(නිමල් ජයරත්න සහ ඉන්දිකා රාමනායක)
මඩකලපුව තොප්පිගල මාවඩිඕඩේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍රයක් යොදා නිදන් වස්තු කැණීම් කරමින් සිටී පොලොන්නරුව වැලිකන්ද රුවන්පිටිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු හමුදා සෙබළුන් තුනක් සහ චීවරධාරියකු, යුද හමුදාවට අයත් ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව කරදියනාරු පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් යුද හමුදා අණදෙන නිලධාරිවරයා වැලිකන්ද රුවන්පිටිය තුන්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන අතර අනිත් හමුදා නිලධාරීන් දෙදෙනා එම කඳවුරට අනුයුක්තව සේවය කරන අය බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන සිටින අනණදෙන නිලධාරිවරයා සහ හමුදා නිලධාරීන් දෙදෙනා සමඟ චීවරධාරියා සහ යුද හමුදා ජීප් රථය පළවෙනිදා එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය කියයි.
සැකකරුවන් ස්කෑන් යන්ත්‍රය යොදා නිදන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්, පුරාවිද්‍යා ස්ථානයක් බවට සලකුණු කරන ලද ස්ථානයක් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශ්යේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බවද පොලිසිය කියයි.
වව්නතිව් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ෂන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය කරදියනාරු පොලිසිය වෙත භාරදී තිබේ,
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිධන් සෙවූ හමුදා කණ්ඩායමක් මාට්ටු
Samitha S. Aluthgamage Saturday, 01 April 2023 09:22 AM
රටේ මේ තරම් දේවල් සිදුවෙනවා.ඒත් ඒවා නිවැරදි කිරීමට හා නැවත නොවීමට වැඩ පිළිවෙලක් වර්තමාන ආරක්ෂක ඇමති වරයා හා වගකිවයුතු ඉහළ ආරක්ෂක ප්‍රධානීන් ගෙන නොමැති බව පෙනේ.තත්ත්වය මෙලෙසම දිගටම මෙසේ පැවතුන හොත්,මේ රටට ජනතාවට දෙවියන්ගේම පිහිටයි ...