'දෙරණ' ඩ්‍රීම්ස්ටාර්හි දෙවන අදියරේදී ඔබ හඳුනාගන්නා ඇය මේ වනවිට කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය. ඇගේ නවතම ගීතයේ රූප රචනාව එළිදැක්වීම නියමිතව ඇත. ඇය නිමන්ති චමෝදනීය.
මුලින්ම ඔබේ නවතම ගීතය ගැන කතා කරමු?
මගේ නවතම ගීතය තමයි "හිමිනැතත් මට ඔබේ සෙනෙහෙ" ගීතය. මෙහි රූප රචනාව මෙම මසදී ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. මේ ගීතයේ පද රචනය සිදුකළේ චේතිය ලක්ෂාන්. මෙය මේ පවතින රැල්ලට යන ගීතයක්. මම එහෙම ගීතයක් මේ වනතුරු නිර්මාණය කළේ නැහැ. ඒ නිසා තමයි මම මේ ගීතයට දායක වුණේ. ගායිකාවක් ලෙස විවිධ ශෛලීන් අනුගමනය කරන්න ඕන. මම ඒ නිසා තමයි මෙවැනි නිර්මාණයකට දායක වුණේ.
මීට පෙර සිදුකළ ගී නිර්මාණවලට ලැබුණ ප්‍රතිචාර ගැන කතා කළොත්?
මගේ පළවෙනි ගීතය ශ්‍රාස්ත්‍රීය ගීතයක්. ඒක මගේ "හීනපුරා පේන" කියන ගීතය. පසුව "රෝස කතන්දර" කියන ගීතයෙ පද රචනාව ගතහොත් ව්‍යංගාර්ථ සහ සාහිත්‍යය මුසු වුණ නිර්මාණයක්. මගේ නවතම ගීතයට මේ ගීතවලට වඩා ප්‍රතිචාර තිබෙනවා. නමුත් සංගීතය පිළිබඳ උනන්දුවෙන සුභාවිත ගීතය අගය කරන පිරිසක් පෙර නිර්මාණවලට ඉන්නවා.
නිමන්ති සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ රියලිටි තරගයකින්, දැන් නිර්මාණය කරන ගීත ප්‍රචාරය කරන්න මාධ්‍ය‘යෙන් ලැබෙන දායකත්වය ගැන සඳහන් කළොත්?
සමහර නාළිකාවලට ගීතයක් ප්‍රචාරය කරන්න මුදල් ලබාදෙන්න සිදුවෙනවා. ඒ වගේම හොඳ නිර්මාණයක් භාර ගන්නත් මාධ්‍ය ඉදිරිපත් වෙනවා. ඒ සහයෝගය ලැබෙනවා. මම මුදල් ලබාදීලා ගීත ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කතා කරන්න කැමති නැහැ.
ඉදිරි වැඩ කටයුතු සහ මතක් කළ යුතු අය ගැන සඳහන් කළොත්?
ඉදිරියේදී හොඳ ගී නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත් නිපුන් විභාගය සඳහා සූදානම් වෙනවා. චේතිය ලක්ෂාන් විශේෂයෙන් මතක් කළ යුතුයි. B+ ආයතනය, ඩ්‍රීම්ස්ටාර් තරගයේ මේ දක්වා සිටි රසික රසිකාවියන් මතක් කළ යුතුයි. ඒ වගේම මට මේ දක්වා උදව් කළ සියලු දෙනාවම මතක් කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.
රංගන මධුසංක
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිමන්තිගේ 'හිමිනැතත් මට ඔබේ සෙනෙහෙ' එළිදකියි