IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නාමල්ගේ නඩුවට එෆ්සීඅයිඩියෙන් සාක්කි

ක්‍රිෂ් සමාගමෙන් ලබා දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ දී එෆ්.සී.අයි.ඩී. ය අද (8) අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

එහිදී  කාල්ටන් සුපර් නෙට්වර්ක් ආයතනයේ ගිණුම් සම්බන්ධව කටයුතු කරන සුජානි බෝගොල්ලාගමගෙන් ලබා ගත් ප්‍රකාශයකට අනූව එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් යැයි කියන රොනී ඒබ්‍රාහිම් හා රුක්ෂාන් ප්‍රනාන්දු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් 2012 හා 2013 වර්ෂ වලදී රගර් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව ද එෆ්.සී.අයි.ඩී. ය අධිකරණය හමුවේ කියා සිටියේය.

ක්‍රිෂ් සමාගමෙන් මුදල් ගෙන පුත්තලමේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට රුපියල් මිලියන 40 කට මිලටගත් බව කියන කකරුවන් ලෙස සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු 4 දෙනෙක් සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවද එෆ්.සී.අයි.ඩී. ය එහිදී සඳහන් කළේය.

මෙම නඩුව ඔක්තෝබර් 31 යළි කැඳවන ලෙස කොළඹ කොටුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

IMG_1916 IMG_1927 IMG_1934



අදහස් (0)

නාමල්ගේ නඩුවට එෆ්සීඅයිඩියෙන් සාක්කි

විකුම් Monday, 08 August 2016 05:40 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 08 August 2016 05:45 AM

දෙවියනි, ඇයි මේ නඩුව මෙතරම් දික්ගැහෙන්නේ? (නි)

:       0       0

ජයරත්න Monday, 08 August 2016 05:48 AM

මෙහෙම මාස දෙකෙන් දෙකට වාර්තා ඉදිරිපත් කර කර මේ නඩු අහල ඉවර වෙන කොට හොරකම් කරපු සල්ලි වියදම් කරලා ඉවරයි. මේවට විශේෂ අධිකරණයක් අවශ්‍යයි. (ම)

:       0       0

සිරි Monday, 08 August 2016 05:54 AM

මට පේන විදියට අවු.5.මේ විදියට ලිස්සලා යයි වගේ? (ම)

:       0       0

අමර Monday, 08 August 2016 06:03 AM

කවුරු නමුත් මහා මගෝඩි වැඩක් කරලා තියෙනවා. ගම්වල මිනිස්සුන්ට රස්සා නෑ කන්නත් නෑ මේ ගොල්ලෝ හොරකමේ. මාමගේ කඩේ ගාව තේ බීලා සෝෂල් මීඩියා දානවා. (බ)

:       0       0

රොහාන් පෙරේරා Monday, 08 August 2016 06:02 AM

විකුම් බලන් ඉන්නේ නීතිය ක්‍රියාත්මක නොවීමටද මහත්තයෝ සතුටු වෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන (බ)

:       0       0

වින්සන්ට් Monday, 08 August 2016 04:20 PM

රජයක් මහජනතාවගේ රජයක් කියන්නේ නොමැතිව "අපේ තාත්තගේ රජය" කීම අදටත් මෙතුමාගෙන් අසන්නට ඇත. ඒ අනුව අප්පච්චිගේ බුදලයේ අයිතිය ඔහු විසින් බුක්ති විඳ ඇත.(අ)

:       0       0

සුසන්ත Monday, 08 August 2016 06:33 AM

මේ රජයේ ආයතනයකට ලැබුන මුදලක් නොවේනේ. පෞද්ගලික ආයතනයකට ලැබුන මුදලක්. පෞද්ගලික ආයතනයකට ලැබුන මුදල් වියදම් කරන්නේ ඒ ආයතනය කැමති විදියට. ඉතින් එක අවභාවිතාවක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ගයාන් Monday, 08 August 2016 06:46 AM

මුන් අනුන්ගේ කුණු හොයා හොයා රස්තියාදු වෙනවා ,මුලින් තමන් පිරිසිදු වෙන්න ,අනුන්ගේ ඇසේ පොල් කෙන්ද පේනවා ,නමුත් තමන්ගේ ඇසේ පොල් පරාලය පෙන්නේ නැහැ (බ)

:       0       0

මොහාන් Monday, 08 August 2016 07:07 AM

සුසන්ත මහතාණනි, ඔබ දන්නා ප්‍රමාණය ගැන දුක්වෙමි. නියම ආකාරයෙන් ගනුදෙනුව සිදුවුණා නම් එම මුදල හිමිවිය යුත්තේ ලංකා ආණ්ඩුවට බව ඔබට නොතෙරේද? (නි)

:       0       0

වීරවර්ධන Monday, 08 August 2016 07:09 AM

නියම මොළකාරයෝ. පුංචි වුණාට වැඩ පුංචි නැහැ. හොඳ මොළයක් තියෙන ආර්ථික විශේෂඥයෝ. රට බාරදුන්නොත් නියමෙට දියුණු කරයි (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 08 August 2016 10:38 AM

ඔබගේ සැබෑ නායකත්වය රටට දුන්නනම් රටත් ඔබත් මෙවැනි තැනක නැහැ අධිකරණයට යාමට පෙර ඔබේ සිතට කතා කර අහන්න ඔබ නිවැරදි නායකත්වයක් දුන්නද කියල ඡන්දදායකයින් වන අපටනම් පෙනුන ඔබ කළ දේවල් මොන දේ කීවත් ඔබේ සිත දන්නවා ඇත්ත (බ)

:       0       0

රොහාන් Monday, 08 August 2016 08:06 AM

හොරකම් චෝදනා ලබලා අධිකරණයට ගිහිලා තව ලැජ්ජාවක් නැතුව අතත් වන වනා යනවා. විලිලැජ්ජාවේ බැහැ. (නි)

:       0       0

හෆීල් Monday, 08 August 2016 11:18 AM

මේවා වහන්න තමයි පාද යාත්‍රාව යන්නේ. (බ)

:       0       0

රොහාන් Monday, 08 August 2016 11:36 AM

ප්‍රියාන් අප්පල පුතාල එකතුවෙලා රටේ ජනතාවට කොකා පෙන්නුවේ ඔයාල වගේ අය නිසයි. ඕකට තමා කියන්නේ රෙදි නැතුව කඩේ යනවා කියලා (බ)

:       0       0

නිමල් Monday, 08 August 2016 11:48 AM

අපි බලමු ඔහොම ගිහින් ගිහින් මොකද වෙන්නේ කියලා.? (ර)

:       0       0

දහම් Monday, 08 August 2016 12:53 PM

මොකුත් වෙන්නේ නැහැ. මේවට ආණ්ඩුවේ, ඒ කියන්නේ අපේ සල්ලි වියදම් වෙන එක විතරයි. අන්තිමේදී කියයි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා විත්තිය නිදොස් කොට නිදහස් කරනවා කියලා. (ර)

:       0       0

ප්‍රියාන් Monday, 08 August 2016 09:16 AM

විලි ලැජ්ජාවයි ලැජ්ජාවයි තියෙන අය කරුණාකරලා ඇදුම් ඇදගන්න්න..නඩුව උසාවියෙන් අහවි..එතකම් කාටවත් ලේබල් අලවන්න යන්න එපා.. (ම)

:       0       0

ජොන්සන් Monday, 08 August 2016 09:14 AM

කොහොමද තාත්තලා පුතාල රට කාපු හැටි. (ම)

:       0       0

විජිත Monday, 08 August 2016 09:32 AM

මොහාන් සහ ජොන්සන් අනේ පවූ ඔයාගේ නායකයාගේ මුදලක් පරිත්‍යාග කලොත් ඔයා වියදම් කරපු විදිය කාටවත් කතා කළ නොහැක. මොවුන් එලෙස ලද මුදල ක්‍රීඩාවට වියදම් කිරිම සතුටක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 3 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 294 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 430 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 330 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1199 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1094 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site