( බී.ජී. චතුරංග )
ගල්නෑවේ වී මෝලක් අසල පිරිසක් නිධන් හාරන බවට ලැබුණු තොරතුරකට අනුව, පෞද්ගලික ඉඩමක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු, එම කැණීම සඳහා භාවිතා කල උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව , පන්සල පාර , ගල් නෑව පහලවත්ත පාර ගල්නෑව නිදිකුම්භායාය. යන ප්‍රදේශ වල පදිංචි 39 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකු සහ 55 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කුලුගෙඩියක්, යකඩ කටු 2ක්, අලවංගුවක් තම භාරයට ගත් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කැණීම් සිදු කරමින් සිට ඇති අතර එම කැණීම සිදු කිරීම සඳහා සැකකරුවන් ගල්බෝර දමා ඇති බවද පොලිසිය සඳහන් කළේය.
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිධන් සෙව් 4ක් අත්අඩංගුවට