(බන්දුල ඉලේපෙරුම)
වර්තමාන ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ වුවද ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් එක්සත්ව, එක්සිතින් ඉසුරුමත් සහ සෞභාග්‍යවත් හෙට දිනකට පියනැගීමේ තිර අදිටනින් මෙරට 73 වන ජාතික නිදහස් දින සැමරුම් දිනය අභිමානයෙන් සැමරීම වෙනුවෙන් පෙළ ගැසෙන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජාතික නිදහස්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
''වර්ෂ 1948 පෙබරවාරි මස 04 වැනිදා යටත්විජිත පාලකයන්ගෙන් නිදහස දිනාගැනීමේදී මෙරට සියලු ජාතීන්ගේ එක්සත්බවද සමඟියද අප තුළ වූ අපරාජිත ශක්තිය විය. ජාති ,ආගම්,වර්ණ, කුල, ගෝත්‍ර, පක්ෂ වැනි පටු භේද නොසලකන්නට තරම් එදා ලාංකිකයන්අතර වූ නිදහස පිළිබඳව අර්ථය බලවත්විණි. එදා නිදහස් වූ ශ්‍රී ලංකා මාතාව වර්තමානය තෙක් සිය දරුවන් කැටුව පැමිණියේ පහසු ගමනක් නොවේ.අතීතයේ පටන් සතුරු උවදුරු ,රෝ බිය ඇතුළු සියලු අභියෝග මධ්‍යයෙහි ඇගේ ආදරණීය දරුවෝ ඒ දිගු ගමනෙහි ඇයව දිවිපුදා ආරක්ෂා කිරීමටද නොපැකිළුණහ.ඒ නිසාම, මේ වසරෙහි යෙදෙන ජාතික නිදහස් දින සැමරුම් දිනය ද අපසමරනුයේ ඉමහත් අභිමානයෙනි,ගෞරවයෙනි.
වෙසෙසින්ම , ලොව පුරා සියලු රටවල්ගොදුරුව සිටින කොවිඩ් අභියෝගයඉදිරියේ සිය පෞද්ගලික නිදහස සහ දිවිනොතකා අද අපගේ මාතෘභුමිය සුරක්ෂාකිරීමෙහි නියුක්ත වන සියලු සෞඛ්‍යසේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට,ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද ජනාධිපතිතුමන්ද අග්රමාත්යතුමන්ද සියලුවගකිවයුතු බලධාරීන් මෙන්ම සමස්තජනතාවද අපගේ සුවිසෙස් ගෞරවයටපාත්ර විය යුතුය. එසේම, එම රෝගයෙන්පීඩා විඳින සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.
තවද ත්‍රස්තවාදය නිමාකොට සාමයේඅරුණළු තුළින් සංවර්ධනය කරාපියමනින නිදහස් නිවහල් ශ්‍රි ලංකාවට වර්තමානයේ මානව හිමිකම් කඩවීම්පිළිබද ජාත්‍යන්තරයෙන් නැගෙන අභූතචෝදනා ද බැහැර කිරීමට මේ මොහොතේ අප සියලුදෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක්ලෙස එක්ව පෙළ ගැසිය යුතු බව මෙහිලාඅවධාරණය කරනු කැමැත්තෙමි.
නිදහස් ශ්‍රී ලංකාවට පෙර සිටම මැතිවරණ මඟින් ආසියාවේ දීර්ඝකාලීනප්රජාතන්ත්රවාදයකට හිමිකම් කියන අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මඟින් මෙරටප්රජාතන්ත්රවාදය, නිදහස හා මහජනඅභිලාෂයන්ද සංකේතවත් කරමු. ඕනෑමරටක ඉදිරි අනාගත දිශානතිය තීරණයකෙරෙනුයේ මෙබඳු ප්රජාතන්ත්රවාදී ආයතනික ව්‍යුහයන් විසිනි.''
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් දා කථානායකගේ පණිවිඩය