IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ්

සනත් ගමගේ සහ  චන්ද්‍රසේන ගමගේ

අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්  පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු   හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (10) රාත්‍රී නියෝග කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කර සෙසු පස් දෙනාය.

පොලිසියේ දැනුම් දීම මත ඔවුන් සිය නීතිඥවරුන් සමඟ අද (10) පස්වරුවේ හම්බන්තොට  පොලිසියට පැමි‍ණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කැරිණි.

අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම  සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගණසේකර මහතා පැවසීය.

මෙම විරෝධතාවයේදී  අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක් ඇතුළු 28 දෙනෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමසරසිංහ සහ හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ශ්‍රියන්ත අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු නීතිඥවරු 15ක් පමණ පෙනී සිටියහ. 

පැයකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය කරුණු දැක්වීය.

නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමත් සමඟ  ආධාරකරුවන් පිරිසක් හම්බන්තොට මූලස්ථාන පොලිසිය ඉදිරිපිට රැඳී සිටියහ.  පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කැරලි මර්දන  ඒකකය ද ආරක්ෂාවට කැඳවා තිබිණි.

රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.

(ඡායාරූප සනත් ගමගේ)



අදහස් (61)

නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ්

K Perera Tuesday, 10 October 2017 06:17 PM

මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුය.

:       3654       5976

Sanjeewa Tuesday, 10 October 2017 09:54 PM

කවුරුවත් දැක්කේ නෑ මේ අත් අඩන්ගුවට ගත් 5 ස් දෙනා කලහාකාරීව හැසිරෙනව.ඔවුන් උත්ගෝශනයට සහබාගි වුන බව ඇත්ත.වාරනයේ උත්ගෝශනය කරන්න එපා කියල නෑ.කුමන කරුනකටද බන්දනාගාර ගත කරේ කියල දන්න කවුරු හරි කියනවද?නොදන්න කමට ඇහුවේ.

:       722       795

ජගත් Wednesday, 11 October 2017 05:52 AM

සංජීව, ඔයා හරි තොත්ත බබෙක් වගේ පේන්නේ. නාමල් ඔයයි එක පන්තියේද හිටියේ ?

:       713       710

kamaniWednesday, 11 October 2017 07:42 AM

මුන් තමයි...මිනිස්සුන්ට කසිප්පු පොවලා......හොරකම් කරපු සල්ලි බෙදලා ...මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සුන්ව ඇවිස්සුවේ. මුන්ව එල්ලන්නයි වටින්නේ.

:       186       334

samanWednesday, 11 October 2017 02:00 AM

මොකටද මහත්තයෝ දඩුවම් දෙන්නේ රටේ දේපල පිට රටට විකුණන එකට විරුද්ධ වුන එකටද?

:       2622       2522

naradhaWednesday, 11 October 2017 10:06 AM

නිකම් රටේ දේපොළ විකුනනාවෝ කියල කෑ ගහල වැඩක් නැහැ. ඔය කියන දේපොළ හදල තියෙන්නේ, පිට රටින් ණයට ගත්ත සල්ලි වලින්. ඒ ණය ආපසු ගෙවා ගැනීමට රටට වත්කමක් නැත්නම්, ඕව අපේ "දේපොළ" වෙන්නේ කොහොමද?

:       15       108

ධම්මWednesday, 11 October 2017 02:33 AM

ඒ අපි හිතන හැටිනේ කේ පෙරේරා. ඒ උනාට එහෙම වෙන්නේ නැහැ.

:       351       233

a.b.srilaWednesday, 11 October 2017 04:51 AM

මේක තනිකරමු ඇස් බැන්ඳුම් වැඩක්... හිරේ යන්න අපමණ හේතු ඇති එහෙත් ඒ මගඩි වලට විගස ඇප ලබන හොරකන් කර ඇති මේ පුතුන් වීරයන් කරන්නන්ට උන්ගේ සහෝදර ආණ්ඩු මිතරන් කරන විජ්ජා කවද මේ රටේ මිනිසුන්ට තේරෙයිද මන්දා..

:       0       27

SATHYAPALA Wednesday, 11 October 2017 05:06 AM

පෙරේරා උන්නැහේ දන්නා කෙන්ගෙඩිය ......රට බෙදන්නට ඉහලින් අණ ලැබී ඇති බැවින් ආණ්ඩුව මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක්. "රටට බෙදන පනත" පාර්ලිමේන්තුවට ගෙනෙන්නට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ගොඩ දෙනෙක් අත් අඩංගුවට ගෙන ඔවුන් උසාවි ගෙනෙන දවසක පනතට චන්ද විමසීම මගින් එය සම්මත කරන්නට බලනවා. මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත් විට ජනතාව කොතරම් කුපිත වෙනවාද කියලා බලනවා. මේ වෙනවිට හැබෑ විපක්ෂයේ බොහෝ දෙනෙකුට චෝදනා ගොනුකරමින් ඉන්නේ ඒ නිසා. ඉදිරියේ බුරුතු පිටින් ගනීවි.

:       424       4809

ShanWednesday, 11 October 2017 06:21 AM

නාමල් ගැන නම් අනුකම්පා කලයුතුයි මොකද නීති උපාධිය හොරට ගත්ත නිසා නීතිය දන්නේ නැනේ. එකනේ උසාවි නියෝග තියෙද්දිත් එහෙම කලේ. නීතිගරුක නැති පුද්ගලයාගේ ජාතකයත් විශ්වාස නෑ.

:       51       210

savanthWednesday, 11 October 2017 06:52 AM

ශාන් නීති ගරුක නැති පුද්ගලයාගේ ජාතකය ගැන කියනකොට මහබැංකු කතාවේ අනුන්ගේ සල්ලිවලින් ගෙවල් ගත් කට්ටිය ගැනත් හිතලද කිව්වේ...........

:       162       117

indikaWednesday, 11 October 2017 07:26 AM

නිතිය අනුව නම් රවී ඉන්න ඕනේ හිරේ! කනට ගහපු පොලිස්පති/අනිත් පොලිස් නිලධාරියා ඉන්න ඕනේ හිරේ! මහේන්ද්‍රන් ඉන්නේ ඕනේ හිරේ! ඇලෝෂියස් ඉන්න ඕනේ හිරේ! ශෂිකල ඉන්න ඕනේ හිරේ! මිනිස්සු හප්පලා පැනල ගිය චම්පික ඉන්න ඕනේ හිරේ! මිනිස්සු පැහර ගත්ත කියල පිළිගත්තා හිරුනිකා ඉන්න ඕනේ හිරේ!!!!

:       151       120

NisalWednesday, 11 October 2017 09:49 AM

ඇයි මල්ලි, හොර පාස්පෝර්ට් හදපු අය ඕස්ට්‍රේලියා කාරයටත් ලණු දුන්නානේ

:       0       257

Kalyana Jayawardena Tuesday, 10 October 2017 06:34 PM

මාධ්‍යවේදියෙකුගේ කණ පැලෙන්න ගැසූ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද ?

:       1286       1311

ruby Tuesday, 10 October 2017 08:11 PM

වීරයන් මෙන් ඇතුළට ගොස් වීරයන් මෙන් එළියට අවේ නැත්නම් බලන්න. ලංකාවේ ඡන්ද දායකය ඉතාමත් මෝඩයෙකි. ලංකාව දියුණු නොවීම ගැන දේශපාලකයන්ට දොස් කියන්න එපා.

:       12       109

ජගත් ලියනගේ Tuesday, 10 October 2017 08:36 PM

ඔය නාමල් ළඟදී ඉඳලා , හොඳටම වැඩියි උඩ පනිනවා .

:       182       530

පරිඝණක අද්වකාත් Tuesday, 10 October 2017 09:17 PM

වාට්ටුව ඉඩමදිනම් මාළඹෙි වාට්ටුවට දමන්න වෙයිද?

:       66       144

naradha Tuesday, 10 October 2017 09:41 PM

මාධ්‍යවේදියෙකුට හෝ වෙනයම් කෙනෙකුට, අත් අඩංගුවේ පසුවෙන විට පහර දීම නිවැරදි යයි මා සිතන්නේ නැහැ. නමුත්, මුලින්ම අධිකරණය මේ විරෝධය නොපවත්වන සේ නියෝග කරන්නට ඇත්තේ සාධාරණ හේතු මත විය යුතුයි. එම නියෝගය දැනුම් දී තිබියදීත් මොවුන් කලහකාරී ලෙස හැසිරී ඇත්නම්, ඔවුන් නීතිය කඩ කර ඇති අතර ඒ සඳහා දඬුවම් විඳිය යුතුයි.

:       7       319

sampathWednesday, 11 October 2017 06:42 AM

දැන් එතකොට, තම මව් විකුණනවා ඒකට උද්ඝෝෂණ කරන්න එපා කියල අධිකරණ නියෝගයක් දුන්නත් එකත් අපි හිස්මුදුනින් පිළිගන්න ඕනේ කියලද කියන්නේ? හැම අධිකරණ නියෝගයක්ම සාධාරණයි කියල හිතන්න එපා. කොමිස් ගහන්න මේ විකුනන්නේ අපේ මහජන දේපල, අපේ රටේ අනාගතය.

:       84       28

Vincent Tuesday, 10 October 2017 09:42 PM

අත්අඩංගුවට ගන්නා කිසිවෙක් ජීවිතක්ෂයට පත්වීමක් සිදු නොවන යුගයක් නිසා කව්රුත් බියවිය යුතු නැත. රටක් සංවර්ධනයක් කරා ගෙන යන සටනකට වඩා දේශපාලන බලය ඩැහැ ගැනීමත්, පවතින බලය රැකගැනීමත් අතර සටනක් පමණක් අපි නිතරම දකින්නෙමු. දේශපාලකයන්ගේ කුලල්කාගැනීම අද ජනතාව අතරද මෙහෙවින් දකින්නට ඇත. රට යායුතු නිවැරදි මඟ පෙන්වා දීමට දේශපාලන බැලයන් නොවන බුද්ධිමතුන්ගේ පෙළ ගැසීමක් අද අත්‍යවශ්‍ය කටයුත්තකි.

:       34       219

savanthWednesday, 11 October 2017 06:53 AM

වින්සන්ට් කියන්නේ 87-89 කාලය ගැනද?

:       4       3

chathuri Tuesday, 10 October 2017 09:42 PM

නාමල් බේබිට ඩේසි ආච්චිට කියල ගුවන් තොටුපල හොර ඔප්පුවක් හදලා. ලියා. ගන්න බැරි වුනාද . බැසිල් මාමගේ මල්වානේ. ඉඩම , මල්ලිගේ වටිනා දේපල මේ සේරම රජයේ. දේපල රජයේ මුදල්. රාජ පක්ෂ මුදලින් මේකිසිම දෙයක් ගොඩ නැගුවේ නැහැ රජයට ඕනෑම දෙයක්කරන්න අයිතිය තියෙනවා බොරුවට සෝබන වැඩ කරන්න එපා කුඩුවට වෙලා. අත පසුවූ පොත් පාඩම් කරන්න නඩු කතා කරනවා අහන්න. ආසයි බේබිටෝක්

:       38       369

Nandalal DE SILVA - France Tuesday, 10 October 2017 10:08 PM

රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට....."කාල්ටන්" එකටද ගෙන ගියේ ? විරෝධතා කරනකොටත්, බන්ධනාගාර බස් එකෙන් සිපිරිගෙදරට යනවිටත් මනමාල හිනාව නම් අඩුවක් නැතුව තියෙනවා. බස් එකකින් විනෝද ගමනක් යනවා වගේ නේද පෙන්නේ ? පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු අනෙකුත් ගෑනු, පිරිමි අධිකරණ නියෝග කඩ කිරීම, දාමරික විදියට හැසිරීම , පොදු දේපලවලට හානි කිරීම වැනි පහත් වැඩ කරේ "මහා රජාගේ" පාලන කාලයේවත් මෙරටේ කිසිම දිනක නොවුන අන්දමටය. මොවුන්ට තරා තිරම නොබලා නිසි දඬුවම් දෙන තුරු රටවැසියා විමසිල්ලෙන් බලා සිටී....

:       33       72

Nandalal DE SILVA - France Tuesday, 10 October 2017 10:29 PM

හිටපු ජනාධිපති වරයාගේ පුතෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නීතීඥවරයෙක් කියන ඔක්කොම පට්ටම් ගහගෙන ඉන්නා පුද්ගලයෙක් මෙවැනි "කැත වැඩ" කිරීම සඳහා "ඔළුව" පාවිච්චි කලේ කොහොමද කියන එකයි,මට හිතා ගන්න බැරි. අප්පච්චි කියාවි මගේ දරුවන්ට එරෙහිව දේශපාලන පලිගැනීමක් වශයෙන් මෙය කරා කියා. "වැරදි කරන අයට දඬුවම් දිය යුතුය" යයි කිවුවොත්, එයා මෙවැනි දේ අනුමත නොකරන පුද්ගලයෙක් හැටියට රටවැසියා තේරුම් ගනීවි, ගරු කරාවි ! එහෙම වෙයිද කියා බලා සිටිමු...

:       37       561

[email protected] Wednesday, 11 October 2017 12:10 AM

අධිකරණ නීති හාස්‍යට ලක් කිරීම ජේ ආර් ගේ සමයෙන් ඇරඹී රාජපක්ෂ සමයේ උච්චස්ථායට පත්වී තවමත් ඇදෙමින් පවතී. මෙය රටක ඉදිරි පැවැත්මට අතිශයින් අන්තරාකාරිය. මේ නිසා මොවුන්ට ලෝකයට පෙනෙන්න හෝ දඬුවම් දීම අත්‍යවශ්‍යවේ. එහෙත් රනිල්-මහින්ද ඩීල් එක මත මෙය ප්‍රදර්ශනයක් පමණක් වන බව නම් නියතය (මෙය කොටන විටත් මේ පිරිස බන්ධනාගාර රෝහලේ සුර සැප විඳිමින් සිටිනු ඇත). එහෙත් ඉහතින්ද සඳහන් කර ඇති පරිදි මාධ්‍යවේදියකුගේ කන පැලූ පොලිස් මෝලා එළියේ සිටීම නම් පිළිකුල් සහගතය.

:       1       136

rahulWednesday, 11 October 2017 05:54 AM

සියලුම දේශපාලකයන් විපක්ෂයේ සිටින විට උද්ඝෝෂණ වලට යන බවයි අපේ දේශපාලන ඉතිහාසයේ තිබෙන්නේ.

:       0       21

sathyayaa Wednesday, 11 October 2017 12:30 AM

ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් චන්ඩි පාට් දාල තාත්තගේ අඩි පාරේ යන බවක් පෙන්නුම් කලත් මහින්ද ළඟ තිබු අව්‍යාජ තාරුණ්‍යට කිට්ටු කරන්නවත් නාමල් ට බැහැ. තුට්ටු දෙකේ වැඩ වලින් ප්‍රතිබිම්බයක් හදා ගන්න බැහැ. මෙයාගේ තාරුණ්‍යට ඔය තරම් ජවයක් තියෙනවා නම් නාමල්ට තිබුනනේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව පැවති යුද්ධයේදී අවි අත දරා යුද්ධයට යන්න. එහෙම ගිහින් මළොත් අනාගත ජනාධිපති වෙන්නේ කොහොමද කියල හිතෙන්න ඇති.

:       3       279

Lalin Wednesday, 11 October 2017 12:35 AM

මේවා විකාර වැඩ. මේ මිනිස්සුන්ට බොරු ප්‍රචාරයකුයි මහජන අනුකම්පාවයි ලැබෙනවා.

:       33       20

nimallalitha Wednesday, 11 October 2017 01:54 AM

මිනිස් ඝාතක දෙමළා මරා දැමීමෙන් පසු පිස්සු නැටුවා. රජෙක් වගේ මිය යාමට සිටි කොන්ද පන ඇති නායකයෙකුගේ විනාසයට මග පෑදුවා. එන පරාජය නිසාම රට කොටි හිතවතුන්ගේ සුරතලියක බවට පත් වුනා. අද සිදුවෙන හැම වරදකටම,විනාසයකටම මේ ගොල්ලත් වග කියන්න ඕනා. දැන් ඉතින් විදවපල්ලා

:       175       326

RajahWednesday, 11 October 2017 03:28 AM

නිමාලිතා ඔබගේ අදහස් වලින් ප්‍රකාශ වෙන්නේ ඔබ ජාතිවාදියකු බවය. කරුණාකර ඔවැනි ජාතිවාදී අදහස් ප්‍රකාශ නොකරන්න. ප්‍රබාකරන් ම්ලේචච ත්‍රස්තවාදියකු බව කිසිම සැකයක් නැත. එහෙත් ඔබ ජාතිවාදියකු වියයුතු නොවේ. කොටින්ට මුදල් පරිත්‍යාග කලේ කවුද කියලා මුළු රටම දන්නවා. දැන් කරපු අපරාද වසා ගැනීමේ, මාරාන්තික ප්‍රයත්නයක ඒකාබද්ධ විපක්ෂය සිටිනබව අපට පේනවා!

:       71       363

Rohana Wednesday, 11 October 2017 02:23 AM

නාමල්ට වංචා කිරීම සම්බන්දව චෝදනා තිබෙනවා. අදිකරණ සේවා කොමිසන් සබාව විසින් ඔහුගේ නීති බල පත්‍රය අවලංගු කල යුතුයි

:       5       376

Chanak los angelesWednesday, 11 October 2017 05:03 AM

ඔය බලපත්‍රය අවලංගු නොකලත් අවලංගු වෙලා වගෙයි .. මන්ද නඩුවක් කතා කරන්න ඔහුට දැනුම නැති නිසා .. අනුන් ලවා විභාග කරවාගෙන තමන් නීතිවේදියෙක් කියන ලේබලය පමණක් අලෝගෙන ජනතාව මුලා කරමින් ඉන්න පමණයි තිබෙන්නේ . තාත්තත් නීතිවේදියෙක්ලු නමුත් කතාකරපු නඩුවක් නැහැලු ... ඒගැන විස්තර දැනගන්න තිබුණා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටියානම් ..

:       24       581

p.d goonawardena Wednesday, 11 October 2017 03:03 AM

මාධ්‍යවේදියෙකුගේ කණ පැලෙන්න ගැසූ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද ?

:       17       34

vipula Wednesday, 11 October 2017 03:25 AM

සෙප්පඩ විජ්ජා කියන්නේ මේවට. මහබැංකුවේ මංකොල්ලයට මේ දේ කරයිද ?

:       37       50

chandana Wednesday, 11 October 2017 03:34 AM

නීතියට අපහාස අභියෝග කරන මේ පුද්ගලයන් ජනතාව ඉදිරියට කුදලාගෙන විත් දඩුවම් ලබා දිය යුතුයි.......

:       5       317

sumith Wednesday, 11 October 2017 03:41 AM

එයා නීති විභාග කරපු විදිහ මුළු රටම දන්නවා...එහෙව් එකේ මොකද මෙයාගේ ලොයෙර් පට්ටම ගලවනේ නැත්තේ...... මම දන්නා විදිහට ඕක කරන්න පුළුවන් අධිකරණ සේවා කොමිෂන් සභාවට නොවේ අපේ රටේ තියෙන ඉහළම අධිකරණය.....සුප්‍රීම් කොර්ට් එකට. බොරුවට මෙයාල වීරයා වෙන්න හැදුවට.......අප්පොච්චි විනාශ කරපු පුතෙක් ඔය හිරේ ඉන්නේ......මතකද දළදා මාලිගාව වටේ කාර් පැද්දා , මහනායක මහනාහිමියෝ එපා කියද්දී......හරි විදිහට නම් අපේ නායක හාමුදුරුවරු ඔය වගේ අය දෙන පලතුරු වට්ටි වළදන්න හොද නැහැ..............

:       1       353

kamani Wednesday, 11 October 2017 11:44 AM

ඇයි තාත්තා ...රජා...එයත් එහෙමමයි ජේරාජ්ට පින්සිදුවෙන්න නීති විභාගය පාස්.

:       0       3

Amal Wednesday, 11 October 2017 03:52 AM

මේක නිකන් සෙල්ලම් වගේ දැන්...... හිරේ ගහින් පහුවදා රෝහල් ගත වෙයි. ඒ අතරතුර ඇප ඉල්ලලා එළියට එනවා. එච්චරයි. කෙහෙල් හොරෙක් ඇතුලට ගියොත් දඩ ගෙවා ගන්න බැරුව..? නිතිය වෙනස් වෙනවා මිනිසුන්ගේ තරාතිරම මත. බලය ඇත්තෝ කවදත් රජ කරනවා. දිනුවත් පැරදුනත්.

:       2       38

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 11 October 2017 03:58 AM

කාටද? මුලින්ම අසනීප වෙන්නේ කියා බලමු.

:       1       25

shan saudi Wednesday, 11 October 2017 04:03 AM

නාමල් ළඟදී ඉඳලා , හොඳටම වැඩියි උඩ පනිනවා ..... රටේ ධනය කොල්ල කාල මිනීමරලා එනවා බලය පෙන්වන්න මොවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි කල යුතුයි .නීතියට අපහාස අභියෝග කරන මේ පුද්ගලයන් ජනතාව ඉදිරියට කුදලාගෙන විත් දඬුවම් ලබා දිය යුතුයි මොවුන්ට උපරිම දඬුවම් දිය යුතුය....

:       23       283

rahulWednesday, 11 October 2017 06:03 AM

ශාන් කොහොමද සෞදි ඉඳල ලංකාවේ නඩු ඇහුවේ? නාමල් ඇත්තටම උඩ පැන්නේ ලඟදි නෙවෙයි, ඒ ගැන ගොඩක් මිනිස්සු දොස් කිව්වේ 2015 කලින්. දැන්න මේ කරන දේවල්වල යම් කිසි තේරුමක් තිබෙනවා. එහෙත් ඔයාගේ මේ කතාවෙන් තේරෙන්නේ ඔයා ලංකාව ගැන හරි දැනුමක් නැතුව උඩ පනින බවයි.

:       77       3

shan saudiWednesday, 11 October 2017 10:31 AM

රාහුල මම ලංකාවේ නැහැ තමා.. නමුත් උදේ ඉඳන් රෑ වෙනකල් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වඩා අපි ලංකාවේ වෙන දේවල් කියන දේවල් හොඳට දන්නවා. ඔය ලංකාවේ ඉන්න උදවිය දැන ගන්න කලින් ඔහේ වෙන දේවල් අපි දන්නවා. නඩු අහන අපට ඕනේ නැහැ වැරදි කරන අයට දඬුවම් කරන්න. නිදහස් අධිකරණයක් තියෙනවා. එදා වගේ රජ ගෙදර ඉඳන් නඩු අහපු කාලේ දැන් ඉවරයි. ඔය ගොල්ලන්ට වඩා හිතේ අමාරුවක් අපට තියෙනවා. මේ කාලකන්නි හොරකම් කරන්නේ, විනාශ කරන්නේ... මේ වැලි කතරේ අපි දුක් විඳින, අපේ සල්ලි නැතුව ඒ අයගේ බූදලේ නෙවේ. අපට නඩු අහන්න දුන්නොත් ඔවුන් එල්ලුම් ගස් ඇරලා මිස නතර වෙන්නේ නැහැ.

:       0       7

Ravi Wednesday, 11 October 2017 04:19 AM

දවස් 5 කට නොවෙයි.....අවුරුදු 5 කට දාන්න ඕන රට හදලා ගන්නනම්. තව ගොඩක් ඉන්නවා. විපක්ෂයේ විතරක් නෙවෙයි ආණ්ඩුවේ ඇතුළෙත් ඉන්නවා. ඔක්කොම සුද්ද කරලා දාන්න පුලුවන්නම් ගොඩ.....

:       15       212

rohan Wednesday, 11 October 2017 04:39 AM

දැන් අපේ රටේ ඉන්නේ විනයක් නැති දේශ පාලකයන් හැමදේටම විරෝදතා ඔය ප්‍රශ්න විසදන්න තමයි අපේ සමන්‍ය ම්නිසුන් චන්දයක් දීලා හරක් ටිකක් එතනනට යවල තියන්න නමුත් ඔවුන් එතනට ගිහින් දෙන බත් එක කලා තත්පුලලා එනවා ඇවිත් කඩ්බෝර්ට් වීරයෝ වන්න දගලනවා ඒක අපේ සමහර අයට තේරෙන්නේ නැහැ

:       24       76

Chanak Los angeles Wednesday, 11 October 2017 05:21 AM

එක වීඩියෝවක දුටුවා මොහු එක ගමකට ගිහින් එක එකාට කඩේ යන්න එහෙම ලෑස්ති වෙන්න එපා කියා මිනිසුන් කට්ටියකට තර්ජනාත්මකව පවසනවා .. ඒකාලේ මොහු හැසිරුනේ ලංකාව රාජපක්ෂ පවුලට පමණක් අයිති කොලනියක් ලෙසටයි ...

:       23       280

jiffri Wednesday, 11 October 2017 05:29 AM

රටේ මහජනයා වේවා රාජ්‍ය සේවකයා වේවා මහජන නියෝජිතයන් වේවා රටේ පාලකයා වේවා කව්රු උනත් රටේ අධිකරණ නියෝගයට යටත් විය යුතුයි. එසේ නීති උල්ලංඝනය කරන අයට අනිවාර්යෙන්ම රටේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       7       241

banda Wednesday, 11 October 2017 05:54 AM

ශ්‍රී ලංකාවේ ,වෙනත් කිසිදු ජනාධිපති හෝ අගමැති කෙනෙකුගේ පුතෙක් මෙයා තරම් අසීලාචාර,අවිනීත විදියට නීතියට මෙන්ම සමාජ සාරධර්ම වලට පටහැනිව හැසිරිලා නැහැ .

:       0       376

Perakum Wednesday, 11 October 2017 06:20 AM

හරියට හරි. වැරදිකාරයා දේශපාලකයා නොවෙයි ඔවුන් පත් කර යවන මෝඩ ඡන්දදායකයයි.

:       0       3

Nuwan Wednesday, 11 October 2017 06:24 AM

අත්අඩංගුවට ගත්තට කමක් නැහැ ගහනවා එහෙම නෙවේ අපේ සර්ගේ කනට අර අල්ලාගෙන ගිය කොලුවෙකුට ගැහුවා වගේ රටටම පෙනෙන්න .. හොඳද පොලිස් මාමේ ..

:       0       30

dasun Wednesday, 11 October 2017 06:56 AM

"රජයට ඕනෑම දෙයක්කරන්න අයිතිය තියෙනවා" කියලනේ ඔබ කිව්වේ. එහෙනම් රාජපක්ෂ රජය කරපු දෙයත් හරිවෙන්න ඕනා නේද? ඒ වගේම ඔයා කියන්නේ රජ්‍ය මහා බැංකුව කොල්ලකන්න යාලුවෙක්ට බාරදීපු එකත් හරියි කියල නේද?

:       2       1

Ajith Wednesday, 11 October 2017 07:34 AM

නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මකක කරන්න, එදා ඝණසාර හාමුදුරුවෝ උසාවි නියෝගය ඉරලා විසිකරා මඩකලපුවේ නීතිය ක්‍රියාත්මකක උනේ නැහැ, නාමල්ට එක නීතියක් ඝණසාර හාමුදුරුවන්ට එක නීතියක්ද ?

:       0       266

prakaash Wednesday, 11 October 2017 07:41 AM

අපේ රට අපේ උරුමය අපේ ආගම අපේ ජාතිකත්වය වෙනුවෙන් අපට කතා කරන්න අපේ උරුමය විකුණගෙන කන මේ කාලකණ්නි දේශපාලුවන්ට එරෙහිව කතා කරන්න අයිතියක් නැති බවයි පෙනෙන්නේ .....ඡන්දය පමණක් හිඟා කාපිය අපෙන් . පින්බත් ගිලින පිංගුත්තර නඩය. .දේශපාලකයෝ කියන්නේ මහජන නියෝජිතයෝ . අපේ අකමැත්තෙන් අපේ උරුමයන්ට අත තියන්නට කිසිම අයිතියක් නෑ

:       43       0

අරගලේ Wednesday, 11 October 2017 07:44 AM

මේ මෝරු ටිකට මෙඩිකල් හදනව කියන්නෙ ඉතින්, බන්ධනාගාර රෝහලේ දොස්තර මහත්තුරු නෝනලගෙ කරල පැහෙයි වගේ.......

:       0       6

Ranjan Wednesday, 11 October 2017 07:51 AM

මේ රිමාන්ඩ් ගත කිරීමේ ඔබගේ පුවත් පතේ පලවෙන්නේ රාත්‍රී 10 පසුව මේ තීන්දුව උසාවියෙන් ලැබුනේ රාත්‍රී කාලයේද?

:       1       3

ase Wednesday, 11 October 2017 08:06 AM

අර කකුළුවාගේ කතාව අහල තියනවා නේද ??

:       0       1

raaman Wednesday, 11 October 2017 08:34 AM

රජයට ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? එහෙනම් ගිය ආණ්ඩුව කරපු දේවල් සහ 87-89 හිටපු ආණ්ඩුව කරපු දේවලුත් හරි නේද? චතුරි, වචන පාවිච්චිය පරෙස්සමින්.

:       3       0

arschfikaa Wednesday, 11 October 2017 09:38 AM

ගැහැණුන් 28 දෙනෙකුවත් රිමාන්ඩ් කරන නිසා, නාමල් ඇතුළු පිරිසට හරිම සන්තෝසයක් දැනෙයි. දවසට එක්කෙනා ගානේ, රිමාන්ඩ් කාලය අවසානය දක්වාම කිසිම ප්‍රශ්නයක් නැත. නාමල්ට එළියේදීත් ඔයවගේ චාන්සස් ලැබිලද කියලත් සැකයි.

:       0       5

rohana kumara mendis Wednesday, 11 October 2017 09:56 AM

බය වෙන්න එපා මෙයාලා සේරම යන්නේ අර තරු පහේ හෝටලය නොහොත් බන්ධනාගාර නේවාසිකාගාරයට හොඳේ. නියම දඬුවම් දෙනවා නම් මේ රටට මෙහෙම කාලයක් යන්නේ නැහැ.

:       0       2

.L..Ramanayake Wednesday, 11 October 2017 10:00 AM

මොවුන් රටට කරපු අපරාධ මහා පොළොවට උසුලන්නත් අපහසුයි. දේව බලයෙන් සහ අධිකරණයේ පිහිටෙන් මොවුන්ට ඉහළම දඬුවම් ලැබේවා කියා ප්‍රර්ථනා කරමු.

:       0       12

rohana Wednesday, 11 October 2017 01:25 PM

මෙතන බැඳ විතරයි... කෙටියෙන් වුණත් හරිම දේ දාල තියෙන්නේ...

:       0       0

ajith karu Thursday, 12 October 2017 02:08 AM

දැන් සැපද?

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 281 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 463 1

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 450 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 443 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 495 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 857 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site