IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘නාන ළිඳක් අලුත්වැඩියාවට ලක්ෂ පහක්‘

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදි සිය බල ප්‍රදේශය පුරා පිහිටි පොදු නාන ළිං ප්‍රතිසංස්කරණය කරද්දී එක් ළිඳකට රුපියල් ලක්ෂ පහක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

පොදු නාන ළිඳක් ප්‍රතිසන්ස්කරණය කිරීමට වැය වන්නේ රුපියල් පනස් දහසකට නොවැඩි මුදලක් බවත්, මෙලෙස හිතුමතේ ජනතා මුදල් වැය කිරීම අපරාධයක් බවත් ඔහු පැවසීය.

 



අදහස් (0)

‘නාන ළිඳක් අලුත්වැඩියාවට ලක්ෂ පහක්‘

දහම් Wednesday, 25 February 2015 11:55 PM

ඒ ගණන බාස් කුලිය ගෙවන්නත් මදි මහත්තයෝ. අඩු කුලියට වැඩකරන බාස්ලා එහෙම ඉන්නවද? (නි)

:       0       0

එරංග Thursday, 26 February 2015 12:20 AM

නැත්නම් ඉතින් හම්බ කරගන්නේ කොහොමද අනේ! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 26 February 2015 12:23 AM

බාගෙන කන එක ඉහගෙනම කන්න වෙන්න ඇති. (නි)

:       0       0

සමන්ති Thursday, 26 February 2015 01:00 AM

මහරගම පැත්තේත් නාන ළිඳක් ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් ලක්ෂ 19ක් වියදම් වුණා කියලා පුවතක් පසුගිය කාලයේ දැනගන්න ලැබුණා (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 26 February 2015 01:30 AM

අම්මපා මෙහෙමත් ගසාකෑමක්! (නි)

:       0       0

රෝයි Thursday, 26 February 2015 01:57 AM

ජනතාව කුපිත කරන්න එපා. බලයේ ඉන්න ඔබලාට වැරදිකරුවන්ට දඬුවම් දීමේ ක්‍රමවේදයක් නැති නිසා බොරුවට ඇඟිලි දික්කරන්න එපා. (නි)

:       0       0

රෝයි Thursday, 26 February 2015 02:01 AM

ලක්ෂ පහක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් නෙමෙයිනේ. ගණන් ගන්න එපා. (නි)

:       0       0

කපිල Thursday, 26 February 2015 02:27 AM

පොදු ළිඳක් කියන්නේ ගෙදර තිබෙන දෙන්නෙක් තුන්දෙනෙක් පාවිච්චි කරන ළිඳක් නොවෙයි. ඊටත් අද ලක්ෂ පහක් කියන්නේ එච්චර ලොකු මුදලක් නොවෙයි. බාස් කුලියම කීයක් යනවද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 26 February 2015 02:30 AM

රටට කර තිබෙන විනාශය අනුව රාජපක්ෂවරු නැවත බලයට නම් ගෙනෙන්න හිතන්නවත් එපා. (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 26 February 2015 02:31 AM

මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් පසු ගිය අවරුදු 5-6 තුලදී රටට සිද්ද වුන කියන්නේ නිකම්ම නෙමෙයි.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 26 February 2015 02:33 AM

රාජපක්ෂ කියන නම ඇහෙනකොටත් අැගේ මයිල් කෙලින් වෙනවා.(නදී)

:       0       0

ඩයස් Thursday, 26 February 2015 02:43 AM

කියනවා විතරයි.කෝ එක් කෙනෙක්වත් ඇල්ලුවද? (නි)

:       0       0

රණසිංහ Thursday, 26 February 2015 02:53 AM

මේවත් ඉතින් නාන ළිඳ ළඟ කතා වගේ තමයි. ඔප්පු කරලා පෙන්වන්න. (නි)

:       0       0

සංජීව Thursday, 26 February 2015 03:41 AM

ලිඳක් අලුවැඩියාවට ලක්ෂ 5 ක් විතර යනව තමයි. හිතන්න කලුගල් කියුබ් 15-20ක් , සිමෙන්ති කොට්ට 100-150 වැලි, කොන්ක්‍රීට් ගල් ඔව්ව නිකන් හම්බ වෙන එව්ව නෙමෙයිනෙ. ඕක ශ්‍රම දානෙකින් කරන දෙයකුත් නෙමෙයි. වැඩේ කරන කොන්ත්‍රාත් කරුත් ලාභයක් තියා ගන්න ඕනෙ. පොදු නාන ලිඳක් කියන්නෙ පොඩි එකක් නෙමෙයි. බාස් කුලිය දවසකට 2000 ක්, ගෝලයෙකුට 1250 ක්. දක්ෂ මේසන් බාස්ල තුන් හතර දෙනෙක් ගෝලයො 10 ක් එක්ක අඩුම තරමින් දවස් 10ක් වත් යනව වැඩක් ඉවර කරන්න. (නදී)

:       0       0

සොපී Thursday, 26 February 2015 03:55 AM

කිය කියා ඉන්නවා විතරයි.කරන දෙයක් නැහැනේ ... (නි)

:       0       0

ගමගේ Thursday, 26 February 2015 04:02 AM

සංජිව, නාන ළිඳක් අළුත්වැඩියා කරන්න මොකටද කළු ගල් කියුබ් 15./20ක් ? ඔයාලා වගේ අය ඉන්නකම් මේ දේශපාලකයන් හැදෙන්නේ නැහැ. ලක්ෂ 5 කියන්නේ අලුතින් ළිඳක් හදන්න පුළුවන් ගානක් කියලා තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

සංජීව Thursday, 26 February 2015 04:50 AM

ගමගේ මහත්මයා.. එතකොට අලුත්වැඩියා කරනව කියන්නෙ පාරෙ වලවල් වහනව වගේ ලිඳේ කැඩුනු බිඳුනු තැන් හදන එකද?. එවානම් ඉතින් පොඩි පොඩි වැඩ තමයි. ඔයාට දැනගන්නත් එක්ක කියන්නේ.. ගම්වල තියෙන ගොඩක් පොදු නාන ලිං වලට සිමෙන්ති, කොන්ක්‍රීට් දාල නැහැ. නාන තැනට කොට දෙක තුනක් දාල තියෙන්නේ. එව්වා අලුත්වැඩියා කරනව කියන්නේ අලුතින්ම හදනව වගේ තමයි. ලිඳ වටේටම සිමෙන්තියෙන්, කලුගලෙන් බැඳලා ලිං පඩියට කොන්ක්‍රීට් දාන්න ඕනේ. කොන්ක්‍රීට් දාල හොඳට හදපු ලිඳක් උනත් කාලයක් යනකොට කඩා වැටෙනවා තෙතමනයටයි.. ගස්වල මුල් වලටයි.. එව්ව උනත් ආයෙත් අලුත්වැඩිය කරනවා නම් පරණ සිමෙන්ති බැමි, කැඩුනු කොන්ක්‍රීට් ඉවත් කරන්න වෙනවා. කිසිම තැනක නාන ලිඳක් අලුතින් නම් හදන්නෙ නැහැ. කරන්නේ අවුරුදු ගනනාවක් පාවිච්චි කරපු ලිං අලුත්වැඩිය කරන එක තමයි. මම මේ ගැන හොඳට දන්නව.. රුපියල් 50000 කින් කොන්ත්‍රාත් කාරයෙකුට ලිඳක් හදන්න බැහැ ශ්‍රමදානයකින් මිස.

:       0       0

අනිල් Thursday, 26 February 2015 04:59 AM

මෙයා හීනෙනුත් ලිද ගැනම තමයි කියවනව ඇත්තේ .මෙයාත් අනුරගේ පොටෝ කොපියක්,(නදී)

:       0       0

දිනේෂා Thursday, 26 February 2015 05:16 AM

මෙතැන අදහස් දක්වන අය නොදන්නවද මන්දා ලක්ෂ 5 වෙන් කරපු පලියට ලක්ෂ 5 වියදම් කලයුතුයි කියල නීතියක් නැහැ කියා. නිලදාරින්ට තියෙන්නේ අවම මුදලින් වැඩේ හරියට කරලා ඉතුරු මුදල භාන්ඩගාරයට යැවීමයි. දැන් හැම දේම සංදර්සන විතරයි ගහන බෙරේකුත් නැහැ බෙරේට පලුවකුත් නැහැ. කරපු හොර කම් ඔකොම අල්ලනවා කියල අාපු අය දැන් අපිට කියනවා හොරකම් ගැන දන්නවා නම් කියන්න කියලා. කමක් නැ යුද්ධේ ඉවර කරපු යහපාලනේනේ දැන් තියන්නේ (නදී)

:       0       0

දර්ශන Thursday, 26 February 2015 05:51 AM

සංජීව මහත්මයා, ළිඳක් අලුත්වැඩියා කරන්න කළුගල් කියුබ් 20ක් නම් යන්නෙ නැහැ. (නි)

:       0       0

සංජීව Thursday, 26 February 2015 05:52 AM

සමහරු නොදන්නා දේවල් කියනවා (නි)

:       0       0

පද්මිණි Thursday, 26 February 2015 06:24 AM

සංජීවද මන්දා ඔය ළිං කොන්ත්‍රාත් එක අරගෙන තියෙන්නේ? (නි)

:       0       0

සුජිත් Thursday, 26 February 2015 07:12 AM

මෙයාලා කරන කිසිවක් නැහැ. බොරුවට කෑ ගහනවා විතරයි (දිල්)

:       0       0

ශිරන්ති Thursday, 26 February 2015 07:35 AM

දැන්වත් කඩේ යාම නැවැත්වුවොත් හොදයි නේද?(දිල්) 

:       0       0

මොහමඩ් ඛාන් Thursday, 26 February 2015 07:37 AM

කපිල බන්දුල පෙරේරාට ජයවේවා !(දිල්)

:       0       0

ගමගේ Thursday, 26 February 2015 09:23 AM

සංජීව ඇත්ත කියන්නකෝ. ඔයත් ළිඳක් හදන්න කොන්ත්‍රාත් ගත්තද? හොරුන්ගේ පැත්තට කතා කරන්නේ හොරුම තමයි. කවුරු කොහොම කිවුවත් ජනතාව ඇත්ත දන්නවා. මම නම් කියන්නේ කවුරු කළත් සල්ලි යන්නේ අපේ සාක්කුවෙන්. ඒ නිසා පක්ෂ බේද නැතුව හොරුන්ට ඡන්දෙ දෙන්න එපා (නි)

:       0       0

දිලිප් Thursday, 26 February 2015 09:55 AM

මෙතරම් මුදලක්.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 25 February 2015 07:15 PM

අන්තිමට හැමෝම එකතුවෙලා මහින්ද මහත්තයාවත් ළිඳට දැම්මා (නි)

:       0       0

ගුණේරත්න Wednesday, 25 February 2015 10:36 PM

හර්ෂ ද සිල්වා මහත්තයාගේ ආර්ථිකයට වඩා වෙනස් බැසිල්ගේ ආර්ථිකය. පොදු ළිඳේ රෙදි අපුල්ලන ගල විශේෂයෙන් කියලම හදවපු ගලක්. එම ගලට තමයි වැඩි පිරිවැයක් යොදලා ලක්ෂ පහක් වැයවුණේ. (නි)

:       0       0

සෙනරත් Thursday, 26 February 2015 10:22 AM

පොඩි ප්‍රමාණයේ ළිදක් නම් රුපියල් 50,000 ට පුළුවන්. එත් පොදු ළිදක ප්‍රමාණය එක්ක ගණන වෙනස් වෙනවා. ලිද බදින්න ඕනේ. වටේට තාප්පේ ඕනේ. මැදින් වෙන්කරන්න ඕනේ ගැහැණු පිරිමි කියලා. එම නිසා අඩුම තරමේ රුපියල් 300,000 විතර යනවා. මේවා කතා කරලා වැඩක් නෑ ඇමතිතුමා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 504 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 921 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 784 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1565 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 460 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 231 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site