IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නිදහසේ ඉන්න නම් කොටි යළි හිස එසවිය යුතුයි - ඇමැතිනී විජයකලා

එෆ්.අස්ලම්
 
උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය.

 
ජනාධිපති ජනතා සේවය  වැඩසටහනේ 8 වැනි වැඩ සටහන යාපනය වීරසිංහම් ශාලවේදී අද පැවති අතර මෙහිදී අදහස් පලකරමින් විජයකලා මහේෂ්වරන් එසේ කීවාය.
 
‘‘උතුරේ කාන්තාවන් බරපතල වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතක යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව සිටීයා නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් නැහැ.
 
ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමන්ගේ පක්ෂය වර්ධනය කිරීමේ උත්සහායේ පමණක් නිරත වෙලා ඉන්නවා. උතුරේ ජීවත් වන මිනිස්සු වෙනුවෙන් කිසිදු විසඳුමක් සොයන්න ඔහු උත්සහා කරන්නෙ නැහැ. ජනාධිපතිවරයාත් දෙමළ ජනතාව බේරාගන්න අපොහොසත් වෙලා තියෙනවා.
 
යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවන්  සිදුවීම් දිහා බලන කොට  2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා.මේ තත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතුයි. එය අපගේ මූලික  අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි‘‘ යැයි ද ඇමැතිවරිය පැවසුවාය.



අදහස් (103)

නිදහසේ ඉන්න නම් කොටි යළි හිස එසවිය යුතුයි - ඇමැතිනී විජයකලා

sarath Monday, 02 July 2018 02:36 PM

අත්අඩංගුවට ගන්න ඕනේ කතාවක්

:       52       974

පුෂ්පකුමාර Monday, 02 July 2018 02:58 PM

උතුරට පමණක් නොවෙයි ඔය කියමන දකුණටත් වලංගුයි.

:       94       473

JCN Monday, 02 July 2018 02:59 PM

ඇන්ටි ඔයා ඔහොම කියද්දි මට එපාම වෙලා තියෙන රාජපක්ෂලා ආයෙත් රටේ නායකයා කරවන්න ඡන්දෙ දෙන්නම හිතෙනවා... එහෙමද ආස?

:       63       2826

BamunuarachchiTuesday, 03 July 2018 12:53 AM

ලොකුම ආසාව ඒකතමයි එහෙම කොරන්න පුළුවන් නම් කොපමණ හොඳද 2020 වෙනකම් ඉවසමු ඊට පස්සේ දෙන්නම් හොම්බෙන් යන්න. මේ අයට රටක් පාලනය කොරන්න බැහැ.

:       113       236

සේනක Tuesday, 03 July 2018 07:25 AM

කොටි ත්‍රස්තවාදීන්ට අනියම් ආකාරයකින් හරි උඩ ගෙඩි දෙන අයගේ කරන ප්‍රකාශ හා ක්‍රියාකාරකම් නවත්වන්නනම්........අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් රාජපක්ෂ පාලන යුගයක් රටට අවශ්‍යයි. අවස්ථාවාදී යහපාලනයේ නාම්බන් මොන අදහස් දැරුවත් රටට අත්‍යවශ්‍යම දේ එයයි. රටේ ජනතාවට නැත්නම් වෙන්නේ යාහාපාලනයේ පවු ගෙවන්න.

:       24       157

RNG Tuesday, 03 July 2018 12:00 PM

අතීතයේ පවා රටින් විශාල කොටසක් පරසතු බලයට යටව තිබියදී සිංහල ශිෂ්ටාචාරය නොනැසී රැකුණේ රුහුණු දෙසෙහිමයි.. ඒ නිසා මේ රුහුණේ අභීත නායකත්වයට සුදුසුම වෙලාවයි..

:       40       28

SARATH SILVA Monday, 02 July 2018 03:09 PM

මෙයා මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ.. තමුන්ගේම දෙමළ කී දාහක් මැරුවද? තමුන්ගේම වාසියට ජාතිය පාවාදෙන අය දේශපාලනයෙන් පන්නා දැමිය යුතු වෙනවා. රටට ද්‍රෝහීව කතා කරන අය එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමිය යුතුයි.

:       12       1006

HafeelMonday, 02 July 2018 05:11 PM

එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට කොන්ද පණ තියෙනවා නම් එදාම අයින් කරන්න තිබුණේ. මෙය අද, ඊයේ නොවේ.. එදා ඉඳන් මෙහෙම තමයි. මෙයාට කළින් මේ වැඩේ කරගෙන හිටියේ දොස්තර ජයලත් ජයවර්ධනයි.

:       0       46

Chamara Monday, 02 July 2018 03:15 PM

මෙයාව ඇමති ධුරයෙන් ඉවත් කළ යුතුයි.

:       68       1201

SAM Monday, 02 July 2018 03:16 PM

මේ අය වහාම අත්අඩංගුවට ගන්න. දැන් පුල්ලි මතුවෙන්න අරගෙන වගෙයි.

:       22       906

karolis Monday, 02 July 2018 03:21 PM

පොහොට්ටුවටද මන්දා වැඩ කරන්නේ?

:       1852       1445

vipula Monday, 02 July 2018 03:34 PM

අපිටත් මෙවැනි ප්‍රශ්න තියෙනවා. ජනවාරි අට වෙනිදා උඩ පැනගෙන කතිරේ ගැහුවට රටේ ආර්ථික සමාජයීය ප්‍රශ්න තව තවත් වැඩි වුණු එකයි වුනේ...

:       132       1009

Anton Austria Monday, 02 July 2018 06:50 PM

විපුල මහතා වෙත මේක දේශපාලන ප්‍රශ්ණයක් නොවේ ජාතියේ ප්‍රශ්නයක්

:       435       174

RNG Tuesday, 03 July 2018 01:40 AM

ඔහොම තමයි දැන් ඔයාලට නිර්වචනය කරන්න තියෙන්නෙ ..ඒත් මේ වගේ ප්‍රකාශ මතු වුණේ සංහිඳියාව ගැන ලොකුවට කතා කරපු යමපාලකයො රට බාර ගත්ත දවසෙ ඉදන් කියලා අමතක කරන්න එපා..

:       15       248

Asiri Monday, 02 July 2018 03:37 PM

පුදුම කතාවක් මේක. මෙයා කන්ස්ටිටියුෂන් එක එහෙම පිටින්ම කඩකරනවා.

:       0       557

senarathMonday, 02 July 2018 04:54 PM

කොටි සහ කොටින් වෙනුවෙන් කඩේ යන්නන්ට මොන කොන්ස්ටිටියුෂන්ද? ඔවුන්ට කැබැලි වෙලා ගියපු මිනිස් සිරුරු, වෙඩි තැබීම් වගේ දේවල් දැකීම තමා නිදහසේ ජිවත් වෙනවා කියන්නේ. කෝ දැන් ලොකු කතා කියපු රතන හාමුදුරුවෝ, පාඨලීලා, ෆීල්ඩ් මාර්ෂල්ලා, එන්.ජී.ඕ. නඩය... මේවට විරුද්ධව පියවර ගන්න බැරි දෙමළ ඩයස්පෝරාවෙන් ගත්තු ඩොලර් කුට්ටි නිසාද? මහා ලොකුවට කිව්වා නේද යුද්ධය කළෙත් " අපි " කියලා.

:       3       116

de silva Monday, 02 July 2018 03:57 PM

මීට විරුද්ධව නඩු පවරන්න කෙනෙක් නැද්ද? හෙළ උරුමය කෝ?

:       176       453

RNG Monday, 02 July 2018 05:30 PM

දැන් හෙළ උරුමය හෙව්වට මේවා එළි කරනකොට ජාතිවාදය අවුස්සනවා කියලා කෑ මොර දෙනවා..මේ වගේ අදහස් පළ වෙනකොට විතරයි මෙයාලට ඒ ගැන හෙළි කරන අයව මතක් වෙන්නෙ..

:       48       506

ජයන්ත මිලානෝ Monday, 02 July 2018 04:05 PM

එතුමියගේ ප්‍රකාශයෙන් කරුණු දෙකක් ගම්‍ය වෙනවා. එකක් මෙම රජයේ නොහැකියාව, අනික් කරුණ නම් ඔවුන් විදින දැඩි පීඩනය සහ ඔවුන්ට තිබෙන අනාරක්ෂිතභාවය.

:       420       288

wije Monday, 02 July 2018 04:14 PM

මේ කියලා තියෙනදේ නම් මොන පදනමකින් කිවුවාද කියලා අපිටනම් තේරෙන්නේ නැහැ. නමුත් අපි අමතක කරන්න හොද නැහැ නියපොත්තෙන් කපන්න පුළුවන් දෙය පොරවෙන් කපන්න සිද්දවෙනකම් ඉන්න හොද නැහැ කියලා.

:       4       465

සඳුන් Monday, 02 July 2018 04:30 PM

බලමු මෙයාට එරෙහිව ගන්න පියවර.

:       5       317

Gayya Monday, 02 July 2018 04:33 PM

වෙනස සැපද

:       161       816

roshan saudi Monday, 02 July 2018 04:36 PM

කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් නම් කෙළින් තීරණයක් ගන්න ඔන්න වෙලාව...

:       0       16

Amila Monday, 02 July 2018 04:40 PM

කතාව වැරැදියි... එහෙත් රටේ නීතිය තදවිය යුතුමයි.

:       0       0

chamuditha Monday, 02 July 2018 04:44 PM

කරුණාකර සිරභාරයට අරගෙන නිදහසේ ඉන්න දෙන්න. මිනිස්සුන්ගේ ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්න එපා. ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකයෙක්ම මිනිස්සු... තමන්ගේ ජාතිය ගැන සංවේදියි. මෙයාලා කරන්නේ ඒ සංවේදීකම දේශපාලනීකරණය කරන එකයි.

:       0       11

සතයපාල Monday, 02 July 2018 04:44 PM

මේවා එච්චර ගණන් ගන්න එපා.. අපි නිව්යෝක් ටයිම්ස් පත්තරේ ගැන කතා කරමු.. යහපාලනය වෙනුවෙන් කැප වෙමු..

:       107       1

සතයපාල Monday, 02 July 2018 05:03 PM

මානසික රෝගයක් වත් ඇති... නැත්නම් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න තරම් බුද්ධියක් නැති මන්ද බුද්ධික තත්වයේ පසුවන අයෙක් විය යුතුයි... මෙහෙම කථා කියන්න. කොටියගේ කාලයේ ළමයින්ට පාසැල් ඇරිලා ගෙදර එන්න බැරි වුණු බව අමතක වෙලා, අවුරුදු අටේ, දහයේ දරුවන් පවා මගදී පැහැරගෙන ගොස් කොටි කල්ලියට බඳවා ගත් ඉතිහාසය අමතක වෙලා වගේය.

:       0       21

manoj Monday, 02 July 2018 05:10 PM

එහෙම නැගිට්ටම ලේසියි. එතකොට නිදාගෙන ඉන්න සිංහයෝත් නිකන්ම නැගිටලා ඉතුරු වෙලා ඉන්න කොටි හොල්මන් ටිකත් අතුගාලම දානවා.

:       0       22

Kumar Monday, 02 July 2018 05:26 PM

අපට ඕනනැති කොටියෙක් නැ. අපේ පාසල් දරුවන් සටන් කරන්න බලෙන් ගෙනගිය වග අමතක වෙලාද

:       98       476

emerson Monday, 02 July 2018 06:06 PM

එක මනුස්සයෙක්ට තර්ජනය කලා කියල ඥානසාර හාමුදුරුවන්ව හිරේ යැවුවා මෙයා මුළු රටටම තර්ජනය කරනවා. හැමෝටම සමාන නීතිය කොහෙද තියෙන්නේ දැන් .

:       137       785

කුමාර් (ගල්ෆ්) Monday, 02 July 2018 06:12 PM

ලංකාවට අවශ්‍ය සියලු ජාතීන්ගෙන් සැදුනු හමුදා රජයක්, මේ ඉන්නා දේශපාලකයෝ එකම එක්කෙනෙක්වත් මේ රට ගොඩගන්නේ නෑ

:       192       464

Rasika Monday, 02 July 2018 06:43 PM

දැන් සැපද ? කෝ නීතිය ?

:       135       556

ARUN Monday, 02 July 2018 07:08 PM

තස්ත්‍රවාදයට උදව් දීමේ වරද

:       0       53

Ajith Nissanka Monday, 02 July 2018 07:08 PM

මේ දෙපැත්තේම ඉන්න අන්තවාදී කණ්ඩායම් නිසා සාමකාමී ජනතාවට නම් කිසිම නිදහසක් නැහැ!

:       5       65

sanath Monday, 02 July 2018 07:18 PM

මෙයාලට කිසිම ප්‍රශ්නයක් හෝ නීතිය ක්‍රියාත්මක නොවන බව, අපේ දරුවන් දන්නවා. නමුත් අපි මේ දෙයක් කිව්වනම් ජාතිවාදය කියල හිරේ. මම හරිද වැරදිද.

:       0       106

සේනක Monday, 02 July 2018 07:51 PM

යාහාපාලනයේ අය කතා කරන්නෙ සංහිඳියාවයි ,සංවර්ධනයයි. මේ ඒවායේ ප්‍රතිඵල තමයි නිකුත් වෙන්නේ. මේ රජය මනුෂ්‍යයින්ට මරණ තර්ජන කලා කියලා මිනිස්සුන්ව හිරෙ විලංගුවේ දානවා. එතකොට මේවගේ ජාතීන් අතර ගැටුම් ඇති කරන ප්‍රකාශ නිකුත් කරන අයට දෙන දඩුවම මොකක්ද?. රටකට ආණ්ඩුවක් තියෙන්නේ මිනිමරු ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්නද ?. දැන්වත් ජනතාවට පවු නොදී, කරන්න පුලුවන් මිනිහෙකුට රට කරන්න දීලා යන්න.

:       4       190

ප්‍රීති Monday, 02 July 2018 08:08 PM

නමට ඉදිරියෙන් "හොර" යන නාමය නොදරන ඔබ වැනි කාන්තාවන් මේ රටේ නායකත්වයටත් සුදුසුයි. බහුතර ඔලු ගෙඩි වලට ආවඩන සිංහලයින්ට වඩා, සුළුතරය වෙනුවෙන් සටන් වදින ඔබ වැනි කාන්තාවන්ට අපි ගෞරව කරමු. ජාතිය හා ආගමෙන් ඔබ්බට ගිය රට වෙනුවෙන් පෙරට එන නායකත්වයක් වෙනුවෙන් අපි ඔබලා සමග එකතු වෙමු.

:       383       50

V.warnakulasuriya Monday, 02 July 2018 09:43 PM

මෙයාටත් විමල් විරවංශ, ගම්මන්පිල වගේ අයට තියෙන රෝගය බෝවෙලා. මුළු රටටම තිබෙන ප්‍රශ්න එක ජාතියකට කියා සිතන්නේ නම් එය තමන්ගේ බඩ ගොස්තරය නිවාගැනීමට සිතීමකි. වර්තමාන පාලකයන්ද තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතනවාය ප්‍රකාශය සාධාරණය. නමුත් ජනතාව ආයුධ අතට ගෙන ප්‍රශ්න විසඳා ගැනීමට යාමේ විපාක ඉතිහාසයෙන් ඉගෙනගත යුතුය. කුමන ජාතියක හෝ වගකිවයුතු පුද්ගලයන් අදහස් ප්‍රකාශ කිරීමේදී සැළකිලිමත් වියයුතුය.

:       120       8

Chanak Los angeles Monday, 02 July 2018 10:30 PM

යුද්ධය නිසා උතුරේ ජනතාව විඳපු දුක ඔවුන් දන්නවා.

:       86       21

RNG Tuesday, 03 July 2018 07:27 AM

එතකොට යුද්ධය නිසා දකුණේ මිනිස්සු විදපු දුක..අභීත රණවිරුවන් කී දෙනෙක් නම් ජාතියට අහිමි උනාද ..?මේවා නොපෙනෙන්නෙ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද..?

:       9       134

සේනක Tuesday, 03 July 2018 08:22 AM

එතකොට මහත්තයෝ දකුණේ ජනතාව සැපෙන් හිටියා කියලද හිතාගෙන ඉන්නේ.

:       6       77

RNG Tuesday, 03 July 2018 11:41 AM

තවත් කොටි හිතවාදියෙක්.. ඒකයි මෙහෙම ප්‍රකාශ කරන්නේ රටින් පැනලා ඉඳන්.. රටේ හිටියා නම් දකුණේ මිනිස්සු විඳපු දුකත් දන්නවානේ..

:       0       82

Rasi Monday, 02 July 2018 11:27 PM

ඒ අයට ඕන එකක් කියා සහ කර නිදහසේ ඉන්ට ලැබීමත් අපි (සිංහලයන්ට) මොකක් හරි කී විට හිරේ විලංගුවේ ලැගීමට සිදු වීමත් සංහිදියාව නම්වේ.

:       6       184

jayatissa Tuesday, 03 July 2018 12:26 AM

අළු යට ගිනි පුපුරු. දෙමල අයට රටේ හැම තැනම ඉන්න පුළුවන්. එත් සිංහලයට උතුරට නැගෙනහිරට ගිහින් ලේසියෙන් ඉන්න පුලුවන්ද.? ප්‍රශ්න තියෙන්නේ අපිට. මෙයා කොහොමත් කකුල් දෙකම ඒ පැත්තේ තියාගෙනමනේ කතාව.

:       0       154

Bamunuarachchi Tuesday, 03 July 2018 12:39 AM

අපට නිදසහසේ ඉන්න නම් අපි නුඹලාගෙන් නිදහස් විය යුතුය.

:       114       77

Bamunuarachchi Tuesday, 03 July 2018 12:54 AM

62 ට දැන් හරි චූන් ඇති නේද ?

:       153       357

WickyRajapaksha Tuesday, 03 July 2018 12:58 AM

ත්‍රස්තවාදීන් ඉන්න කාලේ එතුමිය කොහෙද හිටියේ. මේ ආණ්ඩුව මේ ගැන දැඩි පියවරක් ගන්නවා වගේම ,මේ ප්‍රකාශයෙන් කියන්නේ උතුරේ වගේම දකුණේත් පුරවැසියාට ජීවත් වෙන්න තියෙන සාම කාමී පරිසරය කෙමෙන් නැතිවීගෙන යනවා කියලනේ . ලංකාවේ නීතියක් නැහැ .සැමට එකසේ නීතිය ගොඩ නැගිය යුතුය.උතුරේ වගේම දකුණේත් පාතාල කල්ලි. ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නොවන හොර තක්කඩි සියලුදෙනාම නීතියෙන් දඩුවම් දිය යතුය.

:       0       74

gunarathna Tuesday, 03 July 2018 01:23 AM

වරදවා තේරුම් ගන්ට එපා. විජයකලා නෝනා කියන එක හරි. මොකද LTTE එක තියෙන කාලේ එකේ හිටපු නායකයෝ හොඳට සැපෙන් හිටියා. නමුත් මොවුන් දන්නේ නැහැ සාමාන්‍ය දෙමල ජනතාව කොහොමද හිටියේ කියලා. මොන තරම් බදු ගෙව්වද මේ මිනිස්සුන්ට සැපෙන් ඉන්ට. දැන් එහෙම දුකක් දෙමල සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ. විජයකලා නෝනා හදන්නේ ආපහු සැපවත් ජීවිතයක් ගත කරන්ට මේ අහිංසක මිනිස්සුන්ව මුලා කරලා.

:       2       73

Missaka Tuesday, 03 July 2018 01:37 AM

ළමයි කී දාහක් අනාත උනාද? මිනිස්සු කී දාහක් මැරුවද?ඒ කාලේ කොහෙද හිටියේ?.

:       0       130

kamal Tuesday, 03 July 2018 02:17 AM

එතුමියට අයිතියක් තියෙනවා එතුමියට හිතෙනදේ ප්‍රකාශ කරන්න. එක තමයි ප්‍රජාතන්ත්‍ර වාදය. අනික එහෙ ගැහැණු ළමයින්ව මෙහෙම දුෂණය වුනේ නැහැ ඒ කාලේ. එක තමයි ඇය කියන්නේ. අනික දකුණේ අපිට වඩා එහෙ ප්‍රශ්න තේරෙන්නේ ඒ අයට. අපි ප්‍රශ්න ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ වගේම ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න අපිට තේරෙන්නේ නැහැ. එක නිසා මේක ගැන කතා නොකර ඉන්න.

:       569       82

කුමාර් (ගල්ෆ්) Tuesday, 03 July 2018 08:04 AM

මේ කියන්නේ "හරියට බඩේ රුදාවට කටු ඉඹුලේ නැග්ගා වගෙය්" කියා කතාවක්.

:       0       96

sensa Tuesday, 03 July 2018 02:18 AM

විධිමත් දේශපාලන ප්‍රවාහය තුළ ඉන්න කෙනෙකුගේ තවද කාන්තාවකගේන් බරපතල ප්‍රකාශයක්. අපට දැනගන්නට බොහෝ දේ ඇති බව ප්‍රකාශ කරයි. සාමයට වැඩිය යුද්ධය හොදයි කියා ප්‍රකාශ කරන්නේ ඇයි. විශ්වාසය..විශ්වාසය එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නැතිකම. විසදුම් දෙන පොරොන්දුවෙන් කපටිකම් කිරීම. සෘජු බව නැතිකම වැනි දහසකුත් දේවල් තමා හේතුව. රටේ අවාසනාව.

:       22       2

lalithsjm Tuesday, 03 July 2018 02:22 AM

ඇමතිවරයෙක් වෙන්නම ඕන නෑ දකුණේ සිංහලයෙක් ඔය කතාව කීවානම් යහපලානේ කෙරුවාවල් බල ගන්න තිබුණ.

:       0       154

Adam Tuesday, 03 July 2018 02:37 AM

ජනාධිපති සිරිසේන තවම පත්තරේ බලල නැ, මේ විස්තරේ කියවපු ගමන් දැඩි පියවර ගන්නවා කියල ඊලග රැස්වීමදී කියනවා. කට විතරයි වැඩ නැහැ . අපිත් බලාගෙන ඉන්නේ 2020 අඩුනැතිව හොදටම සලක්කන තමා. මුළු රට කුණු ගොඩක් කරලා තියෙන්නේ.

:       0       151

maarayaa Tuesday, 03 July 2018 02:45 AM

ආණ්ඩුවේ මතයයත් මෙයමයි. මොකද මෙයා ආණ්ඩුව නියෝජනය කරන ඇමති කෙනෙක්. මෙහෙම දෙයක් තියෙද්දී ආණ්ඩුවට රටක් කරගෙන යන්න සදාචාරකමක් නැහැ. ආණ්ඩුව ජාතියෙන් සමාව අරන්, ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මෙය දේශපාලන කටයුත්තක් නොවේ. රටේ ප්‍රශ්නයක්. සියල්ලන්ම ඇස් අරින්න

:       0       247

රවින් Tuesday, 03 July 2018 02:52 AM

ලංකාවේ දේශපාලුවෝ ඉතිහාසය මකාදමන්න හදනවා. මැයගේ ඉතිහාසය කෙටිකාලකදී මකාදමන්න අමාරුයි. දමිල ජනතාව විසින් ඔබව පත්කරගත්තේ හැම තිස්සෙම රාජ්‍ය අනුග්‍රහය පමණක්ම ලබාගන්න නොවේ. ඔබ හොඳින්ම දන්නවා පිට රටවල සිටින ඔබගේ පරණ සංවිධානයට තාමත් මුදල් එකතුවෙන බව. කරුණාකර එම මුදල් ඔබ ඔය කියන ප්‍රශ්න වලට යෙදවිය නොහැකිද? උදාහරණ ලෙස එළවලු වවන ගොවි ජනතාව උදෙසා ශීත ගබඩා පහසුකම් ලබාදුන්නොත් ඔවුන්ගේ නිෂ්පාදන තවකාලිකව ගබඩා කර වෙළඳ පොලින් හොඳ මිලක් ගත හැකි නේද? ධිවර කර්මාන්ත කරුවන්ට අධි ශීත ගබඩා පහසුකම් ලබා දුන්නොත්? පොදු ජනතා ප්‍රශ්න වලට එකම විසදුම ආයුද පමණක් ය යන මතය අත හැරියොත් හොඳ නැද්ද? ඔය ප්‍රදේශවල කර්මාන්ත කියක් ඇරඹිය හැකිද? එමගින් රිජු රැකියා කියක්? රිජු නොවූ රැකියා ? අනියම් රැකියා? ඔබ හොඳින් දන්නා පිටරට සිටින ඩයස්පෝරා කට්ටියට කියල ගෘහනියන්ට යම්කිසි කර්මාන්තයකට යොමුකර එම නිෂ්පාදන පිටරට ඔබගේ පැරණි සංවිධානයකට අයත් වෙළඳ සැල් මගින් අලෙවිකොට යම්කිසි අදායම් මාර්ගයක් ඔවුනට සලසා දෙන්න. ඔබගේ මහජන නියෝජිත දුරයෙන් හරි ප්‍රයෝජනය ගන්න.

:       3       20

prakaash Tuesday, 03 July 2018 02:57 AM

මේ නිවට ආණ්ඩුවේ හැකියාවද මේ.? මේ කොටි ධේනුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු අතර මන්ත්‍රී ධුරය වහාම ඉවත් කල යුතුය. මේවට කියන්නේ සංහිඳියාව නොව නිවට කමයි.

:       2       207

Bandula. Tuesday, 03 July 2018 03:14 AM

එදා බංකර් වල හිටපු කාලේ අමතකවෙලා වගේ නේද , පාසල් දරුවන් සටන් කරන්න බලෙන් ගෙනගිය වග අමතක වෙලාද,? අහිංසක මිනිසුන් බිල්ලට දීලා සැපෙන් ඉන්න ඔයාල ගෙදර යවන්න ඕනේ.

:       94       143

suran Tuesday, 03 July 2018 03:20 AM

මේ කතාවේ කිසිම වැරැද්දක් නැහැ. මේක තමා යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය. ඕන කෙනෙක්ට ඕන මතයක් දැරීමේ හැකියාව, ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ලබාදුන් ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය - මීට හැට දෙලක්ෂයේ එක් අයෙක්.

:       194       31

RNG Tuesday, 03 July 2018 06:09 AM

යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කලින් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් තියෙන්න ඕන.

:       87       145

jayantha Tuesday, 03 July 2018 03:21 AM

උතුරේ ජීවත් වන මිනිස්සු වෙනුවෙන් විසඳුමක් සොයන්න ඕනනේ නැතම් තවත් ඉරණමට මුහුණදෙන්න වෙනවා.

:       25       1

සමන්ත Tuesday, 03 July 2018 03:24 AM

ඒ බොරුවක්. මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහත්, කියලා තියෙන විදිහත් දෙකක්. එයාගේ කතාවේන් අදහස වෙන්නේ තවමත මිනිස්සුන්ගේ හදවත් වල ඉන්න නිසා කොටි ආයෙත් නැගිටින්න හදනවා. කියලා. ඒ 2009 ට කලින් කොටි නිසා නීතිය රැකුණා කියලා එයා හිතන බවක් ඒ කතාවෙන් පේනවා. ඒත් හඬ පටිය අහලා මිසක් නිගමන වලට එන්න එපා. එයා අදහස් කරන්නේ ජාතික සංහිඳියාව හෝ සංවර්ධනය යන නාමෙන් කිසි දෙයක් උතුරට නොලැබුණු බවක්. ඒකෙන් අග අදහස් වෙන්නේ නැහැ කොටි ඕනේ කිව්වා කියලා. මේක මාධ්‍ය සදාචාරය පිළිබදව ප්‍රශ්නයක්. කොහොමත් හොයා බලන එක රජයේ වගකීමක්.

:       283       36

ranesh Tuesday, 03 July 2018 03:50 AM

කරුණාකරලා දැඩි පියවරක් ගන්න. අර කමනුකූලව නිතිය ක්‍රියාත්මක කර වගේ නැතිව.... මේක රජයේ මතය නොවේනම් කරුණාකරලා ජනාධිතිතුමා ජාතිය අමතලා මේ ප්‍රකාශය නිවැරදි කරන්න. නැතිනම් ආර්ථික පිඩනයන් / විරැකියාවන් පෙලන උතුරේ දමිළ තරුණයන්ට මේකන් වැරදි අර්ථකතනයක් / පුර්වාදර්ශයක් විය හැක.

:       1       1113

isurandi Tuesday, 03 July 2018 04:00 AM

කොන්ද පණනැති නායකයෝ රට පාලනය කරද්දී මෙවැනි කතා ඇසීමත් අරුමයක් නෙමෙයි.මේ කියමනේ බැරෑරුම්කම පරම්පරා ගානකට බලපානවා.

:       0       214

මාධ්‍ය යුතුකම Tuesday, 03 July 2018 04:07 AM

2018-යහපාලනය ,2008-20015 රාජපක්ෂ හිට්ලර් පාලනය, 1990-2008කොටි පාලනය, 1989-1993ප්‍රේමදාස පාලනය . වෙනස ? දැන් වල්බුරු නිදහස. නීතියට පළමු තැන. නමුත් ලංකාවේ නීතිය ඉතා ප්‍රමාදයි. නඩු කල් දමයි. මරණ දඩුවම නැත. එල්ලා මැරීම නැත. ඇපපිට හොරු නිදහසේ. නඩු කීපයක් තිබෙන මිනිමරු වැරදි අය බොහෝ එළියේ සිටිති. එවිට යහපත් ජනයා, කෝපවී, හිට්ලර් කෙනෙකු හෝ මිලිටරි ක්‍රමය හෝ කොටි ක්‍රමය හෝ ඉල්ලති. මෙය ජාති වාදය ට කැමැත්ත හෝ හිට්ලර්ට කැමැත්ත නොවේ. තමාගේ දුවට පාරේ නිදහසේ යා නොහැකි යහපාලනය කුමටද ? දැන් මිනිස්සු වැරදි කිරීමට බය නැත. තලාවේ බැංකු මංකොල්ලය, මාතර රන් හොරු , පාතාලයට නිදහස. ඇපපිට හොරු නිදහස් නොකර වෙනම රදවා තබන තැන් අවශ්‍ය වේ. නඩු කල් නොදැමිය යුතුය. මාධ්‍ය යුතුකම ?

:       34       29

amali Tuesday, 03 July 2018 04:09 AM

හිට්ලර් හිට්ලර් කියල බයව්වෙලා දඟලපු කට්ටිය කෝ දැන්.

:       6       158

සුරා Tuesday, 03 July 2018 04:15 AM

අය්යෝ අපේ රට ජාතිය ? සිංහලුනේ තොපි කැලෑ වැදිලද ? තව හැංගියන් ?

:       0       59

rizwan Tuesday, 03 July 2018 04:16 AM

ඔය වගේ කුණු ගොඩවල් ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ගේ ඔලු වලට දාල. මම හිතන්නේ යාපනයේ ඉන්න ජනතාවට ආයෙත් ත්‍රස්තවාදී සංවිධාන උවමන නැහැ. නමුත් මේ අයගේ පැවැත්ම සඳහා ඒවා ආයෙත් කරලියට ගෙන්න වගේ හදන්නේ. බලමු අපේ යහපාලන ආණ්ඩුව මේකට මොන වගේ පියවරක් ගනීද කියල.

:       0       118

kira Tuesday, 03 July 2018 04:17 AM

මම හිතන්නෙ මෙයා කියන්න හදන්නෙ තස්ත්‍රවාදී කාලෙ අපරාධ අඩුයි කියන එක. ඒකයි මෙයා තස්ත්‍රවාදී ඉන්න කොට මිනිස්සු නිදහස් කියල කිව්වෙ. ඒ වගේම තමයි අපේ හාමුදුරුවොත් හිට්ලර්ව උපමා කරේ රට හදන්න. ගොඩක් අය මේක ගැන අදහස් දක්වන්නෙ පරණ ත්‍රස්තවාදය මතක් කරගෙන. හෑබෑයි මේ විදිහට නැති වෙලා තියෙන සමාජය ගොඩ ගන්න එක්කො ප්‍රබාකරන්, හිට්ලර් නැත්නම් බුදු හාමුදුරුවො ආයිමත් මේ ලෝකෙට පහල වෙන්න ඕනෙ.

:       200       11

NuwanTuesday, 03 July 2018 08:35 PM

එල්ටීටීඊ එක තියෙනකොට කොහෙද අපරාද අඩු.. හැම හන්දියකම ප්‍රභාකරන්ට විරුද්ධ අයව මැරුව උතුරේ. වෙඩි තියල මාරුව, එල්ලලා මාරුව, දෙමල , සිංහල, මුස්ලිම් අහිංසක මිනිස්සු කීයක් මැරුවද? එතකොට, පාසල් වලට ගිහින් බලෙන් ළමයින්ව අරන් යනවා යුදෙට , ළමා සොල්දාදුවෝ කීයක් හිටියද? ඒ ළමයින්ව මරාගෙන මැරෙන බෝම්බ බලා දකුණට එව්වා. එතකොට අන්තිම සටනේදී , පලායන අහිංසක දෙමල ජනතාවට වෙඩි තිබ්බා. මායින් ගම්මාන වලට පැනල , ළමයි හම්බවෙන්න ඉන්න අම්මලාව මාරුව, ගිහින් බලන්න , පදවිය, ශ්‍රී පුර , කැබිතිගොල්ලව , ඒ මිනිස්සු එක්ක කතාකරන්න, කොහොමද ඒ ය ජීවත් උනේ කියල. උතුරේ මිනිස්සුත් , දකුණේ මිනිස්සුත්, යුද්දෙන් කොච්චර බැට කවද.. එහෙම යුද්දයක් නැවත ඉල්ලනේ.. හිට්ලෙර් කතාව මේකට සම්පූර්ණ වෙනස්. එක සිංහල භාෂාවේ තියෙන උපහැරණයක් වගේ.. නමුත් මේ මන්ත්‍රීවරිය කියන්නේ , එයාගේ බලාපොරොත්තුව නැවත එල්ටීටීඊ එකට පණදීම කියල. මේක විශාල තර්ජනයක්.

:       0       0

asdfg Tuesday, 03 July 2018 04:32 AM

හිට්ලර් වගේද ප්‍රභාකරන්... දැන් බලමු හිට්ලර්ට විරුද්ධව කෑගහපු කී දෙනෙක් ප්‍රභාකරන් ගැන කථා කරනවාද කියලා..............

:       10       202

amila peiris Tuesday, 03 July 2018 04:37 AM

දරුවෝ පාසල් ගියපසු නැවත නිවස කරා නොපැමිණෙන,රැකියාවට බැංකුවකට යන්න බැරි කොයි වෙලේ වෙඩි පතුවේද, බිරිද දරුවන් සමග නිවසේ තියලා යන්න බැරි අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී. හිට්ලර් වගේ රට කරන්න ඕන කියල හාමුදුරුවෝ අනුසාසනා කරනවා. මන්ත්‍රී තුමිය කියනවා එල්.ටී.ටී.ඊ පාලනයක් ඕන කියල. නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් දීමට දැන් සිටින පාලකයන් අසමත්වෙලා.

:       0       151

Aslam Tuesday, 03 July 2018 04:49 AM

රනිල් මහත්තයාට ඕන වෙලා තියෙන්නෙත් ඔය ටිකමනේ. කොටි නැගිටලා ඔය ලක්ෂ 62 ගැහුවට නම් කමක් නැහැ අපිව බේරල. ඔබ සතුටුයිද දැ....න්?

:       1       340

Chanak los angeles Tuesday, 03 July 2018 04:58 AM

මේ ප්‍රකාශයේ වරදක් නෑ... යහපාලනය හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න නිදසහ දෙනවා......

:       242       12

RNG Tuesday, 03 July 2018 06:16 AM

නිදහස තියෙන පලියට කටට එන ඕන දෙයක් ප්‍රකාශ කිරීමෙ හැකියාවක් නෑ. ඒකට කියන්නේ වල් බූරු නිදහස කියලා. යහපාලනේ තියෙන්නෙ ඒ වගේ නිදහසක්නෙ කොහොමත්..

:       3       136

ShanakaTuesday, 03 July 2018 07:54 AM

අහ්! කොහෙද දැන් ඔය කියන යහපාලනය තියෙනවා කියන්නේ..............

:       0       79

manoj Tuesday, 03 July 2018 05:01 AM

මෙයාගේ හිතේ සිංහල ජනතාව ගැන කොච්චර වෛරයක් තියනවද කියල මේ ප්‍රකාශයෙන් පේනවා. රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමුන්ගේ අමාත්‍යංශයක් මේ වගේ කෙනෙක්ට බාර දීල කරන්නේ විනාශයක්. කොන්ද පන තියන රජයකට මේ ප්‍රකාශය ඇති මෙයාව ධුරයෙන් නෙරපන්න.

:       4       329

Wasantha Jayasinghe Tuesday, 03 July 2018 05:08 AM

කෝ රජයේ සංහිදියාව....................

:       0       88

MOHAN Tuesday, 03 July 2018 05:39 AM

මේ මන්ත්‍රීනියගේ සැමියාව මැරුවේ කොටි කිව්වට ඒක එහෙම නොවේ කියලා මෙතුමිය දන්නවා ඇති. ඒක නිසා මේ කේන්තිය.

:       76       33

KANDEPOLA Tuesday, 03 July 2018 05:44 AM

මැය රටේ ජනාධිපතිවරයා අතින් රාජ්‍ය ඇමතිකමක් ලබාගත්ත තැනැත්තියක්. ඇගේ මෙම ප්‍රකාශය හුදෙකලා ප්‍රකාශයක් නොවෙයි. එයට පසුබිමක් තිබිය යුතුමයි. ඍජුවම රජය මෙම ප්‍රකාශයට වග කිව යුතුයි.

:       3       140

Sisira Tuesday, 03 July 2018 05:47 AM

මෙි ප්‍රකාශය සත පහකට ගණන් ගන්න එකක් නෑ ඒත් හාමුදුරුවෝ ගෝඨාට ආණ්ඩු කරවන හැටි කීව කියල මහ ගාලගෝට්ටියක් ගියා නේද කෝ අර සාම හිතෛෂි වීරයෝ

:       1       183

suran Tuesday, 03 July 2018 05:55 AM

මෙයා කියන දේවල වැරැද්දක් මමනම් දකින්නේ නැහැ. ඇයගේ සම්පුර්ණ කතාවම අසන්න. ඇය කියන්නේ මේ රජයට වඩා LTTE එක හොදයි කියලා. එක සම්පුර්ණයෙන්ම ඇත්ත LTTE එක වසර 30 කින් විනාශ කරපු රටේ සම්පත්වලට වඩා වැඩි කොටසක් මේ රජය වසර 3කින් විනාශ කලා. LTTE කොපමණ ම්ලේච්ච් උනත් හොද විනයක් තිබුණා හැමෝටම එක නිතිය. මේ රජයේ විනයක් නැහැ නිතිය පුද්ගලයා අනුව නැවෙනවා. හොදම උදාහරණය තමා මෙයා කියනදේ රජයට සම්බන්ද නැති වෙන කෙනෙක් පැවසුවානම් මේ වෙනකොට රටේ නිතිය අනුව අත්අඩංගුවේ.

:       258       214

Hafeel Tuesday, 03 July 2018 05:56 AM

හොඳම වැඩේ තමයි කයිවාරු නවත්තලා, මන්ත්‍රිකමෙන් අයින් වෙලා කොටින්ට නායකත්වය දෙමින් සටනට බහින්න. ඔයාට විග්නේශ්වරන්, සිවාජිලිංගම්, ආනන්දිලත් සහයෝග දේවි.

:       3       176

abiya Tuesday, 03 July 2018 05:59 AM

අපමණ අගයක්

:       0       96

කණගාටු සිරි ලක Tuesday, 03 July 2018 06:04 AM

ලංකාව යනු ලෝකයේ අනාරක්ෂිත පළමු තැන වනු ඇත.

:       0       60

priyanka Tuesday, 03 July 2018 06:05 AM

මේවගේ අය මැරිලා ඉපදුනාට රටේ අදටත් යුද්ධෙන් බැටකාපු මින්නිස්සු විඳවනවා. මේ රජය මේකට දඩුවම් නොකලොත් රටේ සියලුම ජනතාව පාරට බහිනවා කියන එක අමතක කරන්න එපා .

:       0       112

RIHAN Tuesday, 03 July 2018 06:10 AM

එළිවන ජාමට තව තව සෙල්ලම් බලාගත හැකියි.

:       0       75

මංජුල Tuesday, 03 July 2018 06:13 AM

මේවා පල කලයි කියලා නිව්යෝක් ටයිම්ස් වාර්තාව යට ගහන්න පුලුවන්ද ?

:       235       9

nimal Tuesday, 03 July 2018 06:16 AM

එල් ටී ටී ඊ එක කාලේ උතුරු නැගෙනහිර මිනිස්සු ම්ලේච්ච විධියට මැරුනා මේ අයට මතක නැද්ද. අනික මේ වගේ දුෂණ මිනි මැරුම් වංචා වෙන්නේ උතුරේ විතරද නෑ මුළු ලංකාවේම ඔය ප්‍රශ්නය තියෙනවා උතුර විතරක් හයිලයිට් කරලා ආයෙත් ප්‍රශ්නයක් ඇතිකරන්න හදන්නේ. මේක මේ සමාජ ක්‍රමයේ කඩා වැටීම ප්‍රශ්නයක් තියෙන්නේ එක සමස්ත ශ්‍රී ලංකාවටම බලපානවා. මේ ක්‍රමය වෙනස් කරලා සමාජ සාධාරණය ඉෂ්ඨ වෙන ක්‍රමයක් ගැන හිතන්න කාලය හරි. නැත්තන් දේශීය සහ විදේශීය ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණවලට අහුවෙලා අපිව වල පළලටම ඇදලා දාවි.

:       0       86

nuwan Tuesday, 03 July 2018 06:22 AM

මේකෙන් කියන්නේ තමුන්ගේ ජාතිය අය බේරලා අනිත් ජාතියේ අය මැරුවට කමක් නැහැ කියලා. පණ නැති පාලකයෝ රට පාලනය කරනකන් මේ රට විනාශ වෙනවා නියතයෙන්ම. මේ කතාව හිරේ දාන්න වටින කතාවක් වෙන රටක උනා නම්. කෝ මේ මානව හිමිකම් සංගමය? මේකටද සම අයිතිය දෙනවා කියන්නේ? බැරිවෙලාවත් ෆෙඩරල් දුන්නනම් කොටි හමුදාවක් හදල රටේ අනිත් ප්‍රදේශ අල්ල ගන්න සටන් කරාවි. අනේ අර ඇස් ඉස් මස් ලේ කැප කරලා සටන් කරලා අපේ රට මිනීමරුවන්ගෙන් බේරා ගත්තු අපේ වීරෝදාර හමුදාව.

:       6       183

saliya Tuesday, 03 July 2018 06:25 AM

ඇත්ත තමයි කතාව . කොටි හිටියා නම් මහින්දගේ ආණ්ඩුවවත් සිරිපාලගේ ආණ්ඩුවවත් ඔය විදියට උතුරුකරෙ පරිසරය, විල්පත්තුව වනාන්තර කපලා විනාස කරන්නේ නැහැ තමයි.

:       69       2

ranga Tuesday, 03 July 2018 06:41 AM

මේ ප්‍රකාශය කරන්නේ රටේ රාජ්‍ය ඇමතිනී කෙනෙක් මෙය ඛේදනීය හා බරපතල තත්ත්වයක් , රටක රාජ්‍ය පාලනයක් නැතිකළ රටේ පිරිහීමේ ලක්ෂණ එලියට එනවා මේ ඉන් එකක් පමණි මේ සදහා රටේ නීතියක් හෝ දඩුවමක් නැහැ.

:       0       76

0 Tuesday, 03 July 2018 06:41 AM

හීනයක් දැකලා.

:       0       5

Deepal Nirosh Tuesday, 03 July 2018 07:05 AM

අළුතින් ඔසවන්න දෙයක් නැහැ, 2015 දි ඕක පටන්ගත්ත. ඒත් ගමන බොහොම මන්දගාමී වුණා. ඔබතුමියගෙ වගකීම දැන්වත් ඒක සීඝ්‍රගාමී කිරීමයි. ඒ වගේම නො.2020 නැවතුමේදීත් කෝච්චිය ට්‍රැක් මාරු නොකර මේ ට්‍රැක් එකේම තියාගන්න දකුණේ සහායත් අවශ්‍ය බව අමතක කරන්න එපා.

:       0       78

සෙනෙවි Tuesday, 03 July 2018 07:13 AM

මෙතුමිය කලින් යාපනේ දැරියක් දූෂණය කල අපරාධ කරුවෙකුට බේරී යාමට උදව් කර අසූ උනා නේද ?

:       0       158

fairoos Tuesday, 03 July 2018 07:17 AM

වහාම අත්අඩංගුවට ගන්න

:       0       83

දිලුම් Tuesday, 03 July 2018 08:07 AM

මේහෙම දෙයක් කිව්වට පස්සේ මේ වගේ අය ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බැරි ආණ්ඩුවකින් අපි කුමක් බලාපොරොත්තු වෙන්නද.? මෙතුමිය 2009ට කලින් හිටියෙ පිටරටද.? තමන්ගෙ බඩපුරවා ගන්න ජාතිය පාවාදෙන දේශපාලකයො නිසා උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් මිනිස්සු අසරණ වෙලා.

:       0       69

kalani Tuesday, 03 July 2018 09:22 AM

අතීතයේදී සිදුවූ සිදුවීම්වලට බොහෝසෙයින් සමාන සිදුවීම් යළි යළිත් සමකාලින සමාජය තුල ද සිදුවිය හැකිය. විජයකලාගේ අනතුරු ඇගවීම එයයි.

:       0       0

nathina Tuesday, 03 July 2018 11:12 AM

මෙයාගේ මහත්තයත් මැරුවේ තස්ත්‍රවාදීන් එකෙන් නේද ???

:       0       0

mf Tuesday, 03 July 2018 11:38 AM

මහා භයානක ප්‍රශ්නයක්... පාර්ලිමේන්තුවෙන් වහාම අංගොඩට යවන්න.

:       0       14

nihal Tuesday, 03 July 2018 02:57 PM

කොටි නැතිව කැසිල්ල වැඩිවෙලා'...

:       0       16

rocky Wednesday, 04 July 2018 01:53 AM

ලබන ආත්මයේදීවත් කෙළතොළු බමුණන් නැති රටක උපදින්ට ලැබේවා!

:       0       103

V.warnakulasuriyaWednesday, 04 July 2018 06:03 AM

මේකේ ඉන්න බමුණා ගැන හිතලා එහෙම හිතන්න එපා. ඈත අතීතයේ සිට බුද්ධිමත් බමුණෝ සිටියා. ඉඳලා හිටලා කෙළතොළු අයත් නොසිටියා නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 48 0

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 611 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1244 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 814 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 939 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1717 3

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site