IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නෙදර්ලන්ත තරුණියට වැදූ මව හමුවෙයි

නෙදර්ලන්ත ජාතික යුවලකගේ දරුවෙකු ලෙස හැදී වැඩුණු ශ්‍රී ලාංකික තරුණියක් වසර 30 කට පසු නැවත තම උපන් රටට පැමිණ දංකොටුව, සිංග්ගක්කුලිය ප‍්‍රදේශයේදී  ඇයගේ සැබෑ මව සොයා ගැනීමට සමත් වූවාය.

දික්වෙල ප‍්‍රදේශයේ පදිංචි ඩී. නිමලාවතී (59) මවට දාව සදලංකාව දිසා රෝහලේදී 1985 -04 -03 වන දින ඉපදුණු  නිවුන් දරුවන් දෙදෙනාම  ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නෙදර්ලන්තයෙන් මෙරටට පැමිණි  ජෝසේයි හා හූබ් යන යුවලට දරුකමට හදාවඩා ගැනීමට බාර දී ඇත.

චන්කල් හා ජොයිස් වෑන් බෙටල් ලෙස නෙදර්ලන්තයේ හැදී වැඩුණු මෙම දියණියන් දෙදෙනාගෙන් චන්කල් එරටදී සිදුවූ රිය අනතුරකින් මියගිය බවත් මේ වන විට තිස්වන 30 වියේ පසුවන ජොයිස්  එරට ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන බවත් කියති.

ශ්‍රී ලංකාවේ සිටින සැබෑ මව් පියන්ගේ තොරතුරු අසා ඔවුන් දැක බලා ගැනීමට කැමැත්තෙන් ජොයිස් වෑන් තරුණිය මෙහි පැමිණියාය.   මවගේ සහ දියණියගේ හමුවීම වෛද්‍ය ආර්. ජේ. ජයසේකර මහතාගේ නිවසේදී සිදුවූ අතර එය ඔවුන් දෙපලට මෙන්ම  එම නිවස වෙත පැමිණ සිටි ප‍්‍රදේශ වාසින්ගේ සිතට සතුට මෙන්ම  නෙතට කඳුලක් එක්කළ සංවේදී අවස්ථාවක් බවට පත්විය.

01 02 03 04 05 06 07



අදහස් (0)

නෙදර්ලන්ත තරුණියට වැදූ මව හමුවෙයි

දුල්මි Tuesday, 23 June 2015 10:50 AM

අනෙක් දරුවත් ජිවත් වුනා නම් කොතරම් අගේද ? (ර)

:       0       0

ළහිරු Tuesday, 23 June 2015 11:09 AM

දැන් ඉතින් දුවව හුරන් කයි අපි නොදන්න අාදරය (ම)

:       0       0

චමින්ද Tuesday, 23 June 2015 11:11 AM

අපේ අම්මත් මේ වගේ ඇති කොහේ හරි හොයලා දෙන්න පිං සිදුවෙයි. (ර)

:       0       0

ප්‍රින්සි චම්පික Tuesday, 23 June 2015 11:17 AM

හරිම සතුටු අවස්ථාවක්. (ර)

:       0       0

කපිල සුගත් Tuesday, 23 June 2015 11:27 AM

ඇත්තටම සංවේදීයි. දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න ... ගීතය මතක් වුණා. ඒ පියෙක් ගැන. මේ මවක්. ඒ ඇය වැදූ අම්මා ...(බ)

:       0       0

දස්කොන් Tuesday, 23 June 2015 11:51 AM

ඉතාම සන්තෝස පුවතක්, ඇස වලට කඳුළු එනවා. ලහිරු සහ සුකිරි ලියා ඇති දේවල් දැක්කහම කලකිරුනා, ඔවුන්ගේ සිත් ඇතුලේ මොන තරම් කහට තියෙනවද කියලා ලියන දේවල් වලින් හිතා ගන්න පුළුවන්. (ර)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 23 June 2015 11:57 AM

හරිම සතුටුයි. සතුට යනු වසර 30 කට පසු තම වැදු මව හමුවිමයි. (ස)

:       0       0

රේණුක Tuesday, 23 June 2015 11:58 AM

ලහිරුයි සුකිරියි ...හොඳ දෙමවුපියන්ට ජාතක වුන අය බව නම් පේනවා. (ස)

:       0       0

භානු Tuesday, 23 June 2015 12:00 PM

හරිම සතුටුයි . මෙවැනි පුවත් වැඩියෙන් පල කරනු මැනවි. (ස)

:       0       0

රොමේෂ් සිල්වා Tuesday, 23 June 2015 12:04 PM

නෙත්වලට කඳුළු උනන්න ඕන මේ හමුවීම සම්බන්දව නෙමෙයි.. අවරුදු තිහකට කලින් වෙන්වීම සම්බන්දවයි... අදටත් අපේ රටේ ඔයවගේ වෙන්වීම් කීයක්නම් වෙනවා ඇතිද ..??? ඒ අපේ අම්මල දරු සෙනෙහස හඳුනන්නේ නැති නිසා නෙමෙයි. දුප්පත්කම නිසයි. (ස)

:       0       0

යෝනක Saturday, 27 June 2015 04:47 PM

මව හමුවූ ඇය වාසනාවන්තියක් (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 12:10 PM

ඔන්න යහපාලනය... (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 24 June 2015 09:43 AM

අපේ මිනිස්සු දරුවෝ වැදුවට නඩත්තු කරගන්න බැරිව අනුන්ට බෙදනවා. ඒ දරුවෝ වාසනාවයි දුකක් කරදරයක් නැතුව සැප ජිවිතයක් ලැබුනට. අනෙක් අතින් මෙහෙම දරුවන් දෙමාපියන්ගෙන් ඇත් වෙලා හැදෙද්දී ආපහු දරු සෙනෙහසක පහසක් මේ අම්මට මේ දරුවාගෙන් ලබාගන්න පුලුවන් වේවිද ? (ර)

:       0       0

සොපී Tuesday, 23 June 2015 12:15 PM

මෙතැනින් වඩා වැදගත් වැදු මවද ? හැදු මවද ? මට නම් නොතේරේ ...? (ර)

:       0       0

දිල්කි Tuesday, 23 June 2015 12:25 PM

ගොඩක් හොද දරුවෙක් හරිම දුකයි. හරිම සන්තෝසයි. (ර)

:       0       0

අර්ජුන වික්‍රම Tuesday, 23 June 2015 12:32 PM

මොනා වුනත් මෙහෙම අම්මලාගෙන් වැඩක් නෑ (බ)

:       0       0

පහන් Tuesday, 23 June 2015 01:06 PM

උපන් බිමට නුබ වැඩිවා මිසක දුවේ ... වැදූ මවට නුබ වැඩියක් වේද දුවේ ... දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ ... නැව් නැගලා දුරු රටකට යන්න දුවේ ... ගුණදාස කපුගේ මහතාගේ ගීතයක් මට පද හරියට මතක නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් ලියන්න. (ර)

:       0       0

දනුෂ්ක Tuesday, 23 June 2015 01:10 PM

අනේ ඉතින් ඔච්චර කල් ඉදලා එන්නේ බොරුවට ප්‍රචාරය ගන්න. (ර)

:       0       0

මල්ලිකා බණ්ඩාර Tuesday, 23 June 2015 01:41 PM

අපටත් හිතට දුකක් සමග සන්තෝසයි මේවගේ දුවෙක් ගැන (බ)

:       0       0

ජනක බණ්ඩාර Tuesday, 23 June 2015 01:46 PM

අැත්තටම හොඳ දෙයක්. මගේ ඇස් වලටත් කදුළු ආවා .ඒ අම්මට අද ගොඩක් සතුටු ඇති දුව සතුටින් ඉන්නවා දැක්කම (නදී)

:       0       0

නිමල් Wednesday, 24 June 2015 03:56 AM

අප රටෙහි දුක්ඛිත තත්ත්වය විදහා දක්වෙන සංසිද්ධියක්. අම්මලාට අත දරුවන් පෝෂණය කිරීමට නොහැකිව විකිණීමට සිදුවීම හෝ කුටුම්බය නඩත්තු කිරීම සඳහා බැල මෙහෙවර කිරීමට විදෙස්ගතවීමට සිදුවීම ගැන අප ජාතියක් ලෙස ලැජ්ජා වියයුතු නොවේද? (නි)

:       0       0

තිළිණ Wednesday, 24 June 2015 04:23 AM

හිතට ලොකු වේදනාවක් දැනුනා (නි)

:       0       0

මනෝ Tuesday, 23 June 2015 02:18 PM

චමින්ද අපට විස්තර දෙන්න. (බ)

:       0       0

නිමල් Tuesday, 23 June 2015 02:54 PM

නැති බැරි කම් අග හිග කම් නිසා අසරණ වුන මිනිස්සු මේවගේ දේවල් වලට පෙලඹෙනවා කොහොම වුනත් ඒ දරුවා තමන්ගේ මව හොයාගෙන ආවා මවත් දියණියත් මුණගැසුනවිට ඔවුන් ලබපු සතුට කියල නිම කරන්ට බැ (බ)

:       0       0

නුවන් Tuesday, 23 June 2015 03:00 PM

සංවේදී අවස්ථාවක්. නෙතට කඳුලක් ඉනුවේ නොදැනුවත්වමයි . යහපත් දරුවෙක්. (බ)

:       0       0

ඈන් Tuesday, 23 June 2015 04:29 PM

මරන්නේ නැතුව හදාගන්න දුන්න එක හොඳයි. පව්. ඒ අම්මාගේ අසරණකම තරුණ කාලේ ෆොටෝ එකෙනුත් පෙනෙනවා. ජීවිතේ හරිම සංකීර්ණ දෙයක්. මෙතන ඉන්න සමහර ගොඩ පෙරකදෝරුවෝ ‍වගේ කාටවත් තව කෙනෙක් ගත්ත තීරණ ගැන විනිශ්චයක් දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒක ඒ අවස්ථාවේ ඇති වූ වටාපිටාව අනුව හොඳම තීරණය කියලා හිතුන නිසා ගත් ක්‍රියාමාර්ගයක්. (නි)

:       0       0

පීරිස් Wednesday, 24 June 2015 06:36 AM

ඒක ලස්සන හමුවීමක් (නදී)

:       0       0

නිහාල් Tuesday, 23 June 2015 04:34 PM

සතුටත්,දුකත් මුසුවුණු හැඟීමක්. (නි)

:       0       0

රූපවතී Tuesday, 23 June 2015 05:14 PM

ඇත්තටම මෙය කියවා බැලුවේ දෑසේ කදුළු ගගක් ගලමින්. හරිම සංවේදියි. ඒ මවට හදාගන්න බැරි නිසා දුන්නත් අද වරදක් වෙලා නැහැ ඒ දරුවට. වැදු මවත් හැදු මවත් එකම තරාදියකට දමල කාගේද බර වැඩී කියා බැලුවොත් දෙපැත්තම සමව පෙනේවි. ඔබ මේ අසරණ මෑණියන් මියැදීමට පෙර සැපවත් සේ ටිකකලක් ජීවත් වෙන්න සලස්වා දෙන්න. ඒ පින පමණයි ඔබ රැගෙන යන්නේ (නදී)

:       0       0

උදය Tuesday, 23 June 2015 06:42 PM

මගෙත් උගුර හිරවුණා (නි)

:       0       0

ගාමිණී Tuesday, 23 June 2015 07:57 PM

ආපසු යන්න පෙර අම්මාට වඳින ගාථාව උගන්වලා අම්මාට වැඳලා යන්න සළස්වන්න (නි)

:       0       0

සෙලිනා Tuesday, 23 June 2015 08:24 PM

නුඹේ මව නුඹව දුන්නේ දුකක් නැතුව නෙමෙයි වෙන්න ඇති. නුඹට දුකක් නොදී හදාගන්න වෙන්න ඇති. නුඹත් මවත් ගොඩක් වාසනාවන්තයි. කසාද බැන්දාට පසු තම මාපියන් අමතක කරන දරුවන් ඉන්න රටක නුඹ අගය කළයුතුයි. දුවේ, නුඹටත් මෑණියන්ටත් තිසරණ සරණයි! (නි)

:       0       0

දම් Tuesday, 23 June 2015 09:04 PM

ලහිරු..සුකිරි...නල දරුවෝද කොහෙද... (නදී)

:       0       0

දීපා Tuesday, 23 June 2015 10:14 AM

හරිම සංවේදී සිදුවීමක්. (ර)

:       0       0

ශාන්ති Tuesday, 23 June 2015 09:31 PM

ඔයා හරි වාසනාවන්ත දුවෙක් (නදී)

:       0       0

ප්‍රදීප් කුමාර Tuesday, 23 June 2015 10:17 AM

මටත් දුක හිතෙනවා. (ර)

:       0       0

ගයාන් පතිරණ Tuesday, 23 June 2015 09:47 PM

හරිම දුකයි. සුභ පැතුම් (නදී)

:       0       0

තරංග Tuesday, 23 June 2015 10:22 AM

අනේ පව් ..! (ර)

:       0       0

සුකිරි Tuesday, 23 June 2015 10:26 AM

දැන් ඔය දරුවාගේ කරේ එල්ලිලා නෙදර්ලන්තෙට පැනගන්ට නෑදෑයෝ එහෙම ලැහැත්ති වෙලා ඇති. පරිස්සමෙන්. (ර)

:       0       0

අසේල රණසිංහ Tuesday, 23 June 2015 10:32 AM

මගෙත් ඇස් දෙකට කදුළු ආවා. (ර)

:       0       0

මංගල Tuesday, 23 June 2015 11:33 PM

මොනවා වුණත් ලහිරුත් සූකිරිත් පෙන්වා දුන්නේ අපේ සමාජයේ තවත් පැතිකඩක් නේද කියලා මටත් හිතුනා. (නි)

:       0       0

චතු Tuesday, 23 June 2015 10:34 AM

හදාගත්ත දෙමව්පියෝ ඒ ළමයව වැගත් කෙලෙහිගුණ දන්න විදිහට හදල තියනවා . (බ)

:       0       0

සුමිත් Tuesday, 23 June 2015 10:38 AM

හරිම සතුටු කරුණක්, මගේ ඇස් වලට කදුළු ආවා. (ර)

:       0       0

සරසි Tuesday, 23 June 2015 11:45 PM

චමින්ද, ඔබේ මවගේ විස්තර මේ පාඨක තීරයට ලියන්න. මෙහි කරුණාබර හදවත් ඇති මිනිස්සු ඉන්නවා. ඔවුන් උදවු කරාවි. කතෘ මඬුල්ලෙන් උදව්වක් ගන්න වුණත් පුළුවන් නේද?හැකිනම් ෆේස් බුක් ඒකෙත් පළකරන්න. ඔබේ පුද්ගලිකත්වයට හානි නොවන අයුරින්. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔබට ඔබේ අම්මා ඉක්මනින් හමුවේවා කියලා. (නි)

:       0       0

හංසි Tuesday, 23 June 2015 10:40 AM

හරිම සංවේදි කථාවක් ඇහට කදුළු එනවා අද කාලේ අම්මලා අමතක වෙන රටේ මෙවන් දුවලා අගනෙයි. (ර)

:       0       0

ඉමල්කා Tuesday, 23 June 2015 10:44 AM

හරිම හොඳ දුවෙක්. හරි සතුටුයි. (බ)

:       0       0

කමනි Tuesday, 23 June 2015 11:59 PM

අර්ජුනලා වැනි පිරිස් මේ දරුවාගේ වැදූ මවට දොස් කියන්නේ ඇයි? අද මෙහෙම දරුවෙක් එක්කෝ ගබ්සා කරලා දානවා, බැරි වුණොත් උපන් පසු බෙල්ල මිරිකලා දානවා. නැත්නම් පාරෙ දාලා යනවා. තම කුසින් වැදූ දරුවා ලෝකයට වැඩක් ඇති තැනැත්තියක් බවට පත්කිරීමට සිතා මතා කටයුතු කළ මේ කාන්තාව ශ්‍රේෂ්ඨයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3246 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2364 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3207 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3075 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 680 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1356 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36083 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site