IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නිදහස ලැබු ප්‍රංශ ප්‍රාණ ඇපකරුවෝ

ඇරිවා යනු ලෝකයේ න්‍යෂ්ඨික ශක්තිය නිපදවන ලෝකයේ ප්‍රමුඛ පෙලේ ප්‍රංශ සමාගමකි. න්‍යෂ්ඨික ශක්තියෙන් විදුලිය නිපදවන ලෝකයේ ප්‍රමුඛයෙකි. යුරේනියම් ආකර ආශ්‍රිත්‍රව කර්මාන්ත ශාලා පිහිටා ඇති මෙම සමාගම නයිජෙර් හි විශාල වැඩ බිමක් ස්ථාපිත කර ඇත්තේය.එයට අනුබද්ධ නයිඡේර් හි පිහිටි ආර්ලිට් වැඩ බිමට ආසන්න ස්ථානයකදී 2010 සැප්තැම්බර් මස 16 වෙනිදා එහි සේවය කරන ප්‍රංශ ජාතික නිලධරයෝ සිව් දෙනෙක් පැහැර ගනු ලැබූහ.  මධ්‍යම අප්‍රිකාව ප්‍රධාන කොට ක්‍රියාත්මක උතුරු අප්‍රිකානු අල්කයිඩා සංවිධානය හෙවත් අක්මී විසින් මෙම පැහැර ගැනීම සිදු කැරිණි.  නයිජර්හිදී පැහැර ගත් ඔවුහු කාන්තාර හරහා කිලො මීටර 1500 දුරක මාලි රටේ ඊසාන දිශාවේ ස්ථානයක අත් අඩංගුවේ තබා ගනු ලැබූහ.

මේ වන විටත් ඔවුන්ව විනාශ කිරීම සදහා ප්‍රංශ හමුදාව මාලි රටේ සටන් බිමේ සිටිති. කෙසේ නමුදු වසර තුනකට ආසන්නව ඔවුන් ගැන තොරතුරු සොයමින් සිටීමට ප්‍රංශයට සිදුවිය. මධ්‍යම අප්‍රිකාවේ ඉහත තස්ත්‍රවාදි කන්ඩායම විසින් යුරෝපා ජාතිකයින් පැහැර ගනිති. එවැනි බොහෝ අවස්ථා වලදී කප්පම් ලෙස ඉල්ලන්නේ කෝටි ප්‍රකෝටි ගනනින් මුදල්ය. සමහර විශේෂ අවස්ථාවලදි ඉහත සමාගම් මුදල් ලබාදී ප්‍රණ ඇපකරුවන් බේරාගත් අවස්ථාද ඇත්තේය. මෙසේ හෙයින් මුදල් ලබා දීමෙන් ප්‍රාණ ඇප කරුවන් බේරා ගැනීමට ප්‍රංශ ජනාධිපති  දැඩි ලෙස විරුද්ධය. මෙවැනි පරිසරයක ප්‍රංශ රහස් ඔත්තු ජාලයේ දස්කම් හේතු කොට ඉහත ප්‍රණ ඇපකරුවන් පණපිටින් බේරා ගැනීමට හැකි වුයේය. එසේ නිදහස ලැඛෙන ප්‍රණ ඇපකරුවෝ ප්‍රථමයෙන් ප්‍රංශ රහස් ඔත්තු සේවා රැකවරනයේ විශේෂ පොලිස් ආරක්ෂාව සමග විශේෂ වෛද්‍ය කන්ඩායමක පරීක්ෂනයකට භාජනය කෙරේ.ඉන්පසු අඩුම තරමින් දින තුනකට පමන පසු තම අඹු දරුවන් හා ඥාතීන් ළඟට පැමිනීමට අවකාශය ලැබේ.

එලෙස නිදහස ලැබු ප්‍රංශ ජාතික පියෙර් ලෙ ග්‍රොන්ඩ්,මාර්ක් පෙරෙට්, ටෙරි ඩොල්  හා ඩැනියෙල් ලැරීබ්   දින එක්දහස් එකසිය තිස් නමයකට පසු පසුගිය 29 වෙනිදා නිදහස ලදහ. මාලි රටේ උතුරු දිග ඊසාන දිශාවෙන් නිදහස් කරගත් ඔවුන් එතැනින් දකුණු දිශාවේ පිහිටි කිඩාල් නගරයටත් ඉන්පසු නයිජීරීයන් ගුවන් හමුදාහෙලිකොෆ්ටර් යානාවකින් නයිජීරියා නියාමේ ගුවන් තොටුපොලට රැගෙන එනු ලැබූහ. නිදහස ලැබු ඔවුන් භාරගෙන රැගෙන ඒමට ප්‍රංශ විදේශ ඇමති මිතොරොන් රජයේ හිටපු අගමැති ලෝරන්ට් පැබියුස් හා ආරක්ෂක ඇමති ජෝන් ඊව් ලෙඩේ‍රන් නයිජෙර්හි අගනුවර නියාමේ බලා විශේෂ ගුවන් යානයකින් පැමිනියාහ. නිදහස ලැබු ඔවුන් ප්‍රංශ රජයට භාර දීමට නයිජෙර් ජනාධිපති මහොමොඩු ඉසෝෆුද පැමින සිටියේය. ඔවුන්ව බේරා ගැනිම සදහා විශේෂ වැඩ කොටසක් ඉටුකලේ නයිජෙර් ජනාධිපතිය. ඔහුට ප්‍රංශ රහස් ඔත්තු විශාරද සහායද ලැබුනේය. එසේ නිදහස ලැබු ඔවුන් පසුගිය 30 වැනි බදාදා පැරීසියට ආසන්නව පිහිටි විලාකුබ්ලේ හමුදා ගුවන් තොටුපොළේදි ඔවුහු මව්බිම සිප ගත්හ. ඔවුන් පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති ප්‍රංශ  හොලන්ඩ් ද පැමින සිටියේය. දෙමාපියන්, අඹුදරුවන්, ඥාතීන්, අතරට එක්වු ඔවුන් සියල්ලෝ කඳුළු කැට සමග සතුට බෙදා ගත්තේය.

 

 

 

 



අදහස් (0)

නිදහස ලැබු ප්‍රංශ ප්‍රාණ ඇපකරුවෝ

පිටිගල මිලානෝ Friday, 01 November 2013 06:14 AM

පළවැනි ලෝක යුද්ධය ආරම්භ වුණ විට ඉතිහාසඥයන්ගේ මත වලට අනුව 'බාසෙල්' ප්‍රංශ උතුරු දේශ සීමාවේ සිට පැමිණි ජර්මන් හමුදාව ප්‍රංශ හමුදාව මර්දනය කළේ "තිරිඟු කපා බිම හෙළන්නක් මෙනි". නමුත් පළමු ලෝක යුද්ධය අවසානයේ 1919 දී 'ක්ලේමන්සෝ' අගමැතිවරයා ප්‍රංශය ලෝක බලවතකුගේ තත්වයට පත් කළා. (නි)

:       0       0

මන්සිල් Friday, 01 November 2013 03:02 PM

පිටිගල මිලානෝ ඉතිහාසයත් වෙනස් කරනවා. ප්‍රතිචාර දැමිමට පෙර අන්තර් ජලයෙන්වත් සොයා බලා දමන්න . අඩු කලේ දිය නිතරම සෙලවේ. වැඩියෙන් පොත පත හෝ අන්තර් ජාලය කියවා දැනුම ලබාගෙන අඩුවෙන් කතා කරන්න. (ස)

:       0       0

දිලාන් Thursday, 31 October 2013 06:26 PM

මේ වසර 3 ටම මෙයාලට අකරතැබ්බ එහෙම වෙලා නැද්ද දන්නේ නැහැ (නි)

:       0       0

සිරියලතා Thursday, 31 October 2013 06:28 PM

ප්‍රංශයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

මදු ප්‍රංශය Friday, 01 November 2013 04:42 PM

පිටිගල වගේමයි අදහස්. ප්‍රංශය කියන්නේ හැම දෙයකින්ම ඉදිරියෙන් ඉන්න රටක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 31 October 2013 06:47 PM

ප්‍රංශයේ බහුතරය රෝමානු කතෝලික වුවත්, ඉතාලිය සහ එංගලන්තය මෙන් නොව, ප්‍රංශය රාජ්‍ය පාලනයේදී ආගම ඉන් පරිබාහිරව තබා ගන්නා රටකි.2003 දී ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරන විට එයට විරුද්ධව ඩොමිනික් විල්පින් ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී විශාල හඬක් නැගුවා. මෙවන් රටක පුරවැසියන් අල්-කයිඩා ත්‍රස්තයන් අල්ලා ගත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. (නි)

:       0       0

පාරා Thursday, 31 October 2013 09:19 PM

ඔය දින 1139 කට, අපි දින 8030 ක්, අරාබි කාන්තාරේ රස්නේ සීතලේ කව්ද අපි මා ගැන බලන්නේ. බලයි .(නදී)

:       0       0

ලක්සිත ෆ්‍රංසය Friday, 01 November 2013 01:33 AM

පිටිගලලා දන්න ප්‍රංශය.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 November 2013 04:08 AM

පිටිගල මිලානෝ, ඒකට හේතුව තමයි ත්‍රස්තයන්ට රටක්, ජාතියක් ,ආගමක් ,මනුස්සකමක් නැති වීම. අවුරුදු තිහක් අපේ රටෙත් මේ ත්‍රස්තවාදීන් කරපු කියපු දේ ගැන ඔබ නොදැක හිටියේ විදෙස්ගතව සිටි නිසාද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3921 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 89 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 7 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 92 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 214 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14678 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 236 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site