(දයාසීලී ලියනගේ)
චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
චීන එන්නත් ගැන බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය බලවතා චීනය ලබා දීමට ගිය එන්නත් සඳහා උදාසීනත්වයකින් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී ඇත.
මෙම වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත එදා චීන එන්නත ලබා ගැනීම මෙරට ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණු බවද වාර්තාවේ.
එම එන්නත් මිලියන 6 ලබා ගත්තා නම් දැන් පවතින කොවිඩ් රැල්ල යම් ප්‍රමාණයකට මර්දනය කර ගැනීමටට හැකියාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත. මේ තත්ත්වය නිසා චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට තිබූ එන්නත් ප්‍රමාණය පසුව ලක්ෂ 5 ක් පමණක් වූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නොමිලේ දෙන චීන එන්නත් මිලියන 6 වැළැක්වූයේ කවුද?
narada Sunday, 06 June 2021 10:54 AM
නම කියයි කියලා බලාපොරොත්තු වෙනවා.
Cisco Sunday, 06 June 2021 11:00 AM
මේ චීන එන්තට ඉඩ දුන්නේ නැත්තේ අර පරාජිතවාදී විශේෂඥ වෛද්‍යවරයා සහ අර තාක්ෂණවේදියා නොවේද? මේකට සොබාදහමින් හෝ දඬුවම් ලැබෙනු ඇත.
Raveendra Sunday, 06 June 2021 11:20 AM
අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් ඉහළටම ඉගෙන ගත්ත නමුත් කෙසෙල් බඩවලින් තමන්ගේ කොඳු නිර්මාණයවී ඇති වෛද්‍ය සංගමයේ "කොන් දොස්තරලාට" අපි මෙසේ සඳහන් කරන්නෙමු. ඔය කියන විශේෂඥ දොස්තර හොරාගේ නම කියන්න බැරි ඇයි ..? එහෙමන් මෙහෙන් අතපත ගගා ඉන්නේ... එසේ නොවේ නම් ඒ කියන විශේෂඥ දොස්තර හොරාත් කල්ලතෝනියෙක්ද? ඒ "කාලකන්නියාටත්" නමක් නැද්ද? ඔබලා අපේ දුප්පත් සල්ලිවලින් නේද පිනට ඉගෙන ගත්තේ..? ඒ කෙළෙහිගුණයවත් මතක් කරගෙන කොඳු කෙළින් තියාගෙන "නාලිකාලා" ඉදිරියට ඇවිත් කියනවලා "ඒ විශේෂඥ කොන්දස්තරගේ නම බය නැතිව"... සෑම වස්ත්රයකටම වර්ජන කරන නිවට "කොන්" දොස්තර සංගමයේ පතෝල කරල්වලින් කොඳු සෑදී ඇති සියලුම කොන්දොස්තරලාට මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි..!!!
Siril Sunday, 06 June 2021 11:52 AM
කිඹුල්පතිගේ වෛද්‍ය යාලුවා තමයි. දන්නෝ දනිති
යාපා Sunday, 06 June 2021 12:25 PM
අනිවාර්යයෙන්ම කොරෝනා ආව දවසේ ඉඳලාම ලෙඩ්ඩු වැඩිවෙනවට සතුටු වුණු මිනිස්සු නොමග යවලා පතුරවලා ඒකෙන් දේශපාලන වාසි ගන්න හදපු විපක්ෂයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති. ඒක නම් ශුවර්
SIRIPALASunday, 06 June 2021 04:55 PM
මෙම වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත (ලංකාවේ ජනතාව චීන එන්නත පිළිබඳ විශ්වාසයක් නොමැතිකම සහ ඒ වනවිට W H O අනුමැතිය ලැබී නොතිබීම නිසාත්) එදා චීන එන්නත ලබා ගැනීම නොව ලබාදීමට චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණු බවද වාර්තා වේ. වෙනත් එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීමට කිසිසේත්ම නොහැකි නිසාත් චීන එන්නත පළමුව ලංකාවේ සිටින චීන ජාතිකයන් හට ලබාදීම නිසාත්, වෙනත් විකල්පයක් නොමැති නිසාත්, රජයේ පැණියෙන් පිළිසරණක් නැතිවූ නිසාත් චීන එන්නතම සහ රුසියන් එන්නතම අපට ලබාගැනීමට සිදුව ඇත..
CiscoSunday, 06 June 2021 06:03 PM
මේ විශේෂඥයාට තිබුණා නේද චී්න්නුන්ට දුන්නාට පසුව හෝ මෙහි නරක ප්‍රතිඵළ නැතිබව වටහා ගන්න. නිකන් තිබුණු ටික දෙන්න ඉඩ දුන්නෙත් නැහැ. නිකන් හම්බ වෙන එන්නත් ගන්න ඉඩ දුන්නෙත් නැහැ.. ඇයි පරාජිතට මෙතරම් වහල් වුනේ?
Rata Perata Sunday, 06 June 2021 12:35 PM
මේ වගේ එක්කෙනෙක්ගේ දහස්වලට වැඩ කරන්න වෙන්නේ නැති වෙන්න තමයි රජයක් කියලා පත්කරන්නේ
Sri Sunday, 06 June 2021 12:46 PM
කවුරුත් නිකන් නම් දෙන්නේ නැ නැහැ .
Kumar (Gulf) Sunday, 06 June 2021 02:18 PM
ඉතාම ආරක්ෂාකාරී කෝවිඩ් එන්නත චීනයේ සාදු සයිනොෆාම් එන්නත තාම, බහරේන් ඇතුළු ගල්ෆ් රටවල දැන් මාස 07ක සිට මේ එන්නත සියලු පරීක්ෂාවලින් පසුව ලබාදුන්නු අතුරු ආබාධ නැහැ. මම එන්නත් 02ම ගත්තා. මගේ වයස අවුරුදු 71. කිසිම අතුරු ආබාධයක් නැහැ...
ගමේ එකාලා Sunday, 06 June 2021 03:35 PM
රටම චීනට දෙන්ඩ හොන්දා .එන්නත් තමා හොන්ද නැත්තේ ?
උපාලි Sunday, 06 June 2021 03:49 PM
අනිවාර්යයෙන් බල ලෝබයෙන් රට අවුලවනවා දකින්න කැමති විපක්ෂයේ හිතවතෙක් විය යුතුයි.
සෙනෙවිරත්න Sunday, 06 June 2021 06:47 PM
දැන් ආණ්ඩුව කරන්නේ විපක්ෂය නොවෙයි නේද? නරක නාම සේරම විපක්ෂයට සහ ජනතාවට, හොඳ නාම සේරම රට කරන පවුලට, මාර තර්ක, මේ නිවට ගතිය කවදා නැතිවේද?
de silva Sunday, 06 June 2021 06:51 PM
ඕක ගහලා හදිසියේ කොරෝනා ලංකාවේ තුරන් වුණොත්, නිරෝධායන හෝටල්, පී.සී.ආර්. පරීක්ෂණ සහ ඇන්ටිජන් වලින් මුදල් සොයන ගජ මිතුරන්ට මොකද වෙන්නේ?
de silva Monday, 07 June 2021 08:36 PM
ඔය වෛරස් එක චීනේ ලැබ් එකක හදපු දෙයක්... ඒගැන මුලින්ම සහ හොඳින්ම දන්නේ චීනේ... එම නිසා එන්නත ගැනීමට බිය වෙන්න හේතුවක් නොමැත. ඕක චීනයේ ඉන්න සියලුම දෙනාට දී ඇත...