IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි

(සුජිත් හේවාජුලිගේ)

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගත යුතු බවද ඔහු සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය

ඉතිහාසයේ යම් නිලධාරීන් සම්බන්ධයෙන් ගත්  අැතැම් දේශපාලන තීන්දු වැරදියි.   ඒ වැරදි දේශපාලන තීන්දුවල පළ විපාක අපි පක්ෂයක් විදියට අදත් විඳිනවා.  පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම් ඒකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න පුළුවන්. එක පැත්තකින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යනවා. නඩුවේ වැරදිකාරයා බවට පත්වුණොත් කොහොමත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන්.

 නිලධාරියකු ඉලක්ක කරගෙන දේශපාලන තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරනවා නම් අපි එකඟ වෙන්නේ නැහැ. හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නොවුණා නම් හොඳයි කියන මතය තමයි මම ඉන්නේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බව පේනවා. පොලිස්පතිවරයාටත් කරුණු  දක්වන්න අවස්ථාව දීලා සාධාරණ වාර්තාවක් මත පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා තීන්දුවක් ගන්න කියලා මම ඉල්ලනවා.



අදහස් (27)

නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි

කෞෂි Friday, 28 March 2025 08:20 PM

ඉතුරු වැරැදි පනස්දාහත් ප්‍රසිද්ධියේ කියලා සමාව අරගෙන, සිර දඬුවම් විඳලා, හොරාකාපුවා භාණ්ඩාගාරෙට ආපහු බාරදීලා, නීතිඥ විභාගෙ පාස්වෙලා ආවොත් ඡන්දයක් දෙන්න සලකල බලන්නම්...!

:       23       149

gamunuFriday, 28 March 2025 10:02 PM

නාමල් තාත්තාගේ වැරැදි ගැන කථාකරන්නා සේම දළදා මාලිගාව වටා කාර් රේස් පැදීම පිළිබඳව සමාව ගත යුතුවේ...

:       3       27

යෝගා Friday, 28 March 2025 09:06 PM

අනේ ඉතින් තමන් කියපු පට්ටපල් බොරු, තමන් කරපු කප්පම් ගැනිලි ගැන පාපොච්චාරණය කරන්න අනුරට, ටිල්වින්ලාට කොන්දක් පිහිටලා නෑනේ. නිවට, නෝන්ජල්කම තමයි...

:       110       34

ddsFriday, 28 March 2025 09:41 PM

JVP අයට දඬුවම් ලැබිලා තියෙන්නේ. සමහරුන්ව මරලා දැම්මා. තව අය හිරේ ගියා. රාජ්‍ය ත්‍රස්තවාදීන්, පැරා මිලිටරි නිදැල්ලේ. ඔවුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. බුද්ධි අංශ ගණිකා වෘත්තියේ යොදවපු අයත් තවම නිදැල්ලේ.

:       3       14

ප්‍රභාත්Friday, 28 March 2025 11:41 PM

තමං දාන මේ වගේ කමෙන්ට්ස් වලින් කිචවෙන්නේ තමන්ව බව තේරුම්ගන්න මේ යෝගා කියන මනුස්සයාටත් මොලයක් පිහිටලා තිබුණා නම් කොච්චර හොඳද!

:       1       7

ප්‍රියන්තSaturday, 29 March 2025 12:27 AM

හලෝ යෝගා, නීති විභාගේ හොරෙන් පාස් වුණා කියලා පිලිගන්නත් මේ නෑමොලයාට කොන්දක් තිබුණා නම් කොච්චර හොඳද, නේද?

:       2       11

ජයකොඩිSaturday, 29 March 2025 12:30 AM

මේ යෝගා උන්නැහේ…, අසමජ්ජාති කොල්ලෝ තුන්දෙනෙක් හිටියට මුළු රටෙන්ම සමාව ගන්න තරං මහ උන්දැට කොන්දක් තිබුනනං කොච්චර හොඳද කියලා හිතුනේ නැද්ද?

:       2       9

randil dunuwilleSaturday, 29 March 2025 07:59 AM

හොරුන්ට ලැජ්ජ නැත්තේ... ඒ අයට කඩේ යන තමන් වගේ ගන්ධබ්බයන්ටයි.

:       1       7

Nandalal Friday, 28 March 2025 09:17 PM

අනේ මගේ කට...! මෙයා දන්න නීතිය මොකක්ද? අපේ ගමේ කුලියට කඩන පටි මල්ලිටත් ඔය වගේ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් කියා. මගේ සීයා කියනවා...

:       2       9

chandima Friday, 28 March 2025 09:58 PM

උසාවියට බයේ හැංගිලා ඉන්න කෙනෙක් පොලිස්පති කරලා තියාගන්නද කියන්නේ...?ළඟදිම ඩබල් පෙන්ෂන් ගත්තු කට්ටියත් හිරේ යනවා. රජයේ ආයතන සංග්‍රහය කඩ කළාට. පප්පලාට, මාමලට එකට වැලිකඩ හොදි කන්න පුළුවන්...

:       2       16

Neel Friday, 28 March 2025 11:52 PM

මොනවා වුණත් තමුන්ගේ තාත්තාට අගෞරව කරන්න එපා. මොකද ඔබව ඔතැනට ගෙනාවේ තාත්තා. ඔහොම ගියොත් ඔයා අම්මා ගැනත් මොනවා කියයිද දන්නේ නැහැ, ඉදිරියට...

:       1       4

කපුරු හාමි Saturday, 29 March 2025 04:53 AM

හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වෙන්න හදනවා. දූෂිත පවුල් පාලනේ අයගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔක්කෝම එක වල්ලේ පොල්.. දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ...!

:       2       6

Rasi Saturday, 29 March 2025 05:52 AM

මෙයා අප්පාගේම එකා. මොවුන් කියන බයිලා අහන්න පුළුවන්. බයියන්ටම තමයි. ආයේ බලය ගන්න ඕනෑම තුප්පහි වැඩක් කරයි. තව ටික දවසක් යනකොට, මල්ලි රොකට් එකක් යවන්න ගත්තු තීරණයත් වැරැදි කියයි. ඉස්සල්ලා ගිහිල්ලා, බාප්පලයි, මල්ලිලා ටිකයි හදාගන්න...

:       2       6

C.K.Lankaputhra Saturday, 29 March 2025 06:43 AM

යෝගාගේ කොහෙද යන්නෙ මල්ලේ පොල්....

:       1       5

මැක්ස් Saturday, 29 March 2025 07:47 AM

මාලිමා කුණු සේදුම් බලකායට නාමල් රාජපක්ෂ හොඳ ආදර්ශයක්. තමන්ගේ නායකයා වීමට අමතරව මහින්ද රාජපක්ෂ වැනි දැවැන්ත දේශපාලන චරිතයක් සම්බන්ධයෙන් වුවත් විවේචනාත්මකව බැලීමට ඔහුට පුළුවන්. එය හොඳ ප්‍රවණතාවක්. කොයියම්ම දෙයක් සම්බන්ධයෙන් වුවත්, ජවිපෙ ඩෝබිලාගෙන් තම නායකයින් හෝ ආණ්ඩුව පිළිබඳ සාධනීය සහ ධනාත්මක විවේචනයක් අපේක්ෂා කළ නොහැකියි. නායකයින්ගේ ඕනෑම මෝඩ වැඩක් "හරි ෂෝක්" කියමින් සමාජ මාධ්යේ නිරුවත්ව රඟන ඒ තකතීරු රැලට ඉගෙන ගන්නවා නම් ඔන්න පාඩම්...!

:       12       3

Gemunu Saturday, 29 March 2025 10:38 AM

යෝගා ඉන්න, ඉදිරියේදී තවත් හාස්‍ය ජනක සිදුවීම් සිදුවීමට නියමිතයි.

:       1       8

bandula Saturday, 29 March 2025 11:17 AM

අරගලය වෙලාවේ මෙයාලාට පිහිට වුණේ මෙයානේ... ඒකයි මෙයාලාට ඔච්චරම දුක මම හිතන්නේ.. හිනා යනවා අනික් පැත්තෙන්...

:       1       5

ලූට මූස් Saturday, 29 March 2025 11:20 AM

ලොකුම වැරැද්ද තුන්පාරක් වෙලාවට එළියට ගත්තේ නැති එක...!

:       1       6

Perera Saturday, 29 March 2025 11:31 AM

පාපෝච්ඡාරණයේ පුංචි ඡන්දයටත් එක්ක වෙන්න ඇති...

:       1       6

නාමල් බේබි Saturday, 29 March 2025 12:18 PM

වෙල්ඩන් යෝගා. ඔයා වාගේ තව දුසිමක් හොයාගත්තා නම් අපි ආයෙත් ගොඩම තමයි. එතකොට තාත්තයි, බාප්පයි ඉතුරු කරලා ගිය හපෙත් සූප්පු කරලා තමයි නතර වෙන්නේ.

:       2       14

Rasika Saturday, 29 March 2025 12:59 PM

විරැද්ධවාදින් මර්දනය කිරීම නම් මේ රජය ඉතා සාර්ථකව කරගෙන යනවා. තව ටික කලකින් තව හොඳට පෙනෙයි. ස්ක්‍රීන් ශොට් ගහලා තියාගන්න. පළාත් සභා එකත් එනකම් ඉන්න. ඊටපස්සේ වර්ජන, පිකටින් හීනෙන් තමයි. නූතන පොල්පොට් ටි එතකොට පෙනෙයි. එහි ඒකේඩී ද රෑකඩයකි. හරිනිගේ ආ බැක්ග්‍රවුන්ඩ් නිසා ඉතුරුවෙයි..!

:       14       2

බක්මී්ගොල්ල Saturday, 29 March 2025 01:07 PM

තව තේරෙයි පහුවෙනකොට. බලේ තියෙනකොට මොලේ නෑ කියනවානේ.. මොලේ තියෙනකොට බලේ නෑ. ආයේ ලැබෙන්නෙත් නෑ. කවුරු කවුරුත් කරපු අලුගොත්තේරු වැඩ තව තව පහුවෙනකොට තේරෙයි...

:       3       9

Rata Perata Saturday, 29 March 2025 01:27 PM

මෙයාගේ වැරැදි පෙන්නලා දෙන්න. මෙයාගේ පුතා දේශපාලනයට එනකන් ඉන්න වෙයි වගේ...

:       1       13

SIRI Saturday, 29 March 2025 03:19 PM

යුද්ධය අවසන්කළේ විරෝදාර හමුදා භටයින් වුණාට නම්බුව පවරා ගත්තේ වෙන කට්ටියක්. එහෙව් එකේ අතේ තිබුණු අසීමිත බලය යොදාගෙන හොර, මැරකම්, වංචා, දූෂණ වලට නැඹුරු නොවී නෙල්සන් මැන්ඩෙලා කළා වගේ නුවණින් යුතුව කටයුතු කළා නම් මේ වෙනකොට පණපිටින් ඉද්දීම දේවත්වයට පත්කර රටපුරා පිළිම හදා දේවාල ඉදිකර පුදපූජා පවත්වන තත්වයකට පත්වෙන්න වාසනාව තිබුණු කෙනෙක් " මහපාරේ පණුවන් අහුලා කන මයිනා" යන අන්වර්ථ නාමයක් දිනා ගත්තේ ඔය කියන අසික්කිත ඔලමොට්ටල වැඩ නිසා තමයි පුතා. ඒක ඉතින් රටේ අවාසනාවද පවුලේ අවාසනාවද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ලබන අවුරුද්දේ මද හරියේදී විතර තමයි...

:       0       7

ranjith Saturday, 29 March 2025 05:04 PM

මේ අයගේ පවුලේ අය තමයි එයාව විනාශ කරේ...

:       1       7

ලව්සික් Sunday, 30 March 2025 03:00 PM

බාප්පල ඩබලෙ වැරදි පෙන්නුවෙ නැතෙයි?

:       0       0

lahiru Tuesday, 01 April 2025 10:57 AM

මහින්ද මහත්තයා ගත්ත තීරණය හරි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්
2025 අප්‍රේල් මස 19 129 0

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.


අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 134 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 470 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 251 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 544 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1356 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 128 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site