IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නැප්කින් සොරකම් කළ ලාංකිකයා පරිවාසයට

ඉතාලියේ බ්‍රේසීයා නුවර සුපිරි වෙළෙඳ හලකින් කැප්කින් ඇසුරුම් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු මාස හතරක පරිවාස කාලයකට යටත් කරන ලෙස එරට අධිකරණයක් නියෝග කෙළේය. ඔහු සොරකම් කළ බඩු මල්ලේ වටිනාකම යුරෝ පනහකි. (රුපියල් අටදහසකි) මෙම නැප්කින් සොරාගත්තේ මුදල් අහේනිය නිසා බවත් ගෙවල් කුලිය ගෙවා ගැනීමට පවා මුදල් නැති බවත් මේ සොරාගෙන ඇත්තේ අලුත උපන් දරුවකු වෙනුවෙන් බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දැන්වීය.ඉතාලියේ කරිටාස් වැනි සමාජ සේවා ආයතන මගින් මේ වැනි දේ නොමිලේ ලබා ගත හැකියාව තිබිය දී එසේ සොරකම් කිරීමෙන් ශ්‍රි ලංකාවට අපකීර්තියක් අත්වන බව එහි ශ්‍රී ලාංකිකයෝ  කියති.



අදහස් (0)

නැප්කින් සොරකම් කළ ලාංකිකයා පරිවාසයට

මධු Sunday, 02 September 2012 01:50 AM

ලොකු තැන ඉදලා පෙඩි තැන වෙනකම්ම හොරු.. ලංකාව හොරුන්ට හරි ප්‍රසිද්ධයි.. (නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Sunday, 02 September 2012 07:45 AM

මුදල් නැතිකම තමයි මේවට මුල.. මිනිස්සු මොනවා කරන්නද....? (නු)

:       0       0

ඩියෝ Sunday, 02 September 2012 07:46 AM

ජීවිතේට හොරකමක් නොකරපු කෙනෙක් ඉන්නවාද? අනුන්ගේ දේවල් හොයන්න නැතිව ඉන්න..!!(නු)

:       0       0

පද්මි Sunday, 02 September 2012 06:24 PM

ඉතාලි සුපිරි වෙළද සැල් වල කැමරා නැද්ද? පුදුමයිනේ. (නි)

:       0       0

දහම් Sunday, 02 September 2012 10:22 AM

මොනම දෙයක්වත් හොරකම් කිරීම නරක දෙයකි. හොරකම් කිරීම පුද්ගල පරිහානියට හේතුවේ. මරණයේදීවත් සැනසිල්ලක් හිමි නොවේ . (නි)

:       0       0

නවුෂාඩ් Saturday, 01 September 2012 04:52 PM

ලංකාවේ ආශ්චර්ය කරා යන ගමනේ මේකත් එක අංගයක්ද? (නි)

:       0       0

රොහාන් රණතුංග Saturday, 01 September 2012 05:04 PM

මීට වඩා හොදයි ලංකාවට ඇවිත් හිගාකෑවනම්..!(නු)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Saturday, 01 September 2012 05:16 PM

සේරමට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඔන්න ඕකට.. පොඩි ළමයාව පාවාදීලා තමන් බේරෙන්න හදනවා.. ඕක තමයි ඇත්ත..!!(නු)

:       0       0

චාමීන් Saturday, 01 September 2012 05:21 PM

මුදල් යහමින් ඇතත් සොරකම් කරන තවත් බොහෝ පිරිස් මෙහි වෙති. (නි)

:       0       0

ඉවාන් සිල්වා Saturday, 01 September 2012 05:36 PM

මේකට අදහස් දක්වන්න පෙර ඇත්ත සොයාබලන්න...(නු)

:       0       0

අනුර Saturday, 01 September 2012 05:38 PM

ගිය තැන ලංකාවෙ නමත් කනවා..!(නු)

:       0       0

සරා Sunday, 02 September 2012 08:29 PM

බැංකු වලට වංචා කරලා රට ගිය කට්ටිය තමයි ලංකාවේ නම කැත කරලා තියෙන්නේ. (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට Saturday, 01 September 2012 05:42 PM

ඔය අසුවුණේ එකයි. නමුත් ඔය වගේ අය ගොඩක් ඉන්නවා.පස්සේ බොරු කියනවා. හොරකම හොරකමමයි.මෙහෙ ඉන්න අය බලන්නේ උපයන හැම සතයක්ම (එවුරෝ)ලංකාවට යවන්න. ජිවත් වෙන්න හොරකම් කරලා හරි බලනවා. උසාවිය ගත් තීරණය නිවැරදියි. ලංකාවට ඉතින් අපකීර්තිය තමයි. මේ රට තුළ ලංකාවට යම් කිසි පිළිගැනීමක් ඇත. (නි)

:       0       0

චාමර Sunday, 02 September 2012 12:45 PM

චී චී.... හරි ලෑජ්ජාවක් මුලු ලංකාවටම. (නි)

:       0       0

සුනිල් Sunday, 02 September 2012 01:05 PM

ලාල් ගලබඩ හරියට හරි. ඉතාලි ඉන්න අපි දන්නව අපෙ අය සුපර් මාකට් වලින් බඩු උස්සන හැටි. සල්ලි තියන අයත් පුරුදුවෙලා තියනව ඔය වැඩේට. අවශ්‍ය නම් නම ගම සහිතව කියන්නමි.

:       0       0

අමාර Saturday, 01 September 2012 06:36 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

ඩිඕ Saturday, 01 September 2012 06:36 PM

පිය සෙනෙහස දොරෙ ගලාගෙන ගියාදෝ ? (දී)

:       0       0

නිරාන් Saturday, 01 September 2012 07:17 PM

මිනිස්සු අසරණ වුණහම නොකරන දෙයක් නැත. (නි)

:       0       0

නදී Saturday, 01 September 2012 07:56 PM

පව් අසරණ කමට තමයි එහෙම කරන්න ඇත්තෙ. හොරෙක් නම් ඔය වගේ පොඩි හොරකමක් කරන්නේ නැහැ... පව්..!(නු)

:       0       0

අමිල Saturday, 01 September 2012 08:39 PM

සමහරු දැන දැන වැරදි කරනවා..!(නු)

:       0       0

අනුර පනාගොඩ Saturday, 01 September 2012 08:33 PM

පහසුවටත් ලාභයටත් දැන දැන වැරදි කරනවා.. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා.. නැතිනම් හදලා කියනවා..!!(නු)

:       0       0

චන්දන Saturday, 01 September 2012 08:57 PM

මීට වඩා හොද නැද්ද හිගා කෑවනම්..ලංකාවට ඇවිල්ලා.. ලංකාවෙ නමත් කැත කරනවා.. (නු)

:       0       0

ලලන්ත Saturday, 01 September 2012 10:10 PM

මේ වෙන්නප්පුව පැත්තෙ කෙනෙක් වෙන්න ඇති..!(නු)

:       0       0

සිරිල් Sunday, 02 September 2012 03:43 PM

වෙන්නප්පුවේ කට්ටිය හොරකම් වලට නම් දරාපු අය. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 01 September 2012 11:29 PM

හොරකම උනත් මට මෙයා ගැන දුකයි..!! ඇත්ත වෙන්න පුළුවං..!!(නු)

:       0       0

ගයාන් Sunday, 02 September 2012 12:05 AM

යන යන තැන අනාගන්නවානේ අපේ අය..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 6 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 29 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 215 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 396 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 385 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site