IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නොමැරී බේරී සල්ලි මල්ලක් දිනයි

ඇමෙරිකාවේ  සී.බී.එස්  රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ''සර්වයිවර්''  නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට  සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින්  ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් අද අලුයම දිවයිනට පැමිණියහ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ  පර්යන්තයේදී ඔවුහු උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

නටාලි ඇන්ඩර්සන් සහ නාදියා ඇන්ඩර්සන් නම් වු මෙම ශ්‍රී ලංකික නිවුන් සහෝදරියන් දෙදෙනාම මෙම රියලිටි තරගයට ඉදිරිපත් වු  අතර නාදියාට තරගාවලියේ මුල් අවස්ථාවේදීම ඉන් ඉවත්වීමට සිදු විය.  එහෙත්  දින 39 තිස්සේ විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් එම රියලිටි තරගය  ජයගැනීමට නටාලි ඇන්ඩර්සන්ට හැකිවිය.

එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබුණු බව ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසු අතර ඉන් විශාල මුදලක් ශ්‍රී ලාංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවද කීවාය.

ශ්‍රී ලංකාවට බොහෝ ආදරය කරන බව කියන මෙම නිවුන් සොයුරියෝ තම දෑත් වල වැලමිටට පහතින් ශ්‍රී ලංකා සිතියම පච්චා කොටා ඇති අයුරුද පෙන්වුහ.  

නටාලි සහ නාදියා යන දෙදෙනාම ඇමරිකාවේ  කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉපදී ඇති අතර පසුව ඔවුන් වයස අවුරුදු 3 දී පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. යළි ඔවුන් වයස අවුරුදු 10 යේදී පමණ යළි දෙමව්පියන් සමග ඇමරිකාවට ගොස් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇත.

නටාලි මේ වන විට  ව්‍යාපාර කළමනාකරණය පිළිබද උපාධියක් ලබා සිටින්නීය.  අතර ඇය භෞත චිකිත්සාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලබන යුවතියකි.  නාදියා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා සිටින්නීය. ඇය ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක් ලෙස රැකියාව කරයි.

කුඩා කල සිටම  දුෂ්කර රියලිටි වැඩසටහන් ගැන උන්නදුවක් දක්වා ඇති මෙම අපුරු නිවුන් සොහොයුරියෝ 2012 වසරේදීද  ‘ඇමේසින් රේස්‘ යන වැඩසටහනටද සහභාගී වී ඇති අතර පසුව 2014 දී  පැවැත්වු ‘‘සර්වයිවර්‘‘ තරගාවලියෙන්  මෙම කිරුළ හිමිකර ගැනීමට සමත් විය.

තම ජයග්‍රහණය පිළිබදව අදහස් දැක්වු නටාලි ඇන්ඩර්සන් ගුවන්තොටුපලේදී  මෙසේ පැවසුවාය.

''මම ලංකාවට ආවේ අවුරුදු 3 කට පස්සේ. මේ වනකොට ඇමරිකාව  ''සර්වයිවර්'' වැඩසටහන් 30 ක් පවත්වලා තියෙනවා.  මෙවැනි තරගයක් ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ පළවෙනි කෙල්ල මම.  ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් සහයෝගය දුන්නා.

මේක අමුතුම රියලටි තරගයක්.  ''සර්වයිවර්'' කියන්නේ කෙනෙකුට සහභාගී වී පහසුවෙන් ජයගන්න පුලූවන් තරගයක් නෙමෙයි.  තමන්ගේ  ජීවිතය ආරක්ෂා කරගනිමින් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත් කරන්න වෙනවා.   උපද්‍රව ගණනාවකට මුහුණ දෙමින්  ජීවිතය නොනැසී ගලවා ගන්නට සමත් වන තැනැත්තාට තමයි  ''සර්වයිවර්'' කිරුළ හිමිවන්නේ.

මෙම තරගාවලියේදී අපිට නිකරුගුවාව කියන දුපතේ ඉතාමත් දුෂ්කර පැත්තකට ගිහින් දැම්මා. දින 39 ක් ඒ දුපතේ ජීවත්වෙන්න වුණා. අපේ ලංකාවේදි අපි පුංචි කාලෙදි ජීවත් වුන හැටි මතක නිසා ගොඩක් දුෂ්කර අභියෝග ජයගන්න පුලූවන් උනා.

ආහාර, ජලය, ගින්දර හෝ හිසට සෙවනක් නැහැ.  මුලික අවශ්‍යතා කිසි දෙයක් එහි  නැහැ.   අපි ඒවා කොහොම හරි සපයා ගන්න ඕනෑ.  ඒ සියලු අවශ්‍යතා සපයාගෙන විවිධ දුෂ්කරතා මැඩ පවත්වාගෙන ලකනු ලබා ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි.

තුවාලයක් හෝ වෙනයම් ආපදාවක් සිදු වුණොත් තරගයෙන් ඉවත්වෙන්න සිදුවෙනවා.
ගින්දර අපි හදාගන්න ඕනේ. හාල් ගෝනියක්, ලුනු පැකට් එකක් සහ ධාන්‍ය වර්ගයක් දෙනවා. අපි මාළු අල්ලගෙන කන්න ඕනේ. මම තමයි හොදටම මාළු ඇල්ලූවේ. ගොඩක් අය මාව අනුකරණය කළා. ගින්දර හදාගන්න හැටි මට හොදට පුලූවන් වුණා.

දවසක් අපිට බඩ ගිනි හැදුනා.  එහි සියඹලා ගහක් තිබුනා. කවුරුත් සියඹලා කන හැටි දන්නේ නැහැ. නමුත් අපිට ලංකාවේ අත්දැකීම් තිබුනා. මම සියඹලා කරල පොතු ඉවත් කරලා අනිත් අයට කන හැටි කියලා දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් මට අනිත් අයටත් කියා දෙන්න හැකි වුණා.

 තරගකාරියන් 17 දෙනෙක් හිටියා. ලෝකයේ විවිධ දේවල් වලට ඉතා ප්‍රසිද්ධ අයත් එහි හිටියා.  මගේ නංගි නාදියාට දුෂ්කරකම දරාගන්න බැරි උනා. ඇය මුල්වටවලදිම අයින් උනා. නංගි අයින් උනාම මටත් අයින් වෙන්න හිතුනා. ඒත් නංගි මා දිරිමත් කළා. මම සියලු බාධක මැඩගෙන ඉදිරියටම ගිහින් ජයග්‍රහණය හිමිකරගත්තා.

මම ලංකාවට ගොඩක් ආදරෙයි. අපි එහෙ හිටියත් ලංකාව ගැන හිත හිත තමයි ජීවත් වෙන්නේ. මට ලැබුන මුදල් වලින් මම විශාල මුදලක් මේ රටේ දරුවන් වෙනුවෙන්  වැය කරන්නයි බලාපොරොත්තුව.

1 2 4 5 8 9 10

 

 



අදහස් (49)

නොමැරී බේරී සල්ලි මල්ලක් දිනයි

අබේරත්න -ටෝකියෝ Tuesday, 28 April 2015 03:24 PM

ඔබලා අපේ පුංචි රටට ආඩම්බරයක් . දළදා සමිදුගේ සරණ ලැබේවා! (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 28 April 2015 04:57 AM

හැදු වැඩූ මාපියන්ටත්, මේ පුංචි දිවයිනටත් මහා ආඩම්බරයක් වූ දිරිය දියණියනි ඔබට දිගායුස. (බ)

:       0       0

නිහාල් හෙට්ටිආරච්චි Tuesday, 28 April 2015 05:00 AM

ලක් දෙරණට ජය ලබාදුන් ඔබ දෙපළට මගේ උත්තමාචාරය හරිම ආඩම්බරයි සොයුරාණනි. ඔබලාට ජයෙන් ජයම වේවා ! (බ)

:       0       0

අතුල Tuesday, 28 April 2015 05:05 AM

ජය වේවා ! සුභ පැතුම්! (දිල්)

:       0       0

දිමුතු Tuesday, 28 April 2015 05:09 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

දිල්ශානි Tuesday, 28 April 2015 05:12 AM

ඔබ අපිට හරි ආඩම්බරයක් ඔබට සුභ පැතුම් (දිල්)

:       0       0

ජයරත්න Tuesday, 28 April 2015 05:15 AM

දරුවනේ නුඹලා ජාතික වීරවරින් හැටියටයි මම නම් සලකන්නෙ. මොකද නුඹලා ඇත්තටම තමන්ගෙ මව්බිමට ආදරය කරන දරුවන් නිසා. නුඹලාට යහපතක්ම වේවා.ඒ වගේම ලැබුණු මුදල හැම සතයක්ම අරපරිස්සමින් වියදම් කිරීමට සිතට ගන්න.(දිල්)

:       0       0

අරුණ Tuesday, 28 April 2015 05:16 AM

අපේ උත්තමාචාරය ! (දිල්)

:       0       0

ලක්මාල් Tuesday, 28 April 2015 05:18 AM

අපේ ප්‍රසංශාව, ලංකාවේ නම තියා ලක්දෙරණට කීර්තියක් දුන් ඔබ දෙපළට! (නි)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 05:19 AM

සුජාත දියණියන්! (නි)

:       0       0

අරුණ Tuesday, 28 April 2015 05:20 AM

අපේ යකඩ දෝණිලට, ශ්‍රී ලාංකික උත්තමාචාරය! (නි)

:       0       0

සිරියලතා Tuesday, 28 April 2015 05:34 PM

දුවේ, ඔයා අපේ පුංචි ලක්බිමට වාසනාවන්! ඔයාගේ දෙමාපියන්ට වගේම අපිටත් ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි. ඔයා ඒ ලැබුණු මුදල් වලින් කරන්න යන දේ අපි ගොඩාක් අගය කරනවා. ඔයාගෙ මුලු ජීවිත කාලෙම ජයෙන් ජයම වේවා! ඔයාලා දෙන්නටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි! බුදු සරණයි! (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 28 April 2015 05:27 AM

වෙන රටකදී නම් මැයට අනිවාර්යෙන්ම රටේ හමුදාවේ පුහුණු කිරීමේ උසස් නිලයක් ලැබෙනවා. ඒත් මෙහෙ එහෙම වෙන්නේ නැතිවෙයි. (නි)

:       0       0

සංගීත් Tuesday, 28 April 2015 05:28 AM

හරිම ආඩම්බරයි! (නි)

:       0       0

කුමාරි Tuesday, 28 April 2015 05:32 AM

මගේ සුභ පැතුම්! මට හිතෙනවා ලංකාවේ සමහර පළාත් වල මිනිස්සු මීට වඩා දුෂ්කර ජීවිත ගතකරනවා කියලා (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 28 April 2015 05:34 AM

ඇමෙරිකාව ගැන කතා කරන්නවත් අකමැති අයට මෙන්න හොඳ උදාහරණයක්. (නි)

:       0       0

අනුර Tuesday, 28 April 2015 05:35 AM

අතේ ලංකාවේ පච්චයක් කොටා තිබෙන එක අගෞරවයක් නේද? (නි)

:       0       0

සුනිල් Tuesday, 28 April 2015 05:38 AM

ඔබ අපිට හරි ආඩම්බරයක්. ඔබට සුභ පැතුම්. ලක් දෙරණට ජය ලබාදුන් ඔබ දෙපළට මගේ උත්තමාචාරය! හරිම ආඩම්බරයි. (නි)

:       0       0

අනුර Tuesday, 28 April 2015 05:38 AM

ලංකාවේ සිතියම අතේ පච්ච කොටාගැනීම ලංකාවට අපහාස කිරීමක්. (නි)

:       0       0

Kalusayakkarage Sunil Tuesday, 28 April 2015 05:38 AM

ලක් දෙරණට ජය ලබාදුන් ඔබ දෙපළට මගේ උත්තමාචාරය හරිම ආඩම්බරයි.ජය වේවා ! සුභ පැතුම්

:       0       0

Kalusayakkarage Sunil Tuesday, 28 April 2015 05:38 AM

ජය වේවා ! සුභ පැතුම්

:       0       0

Osman Tuesday, 28 April 2015 05:43 AM

ඔබ අපිට හරි ආඩම්බරයක් ඔබට සුභ පැතුම් ඔස්මන් Kandy

:       0       0

Nishard Preena Tuesday, 28 April 2015 05:48 AM

බොහොම චාම් සහ නිහතමානී දියණියන් දෙදෙනක්. ඔබ දෙදෙනා අපේ රටේ සියලුම දියණියන්ට හොඳ ආදර්ශයක්. ඔබ දෙදෙනාට මගේ උණුසුම් සුබ පැතුම්, දියණියනි !!!

:       0       0

wasantha Tuesday, 28 April 2015 05:51 AM

හදවතින්ම් සුබපැතුම්. හරිම ආඩම්බරයක්. විදේශ රටවල ජිවත්වන තරුණ අයට ආදර්ශයක්. ජයවේව......!

:       0       0

සූරී Tuesday, 28 April 2015 05:56 AM

ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ඔබ දෙදෙනාට සුබ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 05:57 AM

සුජාත වීර දියණියන් (නි)

:       0       0

ගයාන් Tuesday, 28 April 2015 06:03 AM

මට චන්ද්‍රිකා කුමාරතුංග මතක් වුන. විමුක්තිත් එක්ක. (අ)

:       0       0

සුමිත් Tuesday, 28 April 2015 06:16 AM

ඔයා මගේ දුව වුණා නම් මම කොච්චර වාසනාවන්ත ද , ඔයාලව හැබැහින් දකින්න ඇත්නම් මම කොච්චර වාසනා වන්තද දුවෙයි (අ)

:       0       0

රොෂාන් දසිල්ව Tuesday, 28 April 2015 06:21 AM

ඔබ දෙපලටම මාගේ සුබ පැතුම්. ගොඩක් ස්තුතියි ලංකාවේ නම ඉදිරියට රැගෙන යනවට. ඉදිරියටත් එසේම කරන්න ගොඩක් වාසනාව ලැබේව ! බුදුසරණයි දෙවිපිහිටයි !(අ)

:       0       0

මෝහම්මෙඩ් Tuesday, 28 April 2015 06:21 AM

ඔබට අපේ උණුසුම් සුබපැතුම්. හරිම සන්තෝසයි (අ)

:       0       0

සමන්ත ලාල් කරුනාරත්න Tuesday, 28 April 2015 06:45 AM

මොහොම හොඳයි (අ)

:       0       0

මහේෂ මුතුකුඩ Tuesday, 28 April 2015 06:46 AM

බොහොම සංතෝෂයි. නමුත් නිකරගුවා දූපත තරමට ලංකාව දුෂ්කර නෑ (අ)

:       0       0

නිමේෂා Tuesday, 28 April 2015 06:48 AM

හොදට ඔය පච්චය බලන්න .. මොකක්ද තියන වෙනස (අ)

:       0       0

ජෙස්මි Tuesday, 28 April 2015 06:52 AM

ජය වේවා ශ්‍රී ලංකා මාතා (අ)

:       0       0

රෝයි Tuesday, 28 April 2015 06:53 AM

මේ ගොල්ලෝ දෙහිවල අපේ ගෙවල්ගාව හිටියේ,(අ)

:       0       0

සෑම් Tuesday, 28 April 2015 06:59 AM

ඔබලාට සුබ පැතුම්. මීට මාස හතරකට කලින් ලංකාවට ආවානම් අතේ පච්චේ නිසා ලංකාවට අවමන් කළා කියලා ආපසු හරවා යවන්නත් ඉඩ තිබුනා. (අ)

:       0       0

දයානාත් Tuesday, 28 April 2015 07:00 AM

හරිම ආඩම්බරයි. දරුවනේ ඔබලා මව්බිමට ආදරය කරන දරුවන්. ජාතික වීරවරියන් වන ඔබලා අපිට හරි ආඩම්බරයක්.ඔබලාට යහපතක්ම වේවා! (අ)

:       0       0

රන්ජිත් Tuesday, 28 April 2015 07:11 AM

ඇත්තටම හරිම ආඩම්බරයි දිරිය දියණියනි. සුභපැතුම්. ඔබලා කියලා තිබුනා දුප්පත් දරුවන්ට උදවුකරනවා කියලා.හොඳ අදහසක්. නමුත් ඒ වැඩේ ඔයගොල්ලොම කරන්න.. ඒ වැඩේට දේශපාලුවෝ එහෙම සහභාගිකරගන්න එපා.(හේ)

:       0       0

අනුර Tuesday, 28 April 2015 07:16 AM

බලන්න ශ්‍රී ලංකික හැගීම මට ලැබුන මුදල් වලින් මම විශාල මුදලක් මේ රටේ දරුවන් වෙනුවෙන් වැය කරන්නයි බලාපොරොත්තුව. කොයි තරම් උතුම් සිතුවිල්ලක්ද ?(හේ)

:       0       0

චම්පි Tuesday, 28 April 2015 07:44 AM

අපිට හරි ආඩම්බරයක් ඔබට සුභ පැතුම් (අ)

:       0       0

ම.බ.ඒකනායක Tuesday, 28 April 2015 07:45 AM

නව මගක යන අපේ රටට ඔබලා ගෙනා මේ ගෙරවය ඉතා විශිෂ්ඨයි (අ)

:       0       0

ජීවක Tuesday, 28 April 2015 07:49 AM

වහාම පච්ච කොටාගෙන ලංකාවට අපහාස නොකරනු! (අ)

:       0       0

ටානියා පෙරේරා Tuesday, 28 April 2015 07:55 AM

සුභපැතුම් (අ)

:       0       0

කසුන් Tuesday, 28 April 2015 09:14 AM

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවට ඔබලා ආඩම්බරයක්. (හේ)

:       0       0

රුවන් සිසිර Tuesday, 28 April 2015 09:53 AM

මගේ සුබ පැතුම් ගොඩක් ආදරේ ඔයාලට (ම)

:       0       0

ශාන්ත ගුනානන්දන Thursday, 21 May 2015 07:53 AM

හරිම ආඩම්බරයක් .(හේ)

:       0       0

අජිත් Tuesday, 28 April 2015 10:15 AM

ගොඩක් සතුටු වෙනවා ඔයාල ගැන...රටට ආදරේ කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ...මම ඉන්නේ කුවෙට් වල ,,මෙහෙ ඉන්න බොරු පොෂ් නංගිලට ඔයාල හොද ආදර්ශයක් ......ශ්‍රී ලංකාවට ජයගෙන දුන්නට හදවතින්ම ඔයාලට සුබ පතනවා .....අපේ රට වෙනුවෙන් තවත් ජයග්‍රහණ ලබාගන්න ධෛර්යය ලැබේවා...(බ)

:       0       0

සම්පත් බදුල්ල Tuesday, 28 April 2015 11:34 AM

ලංකාවේ අපි හැමෝටම ආඩම්බරයි (බ)

:       0       0

කැළුම් දයානි Tuesday, 28 April 2015 11:36 AM

ඔබ උපයාගත් මුදල දුප්පත් දරුවන්ට බෙදද්දි දේශපාලුවෝ ගාව ගන්න එපා ඔබට ජය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 175 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1048 3

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3740 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2887 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3366 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1477 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37896 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site