IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිදි මත රියදුරන්ට පොලිසියෙන් තේ

නිදි මත ඇතිවීමෙන් රියදුරන් අනතුරුවලින් බේරා ගැනීමේ වැඩ පිළිවෙලක් අරඹමින් බංඩාරගම පොලිසිය හොරණ රයිගම මාර්ගයේදී අද අළුයම රියදුරන්ට තේ සහ බිස්කට් පිරි නැමීය.
ධාවනය වූ වාහන නවත්වා උනු තේ කෝප්පයක් බීම සදහා පොලිසිය ඔවුන්ට ආරාධනා කළේය.

 

 



අදහස් (0)

නිදි මත රියදුරන්ට පොලිසියෙන් තේ

හේමාල් Friday, 07 June 2013 11:01 AM

ඇත්තටම ඒක හොද වැඩක්. අගය කරනවා (නි)

:       0       0

සරත් ඩු Friday, 07 June 2013 11:11 AM

ඔයා පොලිසියේ මහත්තුරු අගය කරනවා. මොනා වුනත් රටේ අපරාද අඩුකරගන්න පිටුවහලක්. සාමාන්‍ය මිනුස්සු හා පොලිසිය අතර මිත්‍ර සිලි බාවය වැඩිවන තරමට පොලිසියට ගොඩක් ලේසියි අපරාද කාරයන්ව අල්ලගන්න. මේක ඇත්ත කතාවක්. මම දන්නා රථවාහන පොලිස් නිලදාරියෙක් මාර්ග නීති කඩන රියදුරන්ට සිනා මුසු මුනින් සුහදව කතා කරමින් තම දඩ කොලය ලියන්නේ රියදුරාට දෙන්නේ බුදු සරනයි කියලා. රියදුරන් කවදාවත් ඒ නිළදාරියට බනින් නැහැ වැරැද්ද පිළිගෙන හදාගන්නවා මිස.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 June 2013 11:16 AM

දෑන් ඉතින් ගමේ මිනිස්සු රෑට නිදා ගන්නෙ නෑතුව තේ බොන්න එයිද දන්නෙ නෑ දන්සලක් කියලා.(නදී)

:       0       0

ගයාන් Friday, 07 June 2013 11:17 AM

තේ වල තියෙන කැෆේන් නිසා තමයි නිදි මත අඩු වෙන්නේ. මුලිකව මේවා සමන්‍යය දැනුම උනාට අනේ මන්දා අපේ හුගක් අයගේ සාමාන්‍ය බුද්ධිය හුගක් අඩුයි. අනුන්ව විවේචනය කරන්න දන්නවා ඒත් ඔලුවට තට්ටුවක් දැම්මම බොල් හඬක් එන්නේ.(නදී)

:       0       0

තුෂාර Friday, 07 June 2013 11:26 AM

අන්න හොද වැඩක්.(නදී)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 11:38 AM

මෙන්න ආදර්ශමත් අගය කලයුතු වැඩපිළිවෙලක් ලංකාවේ පොලිසියකින් . නියමයි.(නදී)

:       0       0

අනුරාධ. Friday, 07 June 2013 11:41 AM

ශ්‍රී ලංකා පොලිසියේ අවගුණයම දකින පිරිසක් ඉන්න බව ඉදිරිපත් කරලා තියෙන අදහස් වලින් පේනවා. එත් පිටරටක (විශේෂයෙන්ම සුද්දන්ගේ) පොලිසියකින් ඇවිල්ල මේ දේ කලානම්, "බලන්නකෝ මොනතරම් අගේද. අපේ පොලිසියට ඇයි මේ වගේ හොඳ දේවල් කරන්න බැරි. තේ එකක් බිවුවහම නිදිමත නැතිවෙනවා තමයි. අපේ පොලිසියට ඒ අයගෙන් ඉගෙන ගන්න මොනතරම් හොඳ දේවල් තියෙනවද කියල කියාවි ". යමෙක් කරන නරක දේට නිගරු කරනවාසේම හොඳ දේ පසසන්න තරම් අපි නිහතමානී වියයුතුයි. (නදී)

:       0       0

අතපත්තු Friday, 07 June 2013 11:49 AM

සහයෝගයෙන් වැඩකිරීම කොතරම් හොද දෙයක්ද? චාමර, මිනිසුන්ට පහත් විදියට කතා කරන්න එපා. හැම කෙනෙක්ම අරක්කු බොනවද?අපේ සමාජයට අපිම ගරහන්න හොඳද ?පොලිස් නිලදාරීන් ගන්න උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

රණා Friday, 07 June 2013 11:49 AM

ඉතා වැදගත් හොද දෙයක්. යහපත් හා නුවණක්කාර ක්‍රියාවක්. (නි)

:       0       0

සුමිත් Friday, 07 June 2013 11:49 AM

වැඩේ හොදටම හොදයි. දිගටම කරනවා නම් තවත් හොදාආආආයි (නි)

:       0       0

රුවන් Friday, 07 June 2013 11:53 AM

ඉතාමත් හොද වැඩක්

:       0       0

කුමාර Friday, 07 June 2013 11:57 AM

පොලිස් ස්ථානාධිපතිවරයා නම පත්තරේට දාගන්න ගත් උත්සාහයක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

නන්දන Friday, 07 June 2013 12:02 PM

නියමයි .!(නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 07 June 2013 12:13 PM

හොද අදහසක්, උතුම් ක්‍රියාවක්, මේ නිලදාරින්ට මගේ ප්‍රණාමය. සමහර විට නිදිමත නිසා වෙන්න තිබ්බ අනතුරක් වැළකුණා වෙන්න පුළුවන් අද කරපු මේ වැඩෙන්. පොලිසිය හා මහජනතාව අතර සුහද බැදීමක් නැති එක තමයි අද මේ තියෙන අපරාද වලට ගොඩක් හේතුව. මිනිස්සුන්ටත් පොලිසිය ගැන විස්වාසයක් නැ හොද ආකල්පයක් නැහැ. නැවත ගොඩ නැගෙනවා නම් මේ වගේ ක්‍රියාවලින් මුළු සමාජයටම සෙතක් වේවි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 June 2013 12:33 PM

බොරු වැඩ නොකර ඉන්න අපේ රාලහාමිලා. දවස් කියක් කරන්න පුලුවන්ද ?(නදී)

:       0       0

සාජ් Friday, 07 June 2013 05:45 PM

මේ වගේ හොද ක්‍රියාවක් කළත් අපේ මේ හැමදේටම අවලාද කියන අයට කියන්න දෙයක් නැතිවටද මේ වගේ ප්‍රතිචාර දාන්නේ (නි)

:       0       0

චාමර Friday, 07 June 2013 07:12 AM

ගොඩක් සතුටු වෙයි අරක්කු ටිකක් බයිට් එකක් එක්ක දුන්නා නම් (නි)

:       0       0

සදරුවන් Friday, 07 June 2013 07:09 AM

ඇත්තටම ඒක හොද වැඩක්. අපි ඒක අගයකරනවා (නි)

:       0       0

කුරුවිට Friday, 07 June 2013 12:48 PM

පොලිසියට අපගේ ප්‍රනාමය. අපි හොදට හොදයි. නරකට නරකයි. අපි බංඩාරගම ජනතාව.(නදී)

:       0       0

ධනංජය Friday, 07 June 2013 12:46 PM

රන්ජනී, මගලි, දන්නේ නැත්තන් අහගන්න, තේ කියන්නේ උත්තේජක බීමක්, එකෙන් ශරීරය ප්‍රබෝධමත් වෙනවා කියල විද්‍යාත්මකව හොයගෙන තියනවා, කෝපිත් එහෙම්යි, නොදැන නිකන් දොඩවන්න එපා මෝඩයෝ වගේ.(නදී)

:       0       0

සචුරු Friday, 07 June 2013 07:16 AM

පොලිසියෙන් කළ විශීෂ්ට ක්‍රියාවක්! (නි)

:       0       0

චන්ද්‍රා Friday, 07 June 2013 07:18 AM

හැමෝම බිව්වාද ? කවුරුත් කිවුවේ නැද්ද රාළහාමි, අපිට ටි එපා, ප්ලේන්ටි හොදයි කියලා? (නි)

:       0       0

චන්ද්‍රිකා Friday, 07 June 2013 06:03 PM

දෙවන පින්තුරය දකිනකොටම ඇසට කදුළු ආවා. නිල ඇදුම තුලින් මතුවන සැබෑ මිනිස්කම. (නි)

:       0       0

විජිත් Friday, 07 June 2013 12:51 PM

තේ එකක් දීලා අල්ලසක් ගන්නද දන්නේ නැහැ.(නදී)

:       0       0

සනත් Friday, 07 June 2013 07:36 AM

ඉතා අගය කළ යුතු ක්‍රියාවක්..... (නි)

:       0       0

සම්පත් Friday, 07 June 2013 12:55 PM

අන්න මිනිස්සු.(නදී)

:       0       0

සුසන්ත Friday, 07 June 2013 07:40 AM

හැම පොලිසියකින්ම මේ වගේ දේවල් කරනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

හේරත් Friday, 07 June 2013 12:53 PM

මෙන්න මගෙන් පොලොසියට කිතුල් හකුරු කෑල්ලක්. ඔයාලම හදාගත්ත තේ කහට කෝප්පේ රසට බොන්න. වැඩිය සිනි නිදිමැරීම අගුනයි රාළහාමි. ටටා.(නදී)

:       0       0

රංජනී Friday, 07 June 2013 07:38 AM

තේ බීව කියල නිදිමත යනවද? මතට තිත තියනකම් ඔහොම තමා. (නි)

:       0       0

රන්දිල් Friday, 07 June 2013 12:58 PM

කොහේ ගියත් අපි බණ්ඩාරගම හරහා එනවා රාළහාමි තේ එකක් බිලා යන්න! (නි)

:       0       0

මිනිපේ Friday, 07 June 2013 07:49 AM

මේ ක්‍රියවේ වැදගත්කම වෙන්නේ පොලීසිය හා සිවිල් ජනතාව අතර ඇති සුහද සම්බන්ධයයි.පොලිස් දෙපාර්තුමේන්තුවේ දර්ශනය විය යුත්තේ,"හොදට හොදයි, නරකට නරකයි". (නි)

:       0       0

දිසානායක Friday, 07 June 2013 01:00 PM

හොද දේ හොදයි (දී)

:       0       0

දිසානායක Friday, 07 June 2013 12:57 PM

හොද දේ හොදයි (නි)

:       0       0

සම්පත් Friday, 07 June 2013 07:54 AM

හොද දෙයක් කරද්දී ඒකට විරුද්ධව මෝඩයෝ වගේ අදහස් පළකරන්න එපා (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 07 June 2013 12:59 PM

මෙවැනි දේවල් අගය කළ යුතුයි.සමහර අය දාලා තියෙන අදහස් දැක්කම මේ මිනිස්සු ලංකාවෙද කියලා හිතෙනවා .වැරදි පැත්තමයි දකින්නේ . (නි)

:       0       0

සුරන් Friday, 07 June 2013 07:53 AM

රංජනී ඔයාට ඔයා රෑට වාහන එලවලා තියෙනවද? තේ එකක් බිවුමව නිදිමත ඇරෙනවා කියන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැතිව ඇති. ඒත් නිදි කිර කිරා වාහනයක් පදවගෙන එන කෙනෙක් තේ එකක් බොන්න ටික වෙලාවක් නැවතුනාම එයාගේ නිදිමත නැතිවෙනවා. ඒක මම ප්‍රායෝගිකව අත්දැකපු දෙයක්. (නි)

:       0       0

මහේෂ් ඇලෙක්සැන්ඩර් Friday, 07 June 2013 01:02 PM

හොඳ වැඩක් කලාමත් ලංකාවේ මිනිස්සු මෝඩයෝ වගේ දාන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 07 June 2013 08:03 AM

මේක බොහොම රටවල තියෙන දෙයක්. තේ එකක් කෝපි එකක් බිව්වම නිදිමත නැතිවෙනවා. ඒ තුලින් අනතුරු අඩු කළ හැකියි. හොඳ දෙයක්. (නි)

:       0       0

වරුණ Friday, 07 June 2013 08:03 AM

ඕකටත් අනුග්‍රහය දක්වන්න ඇත්තේ ඒ පැත්තේ මුදලාලි කෙනෙක් වෙන්න ඇති. මොකද ඕවා පොලිසි වල සල්ලි වියදම් කරලා කරන ඒවා නෙවෙයිනේ සාමාන්‍යයෙන් නම්. මොනවා වුනත් හොද වැඩක් (දී)

:       0       0

මංජුල Friday, 07 June 2013 08:04 AM

පොලීසීයේ එම සත්ක්‍රියාව අගය කරමු. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 07 June 2013 08:19 AM

ඉතාම හොද හදවතට සිසිලක් දැනෙන පුවතක්. පොලිසියට ජය වේවා! (නි)

:       0       0

පැංචා Friday, 07 June 2013 08:21 AM

ඔය තේ දෙන තැනම බාත්රූම් එකකුත් හදන්න පුළුවන් නම් තවත් හොදයි (නි)

:       0       0

අසේල Friday, 07 June 2013 01:16 PM

ඉතාමත් හොඳ ක්‍රියාවක්. ඒ වගේම නුවණැති ක්‍රියාවක්. හොර ජාවාරම් කොටු කරගන්නත් අවස්ථාවක් කර ගන්නවානම් හොඳයි. හැබැයි ඉතිං තේ බිස්කට් සඳහා යන වියදම දරාගන්න බැරුව අතර මග නතර වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

නාලක Friday, 07 June 2013 08:29 AM

ඉස්සර නම් පොලිස් රාලහාමිලාට තේ බොන්න අරන් දෙන්න බිල ගෙවන්න වුනේ රියදුරන්ට. දැන් ඒකේ අනික් පැත්ත. පරිස්සමෙන් රාළහාමිලා. කට්ටිය වීදුරුව පාත් කරලා වැඩි සීනි ප්ලේන්ටී එකයි, කියලා ඕඩර් දාන්න ගනීවි (නි)

:       0       0

පාරා Friday, 07 June 2013 01:22 PM

අපි නොදන්න පොලිස් උදේට තේ දීලා, හවසට එකතුවෙලා අරක්කු. බයිට් කව්ද දන්නවද ? (නදී)

:       0       0

දම් Friday, 07 June 2013 06:55 PM

හොඳ වැඩක්. (නි)

:       0       0

මංජු Friday, 07 June 2013 08:36 AM

තේ නැතුව අමු සියඹලා කෑල්ල බැගින් දෙන්න බැරිද නිදිමත යන්න ! (නි)

:       0       0

රාළ Friday, 07 June 2013 08:37 AM

කොචර නරක වැඩ කළත් ඉඳල හිටලා හරි හොද වැඩක් කළහම ඒක අගයන්න.බොහොම හොදයි. (නි)

:       0       0

අසේල Friday, 07 June 2013 07:11 PM

විකාර වැඩ, ඕව නිකන් සෝඩා බෝතලේ වගේ, වෙන රට වල කොරන විදිහ ටිකක් හොයල බැලුවනම් හරි නිකන් පිස්සු වැඩ නොකර.(නදී)

:       0       0

රකිත් Friday, 07 June 2013 08:53 AM

බොහොම හොඳයි. හැබැයි නිදාගෙන ඉන්න සමහර පොලිස්කාරයන්වත් අවදි කරන බෙහෙතක් හොයා ගන්න පුලුවන්නම් තවත් හොඳයි. (නි)

:       0       0

ජ.හේරත් Friday, 07 June 2013 08:53 AM

මුළු රටේම මේක කලොත් මේවට යන වියදම් කවුද දෙන්නේ ? කරන්න තියෙන හොඳම දේ රියදුරන් දැනුවත් කරන එක. නිදි මත ආවොත් වාහනේ අයින් කරලා මිනිත්තු 15ක් නිදාගන්න ඇරලා එලවන්න. මේවා අත්‍ දුටුවයි. ප්‍රත්‍යයක්ෂයි (නි)

:       0       0

යසපාල පොන්නමිපෙරුම Friday, 07 June 2013 01:31 PM

බණ්ඩාරගම පොලිසිය කරන සත්ක්‍රියාව අගය කරමි (නි)

:       0       0

සුනිල් (රාජගිරිය) Friday, 07 June 2013 09:02 AM

මේක අගය කළයුතු විශිෂ්ට ක්‍රියාවක්. විහිළුවකට ගන්න එපා. බණ්ඩාරගම පොලිසියට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

අරුණ Friday, 07 June 2013 09:02 AM

තේ බොමුද? කියලා මුනට ලංවෙලා අහන්න ඇති නේද ? (නි)

:       0       0

ලංකාසිරි Friday, 07 June 2013 01:44 PM

නිදිමත වෙලාවට රියදුරුට ඒ බව දැනෙන්නේ නැහැ. තව තවත් වාහනය පදවගෙන යන්නයි සිතට දැනෙන්නේ. මේ නිසයි අනතුරු වැඩි වෙන්නේ. දුර පදවන රියදුරෝ කඩින් කඩ වාහනය නවතා මිනිත්තු කිහිපයක විවේකයක් ගත යුතුයි. තේ සහ කෝපි වලින් අනිවාර්ය පිබිදීමක් ඇති කල හැකියි. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 07 June 2013 09:12 AM

මේවට බර පැන දැරුවේ පොලිසියද? නැත්නම් ගමේ පොඩි කඩ හිමියෝද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අනුරාධ Friday, 07 June 2013 09:09 AM

මේ බණ්ඩාරගම පොලිසියේ යහපත් හා නුවණක්කාර ක්‍රියාවක්. ඒකෙ ඇද පලුදු සොයන එක නොවෙයි අප කලයුත්තේ. හොඳ දේ කවුරු කළත් එය නිහතමානීව අගේ කළයුතුයි."ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙන්නේ කරන එක හොඳ දෙය හෝ පසසන්න කියා. (නි)

:       0       0

ජීවා Friday, 07 June 2013 01:58 PM

රංජනී චමරිලා වගේ අදහස් තියන මේ වගේ මිනිස්සු අහල පහල අය සමග කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සරත් Friday, 07 June 2013 09:15 AM

නිදිමත වෙලාවට රියදුරෝ කළ යුතු දේ දන්නවා (නි)

:       0       0

සම්සුදීන් Friday, 07 June 2013 02:08 PM

හොද වැඩක් (නි)

:       0       0

මහින්ද Friday, 07 June 2013 02:10 PM

පොලිසිය යෙහෙන් වැජඹේවා! (නි)

:       0       0

රිශාන් Friday, 07 June 2013 09:28 AM

ඇත්තටම දැන් පොලිසිය ගැන අහන ඒවා බැලුවහම මේ වැඩේ අගය කරන්න ඕනෑ (නි)

:       0       0

මහින්ද Friday, 07 June 2013 09:26 AM

අගේ කළ යුතු වැඩක් (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 09:26 AM

ඔය ගමන්ම බැලුමත් පුම්බන්න දුන්නා නම් වැඩ දෙකම එකපාර කෙරෙනවා. (නි)

:       0       0

චාමිකා Friday, 07 June 2013 02:20 PM

ඉතා හොද දෙයක්. පොලිසිය හොද මිනිස්සුන්ට උපරිම හොද වෙන්න ඕනෑ. නරක හැසිරීම් වලට විතරක් තදින් ඉන්න ඕනෑ. මහා වියදමක් යන්නේ නැහැ ඔය වැඩේට. ඒත් කෝටියකින් ගන්න බැරි හොද හිතක් ඇතිවෙනවා. අපිත් කැමතියි පොලිසියේ මහත්ත්රුන්ට මේ වැඩේට බිස්කට් , තේ කොළ සීනි ගන්න උදව් කරන්න. මාසෙකට දවසක් කළත් හොදටම ඇති හොද හිතක් ඇතිවෙන්න. (නි)

:       0       0

නුවන් Friday, 07 June 2013 09:40 AM

මෙය ඉතාම හොඳ ක්‍රියාවක්. තේ දීමේදී හිතවත්කම ගොඩනැගෙනවා. අත්‍රම සියලුම පොලිසි වලට ව්‍යාප්ත කළ හැකිනම් ඉතාම හොඳයි (නි)

:       0       0

ප්‍රසා Friday, 07 June 2013 09:47 AM

මෝඩ විහිළු.(නදී)

:       0       0

සිල්වා Friday, 07 June 2013 09:48 AM

නසීලන්තයේත් මෙවැනි දේ කරනවා. බණ්ඩාරගම පොලිසියට මල්මිටක් (නි)

:       0       0

ජයම්පති Friday, 07 June 2013 09:55 AM

රන්ජනී, තේ බිවුවහම නිදිමත අඩු වෙනවා, ඒක වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කල දෙයක්. (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Friday, 07 June 2013 02:34 PM

අහන්න සතුටුදායක පුවතක්. ස්තූතියි පොලිස් සේවයට (නි)

:       0       0

අබිසන් Friday, 07 June 2013 10:05 AM

ඒ වගේ වැඩ සටහන් නම් රියදුරෙක් හැටියට මමත් අගය කරනවා. ඒත්......? පස්සේ ඒකත් බිස්නස් එකක් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලසන්ත Friday, 07 June 2013 10:06 AM

තමන් කරපු සමහර ඒවගේ පවු ගෙවෙන්නත් එක්ක මේ වගේ වැඩ ටික ටික හරි කරන එක හොදයි (නි)

:       0       0

නදීෂාන් Friday, 07 June 2013 10:07 AM

කොච්චර කාලෙකටද ඔය වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)

:       0       0

අතුල Friday, 07 June 2013 10:07 AM

ඉතා හොද දෙයක්. අගේ කළ යුතු වැඩක්. (නි)

:       0       0

නලින් Friday, 07 June 2013 10:06 AM

රංජනී නම් ජීවිතෙට වාහනයක එළවලා නැහැ වගේ. නැත්නම් "තේ බීවා කියල නිදිමත යනවද?" කියලා අහයිද? හැමදේකම වැරදි පැත්තම දකින කෙනෙක් වගේ.. ;) (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Friday, 07 June 2013 10:11 AM

රිය පැදවීමේ ඒකාකාරී බවින් මිදී, වහනය නවතා එලියට බැස ටිකක් එහා මෙහා ඇවිදීමත් හොඳය. එවිටත් නිදිමත තරමක් අඩුවෙනවා (නි)

:       0       0

නිහාල් Friday, 07 June 2013 10:22 AM

මගේ මතය නම් තේ බොනවට වැඩිය නීතියක් ගෙනෙන්න ඕනෑ. ලංකාවේ දුර බස් ධාවනය කරන රියැදුරු එකදිගට දවස් දෙක තුන බසය පදවනවා, නිදිමරාගෙන. ඒවා තමයි රියදුරන්ට මාරක අනතුරුවලට මුල. නීති ගෙනෙන්න ඕනෑ පැය 8 රිය ධාවනයේ යෙදුනොත් අනිත් පැය 8 නිවාඩු ගතයුතුයි කියා (නි)

:       0       0

මාගලී Friday, 07 June 2013 10:32 AM

ඔව් තේ බීවා කියල නිදිමත යන්නේ නැහැ. ඒක ඇත්ත.නිදිමත කෙනා නිදා ගන්නේ ඕනෑ.වාහන එලවන්නේ නැතුව , වෙනකෙනෙක්ට දෙන්න ඕනෑ.නිදිමත කෙනා වාහනය අයින් කරලා නිදා ගන්න එක හොදයි (නි)

:       0       0

රිදීගම Friday, 07 June 2013 10:30 AM

කාලෙකට පස්සේ පොලිසිය ගැන හොදක් අහන්න ලැබුනේ.(නදී)

:       0       0

නසාර් Friday, 07 June 2013 10:38 AM

තේ කොළ, සීනි ගන්න මුදල් කොයින්ද ? (නි)

:       0       0

දිස්නා Friday, 07 June 2013 03:30 PM

හොද දෙයක් කළහම ඒ දෙය අගය කරන්න තරම් මානුසික වෙන්න බැරි අය අපේ මිනිස්සු.ඔබලාගේ සත් ක්‍රියාවට කෘතගුණ ! ජය වේවා! (නි)

:       0       0

නීල්-රානා Friday, 07 June 2013 10:49 AM

මේවා හොඳ වැඩ. දිවයින පුරා ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි රාත්‍රියේ මෙවැනි තේ පැන් සංග්‍රහ පැවැත්වීමත් එවැනි ස්ථානවල සී.සී.ටී.වී කැමරා තබා දත්ත රැස් කරගැනීමත් හොඳයි. පොලිසියට අපේ ප්‍රශංසාව.(නදී)

:       0       0

පද්මිනී Friday, 07 June 2013 10:51 AM

අපුරු දසුනක්. තේ එකක් බොන්න හිතෙනවා. ඔය තේ එක ගැහැණු අතකින් හැදුවනම් නිදිමත නැතිවෙනවා.(නදී)

:       0       0

මහේෂ් Friday, 07 June 2013 10:56 AM

වැඩේනම් හොඳයි. ඒ උනාට පොලිසිය ඉන්නේ තේ හදන්න නෙමෙයිනේ. ඔහොම ගියොත් රාළහාමිල වාහනේ පදවලම දෙයි. (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 07 June 2013 10:53 AM

පොලිස් නිලධාරීන් තේ වක්කරන තත්වයට පත්වෙලා, හරිම දුක හිතෙනවා දෙවන පින්තුරය දැක්කම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 22 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 653 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 454 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3114 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1721 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site