IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නූපන් බබාත් අම්මාත් දෙන්නාම මරුට

ඉහළ බෝපේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණී ගැබිණි මවකට දුන් එන්නතකින් පසු අසාධ්‍ය තත්ත්වයෙන් හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ඇය මිය ගිය බව  රෝහල් ආරංචි කියයි.

නිවුන් දරුවන් දෙදනකුගේ මවක වන 35 හැවිරිදි මෙම කාන්තාව ගබිසාවක් කැර ගැනීමට ගියේ දැයි සැකයක් පවතින බව පොලීසිය පවසයි.

වෛද්‍ය මධ්‍යස්ථානයේදී පසුගිය පළමුවැනිදා ඇයට එන්නතක් දී ඇතැයි ඉන්පසු  ඇයට අමාරු වී ඇති බවත් එම මධ්‍යස්ථානයෙන් ඇය රජයේ රෝහලට යවා ඇති බවත් දැන ගන්නට ඇත.

රජයේ රෝහලේ වෛද්‍යවරුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්තක වී ඇත.දැඩි සත්කාර ඒකකයට ද ඇතුළු කළ නමුත් මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාගෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඔහුට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබෙන නමුත්  ඔහු නොපැමිණි නිසා නීතී මගින් කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

නූපන් බබාත් අම්මාත් දෙන්නාම මරුට

කල්ප Thursday, 03 July 2014 02:07 AM

තරිඳු මොඩයා වගේ කතා ක‍රන්න එපා. ජාතිවාදී ලෙස කතා කරන එක නීති විරෝදී නැද්ද? මෝඩයා වෙන්න එපා. (නදී)

:       0       0

සත්‍යයා Thursday, 03 July 2014 07:11 AM

ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා කියල නිතර අහන්න ලැබෙන්නේ පොලිසිය සම්බන්ධයෙන්. ඒත් දැන් ඒ තත්වය ගන්න මුදල් හඹා යන "දොස්-තර" වරුත් තරඟ කරනවා. (නදී)

:       0       0

හසිත් Thursday, 03 July 2014 08:03 AM

අපරාදේ ජීවිත දෙකක්! (නි)

:       0       0

රිද්ම Wednesday, 02 July 2014 12:52 PM

මෙයා නිත්‍යානුකුල දොස්තරෙක්ද කියල හොයල බලන්න ඕනේ (දී)

:       0       0

තරිදු Wednesday, 02 July 2014 07:13 PM

විකාර කතා කියන්න එපා කල්ප. රටකට පොලිසියක් තිබෙන්නේ නීතිවිරෝධී ක්‍රියා ගැන පියවර ගන්නයි. (නි)

:       0       0

තේජාන්විත Wednesday, 02 July 2014 01:24 PM

දැන් නම් වෛද්‍යවරයෙක් වෙන්න මහන්සි වෙනවට වැඩිය හොඳයි පොලිස් නිලදාරියෙක් වෙන එක. (නදී)

:       0       0

ධම්ම Wednesday, 02 July 2014 02:34 PM

අපරාදේ ජීවිත දෙක. අමාරු වෙනකොට කවුරු කවුරුත් නවතින්නේ රජයේ රෝහලේ.(නදී)

:       0       0

හෂාන් Thursday, 03 July 2014 10:25 AM

කල්ප, මාතෘකාවට අදාලව කතා කරන්න. (නි)

:       0       0

කල්ප Wednesday, 02 July 2014 03:04 PM

මේවට බොදු බල සේනා කතා කරන්නේ නැත්තෙ ඇයි? (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 July 2014 03:14 PM

දැන් ඉන්න ගොඩක් කට්ටිය සල්ලි පස්සේ දුවන අයනේ. (දී)

:       0       0

කුසල් Wednesday, 02 July 2014 03:17 PM

කෙලින්ම ස්පිරිතාලෙට ගියානම් ඉවරයිනේ (දී)

:       0       0

අබේවර්ධන Wednesday, 02 July 2014 03:24 PM

කට උත්තර දෙන්න යන්න තරම් වත් වෙලාවක් නැහැ (දී)

:       0       0

ජයත් Wednesday, 02 July 2014 04:25 PM

සමහර පුද්ගලික වෛද්‍ය ආයතනවල තියන එන්නත් ප්‍රමිතියට නැහැ ,ඒකනිසා සමහර තැන් වලට යන්න කලින් දෙපාරක් හිතන්න . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 220 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1833 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 221 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 844 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1212 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37577 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site