IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


නිධානය රැකගන්න නිව්යෝක් උදව්

ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ සම්මානනීය සිංහල චිත්‍රපටය වන නිධානය සිනමා පටය සුරක්ෂිත කිරීම සඳහා නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ උදව් ඇතිව කටයුතු ආරම්භකරන ලද බව ඉන්දියා ජාතික චිත්‍රපට කෞතුකාගාරය පවසයි.

ජී.බී. සේනානායකයන්ගේ කෙටිකතාවක් ඇසුරෙන් 1972 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල නිධානය එම වසරේ වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී එම වසරේ නිෂ්පාදිත අද්විතීය සිනමා කෘතියක් ලෙස නම කෙරුණි. අඩ සියවසක කාලයක් සිංහලෙන් නිපදවුණ හොඳම සිනමා කෘතිය ලෙසටද නිධානය නම්කර ඇත.

මෙම අද්විතීය සිනමා නිර්මාණයේ මුල් දළසේයා පට හෝ ප්‍රදර්ශනයට සුදුසු එකම පිටපතක්වත් මේවනවිට ඉතිරිවී නැත.

දැනට එහි ප්‍රදර්ශන පිටපතකින් සකස්කරගත් දල සේයා පිටපතක් ඉන්දියාවේ පුනාහි පිහිටි ඉන්දියා ජාතික චිත්‍රපට කෞතුකාගාරය සතුව ඇතිබව එහි අධ්‍යක්ෂක ප්‍රෂන්ත් පත්රබේ මහතා පවසයි.

එම පිටපත සකස් කර ඇත්තේ මීට වසර 30කට පමණ පෙරය. දැනට එම අනුඡායා පිටපත නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ ප්‍රධාන පරීක්ෂනාගාරයේදී රාමුවෙන් රාමුව ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් අවසානයේදී අලුතින්ම ඩිජිටල් තාක්ෂනය යොදා නව පිටපතක් සකස්කරනු ලබන බවත් එමහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ තමන් සතු පිටපතෙහි හිමිකම දරන ජී.ආර්.පද්මරාජා මහතාත් මේසඳහා සම්පුර්ණ සහයෝගය දක්වා ඇතිබව කියන  ප්‍රෂන්ත් පත්රබේ මහතා, ඇමෙරිකාවේ සංරක්ෂණ කටයුතු සඳහා මඟ පාදා දුන්නේ සම්මානනීය හොලිවුඩ් සිනමා කරුවකුවන මාර්ටින් ස්කොසේසී විසින් බවද කියයි. 

 



අදහස් (0)

නිධානය රැකගන්න නිව්යෝක් උදව්

සෙලනිකස් Monday, 22 July 2013 12:03 PM

මේ වගේ වැඩවලට බටහිරින් උදව් ගත්තට කමක් නැද්ද? (නි)

:       0       0

නලින් Monday, 22 July 2013 05:15 PM

ෆිල්ම් එකේ කොපි එකක්වත් තියාගන්න බැරි වුනාද ඉතින්? (නි)

:       0       0

ටෙනිසන් Monday, 22 July 2013 05:19 PM

රේකාව, සංදේශය, රන්මුතු දූව, නිධානය, වැලිකතර, දෑස නිසා ,අහස් ගවුව නොදුටු දෑස් කුමටද,? අනේ අපේ සිනමාවට ගිය කලක් (අ) ,

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නියා Monday, 22 July 2013 12:20 PM

ඇමරිකාවෙන් ලෝකේ තිබෙන ඉහලම තාක්ෂණය ගන්න පුලූවන්. ඔවුන්ගෙන් උදව් ඉල්ලාගෙන ලංකාව හොඳ රටක් කරන්න පුලූවන්. (නි)

:       0       0

විදානගේ Monday, 22 July 2013 12:35 PM

රජයේ චිත්‍රපට අංශයේ තියනවා වටිනා වැදගත් ච්ත්‍රපට. එව්වත් නැවත ඩිජිටල් මාධ්‍යට ගන්න මුදල් දුන්නා මොනවද වුනේ ඒවට?(නදී)

:       0       0

සිද්ධික් Monday, 22 July 2013 05:50 PM

මේ වගේ උසස් ගනයේ චිත්‍රපට දැන් ඉන්න පරපුරට බලාගන්නට අවස්ථාතාව සැලසිය යුතුයි. මේ වගේ හොඳ නිර්මානයක් විශේෂයෙන් ආරක්ශා කරලා තියාගන්න ඕනෑ නේද? (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Monday, 22 July 2013 01:15 PM

හොඳ චිත්‍රපටයක්.(නදී)

:       0       0

අපොන්සු Monday, 22 July 2013 01:14 PM

අධිරාජ්‍යවාදීන්ගේ තාක්ෂනය දැන් හොද වෙලාද?(නදී)

:       0       0

දයා Monday, 22 July 2013 01:28 PM

හරියට හරි පොන්සු, රට දෙකඩ කරන්න උල්පන්දම් දෙන, සිංහල සංස්කෘතිය මහා පොළොවෙන් අතුගාන්න උදේ හවස වලිකන අධිරාජ්‍යවාදීන් දැන් යාළුවො වගේ. හනේ කාටද මේවා කියන්නේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Monday, 22 July 2013 01:35 PM

අපේ පැරණි දේවල් විකුණා කන සොරකම් කර විදේශ රටවලට විකුණන කාලයක . විදේශිකයන් අපේ පුරාන වස්තුන් ආරක්ෂා කර දීමට අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.(ස)

:       0       0

කමල් Monday, 22 July 2013 02:12 PM

ලංකාවේ සිනමා සංස්ථාවක් තියෙනවා නේද? ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය කිරීම ඒ අයගේ වගකීමක් වෙනවා නේද? (නි)

:       0       0

ඉන්දික Monday, 22 July 2013 02:22 PM

ඉතා හොඳ දෙයක්, කවුරු කළත්.ඒත් මේකේ සමහර අදහස් වලට හිනහත් යනවා.ෆිල්ම් එකක් නැවත යථා තත්වයට ගන්න යමෙක් උදව් කළ පමණින් ලෝකේ සියලු දේවල් වෙනස් වේවි කියලා හිතන අයත් ඉන්නවා. (නි)

:       0       0

ජගත් Monday, 22 July 2013 02:31 PM

වැදගත් කාර්යයක් (නි)

:       0       0

ටිරල් Monday, 22 July 2013 02:52 PM

ඩීවීඩී කර්මාන්තයටත් සුභ ඵල උදාවේවි යැයි සිතෙනවා (නි)

:       0       0

අමල් Monday, 22 July 2013 03:27 PM

අපොන්සු, කන්න පුලුවන්නම් කබරගොයා වුණත් මොකෑ(අ)

:       0       0

පිටිගල Monday, 22 July 2013 03:32 PM

ලංකාවේ අයට වටින්නේ නැති වුනාට බලන්න ඒ මහතා මේ චිත්‍රපටියේ වටිනාකම වටහාගෙන තියෙන හැටි. ඔහුට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

මිලාන් Tuesday, 23 July 2013 10:14 AM

මේ වාගේ අනෙක් පැරණි චිත්‍රපටි ටිකත් රැකගත්තොත් ගොඩක් වටිනවා (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 22 July 2013 03:56 PM

අපිට තොරන් පෙන්නන්ඩ අපි හරි ආසයි නිදානය වගේ කෘත හස්ත සිනමාපට නිදන් කරලා ? (අ)

:       0       0

තේෂාන් Monday, 22 July 2013 11:22 AM

අනේ අපිට මේ චිත්‍රපටිය බලන්න ලැබේවා!(නදී)

:       0       0

නීල්-රානා Monday, 22 July 2013 11:41 AM

අසු තුනේ ජුලි කලබල වලදී කැලණිය පැත්තේ තිබුණු චිත්‍රාගාරයක සංරක්‍ෂණයවී තිබුණු චිත්‍රපට වැඩිදුර සංරක්ෂණය උදෙසා අපේ අධි ජාතිමාමක අවස්ථාවාදීන් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා වගේ මතකයි, මමත් එදා එතනින් ගිය නිසා දන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2346 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1539 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 557 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3224 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site