IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නාමල් දෙවැනි යෝග ඇබෑසියට සැරසෙයි

එන් ආර් (නාමල් රාජපක්ෂ)  කන්සල්ටන්ස්  හා ගවර්ස් කෝපරේෂන් හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත නාමල් රාජපක්ෂ හා සුදර්ශන බණ්ඩාර ගනේගොඩ අද කොළඹ අලුත්කඩේ වැඩ බැලීමට පත් කර සිටි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින්   ලබන 22 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

නාමල් රාජපක්ෂ මීට පෙර රිමාන්ඩ් කර සිටි අවස්ථාවේ සිරකරුවන්ට යෝග ව්‍යායාම පන්තියක් පැවැත් වීය.

DSC_2861 DSC_2891 DSC_2894 DSC_2903 DSC_2910 DSC_2916

   DSC_2953



අදහස් (0)

නාමල් දෙවැනි යෝග ඇබෑසියට සැරසෙයි

චතුරි Monday, 15 August 2016 05:22 PM

නාමල්ට බැරිද මේ පස්සෙන් එන හිටපු ඇමතිවරු ටිකට යෝගා පන්ති කරන්න? දෙමව්පියන්වත් පස්සෙන් නැතිකොට ඇයි මේ කට්ටිය? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 15 August 2016 05:23 PM

විරිත්තාගෙන, යකඩ වළලු කුට්ටම පෙන්නාගෙන යන්නේ හරියට රටේ රජකම ලැබුන කියලා හිතාගෙනද? ඔය යන්නේ මාළිගාවට නොව ආණ්ඩුවේ බෝඩිමට බව අමතක කරන්න එපා. එකේදිත් බඩගොස්තරේ පුරවන්නේ රටේ බදු ගෙවන්නන් බවත් සිහියේ තබාගන්න. කූඩුවට දැම්මට පස්සේ සිරකරුවන්ට යෝග ව්‍යායාම පන්ති පැවැත්වීමට අනිත් අයටත් ඉඩ දෙනවද? නැත්නම් මැදමුලනේ අයට විතරද? (නි)

:       0       0

කේ. පෙරේරා Monday, 15 August 2016 05:26 PM

අනේ අපි වගේ අය මේ වගේ වෙන්න පින්කරලා නැහැනේ. ලබන අාත්මයෙවත් මේ විදියට ඉන්න ලංකාවේම ඉපදෙන්න ඕනෑ. (නි)

:       0       0

වින්සන්ට් Monday, 15 August 2016 06:17 PM

සමහරුන් රජෙක් ගැන කියනවා නිතරම අසන්නට ඇත. රජෙක් පිළිගන්නා අය රජ පවුලේ අයිතියද පිළිගත යුතුව ඇත. ජනතා සේවකයෙක් නම් එම අයිතිය නොමැති බව රජවරු ගැන සහ වීරයන් ගැන කතාකරන කව්රුත් තේරුම්ගත යුතුය. (නි)

:       0       0

රුවන් Monday, 15 August 2016 06:45 PM

මෙයාලා ඇතුළට යන්නේ පුදුම සතුටකින්නේ (නි)

:       0       0

පෙරේරා Monday, 15 August 2016 06:49 PM

අර වලව්ව හිරගෙයක් කරලා මේ ඔක්කොම ඇතුළට දාලා වහලා දැම්මා නම්, ඉවරනේ වැඩේ. (නි)

:       0       0

ප්‍රීති Monday, 15 August 2016 08:37 PM

අනුන්ට කළ දේ තමන්ට පළ දේ... බලයට ඉහළිනුයි ධර්මය තියෙන්නේ මහත්තයෝ (නි)

:       0       0

ලලිත් Monday, 15 August 2016 09:09 PM

මහ ලොකු හපන්කමක් කරලා වගේ යන ලස්සන! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 15 August 2016 09:09 PM

රිමාන්ඩ් එකට යන එක වීරකමක් කියලා හිතන එකම රට ලංකාව (නි)

:       0       0

සදුන් Tuesday, 16 August 2016 12:29 PM

හොරකම් කෙරුවේ නැත්නම් මිලියන 150ක් කොයින්ද ඕකට? මැදමුලනේ වත්තේ පොල් කඩලද ?(හේ)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 August 2016 12:24 PM

තාත්තා ජනපති වෙන්න කලින් කොහොම හිටපු පොඩි කොල්ලොද මේ , රටේම ලොකු ධනපතියෝ වෙලා ,කොහෙන් පහළ වුණු සල්ලිද මේ , (හේ)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 August 2016 12:35 PM

රටේ සාමාන්‍ය කෙනෙකුත් රිමාන්ඩ් කෙළාත් මේ විදිහට පෝලිමේ ඇවිත් බලන්න දෙනවද? (හේ)

:       0       0

බමුණුසේන Monday, 15 August 2016 11:06 PM

හොර වංචා කළා නම් ඒවා කළ අයගෙන් නැවත ආපසු ගැනීම හෝ හිරේ දැමීම කළහැකිය. නමුත් රට පාවාදුන්නොත් ආපසු ගන්න බැරිය. එසේම දඬුවම් කිරීමටද කෙනෙක් නැතිය. 2009 අපිව බේරා නොගත්තානම් අද අපේ තත්වය මොකක්ද? අපි කාවද හිරේ දාන්නේ? කාගෙන්ද අයකර ගන්නේ. (නි)

:       0       0

ජනහිත Monday, 15 August 2016 11:06 PM

වෙන්න යන්නේ මොකක්ද කියලා හුඟ දෙනෙකුට තේරුම්ගන්න නොහැකි ඇති නේද? මේවා අහලා අපිට එපාවෙලා (නි)

:       0       0

සුනිල් Wednesday, 17 August 2016 01:53 AM

සාමාන්‍ය සිරකරුවන්ටත් ඔය පන්ති පැවැත්වීමේ පහසුකම් තිබෙනවාද? (නි)

:       0       0

තිලක් Tuesday, 16 August 2016 12:53 PM

රටේ දුප්පත් අසරණ මිනිස්සු කන පාන් ගෙඩියෙන්,පරිප්පු ටිකෙන් හාල් ටිකෙන් ගහන බදු මුදල් වලින්, දඩ මුදල් වලින් හොරා කනවා කියන්නේ මහම මහා පව්කාර වැඩක්.එවැනි පව් මේ ආත්මයේදීම ගෙවන්න සිද්ද වෙනවා වෙනවාමයි.එහෙම නොවුනොත් ආගම දහම බොරු.(හේ)

:       0       0

නීල් Monday, 15 August 2016 11:27 PM

කවුරුහරි හිරේ විලංගුවේ දාන්න ලොකු ලොකු වැරදි පස්සේ එළවන්න ඕනෑ නැහැ. හරියටම ඔප්පු කරන්න පුළුවන් එක වරදක් තිබුනහම හොඳටම ඇති. (නි)

:       0       0

නිමල් Monday, 15 August 2016 11:46 PM

මෙයාට මේ පාරත් කොට්ට මෙට්ට ගෙදරින් ගෙනෙයිද? නැත්නම් සරත් ෆොන්සේකා හිටියා වගේ අර ඇඳුම අන්දලා බාල්දියත් අතට දෙන්න. මේ යන එන වැඩේ තේරුම මොකක්ද? මොනතරම් වියදමක්ද? කාලය කෑමක්ද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 16 August 2016 12:27 AM

නරකද ඇතුළේ බ්‍රේක් ඩාන්ස් පන්තියක් දැම්මොත් (නි)

:       0       0

රකිත් Tuesday, 16 August 2016 12:52 AM

තමුන්ට අයිති සමාගමක් නෙමෙයි කියන්න මතක් වුණේ නැද්ද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 16 August 2016 01:06 AM

තිලක්, මිලියන 45 පොඩි මුදලක්ද? ලංකාව වගේ දුප්පත් රටකට ඔය මුදල හරිම ලොකු ගානක් (නි)

:       0       0

දීපා Tuesday, 16 August 2016 01:07 AM

මේගොල්ලෝ හොරකම් කරලා මහලොකු ජාතික වීරයෝ වගේනේ යන්නේ (නි)

:       0       0

දහම් Monday, 15 August 2016 11:53 AM

මේ විහිළු කිරීමේ අවසානයක් නැහැ වගේ. (හේ)

:       0       0

ගයාන් Tuesday, 16 August 2016 02:04 AM

නාමල්ටත් යන්නනේ තිබුනේ අනිත් අය වගේ ‘දෑත් ශක්තිමත් කරන්න. එහෙනම් අද අනිත් අය වගේ ඉන්නවානේ. නඩුත් නැහැ (නි)

:       0       0

මංජුල Monday, 15 August 2016 12:09 PM

අම්මේ පාද යාත්‍රාවේදී නටල කොන්ද අමාරුත් ඇති දැන්.(හේ)

:       0       0

අශිකා Tuesday, 16 August 2016 02:29 AM

මේ වැඩෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් අරගෙන ලංකාවේ ඉහළම තැනකට එයි වගේ. කොහොමත් අපේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ, ටෙලිනාට්‍යක හරි, මේ වගේ සංදර්ශන දාන අයටනේ. වෙන රටවල් වල නම් පුද්ගල නාම වැඩක් නැහැ. ඒත් මහා මෝඩ මිනිස්සු පිරුණු රටක් මේක (නි)

:       0       0

හේවා Monday, 15 August 2016 12:37 PM

දශක කීපයකට ඉහතදී හිරේ විලංගුවේ වැටිලා ආපු මිනිසුන් සතපහකට වත් ගණන්ගන්නේ නැහැ එකට දැන් රජකමට වුනත් සුදුසුය. (ර)

:       0       0

ජයතු Tuesday, 16 August 2016 03:01 AM

අශිකා, මෝඩ මිනිස්සු ඉන්න රටක් නිසානේ හැමදාම දේශපාලුවො ජනතා මුදල් මංකොල්ලකමින් තම පවුල් පරම්පරාවටම ධනය රැස්කරමින් වැජඹෙන්නේ. තුන්වරක් බුදුන් වැඩිය රටට අැයි මෙහෙම වෙන්නේ? ධර්මය පරයමින් බලකාමයෙන් මත්වු මිනිසා කොයිබටද? (නි)

:       0       0

සමන් Tuesday, 16 August 2016 03:06 AM

හපෝ....ආඩම්බර මුහුණේ! හොර චෝදනා වලට ගියත් ලංකාවේ මාංචු ගළවාගත් කල රජකමටද සුදුසුනේ. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 16 August 2016 03:07 AM

යහපාලකයිනි, නීතිය හරියටම කරන්න ලෝකය හිනස්සවන්නේ නැතුව. නැත්නම් අපිට ලැජ්ජයි (නි)

:       0       0

ප්‍රියාන් Monday, 15 August 2016 01:06 PM

ඉවරයක් නැහැ (හේ)

:       0       0

ලක්ෂාන් Monday, 15 August 2016 01:18 PM

මේ චෝදනා ඇත්ත නම් මෙයාලා ඒ කාලේ කොච්චර සතුටු වෙන්න ඇද්ද? අද කොච්චර දුක් වෙනවා ඇද්ද? (ර)

:       0       0

චාමර Monday, 15 August 2016 01:36 PM

කවද මේ රවට්ටන්නේ, නිකන් බොරුවට අත්අඩංගුවට අරන් සතියෙන් දෙකෙන් නිදහස් කරනවා. ඊට පස්සේ එයාල වීරයෝ වගේ ජනතාවට හමුවේ පෙනී සිටිනවා . අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ . (ර)

:       0       0

මැටිපහන Monday, 15 August 2016 01:42 PM

නිකන් අපි හොරකන් කරලා එයාව හිරේ දැම්ම වගේනේ හැසිරෙන්නේ. (ර)

:       0       0

ලයනල් Monday, 15 August 2016 01:45 PM

ළමුන් ඉන්න වැඩිහිටියන් හැටියට ටිකක් හිතන්න ,වරින් වර මේ වගේ තමුන්ගේ ළමුන්ව හොරකම් වලට හිරගතවන විට ඇතිවන දැඩි දුක හා කණගාටුව. (ර)

:       0       0

නන්ද Monday, 15 August 2016 01:59 PM

යෝග කරන එක හොඳයි, වරදක් නැහැ. ඊටත් හොඳයි, හරි මොකක්ද වැරදි මොකක්ද, හොඳ සහ නරක කියලා දෙයක් තිබෙනවා නේද කියා හරියට තේරුම් ගෙන නිවැරදි ලෙස දිවි මග සකස් කරගන්න එක. මේවා ඉහල පන්තියේ මව්පියන්ටත් හොඳ පාඩම්.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 16 August 2016 04:07 AM

ඩුබායි රටේ බැංකු ගිනුම් 9 ක තිබෙන රුපියල් කෝටි 45,000 යක මහා ධනස්කන්දය රාජසන්තක කරන්න පුළුවන් වුනානම් රටම ගොඩ.එරටේ බැංකු විසින් පිළි අරගෙන තිබෙනවා එවැනි මුදලක් තම බැංකු වල තිබෙනවා කියන එක. (බ)

:       0       0

දිලිප් Tuesday, 16 August 2016 04:02 AM

මොවුන් සැබෑවටම වැරදි කරලද? එසේනම් එවැනි වැරදි හමුවේ නිතිය ක්‍රියාත්මක වීම වැරදි සහගතද? උසාවිය හා අනෙකුත් ආයතන , මාධ්‍ය හමුවේ එළිපිටම විවේචනය කිරීම යුක්ති සහගතද? අවනිතියක් වී ඇත්නම් උසාවිය හමුවේ වැඩිදුර ක්‍රියාමාර්ග ගත නොහැකිද? මෙවැනි ගැටළු නිරාකරණය කිරීම නීතියේ විශ්වාසය හා පැවැත්මට හිතකර වනු ඇත. (බ)

:       0       0

සිරි Monday, 15 August 2016 02:44 PM

ඇප පිට සිටින අයෙක් ඒ පිටටම රිමාන්ඩ් කළ හැකිද ? (ර)

:       0       0

සිරිල් Monday, 15 August 2016 02:44 PM

ඇප පිට සිටින අයෙක් ඒ පිටටම රිමාන්ඩ් කළ හැකිද ?(හේ)

:       0       0

බෙනට් Monday, 15 August 2016 02:54 PM

මේ වෙලා තියෙන වැරැදි වලට දඩුවම් දෙන්නේ නැද්ද?(හේ) .

:       0       0

ජයරත්න Tuesday, 16 August 2016 04:42 AM

මේ ඊනියා යහපාලන ආණ්ඩුව පත්වෙච්ච දා ඉදලම ප්‍රධානම කාර්ය වුනේ රාජපක්ෂ පවුලේ කෙනෙකු හොරකමකට හෝ අපරාධයකට වරදකරුවෙකු කොට සිරගත කිරීමයි. නමුත් වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් අසමත්. (බ)

:       0       0

කේ පෙරේරා Monday, 15 August 2016 02:58 PM

මුහුණේ තියෙන හිනාව සහ සතුට , දවස් කිහිපයෙන් අනිවරෙයෙන්ම ඇප ලැබෙනවනේ (හේ)

:       0       0

ලලිත් සෞදි Tuesday, 16 August 2016 04:55 AM

21 වැනි ශත වර්ෂයේ ලංකාවට බිහිවූ ජාතික වීරයෙක් (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 August 2016 03:17 PM

මෙවැනි සුළු මුදලකට කාලය නාස්ති කරන්න එපා. රුපියල් කෝටි 100 කට එහා සිදු වුනු ගනුදෙනු හොයන්න. (ර)

:       0       0

නිරේෂ් Tuesday, 16 August 2016 05:17 AM

අනේ මෙහෙමත් විහිලු කරන රටක් තව තියනවද මේ ලෝකේ. (බ)

:       0       0

ප්‍රින්ස් Tuesday, 16 August 2016 05:33 AM

ඕනෙම පුරවැසියෙක් තමා උපයපු මුදල් හෝ අදායම එය උපයපු ආකාරය ඔප්පුකළ හැක. එසේ කළ නොහැකිනම් එම මුදල් අනිසිලෙස උපයා ඇත.එම මුදල් හෝ ආදායම රාජසන්තක කළ හැක. (බ)

:       0       0

සම්පත් Tuesday, 16 August 2016 05:34 AM

මා නම් මෙය අනුමත නොකරමි . මොකද මේ ජහපාලන ආණ්ඩුව පත්වෙච්ච දා ඉදලම ප්‍රධානම කාර්ය වුනේ රාජපක්ෂ පවුලේ කෙනෙකු හොරකමකට හෝ අපරාධයකට වරදකරුවෙකු කොට සිරගත කිරීමයි. අනිත් එවුන් මුකුත්ම කළේ නෑ. රාජපක්ෂ ලා මරලා දාපල්ලා . හැබයි රට කන්නේ නැතුව. (බ)

:       0       0

රොෂාන් Tuesday, 16 August 2016 05:41 AM

දළදා මාලිගාව වටේ බියර් බෙදපු විපාක තමයි (බ)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 16 August 2016 05:56 AM

ඕවා විහිළු හැටියටයි මම දකින්නේ. රටේ නීතිය හැමෝන්ටම හරියට ක්‍රියාත්මක වෙනවනම්.., මේ විහිළු අපිට බලන්න වෙන්නේ නැහැ. පහුගිය නඩේම මෙලහට ඇතුලේ. ලොක්කන්ගේ ඩිල්වල ප්‍රතිපලයි අපි අද දකින්නේ අත්විදින්නේ. මේ උදවියට හිරගෙවල් දැන් දැන් "රෙස්ට් හවුස් " වගේ. ඕවා තනිකරම විහිළු. (බ)

:       0       0

සනත් Monday, 15 August 2016 03:38 PM

සල්ලි හොයා ගත්තේ කොහෙන්ද කියල කිව්වා නම් හරිනේ (හේ)

:       0       0

පෙරේරා Tuesday, 16 August 2016 06:18 AM

බැලූ බැල්මට මේ සෙට් එක හොඳටම හිර වෙලා ඉන්නේ. ජනාධිපති සමාවකින් හැර ගොඩ ඒමක් නැත. (බ)

:       0       0

නන්දන Tuesday, 16 August 2016 06:14 AM

මම දකින්නේ මේවා දෙමාපියන්ගේ වැරදි වලට දුක් විදින දරුවන් වගේ. (බ)

:       0       0

පීරිස් Monday, 15 August 2016 03:40 PM

හරි පුදුම වැඩක් ඒකාබද්දේ බලන් ඉන්නේ රාජපක්ෂ කෙනෙක් ඇතුලට දානකන් මාද්‍ය වල කැපීපෙනිලා එක දාගන්න. (ර)

:       0       0

ගයාන් Tuesday, 16 August 2016 06:43 AM

නන්දලාල් සිල්වා ..බලාගෙන ඉන්න මේ විදියට ඊළඟ පාර එජාප සෙට් එක යද්දී බැංකු හොරාකපු ..මිනි මරපු කට්ටිය මේ විදියට යාවි ඇතුළට ඊළඟ ආණ්ඩුවෙන් (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 16 August 2016 06:52 AM

ශිෂෙල් රටේ විදේශ ඇමති මාධ්‍ය ඉදිරියේ කියල තිබුන ලංකාවේ දේශපාලකයන් කිහිප දෙනෙකුට අයිති දනස්කන්දයක් එ් රටේ තිබෙනවා.ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව ඉල්ලීමක් කළොත් සලකා බලන්න පුළුවන් කියල. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 16 August 2016 07:02 AM

ලෝකයේ කිසිම බැංකුවක් තමන්ගේ බැංකුවේ තැන්පත් කරලා තිබෙන ධනස්කන්දය ගැන විස්තර දෙන්නේ නැහැ.එහෙම විස්තර දීල බැංකුවක් පවත්වාගෙන යන්නත් බැහැ. එ්ත් ඒ මුදල්(කළු සල්ලි) උපයල තිබෙන්නේ අසාධාරණයෙන් කියල ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්නම් ඒ බැංකු වලට සිද්ධ වෙනවා ඒ මුදල් මුදා හරින්න (බ)

:       0       0

සමන් Tuesday, 16 August 2016 07:10 AM

කාටද මේ විහිළු, මාංචු දෑතේ ඇතිව බොහොම ගාම්බීර ලීලාවෙන් හිරේ යන හැටි, තවත් මෙයාලට ආවඩන කට්ටිය ඉන්නවා.....(බ)

:       0       0

අමල් Tuesday, 16 August 2016 07:46 AM

තිලක්-ඩුබායි කරුණාකර මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න අනේ (බ)

:       0       0

දුමින්ද Tuesday, 16 August 2016 07:59 AM

මෙහෙම මිලියන බිලියන ගණන් වල ගනුදෙනු වලට නමකින් හරි සම්බන්ධ වෙන්න මේ පොඩි කොල්ලට මොන බුදලෙන් ලැබුණු සල්ලිද ? එතනයි වැරැද්ද තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 919 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 803 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 440 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site