IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


නෙදර්ලන්ත මහැදුරාට ලක්ෂ 15ක් දඩ

සිංහරාජ වනාන්තරයේ වෙසෙන, ශ්‍රී ලංකාවට ආවේණික හා ආවේණික නොවන කෘමීන් එකතු කළ නෙදර්ලන්ත මහාචාර්යවරයාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා අද (27) පහළොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කෙළේය. දඩ මුදල ගෙවන තුරු විත්තිකරු රිමාන්ඩ්   බාරයට පත් කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස 6 සිර දඬුවමක් නියම කෙළේය. මෙලෙස දඬුවම් නියම වූයේ සංචාරක වීසා මත අප්‍රේල් 5 වැනි දින ලංකාවට පැමිණි නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර පදිංචිකරුවකුවූ විජ්නාඩ් රෙයෙලොන් බරෙන්ඩ් හෙයිට්මන්   (58)  නමැත්තාටය. විත්තිකරුවට එරෙහිව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී ආර්.ඒ.ජී.බී. සමරනායක මහතා විසින් චෝදනා 25ක් ගෙනු කැර තිබිණි.එම චෝදනා 25ටම විත්තිකරු වරද පිළිගත්තේය. අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තකරුට තරයේ අවවාදකරමින් ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණ මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස අවවාද කෙළේය.

සැබැඳි පුවත්.......

ජාන එකතු කෙළේ මහැදුරෙක්ද?

සිංහරාජයේ ජාන කොල්ලයක් ලංකාවට ආවේනික කෘමින් අල්ලයි

 



අදහස් (0)

නෙදර්ලන්ත මහැදුරාට ලක්ෂ 15ක් දඩ

ධුලා Sunday, 29 April 2012 05:58 PM

මිතුරනි, අපි ඈන කොටාගෙන වැඩක් නෑ ,දැන් කරන්න ඕනි මීන් මතු මෙවැනි දෙයක් නොවෙන්න ඒ ගැන දැනුවත් වෙලා කටයුතු කරන එක නේද ....

:       0       0

රූපසිංහ Friday, 27 April 2012 04:23 PM

අපෝ දඩයක් විතර? හරි, අපි නෙදර්ලන්තයේ ගිහින් මේවගේ වැඩක් කළා නම් මේවගේ සාමාන්‍ය විදියට දඩයක් ( මොහු බේරගන්න නෙදර්ලන්ත තානාපති කාර්යාලය බොහොම හොදට ඉදිරිපත්වේවි - අපේ තානාපති කාර්යාල මොන විදියට අපට සැලකුවත්)විතරක් නියම කරාවිද? ඇත්තට මෙයට වඩා එය බරපතල වේවි.රටක ජාන හොරකම් කරනවා කියන්නේ රටම හොරකම් කරනවා වගේ වැඩක් නේ.අපි ඔවුනට මෙහෙම සලකන්නේ ඔවුන් ලොකු රටවල් නිසාද? අපි ශ්‍රී ලංකික ජාතියක් විදියට ශක්තිමත්ව නැගී සිටියුතු කාලය එලබ තිබෙන බව අප තේරුම් ගත යුතුය. අපට අවශ්‍ය වන්නේ රටම ජාතියක් විදියට නැගී සිටීමයි.එය ඉටු කිරීමට ශ්‍රී ලංකික ජාතිය ගොඩනැංවීමට මානසික විප්ලවයක් කලයුතුය. මා මෙසේ මෙම අදහස ප්‍රකාශ කලේ අපට විදේශික ජාතින් දක්වන කෙනහිලි කම් පිළිබද මින් පෙර ඇතිවූ කනස්සල්ල නිසාවෙනි.

:       0       0

ගමගේ Friday, 27 April 2012 04:45 PM

තමන්ගේ තරම දැනගෙන කතා කරන්න. මේ රටවල් තමයි අපේ රටට උදව් කරන්නේ.

:       0       0

නසාර් Friday, 27 April 2012 05:01 PM

නෙදර්ලන්ත ජාතිකයාට පහළොස් ලක්ෂ පනස් දහසක දඩය මාසයක පඩ්ය.

:       0       0

රෙගා Friday, 27 April 2012 05:10 PM

ගමේගේ, මොනවද මේ කියන්නේ. ඔයාට උදව් කරන්න කියලා ඇවිත් ගෙදර තියෙන් හාල් මුට්ටිය උස්සන් ගියාමත් ඔයා ඕකද කියන්නේ. අපිට තියෙන ලොකුම සම්පතක් තමයි සිංහරාජය. අපේ ඔලමොට්ටල දන්නැති වුනාට දියුණු රටවල අය එය හොදට දන්නවා.

:       0       0

ජීවන්ත Friday, 27 April 2012 05:20 PM

අපිව පරගැති මානසිකත්වයෙන් බැඳලා දාපු අධ්‍යාපන ක්‍රමය නිසා තමයි ගමගේ ඔය විදිහට හිතන්නේ. රූපසිංහ ඔබ හරි .

:       0       0

අලි ජේමිස් Friday, 27 April 2012 05:21 PM

@ගමගේ, මිනිහෙක් වුනාම පිටකොන්දක් තියෙන්න ඕන. ඔබවැනි අය අප රටේ සිටීම රටට බරක්. මොවුන් කරන උවව්වක් නැ... සමහර විට ඔබ රස්සාව කරන්නේ නෙදර්ලන්ත ආයතනයක වෙන්න පුළුවන්..

:       0       0

අංජන Friday, 27 April 2012 05:24 PM

ගමගේ මේ රටවල් වලින් අපට උදවු කරනවා කියල, ඕනදෙයක් කරල යනකම් බලන් ඉදලා හරියනවද ?

:       0       0

නිමල් ජයසේකර Friday, 27 April 2012 05:33 PM

ඉතා හොදයි ග‍මගේ, මම ඔබ සමග එකගයි. අපේ ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් මෙය දන්නේ නැහැ. මී හරක් වගේ නිකන් කෑ ගහනවා.

:       0       0

රියාද් ෂෙරීෆ් Friday, 27 April 2012 05:50 PM

සුරකිමු අප ලංකා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 216 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 592 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 211 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 110 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1259 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2215 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 111 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1065 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site