පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ගිය රජය සමයේ ඔහු කළැයි කියන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාමල් අත්අඩංගුවට
තිලක්-ඩුබායි Monday, 11 July 2016 11:42 AM
කරුණාරත්න දිසානායක."දෙමාපියන්ගේ වැරදි නිසයි දරුවන් වැරැදි පාරේ යන්නේ "......."දෙමාපියන් වැරදි පාරේ ගිය නිසයි දරුවන් බියක් ,සැකයක් නැතිවම වැරැදි පාරේ යන්නේ ". (අ)
සොපි Monday, 11 July 2016 11:44 AM
ජනතාවට දැන් නම් මේවා විහිළු. (අ)
තිලක්-ඩුබායි Monday, 11 July 2016 11:45 AM
ඩී.රාජපක්ෂලා හොද මිනිස්සු හැටියට රටේ අසරණ මිනිසුන් අතර විරාජ මාන වුනේ ඉස්සර දැන් තරම් මාධ්‍ය සහ අන්තර්ජාලය දියුණුව නොතිබුන නිසයි. නැතිනම් එයාලත් හොදට රටට සේවය කරපු වුදවිය තමයි . (අ)
ටෙෂාන් Monday, 11 July 2016 08:19 AM
දැන් කියයිද දන්නේ නැහැ පළිගන්නවා කියලා (නි)
ශාන්ත Monday, 11 July 2016 08:26 AM
යහපාලනයට වෙන වැඩ නැහැනේ (නි)
නවුෆල් හරීඩ් Monday, 11 July 2016 08:33 AM
සියලු වත්කම් රාජසන්තක කර නිසි දඬුවම් ලබාදිය යුතුයි (බ)
ගැමුණු Wednesday, 13 July 2016 05:13 PM
දේශපාලන භූමිය සම්පුර්ණයෙන්ම වෙනස් කළයුතුයි. (නි)
වෙල්ගම Monday, 11 July 2016 08:36 AM
අත්අඩංගුවට ගන්නවා ඇප දෙනවා. හැමදාමත් මේ නාට්ටිය තමයි. අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයාට ඔය මුකුත්ම නෑ..(බ)
කේෂලා අමන්දා Monday, 11 July 2016 08:34 AM
නාමල් අයියට දැන් බේරිල්ලක් නෑ උඩ ඉන්න දෙවියෝ මේවා බලාගන්න ඕනේ අනේ (බ)
සිරි Monday, 11 July 2016 08:38 AM
අනුමානයක් නෑ ඉක්මනින් ඇප ලැබෙයි.....නඩුව අවුරුදු ගානක් ඇදෙන නිසා ඊට කලින් බලයට එනවානේ.... අවුලක් නෑ....(බ)
රෝහිත Monday, 11 July 2016 08:41 AM
මහින්ද මහත්තයව නැති කෙරුවේ මෙයා වගේ උදවිය ... මීට කලින් හිරේ ගියා නම් මහින්ද මහත්තයා අදටත් ජනාධිපති (බ)
ගැමුණු Thursday, 14 July 2016 08:20 PM
මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ හොරු අල්ලනවා කී නිසා. ඉතින් හොරු අල්ලනකොට මොකද කෑගහන්නේ (නි)
කමනි පෙරේරා Monday, 11 July 2016 08:42 AM
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි..මොහු තමන් ගැන බොහොම අධි තක්සේරුවක හිටියේ..මෙයාගේ පැටිකිරිය දිග හැරියොත් ආයෙත් ඡන්දයකට පැත්ත පලාතටවත් එන්න වෙන්නේ නැහැ. (බ)
සරණපාල Monday, 11 July 2016 08:42 AM
එතකොට අර තව දේවල් වලට සම්බන්ධයි කියනවානේ ඒවාට මොකද වෙන්නේ (බ)
කබීර් Monday, 11 July 2016 12:51 PM
ඔන්න හොඳ වැඩක්. දැන් හරිනේ (නි)
රජිත් මංජුල Monday, 11 July 2016 12:57 PM
මිනිස්සුන්ගේ හිතේ තියන කේන්තිය දොරේ යන හැටි. මේ ගහන ගල් වලින් එකක් හරි වදිනවා. එහෙම නැතිවුණොත් ලෝකය කියන්නේ වැරදි මැවීමක් (නි)
නිශානි කොඩිකාර Monday, 11 July 2016 08:50 AM
මේක අද වෙනබව ඊයේ මාධ්‍ය වල කීවා. න්‍යාය පත්‍රයක් අනුව කළ දෙයක් (බ)
විජේපාල Monday, 11 July 2016 08:47 AM
වැරදි කරපු, අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ මුදල් හූරගෙන කාපු, ඉතිහාසය විනාශ කරලා නිදන් හාරපු හැම කෙනකුටම දඩුවම් දෙන්න ඕන. (බ)
ශර්මිලා ශිවනේසන් Monday, 11 July 2016 08:55 AM
ඇප නියම කරන්න හොඳ නැහැ.දිගටම නඩුව පවත්වාගෙන යා යුතුයි .නිසි දඬුවම් දිය යුතුයි. (ම)
නිහාල් Monday, 11 July 2016 01:11 PM
අත්අඩංගුවට ගත් අය දිහා බැලුවමනම් පෙනෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ කවුරුවත් හොකම් කරලත් නෑ දුෂණ වංචා කරලත් නෑ කියලයි. (බ)
මැටිපහන Monday, 11 July 2016 08:59 AM
හවසට ඇප දිලා ගෙදර යවයි බය වෙන්න එපා (ම)
භද්‍රානි Monday, 11 July 2016 01:11 PM
පහුගිය කාලේ සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු පවුලේ අයගෙනුත් , ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙනුත් නිරපරාදේ පළි ගන්න හැටි නරඹමින් සමහරුන් හුරේ දැම්ම හැටි මතක් වුනා. ඕකට තමයි කියන්නේ "කළ කළ දේ පල පල දේ" කියලා. (බ)
දුහුනුදු Monday, 11 July 2016 09:05 AM
වෛරී පාලනයේ කෙලවර කොතනද? (ම)
ඉසුරු Monday, 11 July 2016 01:23 PM
දවසකට හෝ හිරේට යාම මා හට නම් ජීවිතයට ලොකු කැළලක් (බ)
ජයම්පති Monday, 11 July 2016 09:17 AM
මේ අත්අඩංගුවට ගැනීම ගැන රජයේ ඇමතිවරුන් කලින්ම දැනගෙන හිටියේ කොහොමද කියලත් හොයල බලන්න ඕන.(බ)
වින්සන්ට් Monday, 11 July 2016 01:46 PM
නිතරම ප්‍රතිචාර දකින මම තේරුම් ගත් දෙයක් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. නාමල් රාජපක්ෂ මහතාට චෝදනාවක් පැමිණෙන විට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගැන කතා කිරීමත්, අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පැමිණෙන චෝදනාවකදී නාමල් රාජක්ෂ මහතා ගැන කතා කිරීමටත් අද ජනතාව පමණක් නොව පාර්ලිමේන්තුවේද තත්ත්වය බව කිවහැකිය. ඊට එහා සිතන ජනතාවක් රටේ සිටින්නේ නම් එය ඉතා සුළුය. මේ නිසා කවදත් රජකම උරුම වෙන්නේ හොරුන්ටම බව කිවයුතුය. (අ)
විජේ Monday, 11 July 2016 09:22 AM
තවමත් මෙයාලට රාජ උෟෂ්ණය තියෙනවා (නි)
සුදේශ් Monday, 11 July 2016 09:36 AM
විජේපාල දැක්ක වගේ බොරු කියන්න එපා.. මඩ එපා බොරු එපා වැඩ විතරයි අපිට ඕනි.. පරගැතියන්ගේ සහ ඩයස් පෝරාවේ න්‍යාය පත්‍රයයට රූකඩයක් වගේ නටන මේ ආණ්ඩුවට නැවත වරක් බලයක් ලබා ගැනීම හීනයක් පමණයි.. (බ)
සුජීව Monday, 11 July 2016 09:39 AM
කලින් හිරේ ගියා නම් මහින්ද මහත්තයා අදටත් ජනාධිපති (බ)
මනෝජ් Monday, 11 July 2016 09:40 AM
හොරු හොරු කියකිය ඉන්නේ නැතුව කෙනෙක් හොරකම් කරලා තියේනම් ඒවා රාජසන්තක කරලා රටේ ණය ගෙවා ජනතාවට සහනයක් දිය යුතුයි. නැත්තම් හැමදාම පුවත් මවලා වැඩක් නෑ. (බ)
නිමල් Monday, 11 July 2016 09:44 AM
මේක වෛරයක් නොවෙයි. කවුරු කළත් වැරැද්දට දඬුවම් දියයුතුමයි (නි)
රෝහිත Monday, 11 July 2016 09:50 AM
හොදට කලා බිලා සැපට නිරෝගිව හිටපු කට්ටිය. අද මොකද වුණේ (ම)
කරුණාරත්න දිසානායක Monday, 11 July 2016 09:53 AM
පව් මේ කොල්ලා.(හේ)
පැතුම් Monday, 11 July 2016 09:54 AM
ජයම්පති හරි (හේ)
කරුණාරත්න දිසානායක Monday, 11 July 2016 09:56 AM
දෙමාපියන්ගේ වැරදි නිසයි දරුවන් වැරැදි පාරේ යන්නේ.(හේ)
චන්දන Monday, 11 July 2016 10:00 AM
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
උපුල් ගලප්පත්ති Monday, 11 July 2016 10:10 AM
මෙයත් ලෙඩ වේවිද දන්නේ නෑ.(හේ)
කවිඳු මෙල්බෞර්නෙ Monday, 11 July 2016 10:23 AM
නාමල්ට ලම්බෝගිනි තියනවා කිව්වා නේද කට්ටිය, එතකොට හම්බන්තොට හෝටල් තියනවා කිව්වා. කෝ හම්බ වුණේ නැද්ද ? එතකොට අර්ජුනට මෙපමණ චෝදනා සාක්කි තිබිලත් මොනවත් පරීක්ෂණ නැහැ . (අ)
කරා Monday, 11 July 2016 10:25 AM
රට බෙර ගත්තට දෙන දඩුවම් (ම)
ප්‍රභාත් නාලක Monday, 11 July 2016 10:35 AM
ජනතාව බලාගෙන ඉන්නේ මේ නාටකය ඉවර වෙනකන්. 1977 පස්සේ දැකපු හොඳම පසු මැතිවරණ ප්‍රචණ්ඩත්වය. මැතිවරණ සිතියම හකුලා තිබෙන තුරු කකුළුවා දිය කෙළියි. (ම)
රංග ප්‍රියංකර Monday, 11 July 2016 10:55 AM
අපි හම්බන්තොට ඔයාලා කාටත් වඩා හොදට අපි නාමල් මහත්තයා ගැන දන්නවා. ඇත්තටම මහින්ද මහත්තයාගේ බලය වැරදි විදියට භාවිතා කරමින් සාමාජීය සහ සංස්කෘතික වශයෙන් විශාල හානියක් හම්බන්තොට දිස්ත්‍රිකයටම කරපු මන්ත්‍රීවරයෙක්. මෙවැනි අයට සෞදි දඩුවම් ලබා දීලත් මදි. ඇත්තටම ජනතාව බුද්ධිමත් විය යුතුයි. නමුත් කිසිම කෙනෙක් ජනතාවගේ දැනුම ආකල්ප වර්ධනයට ව්‍යපෘති කරන්නේ නැහැ. මොකද ජනතාව දැනුමෙන් ස්වයං පෝෂිත වූ දාට මේවගේ දේශපාලකයින් කවදාවත් බලයට එන්නේ නැහැ. ඇත්තටම අපි සැවොම එකතුවෙලා මොවුන් වගේ අය දේශපාලනයෙන් සදහටම ඉවත්කල යුතුමයි. අප හිතනවා මොහුට නිසි දඩුවම් ලබාදෙයි කියලා. මෙයා තමයි හම්බන්තොට ඉන්න දූෂිතම දේශපාලකයා. මොහුට දඩුවම් ලබා නොදෙන්නේ නම් මේ යහපාලනය තවත් අවශ්‍ය නැහැ කියලා අප සිතනවා. ස්තූතියි . (අ)
නුවන් Monday, 11 July 2016 11:01 AM
ජනතා මුදල් අවබාවිතයට නිසි දඩුවම් කල යුතුයි පක්ෂ විපක්ෂ හැමෝම මේක අයිතියක් කරගෙන (අ)
කමනි Monday, 11 July 2016 11:04 AM
රට වෙනුවෙන් හිරේට ගීයා කියයිද දන්නේ නැහැ.(අ)