ගියා නම් හරි (දී)

:       0       0

සුනිල් රියාද් සිට Sunday, 25 May 2014 09:55 PM

හෙළඋරුමය ජෝකර් වෙන්න හදනවද නැත්නම් ලකුණු දාගන්න හදනවද? කෙසේවෙතත් මේක සමාන වෙන්නේ "බල්ලගෙ වැඩේ බූරුවා කරන්න යාමකටයි. (දී)

:       0       0

පිටිගල Monday, 26 May 2014 02:01 PM

ඇයි? ගෙන්නලා ඇමති කමක් දෙන්නද? (මේ අය එහෙම ආයුධ පෙන්නන්න එක්ක යන්නේ නැහැ). (නදී)

:       0       0

දුටුගැමුණු1 Sunday, 25 May 2014 09:57 PM

ඊට කලින් කේ පී සහ කරුණා කරපු දේවලට මොකද කතා කරන්නේ නැත්තෙ(දී)

:       0       0

නුරාද් Tuesday, 27 May 2014 07:29 AM

අපගේ රහස් ඔත්තු සේවයට නොහැකිද එහෙදීම එතුමාට ආයුධ පෙන්නන්න එක්කන් යන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 73 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 324 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 700 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 791 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13452 1

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36694 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24267 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site