IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නිදහස් සංචාරක වීසා දීමෙන් බිලියන 10ක පාඩුවක්

(ජයන්ත සමරකෝන්)
ඉන්දියාව, චීනය ඇතුළුව රටවල් 45ක් සඳහා ලබන මස 1 වැනිදා සිට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළඹ ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක වීසා මගින් මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 14ක් බවද පැවසේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයට එල්ල වූ තර්ජන හා පසුබෑම් සමනය කිරීම සඳහා මෙම නිදහස් සංචාරක වීසා සහනය ක්‍රියාත්මක කර ඇතැයිද දැනගන්නට තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මීට පෙර මුදල් අයකර ලබාදුන් සංචාරක වීසා නොමිලේ ලබාදීමට සිදුවී ඇති බවය.



අදහස් (25)

නිදහස් සංචාරක වීසා දීමෙන් බිලියන 10ක පාඩුවක්

aravinda Sunday, 28 July 2019 04:02 PM

මේක මෝඩ අදහසක්. ලංකාවට පැමිණෙන සංචාරකයින්ට නිදහස් සංචාරක වීසා දීමේ පරමාර්ථය නම්, සංචාරකයින් හට ලංකාවට පැමිණීමට දිරි ගැන්වීමක් දීමයි. අප මතක තබා ගත යුතු දෙය නම් අද හට ලංකාව හැරුනුකොට ආසියා කලාපයේ තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මලයාසියාව, ඉන්දුනීසියාව, මාල දිවයින වැනි රටවල් විශාල ගණනකට විදෙස් සංචාරකයින් හට කිසිම ප්‍රශ්නයක් නොමැතිව යා හැකි බවයි. එබැවින්, මෙවැනි දිරි දීම් නොමැතිව රටට සංචාරකයින් නොපැමිණීමෙන් සිදුවන පාඩුව, නිදහස් සංචාරක වීසා දීමෙන් සිදුවන පාඩුවට වඩා අධික බව රටේ මිනිසුන්ට නොවැටහීම අවාසනාවකි.

:       11       585

ගොන්ගාලේ ගොඩබණ්ඩාSunday, 28 July 2019 08:46 PM

මේක රටක මහා ඛේදවාචකයක් පිළිබද පුවතක්. මෙන්න ගෙදර දොර ඇරලා තියෙන්නේ. අන්න බිරිදයි දුවල ටිකයි ගේ ඇතුලේ ඉන්නවා කැමැත්තක් කරගෙන කියක් හරි දීලා යන්න කියන නිවට බේබදු තාත්තෙක් කරන නිවට වැඩක් හා සමානයි. ආඩම්බරෙන් කිව යුත්තේ අපේ රටේ ගමන් බලපත්‍රයට විසා නැතුව රටකට යන්න දෙනවනම් විතරයි. මේ කියන්නේ අපේ රටේ නිවටත්වය. ජීවත්වන්නට තුට්ටු දෙකක් හොයාගන්න ඕනෑම නිවට දෙයක් කරන තැනට රට පත්වෙලා කියන එක. හරිම වේදනාවක්.

:       450       229

NishanMonday, 29 July 2019 02:20 AM

පොඩ්ඩක් ඉන්න. ඔබ කියලා තියෙන දේ? මුලින් මෝඩ අදහසක් කියලා පසුව ඒක අනුමත කරලා. ඔව් ඔබ හරි. මෙවැනි දිරි දීම් නොමැතිව රටට සංචාරකයින් නොපැමිණීමෙන් සිදුවන පාඩුව, නිදහස් සංචාරක වීසා දීමෙන් සිදුවන පාඩුවට වඩා අධිකයි.

:       34       43

Chanak los angeles Sunday, 28 July 2019 06:23 PM

එය තාවකාලික සුළු පාඩුවක් වුනත් මෙමගින් අනාගතයේදී සංචාරකයන් පැමිණීමෙන් එම පාඩුව මග හරවා ගත හැකියි.

:       332       542

pereraMonday, 29 July 2019 12:12 AM

ඇත්ත. සල්ලි හම්බ කරන්න සල්ලි විසි කරන්න ඕනේ. ආණ්ඩුවක් වුනත්, බිස්නස් එකක් වුනත් කල යුත්තේ එයයි. සංචාරක ව්‍යාපාරය කියන්නේ බිස්නස් එකක්. නැත්නම් ඉතින් හැමදාම හැම දේකටම බයේ ඔහේ සිල්ලර කඩයක් වගේ දවසේ වියදම හොයා ගන්න පොඩියට කරන්න පුළුවන්. හරි නම් ආණ්ඩුව ඉදිරිපත් වෙලා බදු සහන දීල රටට විදේශිකයෝ ගේන්න ඕනේ.

:       53       66

thushara Sunday, 28 July 2019 06:38 PM

මේ ආණ්ඩුව පාඩු නොකරගෙන කල එක වැඩැක් පෙන්වන්නකො

:       765       625

amila Sunday, 28 July 2019 08:00 PM

සංචාරක ව්‍යාපාරේ ලොව අංක එකේ තිබ්බ රටේ ජාතික ආරක්ෂාව බින්දුවටම දාල යහපාලන කට්ටිය කරපු විනාසේ තමයි මේ. යන්න ඕන තරම් රටවල් තිබ්බත් සල්ලි ගෙවල විසා අරන් සුද්දෝ මේ රටට ආවේ අනිත් රටවල් වගේ කෘතීමව හදපු නැති ස්වභාවික සුන්දර රටක් නිසා. දැන්වත් මේ රට විනාස කරන්නේ නැතුව අස් වෙලා යන්න මහත්වරුනි.

:       43       156

athuraMonday, 29 July 2019 10:57 AM

සංචාරක ව්‍යාපාරයෙන් අංක එකට ආවෙත් මේ ආණ්ඩුව ආපුවහම කියන එක මේ මහත්තයට අමතක වෙලා...

:       153       27

Praba Monday, 29 July 2019 12:02 AM

කට්ටියට මාටියා ගහන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා.

:       0       66

ලුම්බිණි Monday, 29 July 2019 01:27 AM

කල යුතුව තිබුනේ වීසා ගාස්තු අඩු කරන එකයි. කැනඩාවට යන්න අය කරන්නේ ඩොලර් 7 යි. ලංකාවත් ඒවගේ අඩු ගාස්තුවක් අය කළා නම් ඇති.

:       0       8

Gaspe Monday, 29 July 2019 02:44 AM

මේවගේ වැඩ ගැන මෝඩයින් හට නොවැටහෙන බව නුවණ ඇති අය වටහාගත යුතුයි. තාවකාලික පාඩුවක් වුනාට වක්‍රාකාරයෙන් දසගුනයකින් විතර වාසි සිදුවෙනවා. මෙම තීරණය දේශපාලකන්ගේ තීරණයක් නොව විද්වත් තීරණයක් බව පිළිතුරු දීමට පෙර සිතා බලන්ඩ

:       89       316

krishantha Monday, 29 July 2019 03:34 AM

හොඳ වැඩක්. සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්න ව්‍යාපාරිකයන් අතට වන්දි දෙනවට වඩා මේ විදිහ සාර්ථකයි. මාළු දෙනවට වඩා බිලි පිත්තක් දීම වැදගත්. අනික වීස නිකන් දීලා අතට ගානකුත් දෙනවා කිව්වත් සංචාරකයෝ එන්නේ නැති ගතියක් නේ තියෙන්නේ .

:       1       7

හිච්චි මල්ලි Monday, 29 July 2019 03:43 AM

සංචාරකයින් ගෙන්වා ගන්න මේ මෝඩ වැඩේ කරන්න එපා. එන සංචාරකයින්ට මුදල් ගෙවා වීසා ලබා ගැනීම මහ ලොකු දෙයක් නෙමේ. මේ වැඩෙන් වෙන්නේ හොරු , මංකොල්ලකාරයෝ, සරණාගතයින් ලංකාවට රිංගා ගැනීමයි.

:       9       24

Kumar Monday, 29 July 2019 03:57 AM

ඉන්දියාව වැනි රටවල් වලට නිදහස් විසා දීමෙන් ඉන්දියානුවන් ඔවුන්ගේ වෙලදාම් කිරීමට හා රැකියා කිරීමට වැඩි වශයෙන් පැමිණීම වැඩි වෙයි.

:       1       15

දිලුම් Monday, 29 July 2019 04:00 AM

නිදහස් වීසා දීමෙන් විතරක් සංචාරකයන් ගෙන්වන්න බෑ. සංචාරක ආකර්ශනය ඇතැයි අප කියන ස්ථානවල හැටි දැක්කම එක පාරක් එන සංචාරකයෙක් නැවත වතාවක් ඒවියැයි සිතිමට අපහසුයි. සනීපාරක්ෂක පහසුකම් ඉතා අවමයි පිරිසිදුකම හා වටපිටාව අවමයි. ගිනිගහන අව්වේ පිච්චෙමින් මෙවැනි ස්ථාන බලන්න යන අය එන්නේ බාගෙට පණ ගිහිං. ගස්කොලන් ටිකක් වවා බංකු ටිකක් ගසා ගිමන් හැරීමට තැනක් හදන එකවත් මේ ලොක්කන්ගේ ඔලුවේ නෑ.

:       0       44

Chandana Monday, 29 July 2019 04:08 AM

මෙම විසා විකිණීම තනිකරම සංචාරකයන්ගේ මුදල් ගසාකෑමට කරන දෙයක්.

:       10       1

charitha Monday, 29 July 2019 04:26 AM

මේ තුලින් විශාල අමතර අදායමක් ලැබෙනවා. වැඩිපුර සංචාරකයෝ ආවම හෝටල් වල අදායම, කුලී රථ, කෑම කඩ, ත්‍රී වීල් රථ, එයාර්පෝර්ට් ටැක්ස්, සුළු පරිමාණ වියාපර, ට්‍රාන්ස්පෝර්ට්, මෙකි නොකී ගොඩක් දේවල් වල දියුණුවක් ඇති වෙනවා. මේක දිගු කාලින ඉන්වෙස්ට්මෙන්ට් එකක්

:       1       8

සේන Monday, 29 July 2019 06:04 AM

නිකම් වීසා දෙන නිසා එන්නෙ නිකම්මු තමයි. ඇවිත් පැනලා එක්කො කොහේ හරි වැඩ කරයි. නැත්නම් හොර වැඩ කරයි. ඇත්තටම රටේ ස්වභාව සෞන්දර්ය විඳින්න එන අය වීසා ගාස්තුව ගැන බලන්නෙ නෑ. රට ලස්සනට තියාගෙන , පාරවල් ටික හොඳට තියාගෙන , ඒ ක්ෂෙත්‍රයේ වැඩ කරන අයගෙ ගුණධර්ම දියුණුවට තිබ්බානම් වැදගත් මිනිසුන් ඒවි

:       1       4

isurandi Monday, 29 July 2019 06:18 AM

පාඩුව ගැන විතරයි ලොක්කෝ කතා කරන්නේ. මෙවැනි ක්‍රම මගින් තමයි සංචාරකයන්ව ගෙන්නගන්න තියෙන හොදම ක්‍රමය. මමනම් කියන්නේ තව තවත් පහසුකම් සපයලා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී යෙදෙව්වොත් සුබයි. නැත්තම් වෙන්නේ අද එන කෙනා ඊලග පාර පැත්ත පලාතක එන්නේ නැතිවෙයි.

:       0       1

KANDEPOLA Monday, 29 July 2019 06:26 AM

නොමිලේ වීසා ලබා දීම කාලෝචිත ක්‍රියාවක්. හැබැයි සංචාරක වීසා ලබාගෙන රටට ඇතුල්වන සංචාරකයින් තමන් රැගෙන එන මුදල් ප්‍රමාණය ප්‍රකාශයක් මගින් තහවුරු කල යුතුයි. නිශ්චිත හා අනුමත මුදල් ප්‍රමාණයක් රැගෙන එන අයට පමණක් නිදහස් වීසා නිකුත් කල යුතුයි. නැත්නම් වැඩිකල් නොගොස් ලංකාව ආසියාවේ සරණාගත කඳවුරක් මෙන්ම ජාවාරම් තිප්පොළක් වෙයි.

:       0       5

Amila Monday, 29 July 2019 07:53 AM

නිදහස් සංචාරක වීසා හොඳදෙයක් අප්‍රේල් සිදුවීමත් එක්ක අඩුවුණු සංචාරකයින්ගේ පැමිණීම යළි වැඩිකරගන්න. ආයතනයක බඩු හෝ සේවා අලෙවි වෙන්නේ නැත්තම් වට්ට්ම් දෙනවා. එහෙමත් නැත්තම් සමහර වෙලාවට දෙකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවා. මේ මෝඩ නිලධාරීන් දන්නේ බදු ගැනයි, පාඩු ගැනයි කතා කරන්න මිසක් ආදායම වැඩිකරගන්න පුළුවන් ක්‍රම ගැන හිතන්න නෙමේ. අනික ආසියාවේ බොහෝ රටවල් අතර තරගයක් තියෙනවා... සංචාරක කර්මාන්තයට... ඉතින් සංචාරකයෝ ගෙන්නගන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා...

:       0       2

Amila Chathuranga Monday, 29 July 2019 08:09 AM

සංචාරක කර්මාන්තය කියන්නේ එකපාර ලොකු සල්ලි කාරයින්ගෙන් විතරක් ගොඩදාන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම ලොකුවට සල්ලි තියෙන උදවිය පුරුදු විදියට එයාලට සැප තියෙන ෂුවර් ඩෙස්ටිනේෂන් වලට යනවා.. ටිකෙන් ටික හිඟන මට්ටමේ අය ඇවිල්ලා තමයි ඉන් පස්සේ හොඳ අය එන්නේ.. එකම දඹදිව සංචාරක ස්ථාන ටික බලන්න රුපියල් හැත්තෑදාහේ ඉදලා ලක්ෂ දෙකහමාර දක්වා ලංකාවේ අයට පැකේජ් තියෙනවා.. ඉතින් ඒමයි කියලා ඉන්දියාව අර ලක්ෂ ගණන් ගෙවලා යන අයව විතරක් ඕනිය කියන්නේ නැහැ. ඉන්දියාවේ ඒ තියෙන දුෂ්කර පළාත්වලට මෙහෙන් යන මිනිස්සු වියදම් කරන සුලුමුදල වුණත් වටිනවා.. එකපාර මහාවිශාල මෝරු වගේ හොඳසල්ලිකාරයන් මේ වගේ රටවලට ගෙන්වාගන්න බැහැ.. පොඩිඅය ඇවිල්ලා ෆොටෝ දාලා වීිඩියෝ දාලා අප් කළාම තමයි ටිකක් වැඩේ නැගලා යන්නේ..

:       0       1

de silva berlin Monday, 29 July 2019 08:21 AM

මාළු අල්ලන්න නම් ඇමක් ගහන්න ඕනේ... ඇමට වියදම් කරන මුදල් ඉතුරුකරගන්න ඇම නොගහ බිලී කටුව පමණක් වතුරේ දමාගෙන ඉඳලා වැඩක් තිබෙනවද? කෙසේවෙතත් අඩුම තරමේ අර 2011ට කලින් තිබුණු විදිහට බටහිර යුරෝපයේ, ඇමෙරිකාවේ, ජපානයේ, ඕස්ට්‍රේලියාව වැනි රටවල සංචාරකයින්ට මෙම පහසුකම දෙන්න. ඔවුන්ට කලාපේ අනෙකුත් රටවලත් මේ පහසුකම දෙනවා. චීන, ඉන්දියානු සංචාරකයින්ට නම් නැති වුණත් කමක් නැහැ.. මොකද ඔවුන් තොගපිටින් අාවත් අපට එතරම් ආර්ථික වාසියක් නැත. ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ නම් අද, හෙටම මේවා ක්‍රියාත්මක කරන්න.

:       0       19

amila Monday, 29 July 2019 09:04 AM

චීන ටුවරිස්ට්ලා ලංකාවට එන්නේ ඩොලර් 150ට අඩු මුදලකට.. දවස් 6 තරු හෝටල් කාමර ඇතුළු සියලුම දේ සමග... හොයලා බලන්න. විදේශිකයන් විසින් සංචාරක ආයතන පවත්වාගෙන යයි.. සංචාරක ව්‍යාපාරයේ නොපෙනෙන පැතිකඩ...

:       0       33

sampath Monday, 29 July 2019 09:48 AM

මේක කිසිම තේරුමක් නැති වැඩක්... වීසා එකට සල්ලි ගෙවලා එන්න බැරි සංචාරකයෙක් ලංකාවේ ඇවිත් වියදම් කරන්නේ නැහැ.. චූන් පාන් එකක් කාලා බස් එකේ යන සංචාරකයන් ගෙනත් අපිට ලැබෙන දෙයක් නැහැ... වීසා කරනවා වගේම සුරක්ෂිත භාවයත්, ආරක්ෂාවත් තහවුරු කර ප්‍රචාරයන් දියත් කළ යුතුයි. මේකෙන් වෙන්නේ ඕන කෙනයි, එපා කෙනයි... ඇවිත් මේ තියෙන සංස්කෘතියත් වනසන එක...

:       8       28

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූර්වවී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 45 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 19 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 35 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 291 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 195 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 501 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 344 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site