IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නන්දන ගුණතිලක එජාපයෙන් මහ ඡන්දෙට

පානදුර නඟර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ලබන මහ අමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව කියයි.

කළුතර දිස්ත්‍රික්කයේ තරඟ කරන බව කී ඔහු ආසනය කුමක්දැයි සඳහන් කළේ නැත.

ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් 1994 ජනාධිපතිවරණයට තරග කළේය.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රභල සාමාජිකයෙකි.

 



අදහස් (0)

නන්දන ගුණතිලක එජාපයෙන් මහ ඡන්දෙට

තිලක් Friday, 13 March 2015 04:31 PM

ජේ.වී.පිය අන්තිමට නවතින්නේ යු.එන්.පී එකේ. අනුර දිසානායක ගියා කියල හෙට පත්තරේ තිබුනොත් එ්ක බෝරු නෙවෙයි. (නදී)

:       0       0

කලණ Friday, 13 March 2015 04:31 PM

තමන්ගේ සහෝදරයන් ඝාතනය කරපු පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා (නදී)

:       0       0

සිල්වා Saturday, 14 March 2015 01:59 PM

දන්නේ නැති නිසා මම අහන්නේ නන්දනගේ නායකයා මැරුවේ ශ්‍රීලංකා එකෙන්ද නැතිනම් එක්සත් ජාතික පක්ෂයෙන්ද කියල දන්නා කෙනෙක් කියන්නකෝ ..මට පිස්සු පිස්සු වගේ අනේ (නදී)

:       0       0

අනුර Saturday, 14 March 2015 02:01 PM

වරෙන්කො පානදුරේට ඡන්දෙ ඉල්ලගෙන දෙන්නම් බඩ පිරෙන්නම (නදී)

:       0       0

ප්‍රේමතිලක පෙරමුණ Saturday, 14 March 2015 02:18 PM

නන්දන ගුණතිලක මහතා කියන කතා කොහොම විශ්වාස කරන්නද ? ගිය වතාවේ පළාත් සභා මැතිවරණයේදී විදුලි පුටුව ගැන කිය කියා මහින්ද රාජපක්ෂ මහතාට ඇති තරම් කඩේ ගියා. ඇමතිකම් නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පා ජේ වී පී එකෙන් ගියා මහින්ද රාජපක්ෂට විරැද්ධ වෙලා මෛත්‍රි මහතා ළගට ගියා. දැන් එජාපයට යනවා එතුමාගේ සැබෑ දේශපාලන මතය කුමක්දැයි ප්‍රශ්නයක් (නදී)

:       0       0

ගමගේ Friday, 13 March 2015 11:09 PM

තිලක්, ඔයා නිවැරදි තීරණ වලට සුබපතන ගමන් නිකම්වත් හිතුවද මේ කට්ටියගේ බණ අහලා වැරදි තීරණ අරගෙන ජීවිත අහිමිවූ තරුණ තරුණියන් ගැන. මේගොල්ලන්ට සුබ පතන්න ඕනෑ කපටි තීරණ වලටයි. (නි)

:       0       0

ෂෙල්ටන් Saturday, 14 March 2015 12:32 AM

ඔබට ජය! (නි)

:       0       0

නඩරාජා Saturday, 14 March 2015 06:40 PM

යන්නේ කොහෙද, මල්ලේ පොල්, මෙයාටත් අමු කැවිලා. කොත්තමල්ලි වතුර බිව්වනම් හොඳයි. දැනටම බිලාද දන්නේ නැහැ (නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 14 March 2015 03:07 AM

නිවැරදි තීරණයක් ..ගමනට ජය වේවා...(නදී)

:       0       0

මහේන්ද්‍ර Saturday, 14 March 2015 10:27 PM

ඊළඟට එජාපෙන් ඡන්දෙ ඉල්ලන්නෙ අනුර කුමාර දිසානායක​. එයා දැනටත් රනිල්ගෙ සුවච කීකරු මිතුරෙක්. (නදී)

:       0       0

හිමාලි Saturday, 14 March 2015 10:48 PM

මේ වගේ අය තමයි දැන් ජේ වී පි එකේ ඉන්නෙත්. අපි වැඩ කලේ ජේ වී පි එකට ජීවිතේ පරදුවට තියලා. බූස්ස කදවුරේ අවුරුද්දක් විතර කට්ට කෑවා. එ්ත් මේ වගේ අය අපේ කැපවීම බල්ලට දැම්මා. අපි දැන් ඔයාලව බල්ලට දානවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා (නදී)

:       0       0

සමන්ති Sunday, 15 March 2015 12:08 AM

ඔය ගොඩක් අය යු එන පි එකේ හිටියා. පිලිප්, ඊරියගොල්ල ,දහනායක ,බැසිල්, වගේ අය. ලංකාවේ පක්ෂ මාරු නොකරපු අය ඉන්නේ ඇඟිලි ගානට. (නදී)

:       0       0

ෆාරුක් Saturday, 14 March 2015 04:38 AM

ජය වේවා !!!!(ස)

:       0       0

සිරිමාන්න Saturday, 14 March 2015 05:38 AM

අනේ ඇත්තටම මේ වගේ අය තමයි ජවිපේ ඉන්නේ. අර අරුණ කුමාර දිසානායක කියන මනුස්සයත් අපිව තවත් රවට්ටන්න ට්‍රයි කරනවා. අපි ජේ වී පි එකට රැවටුන කාලේ ඉවරයි. (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්ච් Sunday, 15 March 2015 04:00 AM

ලංකාවේ පක්ෂ මාරු කරපු අය ඕනතරම් ඉන්න පුළුවන්. ඒත් පක්ෂයක ප්‍රතිපත්ති මත ගත් වැරදි තීරණ හේතුවෙන් තරුණ ජීවිත 60000 ක් ඝාතනය වීමට වගකිව යුතු අය ඉන්නේ ටික දෙනයි.(නදී)

:       0       0

නුවන් Friday, 13 March 2015 11:55 AM

එහෙනම් මේ වතාවෙත් ඒ පක්ෂයෙන්ම තරඟ කරයි (නි)

:       0       0

ධනංජය Sunday, 15 March 2015 05:38 AM

ශ්‍රී ලාංකික දේශපාලනයේ ලාංකික ලකුණ ඔබයි. ඔබ වැනි "ගෙම්බෝ" කොතෙක් සිටියත් මේ තරම් පැනීමෙහි ලා දක්ෂ ගෙම්බෙක් කිසි කලක සිට නැති බව වගකීමෙන් කියමි. (නදී)

:       0       0

ඩී.ඒන්යෝගානන්ද Sunday, 15 March 2015 06:47 AM

බය වෙන්න කාරි නෑ, ලබන ඡන්දෙදී අනුරලා, ලාල්කාන්තලා, බිමල්ලා ඔක්කොම ඒජාපයෙන් තමයි, යහ පාලනය කියන්නෙත් ඒකට නොවැ. (ම)

:       0       0

මැටිපහන Friday, 13 March 2015 12:27 PM

පරිණාමය සම්පුර්ණ කරපු ජේවීපි කාරයෙක්! අනිත් ජාවිපේ කාරයන්ගේත් තර්කානුකුල නිමවා එජාපයට සමයි. (අ)

:       0       0

ස්මිත් Friday, 13 March 2015 12:28 PM

ලොකුම සමාජවාදියෝ අන්තිමට නවතින්නේ එක්සත් ජාතික පක්ෂයේ(අ)

:       0       0

අභය Friday, 13 March 2015 12:37 PM

නන්දන මහත්මයා, ඔබ නගරාධිපති ලෙස පනදුරයට කළ වැඩ කොටස බොහොම අගය කරමි.සේවක පඩි ගෙවන්නත් නොහැකිව සිටි නගරසහාව සම්පුර්ණ කණපිට ගැහුවේ ඔබයි.දෑතේ කුණු නැති අවංක මහත්මයෙක්. (නි)

:       0       0

මාටින් Saturday, 14 March 2015 07:35 AM

රාජා, විප්ලවවාදීන් කියන්නෙ සහොදරයින්ට ඊරිසියාවෙන් මැරප්‍රහාර එල්ල කිරීමට වඩා යමක් බව තේරුම් යෑමට ටිකක් කල් ගතවෙනවා.(නදී)

:       0       0

මාටියා Saturday, 14 March 2015 07:39 AM

මාර්ක්(ස්) ගේ දේශපාලන දර්ශනයේ ශ්‍රීලාංකික කියවීම අවුල්ද?(නදී)

:       0       0

දිනේෂ් Friday, 13 March 2015 12:49 PM

1990 ගණන්වල මුල හරියේ පානදුරේ තිබුන ප්‍රසිද්ධ රැස්වීමකදී ගුණතිලක මහතා බෙල්ලේ ටයර් එකක් පැළඳගෙන කතා කරා. මේ පාර මොනවා කොහේ දාගෙනද දන්නේ නැහැ කතා කරන්නේ. (අ)

:       0       0

රාජා Friday, 13 March 2015 12:56 PM

මේවා දකින අපේ දරුවන් දැන්වත් හොර විප්ලවකාරයන්ගේ ගැටවලට අහුවෙන්නේ නැතිව ඉන්න හිතනවානම් හොඳයි. උඩ ඉන්න හොරු කට්ටිය හැමදාම දිනුම්. අහිංසකයනුත් නියම විප්ලවවාදීනුත් පැරදුණා. (අ)

:       0       0

දසුන් Friday, 13 March 2015 01:03 PM

එයාට ඡන්දය දෙන්නේ යුඑන්පී අයද? යුඑන්පී එකෙන් දිනන්න ජේවීපී ඡන්ද ඉල්ලන්නේ කොහොමද ලැජ්ජාවක් තියේනම්. පහුගිය කාලේ සමසමාජයේ ඉහලින්ම හිටි චම්ලි ගුණවර්ධන මහතාත් ඔය වගේ යුඑන්පී එකෙන් කළුතරට ඡන්දය ඉල්ලන්න ගිහින් පැරදුනා. (අ)

:       0       0

නාමල් Friday, 13 March 2015 01:13 PM

මේයා පක්ෂ මාරු කරන විදිහට කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ .(හේ)

:       0       0

ඇසළ Friday, 13 March 2015 01:16 PM

මෙයාගේ ඇපත් රාජසන්තක කරගන්න වැඩක් මේක. කොහොමත් ජවිපෙ අන්තිමට ඉතුරුවන්නේ වෙන වෙන පක්ෂ වලට කොකු ගහගෙන. (නදී)

:       0       0

අමාර Friday, 13 March 2015 02:16 PM

මිනිස්සු අතීතයේ නොව වර්තමානයේත් අනාගතය උදෙසාත් වැඩ කල යුතුයි. එය ඔහුගේ මාවත වනු ඇත (අ)

:       0       0

සන්වානි Friday, 13 March 2015 02:18 PM

1971 දි කැරැල්ලේ විත්තිකාරයන් වූ නිමලසිරි ජයසිංහ, මහින්ද විජේසේකර ආදීන් නතර වුණෙත් ධනපති දේශපාලන පක්ෂ වල. 1989 තරුණ නැගිටීමට වගකිව යුතු පක්ෂයේම අපේක්ෂකයෙකු ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත්වීම අරුමයක් නොවෙයි. ශ්‍රී ලාංකික වාමාංශික දේශපාලන ව්‍යාපාර නායකයින් ස්වකීය පන්තියට ගොඩවීම සඳහා කම්කරුවන් හා තරුණයින් ඉණිමගක් කරගෙන ඇති බව පසුගිය දේශපාලන ඉතිහාසය පුරාවටම පෙන්නුම් කරයි. දැන් ඉන්න ජවිපෙ නායකයින් දැනටමත් එම පියවර තබමන් යනවා. ඔවුන් නුදුරු අනාගතයේදී ධනපති රජයක ඇමතිවරුන් ලෙස කම්කරුවන් හා තරුණයින් මර්ධනය කිරීම අරඹාවි. (අ)

:       0       0

ජගත් අබුඩාබි Friday, 13 March 2015 02:19 PM

ඔබතුමාගේ තීරණය නිවැරදි.සුබ පැතුම් (අ)

:       0       0

ස්වරපති Saturday, 14 March 2015 09:28 AM

මටනම් මෙයාගේ පහුගිය කාලේ කියුම්, කෙරුම් වලින් තේරුනා පිම්මක් පනින්න හදන්නේ කියලා. (නදී)

:       0       0

චම්පි Saturday, 14 March 2015 09:36 AM

මේවා අහල පන පලයන් ලබන අාත්මේ.(88/89)(නදී)

:       0       0

බණ්ඩා Friday, 13 March 2015 02:58 PM

එන ඡන්දෙන් යු එන් පි එක දිනනවා දිනන පැත්තට යන්නේ නැතුව වෙන මොනවා කරන්නද ? හෙට අනිද්දා වෙනකොට විපක්ෂේ තව කොටසක් ආණ්ඩුවට එනවා .. (අ)

:       0       0

දහම් Friday, 13 March 2015 03:58 PM

ඇපේ බේරෙන්නෙත් නැහැ. (අ)

:       0       0

නුවන් Friday, 13 March 2015 04:26 PM

ඒක එතුමාගේ පුද්ගලික කැමැත්තනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 303 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 453 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 529 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 308 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 173 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site