ලෝක ජනමාධ්‍ය දිනය අදයි. ඒ නිමිත්තෙන් කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සංනිවේදන අධ්‍යයන අංශය සංවිධානය කළ ‘නොබියව කතා කරන්න.සියලු මාධ්‍යයන්ගේ ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂිත කරමු‘ මැයෙන් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් අද එම විශ්ව විද්‍යාලයය ඉදිරිපිටන් ඇරැඹීය.
කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මාහාචාර්ය මාපා තිලකරත්න මහතා එහි ප්‍රථම අත්සන තැබීය.
ලෝක ජනමාධ්‍ය දිනයට සමගාමීට ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේද අද වැඩමුළුවක් පැවැත්විණි.
(කැලණිය විශ්ව විද්‍යාලයයේදී - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘නොබියව කතා කරනු‘
පාර්වතී Friday, 03 May 2013 01:10 PM
අනේ කතාවට ඔහොම කිවුවට වැඩේ කරන්න ගියාමනේ ප්‍රශ්නේ. විරුද්ධව කතා කළොත් ද්‍රෝහියෝ. පක්ෂව කතා කලොත් දේශ හිතෛශියෝ (නි)
රූපා Friday, 03 May 2013 01:11 PM
ලංකාවේ විකල්ප අදහස් දැරීම මරණයට හේතුවක් වේ. (නි)
රාණි Friday, 03 May 2013 01:12 PM
නමට නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකි. (නි)
හේරත් Friday, 03 May 2013 07:21 PM
එසේම පනින්න පෙර සිතා බලනු. (නි)
නන්දන Friday, 03 May 2013 01:15 PM
පහුගිය අවුරුද්දේ මාධ්‍යවේදීන් 6 දෙනෙක් මරලා, ප්‍රහාර 17 වෙලා. හැබැයි නමට අපි උතුම්. (නි)
සුදීර Friday, 03 May 2013 01:16 PM
විකල්ප අදහස් දැරීම රටට අහිතකරයි කියන්නේ මොන තර්ක අනුවද? කෙනෙක්ට ඕනෑම අදහසක් දැරීමට අයිතියක් ඇත. එය රටට අහිතකරනම් ඒ සදහා උසාවි ඇත. (ත)
අපොන්සු Friday, 03 May 2013 01:27 PM
අර අහවල් පවුල ගැන හැර අනිත් ඕනෑම කෙනෙක් ගැන බය නැතිව කතා කරන්න. (නි)
ගාමිණී-සිරි Friday, 03 May 2013 01:27 PM
කතා කරමු ! කතා කරමු ! නොබියව කතා කරමු! මැරයන්ගෙන් ගුටි කයි, කැමරාව නැතුව යයි , වීඩියෝ ලට ගලවා ගනී. සුදු වෑන් පැමිණෙයි.... (නි)
අනුර Friday, 03 May 2013 01:57 PM
ඇයි ජීවත් වුණා ඇතිද ? (නි)
ජෝයි Friday, 03 May 2013 08:19 PM
ලංකාව ලොව මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රටවලින් එකකි. (නි)
ශාන් Friday, 03 May 2013 02:10 PM
අපේ රටේ ඕවා බැහැ (නි)
අසංක Friday, 03 May 2013 02:31 PM
නිදහස් මාධ්‍ය ගැන කථා කරන කැලණිය සන්නිවේදන අංශයේ හිටපු අය දැන් කොහේද ඉන්නේ කියලාත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි (නි)
අමිල Wednesday, 08 May 2013 12:28 PM
අපිට මෙහෙම කරන්න පුළුවන් නම් හොදයි. හැබැයි ලංකාවේ නම් නෙමෙයි (නි)
හුසේන්-රියාද් Friday, 03 May 2013 03:52 PM
ඔහොම කතා කරන්න ගිහිල්ලා තමයි අසාද් සාලි මහා උළු ගෙදරට ගියේ. ඕව ලංකාවේ බැහැ නිකන් මරුන් කන්නේ නැතිව කට පියන් ඉන්න.(නදී)
හේරත් Friday, 03 May 2013 11:36 PM
නොබියව කතා කරනු. දත් දොස්තර මග බලා සිටියි. (නි)
දිස්නා Wednesday, 08 May 2013 10:23 PM
නොබියව කතා කරන එක ලංකාවේ තියෙන දේශපාලනයත් එක්ක කරන්න හරිම අමාරුයි (නි)
නෙතුමි Friday, 03 May 2013 04:49 PM
අපේ රටේ වර්තමානය වෙනකොට ඍජුව කතාකිරීමේ අයිතිය සෑහෙන දුරකට පටු වී හමාරයි. අදහස් එලියට එන්නට මත්තෙන්ම කී දෙනෙක්ගේ ජීවිත නැතිකර ඇද්ද? මෙය රටක ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමේ විතරක් නොවේ රටක පරිහානියේත් මුල් පියවරකි. (නි)
කුමාරි Wednesday, 08 May 2013 10:23 PM
ඒක ලංකාවේ කරන්න හරිම අමාරුයි (නි)
මනෝහරන් Saturday, 04 May 2013 03:50 AM
කව්ද ජුලිඅස් පුචික් කියන්නේ මැයි දිනේට එහෙම කෙනෙක් අදාල නැද්ද ?(නදී)
මා. උපරතන හිමි Friday, 03 May 2013 05:46 PM
නොබියව කතාකරනු මරණ සහතිකයද ලියා ගනු! (නි)
රකිත් Friday, 03 May 2013 12:19 PM
නොබියව කතා කරනු, කොයි මොහොතේ හෝ අතුරුදහන් වීමට සුදානමින්.(නදී)
මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Friday, 03 May 2013 12:20 PM
නොබියව කතා කරනු, නොබියව කතා කල අසාද් සාලි අද ඇතුලේ. හෙට කව්ද දන්නේ නැහැ.(නදී)
ඉෂාර Friday, 03 May 2013 12:29 PM
නොබියව කතා කරන එක නම් මහ දෙයක් නෙමෙයි. වැන් වල යන්න වෙන එකයි ප්‍රශ්නෙ. (නි)
චතුල වෙරෝනා Friday, 03 May 2013 12:34 PM
නොබියව කතාකරමු... ඒක නම් මැරෙනකන්වත් කෙරෙන්නෙ නැති වැඩක් ලංකාවෙ (නි)
වරුණ Friday, 03 May 2013 12:37 PM
ඕව කතා කරන්න ගිහින් සුදු වෑන් 1ක තමා යන්න වෙන්නේ. (නි)
ඩී. උපුල් Friday, 03 May 2013 12:45 PM
අපේ රටේ පාට පාට මාධ්‍යවේදීන් ගැන අපට දුකයි. මාධ්‍ය පෙනී සිටිය යුත්තේ ජනතාව වෙනුවෙන් මිස දේශපාලකයාගේ කුණු හෝදන්න නෙමෙයි. අපට අවශ්‍යය ස්වාධීන මාධ්‍යයක්. (නි)
උදාර Friday, 03 May 2013 12:51 PM
නොබියව කතා කරනු. හෙට ගුටි කනු. (නි)
උපාලි Friday, 03 May 2013 12:57 PM
ඉතාම විශිෂ්ට කාර්යයක්. මෙය අදට පමණක් සීමා නොකොට දිගටම ගෙනයාමට යාපා මැතිතුමන්ටත් කැලණිය විශ්ව විද්‍යාලයටත් ශක්තිය ධෛර්යය ලැබේවා. බුද්ධි කෙන්ද්‍රයකින් විය යුත්තේ මෙවැනි දේයි. (නි)
නිමල් Friday, 03 May 2013 01:03 PM
මේ මහත්තයාට පුළුවන්ද බය නැතුව අපි දෙන මාතෘකාව ගැන කථා කරන්න? (නි)
චූලා Friday, 03 May 2013 01:07 PM
නොබියව කතා කර සුදු වෑන් එකෙන් යමු. (නි)
සුපුන් Friday, 03 May 2013 01:08 PM
ලංකාව මාධ්‍යවේදින්ට ලොව අනතුරුදායකම රටවල් වලින් එකක්. ඉතින් කොහොමද නොබියව කතාකරන්නේ. (නි)
සුබසිංහ Friday, 03 May 2013 01:09 PM
නොබියව කතා කරන්ට ගිහින් දැන් කී දෙනෙක් පරලොව ගියාද මහත්තයෝ? (නි)