IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නම්බුකාර රියදුරු බලපත්‍රයක් එයි

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත ජාත්‍යන්තර රියදුරු බලපතක් බවට නුදුරු කාලයේදී පත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

‘එසේ වන්නේ වියානා ජාත්‍යන්තර සම්මුතියට අනුව මාර්ග සංඥා මාර්ග නීති ආදිය ඇතුළත් ගැසට් පත්‍රය ළඟදීම එළි දැක්වීමත් සමගය. එවිට අපේ ගමන් බලපත ඉබේම ජාත්‍යන්තර ගමන් බලපතක් බවට පත්වනු ඇත.‘

ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ එකඟතාවයකට අනුව මෙය සිදුවෙයි.

 

 

 



අදහස් (0)

නම්බුකාර රියදුරු බලපත්‍රයක් එයි

ජනහිත Thursday, 30 April 2015 10:48 PM

ඔය හැම කෙනෙකුටම බලපත්‍රය නම් තියනවා.ඒත් පාරේ යනකොට තමයි බලපත්‍රය අනුවද පදවන්නේ කියලා හිතෙන්නේ. මොකුත් ඕනෑ නැහැ. ඔය පුද්ගලික බස් රියදුරෝ බස් එක එළවන්නේ නලාවෙන්නේ.වාහනය පාරට දාගන්න කොච්චර වෙලා ඉන්න ඕනෑද? (නි)

:       0       0

කල්‍යාණි ජයවික්‍රම Thursday, 30 April 2015 03:57 AM

මත්වතුර බීලාද කියලා දැනගන්න ක්‍රමයක් ඒකට යොදන්න (බ)

:       0       0

මදුමින්දක Wednesday, 29 April 2015 10:10 AM

ඇත්තටම මේක හොඳ වැඩක්. අපේ රියදුරන් බොහොමයකට හරි පුහුණුවක් විනයක් නෑ. මුලින්ම කරන්න ඕන හරි පුහුණුවක් වගේම විනයක් ලබාදීමයි. රියදුරු පුහුණුවව දෙන ආයතනවල ගුණාත්මක බව ගැන සැලකීමත් විය යුතුය. සමහර අය අනිත් අය ගැන හිතන්නේ නැතිකමකුත් සමග බොරු මාන්නයකුත් තියෙනවා. (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 29 April 2015 11:00 AM

ශ්‍රි ලංකාවේ රියදුරු බලපත්‍රයකින් පිටරටවලදී වාහන පැදවීමට පෙර එරට මාර්ග නීති රීති ගැන පරීක්ෂණයකින් සමත් විය යුතුයි. ඉංග්‍රීසි භාෂාව නොදන්නා, පාවිච්චි නොකරන රටකට ගියොත් ශ්‍රී ලාංකිකයන් මෙවැනි දේ කරන්නේ කොහොමද? මාර්ග අනතුරක් වුන විටක අපේ රටේ වගේ පොලිසියට දන්වන්නේ නැහැ. ලේ සැලීමක් සිදු වුනොත් පමණයි අපි හදිසි සේවා අමතන්නේ. හැම වාහනයකම තිබෙනවා අනතුරක් සිදුවු විට දෙපක්ෂය විසින් (සහයෝගයෙන්) පුරවා, තමන්ගේ රක්ෂණ සමාගම් වලට යැවිය යුතු ප්‍රශ්න පත්‍රයක්. මෙවැනි දේවල් ශ්‍රී ලංකාවෙත් තියෙනවද? (බ)

:       0       0

උදය Tuesday, 28 April 2015 08:12 AM

විදේශ රැකියාවේ යෙදෙන අපිට බොහොම වැදගත් පණිවිඩයක්. මෙය ඉක්මනටම ක්‍රියාත්මක වේවා (අ)

:       0       0

ඉන්දික Tuesday, 28 April 2015 08:12 AM

මේක නම් ඉතා වටිනා දෙයක්. නමුත් පගා වලට දෙන බලපත්‍ර වලට කරුණා කරලා දැඩි නීති රීති පනවන්න. (අ)

:       0       0

ධම්ම Tuesday, 28 April 2015 08:18 AM

නම්බුකාර රියදුරු බලපත්‍රය නම්බුකාර අයුරින් නිකුත් කිරීමටත්, ලබා ගැනීමටත් ප්‍රතිපාදන සැලසිය යුතුයි. (ම)

:       0       0

පුෂ්පා Tuesday, 28 April 2015 08:27 AM

ගැසට් වලින් එලවන්න පුරුදු කරන්න බැහැ. ඔය ලර්නර්ස් කාරයෝ ටික පන්නල දානකම් ඕක හරියන්නේ නැහැ. (බ)

:       0       0

චමිල-පානදුර Tuesday, 28 April 2015 08:30 AM

ඉතාම හොද වැඩ පිළිවෙලක් . සාර්ථකම වේවා !!! (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 28 April 2015 08:32 AM

ඇති යාන්තන් ..දැන්වත් පිළිවෙලකට යයි (බ)

:       0       0

පුබුදු Tuesday, 28 April 2015 08:35 AM

දැනට තියන එකත් නම්බුකාරයි. මෙහෙම එකක් ආවත් එ්කෙන් වෙනත් රටවල ඩ්‍රයිව් කරන්න බැහැ මම දන්නා විදියට. (බ)

:       0       0

මාටින් Tuesday, 28 April 2015 08:39 AM

එහෙම ජාත්‍යන්තර රියදුරු බලපත් හැදෙන්නේ නෑ ඉබේම මම දන්නා විදියට ඒ ඒ රටවල්වල අදාල අධිකාරියට සල්ලි ගෙවල, අදාල ක්‍රමවේදයක් අනුව කටයුතු කළාම තමයි එහෙම ජාත්‍යන්තර බලපත්‍රයක් ගන්න පුළුවන්. මෙහෙ අයට තීරණය කරන්න බැහැ ජාත්‍යන්තර රියදුරු බලපතක්ද නැද්ද කියල..(බ)

:       0       0

අසේල තරංග Tuesday, 28 April 2015 09:15 AM

කොමසාරිස් තුමනි. දැනට තිබෙන ක්‍රමය යටතේ විදෙස් ගතව රැකියාව කරන අයට ඔවුන්ගේ නිවාඩු කාලය තුළ රියදුරු බලපතක් ලබාගත නොහැකිය. මන්ද විභාගය ට පෙනිසිට මස 3 කින් පසුව දිනක පැදවීමට හැකිය යන පරීක්ෂණය පැවැත්වීම සහ වසර එකහමාර කින් එය අවලංගු වන නිසා. එතෙර රැකියා කරන බොහෝ දෙනෙකුගේ සේවාකාලය වසර දෙකක් සහ මස 3 ක් තරම් කාලයක් නිවාඩු ලබා ගත නොහැකි වීම නිසා ම ඇතුළු බොහෝදෙනෙක් මේ ගැටලුවට මුහුණ දී ඇති බව පෙන්වාදෙමි .(හේ)

:       0       0

ජෙහාන් Tuesday, 28 April 2015 09:18 AM

නම්බුව පේන්නේ හරිහැටි පුහුණුවක් නැති අයට අත යටින් රියදුරු බලපත්‍ර දීලා හැම තැනම හප්පා ගෙන යනකොට . (හේ)

:       0       0

සම්පත් Tuesday, 28 April 2015 09:21 AM

මම පිටරට වැඩ කරන්නේ අපිට ගොඩක් හොදයි.(හේ)

:       0       0

ලසන්ත Tuesday, 28 April 2015 09:59 AM

ඩුබායි වලින් ගන්න රියදුරු බලපත ජාත්‍යන්තර රියදුරු බලපතක් ලෙස පිළිගෙන තිබෙනවා.(හේ)

:       0       0

ටෙනිසන් Tuesday, 28 April 2015 10:07 AM

ඉක්මනට වෙනවා නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

ශාන් Wednesday, 29 April 2015 04:55 AM

හොඳ වැඩපිළිවෙළක් (බ)

:       0       0

නිශාන් Tuesday, 28 April 2015 10:10 AM

මමත් හිතන්නේ මාටින් කියන එකේ ඇත්තක් ඇති කියලා (බ)

:       0       0

රෝහිත Tuesday, 28 April 2015 10:15 AM

ලංකාවෙන් නිකුත් කරපු ඉන්ටනැෂනල් ලයිසන් එකවත් මේ රටවල පිළිගන්නේ නැහැ.(බ)

:       0       0

දිව්‍යා Thursday, 30 April 2015 12:08 AM

අනේ අපි රවටන තරම්....! (නි)

:       0       0

සෙනරත් Tuesday, 28 April 2015 01:31 PM

ඔය රියදුරු බලපත්‍රය තියෙන ගොඩක් අයට වාහන එලවන්න බෑ. එ්කට හේතුව හරි පුහුණුවක් නැතිකම. ඉතින් කොහොමද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 82 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1932 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2250 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2944 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site