IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නාමල්ගේ ගැසට්ටුව ක්‍රියාත්මක වීම වළකයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලකාලමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය මේ මස 30 වැනිදා තෙක් බලපැවැත්වේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්. එම්. රිස්ලි ඉල්ලියාස් මහතා විසින් ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

සෝභිත කරුණාරත්න සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (13) මෙම නඩුව කැඳවිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර නම් කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකි.

බස්නාහිර පළාත් රග්බි සංගමය 2019 වසරේ වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම හේතුවෙන් එම සංගමයේ සාමාජිකත්වය අත්හිටුවීමට හිටපු ක්‍රීඩා  අමාත්‍යවරයා තීරණය කළ තිබූ බවත්, ඒ සමඟම බස්නාහිර පළාත් රග්බි සංගමය අදාළ හිඟ වාර්ෂික මුදල් ගෙවා රිසිට් පත්‍රයක් ද ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමෙන් සඳහන් කර ඇත.

එහෙත් කිසිදු නීතිමය උපදෙසක් නොතකා, නීතියට පටහැනිව වාර්ෂික මුදල් මුදල්ගෙවා තිබියදීත් පෙත්සම්කාර සංගමය සිය සාමාජිකත්වය අත්හිටුවා ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

මෙය නීතියට මෙන්ම ස්වභාව යුක්ති මූලධර්මයට පටහැනි බව සඳහන් කර ඇති පෙත්සම්කරු මෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර අදාළ ගැසට් නිවේදනය බලරහිත කර අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 



අදහස් (1)

නාමල්ගේ ගැසට්ටුව ක්‍රියාත්මක වීම වළකයි

Sunil Saturday, 14 May 2022 07:17 AM

තමන්ගේ දේශපාලනය බලය අයුතු ලෙස භාවිතා කළ කෙනෙකුගේ වැඩක්. දැන් ජනතාවට දැන් ජනතාවට මුහුණ දෙන්න නොහැකිව හැංගිලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 623 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1113 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 500 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1344 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 745 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3151 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site