IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘නපුරු කල්ලි පහක් රට ගිලලා‘

‘‘හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි‘‘ හිටපු අමාත්‍ය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා මාවනැල්ලේ දී පැවසීය. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට මේ රැලිය සංවිධානය කර තිබිණි.

‘‘එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය.‘‘

රුපියල් ප‍්‍රකෝටි ගණනක් එතනෝල් කල්ලිය වැය කරන බව රණවක මහතා කීවේය. ‘‘රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පෙනේ‘‘

‘‘එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සුළු පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි.‘‘

‘‘ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ.‘‘ එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000ක් මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැත. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැලියේදී රණවක මහතා අවධාරණය කළේය.

මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළ යුතු යැයි ඔහු කීවේය.


IMG_0236 IMG_0303 IMG_0314



අදහස් (0)

‘නපුරු කල්ලි පහක් රට ගිලලා‘

අනුරාධි Wednesday, 17 December 2014 11:33 AM

මෙවන් රජවරු ලඟින් ඉඳිමෙන් ඔහුගෙ චරිතය කිලිටිවෙයි ගුවන් ගැබ සැරිසරන් දෙවියොත් ඔහුගෙ ගමනට සහය වෙයි රුවන් මිණිමුතු මැවෙන පොලවේ තවත් බුදුවරු පහලවෙයි සෙමින් දහමින් රටක් මෙහෙයව ඔහුත් දිනයක රජෙකු වෙයි (නදී)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 01:00 PM

මෙයා මේ කියන නපුරු මාෆියාව මේ රටට ජනාදිපතිතුමා ගෙනාපු එකක්ද ?මෙයාල හරියට පොඩි දරුවෝ වගේ කතාකරන්නේ.මොනවා හරි තමන්ට වාසි දායක දෙයක් දැකලා ඇස් අන්ද කරගෙන,රටේ මිනිස්සුන්වත් නොමග යවනවා .එත් වැඩක් වෙන්නේ නැහැ.(හේ)

:       0       0

හෙට්ටිගේ Wednesday, 17 December 2014 05:08 AM

අපිට තේරුම් ගන්න බැරි ඔබ ඉන්න විට මේවා කීවේ නැත්තේ අැයි කියලා (නදී)

:       0       0

චන්දිම Wednesday, 17 December 2014 05:22 AM

අනේ ඔය එක්කෙනෙක්ගේ හරි නමක් කියන්නකෝ. පාර්ලිමේන්තු වරපසාද නිසා නඩු දාන්න බැහැනේ. (නදී)

:       0       0

සේනාරත්න Wednesday, 17 December 2014 05:25 AM

කමක් නැහැ ඉතින් කොටියාගෙන් රට බේරාගත්තා නේ. (හේ)

:       0       0

සසන්ක Wednesday, 17 December 2014 05:28 AM

ඇයි ඒ අයගේ නම් කියන්න බයද.? නම් ටිකත් කියලා දාන්නකෝ. ඔබතුමාලා එළියට බැස්සේ ගල් ලෙන බිදලානේ තවත් මොකටද ලෙනේ ඉන්න උදවිය රකින්නේ . ඔබ තුමාලා කියන ඒවා ඔබලාටම ස්ථිර නෑ. (හේ)

:       0       0

දිලාන් Wednesday, 17 December 2014 05:28 AM

අපේ සමහර අයට මේවා තේරෙන්නේ නැහැ.(හේ)

:       0       0

කීර්ති Wednesday, 17 December 2014 05:29 AM

දැන් තමයි මෙයාට මේවා මතක් වෙන්නේ... ආණ්ඩුවේ ඇතුලේ ඉඳගෙන මොනවද කළේ ?(හේ)

:       0       0

අප්පුහාමි Wednesday, 17 December 2014 01:45 PM

එතුමා අවංක කෙනෙක් වෙන්න ඇති. එ්ත් කතාවල නම් කිසිම පදනමක් නැහැ. ඉස්සරත් මත් ද්‍රව්‍ය තිබුනා. එත් මේ වගේ ඇල්ලුවේ නැහැ. තිබුන දේශපාලන මාෆියාව නිසා. දැන් රටේ මත් ද්‍රව්‍ය අල්ලනකොට එ්ක හරිම විනිවිද බාවයක් ඇතිව රටට හෙළිකරනවා. එ්ක දරාගන්න බැරි සමහරුන්ට මේවා පෙනෙන්නේ දැන් රට මතින් විනාශ වෙලා වගේ (නදී)

:       0       0

ශිරෝ Wednesday, 17 December 2014 05:49 AM

නපුරු කල්ලි ආරක්ෂා කරන අයව ගෙදර යවමු. එතකොට කල්ලි දියවෙනවා. (නදී)

:       0       0

වික්‍රම Wednesday, 17 December 2014 06:09 AM

මට දුක චම්පික මහත්තයා ගැන , ජාතික නායකත්වයක් සදහා යා හැකි ඔහුගේ දේශපාලන දිවිය විනාස කරනවා.(හේ)

:       0       0

කෝසල Wednesday, 17 December 2014 06:09 AM

මේ තුමා කියන කතාව ඇත්ත. හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ ඕකට ගොඩක් ගොදුරු වෙන්නේ අහිංසක මිනිස්සු (නදී)

:       0       0

සුමිත් Wednesday, 17 December 2014 06:13 AM

ඔබ තුමාට ජය , මිනිස්සුන්ගේ හෘද සාක්කියට කතා කරන්න ඔබතුමාට පුළුවන්. (නදී)

:       0       0

සමන්ති Wednesday, 17 December 2014 02:17 PM

පොඩ්ඩක් දාල ජාතිය ගැන දොඩවන අය අධිවේගී මාර්ගවලදී පොඩ්ඩක් දාල තමයි වාහන එලවන්නේ .බලත්‍රත් නැහැ .වාහන නොම්මරත් නැහැ . (අ)

:       0       0

අමල් Wednesday, 17 December 2014 06:17 AM

ඔබ තුමාගේ සද්භාවය සහ සිංහල තරුණ ජවය තුලින් බොදු ධාර්මික රටක් නැවත ගොඩ නගන්නට හැකි වේවා!(හේ)

:       0       0

පතිරණ Wednesday, 17 December 2014 06:36 AM

දැන් තිබේන පංච මහා බලවේග මේවා තමයි. එහෙත් සංවේදී නායකයා මේවා පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පෙනේ. අපි මෛත‍්‍රීපාල සමගයි!! (හේ)

:       0       0

සුගත් Wednesday, 17 December 2014 07:07 AM

වත්මන් රජයේ පංච මහා බලවේගය.(හේ)

:       0       0

ජීවන්ත Wednesday, 17 December 2014 07:37 AM

එතකොට ඇමති තුමා. ඔය අර සොළොස් බලවේගය ගැන ඔබතුමා මුකුත්ම කියන්නේ නැද්ද?(හේ)

:       0       0

අශාන් Wednesday, 17 December 2014 07:48 AM

ඉස්සර කට වහගෙන හිටියේ මොකද ?(හේ)

:       0       0

ඇසළ Wednesday, 17 December 2014 07:51 AM

පෙරහැර ගියාට පස්සේ කියල වැඩක් නැහැ.(හේ)

:       0       0

රුමින්ද Wednesday, 17 December 2014 08:12 AM

ඔබට සුබ පතනවා. ඔබේ සිංහලයක් විදියට ඉදිරියට යන්න ඕනි. ඔබ සමග අපි සිටිනවා.(හේ)

:       0       0

ගමගේ Wednesday, 17 December 2014 08:14 AM

දැන් සිගරට් අලෙවිය හොඳටම පහළ බැහැලා කියලා ඔබ තුමා පිළිගන්නේ නැද්ද? බීපු මිනිස්සු පාරේ තොටේ දකින්නවත් නැති බව සහ බීලා වාහන පදවන එක අවම වෙලා කියලා ඔබ තුමා පිළිගන්නවද? නීති හදලා ඒ ජයග්‍රහණ රටට ලබා දුන්නේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිද?(හේ)

:       0       0

චමින්ද Wednesday, 17 December 2014 08:36 AM

මට මෙහිදී බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ සුප‍්‍රකට කවියක් සිහිපත් වේ. එහි කොටසක් මෙසේය. ”දිනෙක මම ගින්නෙන් දැවෙන  ගෙයක් දිටිමි. ගිනි දලූ වහල තෙක් දික්විණ. වහා එතනට ගොස් බැලීමි. තවමත් එහි නිවැසියෝ සිටිති. දොර පියන් හැර දමා මෙසේ කතා කළෙමි ‘නිවස ගිනි ගෙන ඇත. වහා පිටතට එන්න.’ එහෙත් ඔවුන්ට ඉක්මනක් නැත. ඇහි බැම පවා දැවී යද්දී එකෙක් මෙසේ ඇසී ය. ‘ඇත්තෙන්ම පිටත කොයි වගේ ද? වැස්ස එහෙම පවතී ද? සුළඟ සැර ද? එහි අපට වෙනත් ගෙයක් තිබේ ද? ආදි කෙළවරක් නැති පැන විමැසිණ. මම ආපසු හැරුණෙ මි. මට සිතුණේ, පැන අසා නිම කරන්නට පෙර ඔවුනට ගින්නේ මිය යාමට වුවමනා බවයි. සැබැවින්ම පින්වත්නි, පොළොව ගිනි ගෙන දෙපතුල් දැවෙන තුරු එතැනින් බැහැරවීමට නොසිතන්නේ නම් එවැන්නෙකුට කීමට බණක්  මට නැත්තේ මැයි.” (පරිවර්තනය එස් ජී පුංචිහේවා) (නදී)

:       0       0

සිසිර පැරිස් Wednesday, 17 December 2014 08:36 AM

දැන්ද කියන්නේ, කියක් සිංගප්පුරුවේදී ලැබුනද ? (නදී)

:       0       0

චින්තක Wednesday, 17 December 2014 08:39 AM

ප‍ාර හැදුවට පාරේ යන අය යටකරගෙන වාහන යනවා. පාරයටින් මාරු වෙන්න හදන්න ඕනා. අලුත් පාරවල් හැදෙන්න ඕනා. එතකොට තමයි තදබදය අඩුවෙන්නේ (නදී)

:       0       0

සාලිය Wednesday, 17 December 2014 09:30 AM

ගමගේ මහතාණනි, ඕවා පේන්න නැති වුනාට ඕන තරම් වෙනවා.දැන් තරුණයෝ එළිපිට සිගරට් බොන්නේ නෑ. නමුත් කඩයක්, හෝටලයක් අස්සට ගිහිල්ලා බලන්න පොඩ්ඩක්. මම මේ ලඟදි බාර් එකක් ගාව හිටියා. දැන් බාර් එකට කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඇවිත් මත්පැන් අරන් යන්නේ.(හේ)

:       0       0

කිර්ති Wednesday, 17 December 2014 09:48 AM

ඔබතුමා මොකද මේ නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ ?(හේ)

:       0       0

සමන් කටාර් Wednesday, 17 December 2014 10:28 AM

මෙතුමා තමා ඊළඟට අපේ රටේ රාජ්‍ය නායකයා. මෙතුමා සතපහක් වත් හොරකම් නොකරපු ප්‍රතිපත්ති ගරුක එඩිතර නායකයෙක්. බොදු බලේ උන්න තරුණයෝ එක හඬින් කිව්වා මෙතුමාව අනුගමනය කරන්න කියල බොදු බලයට. (නදී)

:       0       0

රෝහන Wednesday, 17 December 2014 10:33 AM

ඇත්තටම නියම සිංහලයක්‍ ඹබ.(හේ)

:       0       0

සමිඳු සහන් Wednesday, 17 December 2014 10:38 AM

කලින් ආණ්ඩුවලත් කුඩු මාමලා හිටියා. එ්ත් කවුරුත් කතා කෙරුවේ නම් නැහැ. ඒකට හේතුව එදා ඒවා රාජ්‍ය බලපෑම නිසා ඇල්ලුවේ නැති නිසයි. අද එහෙමද.? අද එතනෝල් කුඩු මේ හැම දෙයක්ම අල්ලනවා. ආණ්ඩුවේ අනු දැනුම ඇතිව මේවා කරනවා නම් අද හෙරොයින් අල්ලන්නේ ඇයි? එදාට වඩා දක්ෂ විදිහට වහන්න ඉඩ තිබුණනේ. යමක පදනමක් ඇතිව කතා කල යුතුයි කියා මම හිතනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 569 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 63 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 440 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 536 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 718 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1012 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25414 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site